අද මට කතාකලා අපට සමාන්තර කාලයේ වෙනත් රෙජිමේන්තුවක සේවය කරල විශ්රාමික බලලත් නිලධාරියෙක්. ඔහු දැන් එක්තරා ආයතනයක පුද්ගලික ආරක්ශක නිලධාරියෙක් විදියට සේවය කරනව. මගේ ටෙලිෆෝන් නොම්බරය ඉල්ලගෙන තිබුනෙ එයා වැඩකරන ලංකාවෙ විශාලම ආයතනයක වැඩකරන මා එක්ක හිටපු නිලධාරියෙක්ගෙන්.
වැල් වටාරම් නැතුව කෙලින්ම මට ලියන්න ඕනදේ ලියන්නම්. මේ විශ්රාමික මහතා ජීවිතය හොඳින් තේරුම් අරන් ජීවිතේ විඳින කෙනෙක්. ඔහු මට කිව්වා 'සර් අපේ අය හුඟ දෙනෙක් දුකෙන් ඉන්නෙ ඇයි දන්නවද? අනුන්ගෙ විස්තර හොයාගෙන මට ඒවා නෑනෙ කියන දුක නිසා.' කියල. එයා කියනව එයා වැඩකරන ආයතනයේ වැටුප් විස්තර කොලේ ආවම ආරක්ශක අංශයෙ සේවය කරන හුඟාක් අය අනුන්ගෙ වැටුප් ගනන් බලනවලු. ඊට පස්සෙ කොම්පැනියෙ දල ලාභයත් ගණනය කරනවලු. ඒම කරල හූල්ල හූල්ල දුක් වෙනවලු.
ඉතින් මේ මනුස්සය කියනව 'සර් මේ මගේ ඉපයීමේ හැකියාව. මීට වඩා හැකියාවක් මට තිබුන නම් ඒක පාවිච්චි කරල මම උපයනවනෙ.' හුඟාක් මිනිස්සු දුකෙන් ඉන්නෙ ඔන්න ඔය කඨුක යතාර්ථය ඇත්ත ඇති සැටියෙන් පිලිගන්න ඊගෝ එක ඉඩ නොදෙන නිසා. අරූට මෙච්චර හම්බවෙනව, අච්චර හම්බවෙනව කියල දුක් වෙනව. එහෙම දුක් වෙන්නෙත් තමන් අඳුරන අය ගැනයි.
මට මේ කතාකරපු සාජන්ට් මේජර් කියනව ඔහුගෙ පෙන්ශන් එකයි සෙකියුරිටි පඩියයි දෙක ආවම ලක්ශයක් පැනල ලැබෙනවලු. ඉතින් ඔහු මට කියනව 'සර් ලංකාවෙ මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනාටද ලක්ශෙ පැනල හම්බ වෙන්නෙ?' කියලයි. හැබැයි ඔයිට වඩා ආදායමක් ගන්න සමහර අය මට කියල තියෙනව මාසෙට ලක්ශ 5 ක් අරන් මොනව කරන්නද අනේ. ළමයින්ගෙ වියදම් වලට දීල ගෙදර බිල් ගෙවල ලීසින්ග් වාරිකේ දැම්මම සතයක් වත් ඉතුරු වෙන්නෙ නෑ කියල.
මේ ඔක්කොම අවුල තියෙන්නෙ අපි හිතන විදියෙනෙ. එක මිනිහෙක් ලක්ශයක් අරන් පට්ට සතුටෙන්. අනික ලක්ශ 5 ක් ලැබිල පට්ටම අවුලෙන්.
මට මේ සාජන්ට් මේජර් මෙන්න මේ ටිකත් කිව්ව. 'සර් මම සිවිල් ජීවිතේට ආවම ටිකක් හිතල වැඩකලා. මම දැන් සතයක්වත් කාටවත්ම නය නෑ. ලයිට් බිල ආපුදාට පහුවදාම ගෙවනවා. එක දරුවයි ඉන්නෙ එයා අකෞන්ටන්ට් කෙනෙක්, බැඳල වෙනම ඉන්නෙ. මට හිතුන දවසට හොඳම තැනකට ගිහින් කෑම කනව. ඩ්රින්ක් එකක් දාන්න හිතුනම ඉඳල හිටල ඒවත් කරනව. ලැබුනු ජීවිතේ සතුටින් ගෙවනව. නොලැබුනු කිසිම දෙයක් ගැන හිතන්නෙවත් නෑ.
ඉතින් ඔන්න ඔය කතාවම තමයි අර The Happiest Man කියල යූ ටියුබ් වීඩියෝවක් තියෙන්නෙ. මග්ගොන මෝනිස් බේකරියෙ සිකියුරිටි මහතෙක් ගැන. මේකත් ඒවගේ. ඔහු කතාකරල ඉවර වුනාමයි මට හිතුනෙ ඔහුගෙ කතාව රෙකෝඩ් කරගන්න තිබුන නම් කොච්චර හොඳද කියල. මගේ පුහුණු වැඩ සටහන් වල පෙන්නන්න. සතුටෙන් ඉන්න ජීවිතේ පර්ෆෙක්ට් වෙන්න ඕන නෑ. දැනට තියෙන විදියත් එක්ක සතුටෙන් ඉන්න ආකල්ප වෙනස්කර ගන්න එක විතරමයි කරන්න තියෙන්නෙ. ඔබ සතුව දැනට තියෙන දේවල් නැති මිනිස්සු හුඟාක් සතුටෙන් ඉන්නව.
අනුන්ගෙ මගුල් හොය හොය තම්න්ගෙ ජීවිතේ එක්ක සංසන්දනය කරන තාක් කල් ඔබ දුකින්.