ජීවිතේ එපා වුන කෙනෙක්ගේ ජීවිතයකට උදවු කර&#3505

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ජීවිතේ එපා වුන කෙනෙක්ගේ ජීවිතයකට උදවු කර&#3505

    මචන්ලා මට උදවුවක් ඕන දන්නා අයගෙන්.
    ලන්කාවේ තියනවා නේද අර ජීවිතේ ගොඩාක් අමිහිරි අත්දැකීම් වලට මූන දීලා ජීවිතේ එපා වෙලා තියන පුද්ගලයින්ට ඒ අමිහිරි මතක මතකයෙන් අයින් කරගන්න පුලුවන් විදියේ ප්‍රතිකාර කරන තැන්. එහෙම ප්‍රතිකාර අරගත්තාට පස්සේ ඒ පුද්ගලයාට ආයේ තමන්ගේ ජීවිතේ අර අමිහිරි මතකයන් ගෙන් ඈත් වෙලා තමන්ගේ ජීවිතේ හොදින් ගොඩ නගාගෙන යන්න පුලුවන්.:nerd:
    මචන්ලා මට ඒ ගැන දැනගන්න ඕන. ඒ ඉන්න දොස්තරලාට කියන්නේ කොහොමද මචන්ලා..? :confused:

    මට ඕන ජීවිතේ එපා වුන කෙනෙක්ට උදවු කරන්න. :yes:
    ඒ වෙනුවෙන් මේ දේ අහන්නේ මචන්ලා. දන්නා අය සප් එකක් දෙන්න. අනිත් අය බුම්ප් එකක් දීගෙන යන්න. ++ සලකනු ලැබේ
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    මෝහනය කරලා ඕවා ඔලුවෙන් අයින් කරනවා කියල නම් අහලා තියනවා :oo::oo:
     
    • Like
    Reactions: forbidden

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    මෝහනය කරලා ඕවා ඔලුවෙන් අයින් කරනවා කියල නම් අහලා තියනවා :oo::oo:


    එහෙම තියෙයිද? අහල නම් නෑ මචෝ..බම්ප්

    මෝහනය වගේ සින් එකක්ද බන්

    +++ thanks මචන්ලා. අහලා තියනවා මචන්. ඩොක්ටර්ස්ලා ඉන්නවා කියල. මෝහන ප්‍රතිකාර වෙන්න ඕන නම. හැබැයි ඒක ගැන වැඩිදුර තොරතුරු දන්නේ නැහැ මම. හොයාගන්න අවශ්‍යයි.:yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    විස්තරයකුත් හොයාගත්තා මචන්ලා. තවත් කෙනෙක්ට ප්‍රයොජනවත් වෙයි. :yes:

    මනසට ශල්‍යකර්ම කරනා මෝහනය
    @@@@@@@@@@@@@@@@@@
    මනසේ පවතින රෝගී බව ශාරීරික රෝගවලට පවා හේතු වන බව සෑම ආගමික ශාස්තෘවරයකුම පෙන්වා දී තිබෙන කරුණක්. එය නවීන මනෝ විද්‍යාත්මක පර්යේෂණ මඟින් ද තහවුරු වී තිබෙනවා.
    මනසේ තිබෙන විවිධ දුර්මත, පීඩාකාරී සිතිවිලි මෙන්ම ව්‍යාකූල තත්ත්වයන් ඉවත් කිරීම මඟින් ශාරීරික රෝගාබාධ රැසක් සුවපත් කළ හැකි යි. එහිදී මනෝ චිකිත්සාව සහ මෝහනය බොහෝ සෙයින් යොදා ගනු ලබනවා. ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අවබෝධයක් බොහෝ දෙනකුට නොමැති වුවත්, බටහිර රටවලත් ආසියාවේ බොහෝ රටවලත් මනෝ චිකිත්සාව සහ මෝහනය ශාරීරික රෝගාබාධ සුව කිරීමට භාවිත කරන ප්‍රධාන උපක්‍රමයක් ලෙස භාවිත වෙනවා.
    අද ‘සුවමග‘ වෙන් වන්නේ මනෝ චිකිත්සාව සහ මෝහනය මඟින් විවිධ ශාරීරික රෝගාබාධ සුවපත් කරගන්නේ කෙසේ ද යන්න සොයා බැලීමටයි. මේ ගැන අද අදහස් දක්වන්නේ ප්‍රවීණ හෝමියෝපති වෛද්‍යවරියක මෙන්ම මනෝ චිකිත්සකවරියක ද වන ජීවනී හසන්තා වික්‍රමතුංග මහත්මියයි.
    මනෝ චිකිත්සාව සහ මෝහනය යනු කුමක් ද?
    මනෝ චිකිත්සාව ඉතාම පුළුල් විෂයක්. මනෝ විද්‍යා උපදේශනය, මෝහනය, සිත සන්සුන් කිරීමේ භාවනා ක්‍රම ආදි විවිධ කාර්යයන් මනෝ චිකිත්සාවට අයත් වෙනවා. එමෙන්ම මනෝ චිකිත්සාව සඳහා විවිධ ඖෂධ පවා යොදා ගන්නවා. කායික මානසික ආධ්‍යාත්මික සුවය සඳහා කරනු ලබන සියලුම කාර්යයන් මනෝ චිකිත්සාව ලෙස හඳුන්වන පුළුල් විෂයට අයත් වෙනවා. මනෝ චිකිත්සාව මානසික මෙන්ම කායික රෝග රැසක්ම සුව කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක්; ප්‍රතිකාර ක්‍රමයක්.
    මෝහනය යනු මනෝ චිකිත්සාවේදී යොදා ගන්නා ඉතාම වැදගත් ප්‍රතිකාර ක්‍රමයක්. ‘මෝහනය’ යන වචනය ඇසූ විට බොහෝ දෙනෙක් බියක් දක්වනවා. පියවි සිහිය නැතිවී ගොස් තමාව තමාගේ පාලනයෙන් ඉවත්ව ගොස්, තවත් අයකුට අවශ්‍ය ආකාරයට හැසිරෙන ක්‍රමයක් ලෙසයි ‘මෝහනය’ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේ.
    එය ඉතා වැරැදි මතයක්. මෝහන නිද්‍රාවකට පත්වූ අයකුට ලෙහෙසියෙන්ම යෝජනාවකට අනුව මෝහනයෙන් අත්මිදිය හැකියි. යෝජනාවක් නොලැබී ස්වල්ප වේලාවක් ගත වුවහොත් ඉබේම එම පුද්ගලයා අවදි වෙනවා. එයයි මෝහනයේ ස්වභාවය. මෝහනය යන වචනය ඇසූ විට තවත් පිරිසකගේ සිහියට නැගෙන්නේ පසුගිය ආත්මය පිළිබඳව කතා කරන, එම ආත්ම භවයන් පිළිබඳව තොරතුරු සොයන ක්‍රමයක් ලෙසයි.
    මෝහනය මඟින් පසුගිය ආත්ම භවයන් පිළිබඳව තොරතුරු සොයා බැලිය හැකි වුවත්, එය මෝහන විද්‍යාවේ ඉතා සරල කුඩා කොටසක් පමණයි. වර්තමානයේදී මෝහන ප්‍රතිකාර මානසිකව මෙන්ම ශාරීරිකව ද පෙළෙන රෝගාබාධ රාශියකින් මිදීමට ලෝකය පුරා ඉතා සාර්ථකව යොදා ගන්නවා. මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් වන මෝහනය්, කිසිදු ඖෂධ භාවිතයකින් තොරව විවිධ කායික මානසික රෝගාබාධවලින් මිදී අලුත්, ප්‍රබෝධවත්, සහ සැනසිලිදායක ජීවිතයක් ගෙවීමට උපකාර කර ගත හැකියි.
    මෝහන ප්‍රතිකාර මඟින් විවිධ හේතූ නිසා ගිලිහී ගිය ආත්ම විශ්වාසයත්, පෞරුෂයත් නැවත ඉතා සාර්ථකව ගොඩනඟා ගත හැකියි. එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට දක්වන ගිජු බවෙන් අත්මිදීමටත් මානසික ආතතිය පාලනය කරගෙන මතක ශක්තිය දියුණු කරගැනීමටත් ශාරීරික ශක්තිය වඩවා ගැනීමටත් උපකාර වෙනවා.
    මෝහනය මඟින් සිදු කරන්නේ යම් පුද්ගලයකුගේ යටි සිතේ දීර්ඝකාලීනව පවතින අත්දැකීම් අවුස්සා යටි සිතේ තිබෙන ගැටලු සහගත තත්ත්වයන් “යෝජනා” මඟින් සැකසීමයි.
    රෝග සුව කර ගත හැකි බලවත් උපක්‍රමයක් වන මෙය ආශ්චර්යවත් සිදුවීමක් හෝ මායාවක් හෝ නොවේ. මෝහන විද්‍යා මූලධර්ම මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ පුරාණ ඊජිප්තු වෛද්‍යවරුන් විසින්. ඒ සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමවලින් සුව කළ නොහැකි රෝග, සුවකිරීමේ ක්‍රමයක් ලෙසයි.
    මෝහනයට පත්වන විට මනසේ ඇතිවන්නේ නින්දට යාමට පෙර යමෙකුගේ සිතෙහි ඇතිවන තත්ත්වයයි. කැමැත්තකින් තොරව යමෙකු මෝහනයට පත් කළ නොහැකියි.
    එමෙන්ම මෝහනයට පත්වූ අයකු තමා අකැමැති කිසිවක් කිරීමට මෝහන නිද්‍රාවේදී ඉදිරිපත් නොවීම ද විශේෂ ලක්ෂණයක්. ළමයින් ස්වභාවයෙන්ම වැඩිහිටියන්ගේ අණට අවනත වීමට හුරු වී ඇති නිසා ළමයින් ලෙහෙසියෙන්ම මෝහනයට පත් කළ හැකියි.
    යටි සිත සමග තද සබඳකමක් නිරතුරුවම පවත්වාගන්නා ඉතා සංවේදී පුද්ගලයින් වන කලාකරුවන් ද නිතරම අනෙකුගේ අණ පිළිපැදීමට පුරුදු වී සිටින සොල්දාදුවනුත් ඉතා පහසුවෙන් මෝහනයට පත් කළ හැකියි. උමතු රෝගීන් මෝහනයට පත් කළ නොහැකියි. එයට හේතුව වන්නේ උමතු රෝගීන් ජීවත්වන්නේ තමා විසින්ම මවාගත් ලෝකයක වීම නිසයි.
    මෝහනයෙන් සුවපත් කළ හැක්කේ කුමන අන්දමේ රෝගාබාධයන් ද?
    මෝහනයෙන් බොහෝ කායික සහ මානසික රෝග සුවපත් කළ හැකියි. විශේෂයෙන්ම සිත මූලික කරගෙන පැන නගින ලෙඩ රෝග. මෝහනයේදී අප ගනුදෙනු කරන්නේ සිත සමග. මිනිස් සිත ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට භාවිත වන්නේ උඩු සිතයි. උඩු සිතට යම්කිසි යෝජනාවක් නැවත නැවත කරන විට එම සිතිවිල්ල බර සිතිවිල්ලක් බවට පත්වී යටි සිතේ තැන්පත් වෙනවා.
    එම සිදුවීම, ජලය වීදුරුවක් තුළට ජලයට වඩා බර යකඩ තඹ වැනි ද්‍රව්‍යයක් යෙදූ විට එම බර ද්‍රව්‍ය වතුර වීදුරුවේ පහළට ගමන් කරනවා වාගෙයි. අපි අපේ යටි සිතට නරක සිතිවිලි, විනාශකාරී සිතිවිලි ඇතුළත් කරගත හොත් ඒවා යටි සිතේ තැන්පත්වී අපේ මනසට මෙන්ම ශරීරයට ද ලෙඩ ඇති කරනවා.
    පිළිකා, ආතරයිටීස්, විවිධ චර්ම රෝග, තරබාරු බව, අධික කෘශ බව, දරු ඵල හීන වීම වැනි කායික රෝගී තත්ත්වයන් ඇතිවීමට යටි සිතේ තැන්පත් වන නරක මෙන්ම සෘන සිතිවිලි ද හේතු වෙනවා. එම සෘන සිතිවිලි ඉවත් කර ධනාත්මක සන්සුන්, සුබවාදී සිතිවිලි යටි සිතට ඇතුළත් කිරීම මඟින්, රෝගාබාධයන් සුව කිරීමට මෝහන ප්‍රතිකාර යොදා ගත හැකි වෙනවා. විවිධ ඇබ්බැහිවීම්, නින්ද නොයාම, ගොත ගැසීම, හීනමානය වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට ද මෝහන චිකිත්සාව යොදා ගත හැකි වෙනවා.
    විශේෂයෙන්ම මනසට විශාල ලෙස වද දෙන උමතු රෝග, කාංසාව, ක්ලමථය, විෂාදය, වැනි රෝගාබාධ සුව කිරීමට මෝහන ප්‍රතිකාර ඉතාම ප්‍රත්‍යක්ෂ ලෙස යොදා ගත හැකියි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. එනම්, ඉහතින් දැක්වූ රෝගාබාධයන් බොහොමයක් මෝහන ප්‍රතිකාර මඟින් පමණක් නිසි සුවයක් ලබාගත නොහැකි බවයි.
    ඒ සඳහා ඖෂධීය ප්‍රතිකාර ද නොකඩවා ලබාදීම ඉතා වැදගත්. උදාහරණයක් ලෙස කාන්තාවකගේ ගර්භාෂයේ ඇති ෆයිබ්‍රොයිඩ් ගෙඩි මෝහන ප්‍රතිකාර මඟින් පමණක් සුව වන්නේ නෑ. එසේම ආතරයිටිස් රෝගයත් මෝහන ප්‍රතිකාර මඟින් පමණක් සුව වන්නේ නෑ. ඒ සඳහා සුදුසු වෛද්‍ය වරයකුගේ ඖෂධීය ප්‍රතිකාර ගන්නා අතරතුර මෝහන ප්‍රතිකාර ද කිරීමෙන් ඉතා ඉක්මන්, ඉතා පහසු, සම්පූර්ණ සුවයක් ලබා ගත හැකි වෙනවා. මෙහිදී මෝහනය මඟින් සිදු කරන්නේ එම ශාරීරික රෝගාබාධය ඇතිවීමට කිසියම් මානසික සාධකයක් හේතු වී ඇත්නම්, ඒ පිළිබඳව මෝහන විශ්ලේෂණය මඟින් සොයා බලා එය මනසින් ඉවත් කිරීමයි.
    කිසියම් කායික රෝගයක් ඇති වීමට කායික සාධක මෙන්ම මානසික සාධකයන් ද මුල් වී ඇත්නම්, කායික සාධක ඉවත් කිරීමට පමණක් ඖෂධීය ප්‍රතිකාර කිරීම, ගිනි කන්දක් උඩින් බටර් තවරන්නාක් වැනි ක්‍රියාවක්. කන්දේ තවරන ලද බටර් කාලයක් තිබෙන්නට නම්, කන්ද තුළ ඇති ගින්දර ඉවත් කළ යුතුයි.
    මෝහන ප්‍රතිකාර මඟින් මනසින් විනාශකාරී අනවශ්‍ය සිතිවිලි ඉවත් කිරීම මනසට කරන ශල්‍යකර්මයක් වැනියි. මෙහිදී සිදුවන්නේ මනසේ තිබෙන විනාශකාරී සිතිවිලි ඉවත් කර ධනාත්මක සුවදායී සිතිවිලි ඇතුළත් කිරීමයි. මෝහනයේදී මෝහනයට ලක්වන පුද්ගලයාගේ සිතිවිලි විශ්ලේෂණය කරනු ලබනවා.
    එමඟින් කිසියම් රෝගයකට කිසියම් මානසික ගැටලුවකට හේතු වූ සාධක හඳුනා ගැනෙනවා. පසුව එම සාධක මනසින් ඉවත් කරගැනීමට අවශ්‍ය විවිධ ක්‍රම ශිල්ප (technic) කියා දෙනවා. එමඟින් මෝහනයට ලක්වූ තැනැත්තාට තම ගැටලුව නිරාකරණය කර ගත හැකියි. නිවැරැදි උපදෙස් ලැබ මෝහන නිද්‍රාවෙන් අවදි වූ පුද්ගලයා නැවත සමාජයට එන්නේ සම්පූර්ණයෙන් ම නැවත සකස් වූ (Re Program) පුද්ගලයකු ලෙසින්.
    මෝහනයට ලක්වීමෙන් යමෙකුගේ පෞද්ගලිකත්වය නැති වෙනවා ද?
    මෝහන ප්‍රතිකාර සඳහා අප යා යුත්තේ වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයින් වෙත පමණයි. එවැනි පුද්ගලයින් ක්‍රියා කරන්නේ ඉතාම වගකීමෙන්. මෝහන චිකිත්සකයින් තුළ තිබිය යුතු ප්‍රධානතම ගුණාංගය වන්නේ රහස්‍ය භාවයයි.
    ඒ නිසා වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු වෙත යාමට බිය විය යුතු නෑ. මුල් කාලයේදී මෝහන චිකිත්සාව සිදු කළේ මනෝ වෛද්‍යවරු විසින් පමණයි. පසුකාලීනව මනෝ චිකිත්සාව සහ මෝහනය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද පුද්ගලයින් බිහිවුණා.
    මෝහන ප්‍රතිකාර ගැනීමට යොමුවිය යුත්තේ එවැනි පළපුරුදු පුද්ගලයින් වෙතින් පමණයි. ඔවුන් වෙතින් යමෙකුගේ පුද්ගලිකත්වයට හානි සිදුවන්නේ නෑ.
    මෝහනයෙන් සුවපත් කළ රෝගයක් නැවත මතු වීමේ හැකියාව තිබෙනවා ද?
    වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු විසින් මෝහනයෙන් කිසියම් රෝගයක් සුවපත් කළේ නම්, එය නැවත මතුවන්නේ නෑ.

    හෝමියෝපති වෛද්‍ය
    මනෝ චිකිත්සක උපදේශිකා
    ජීවනී හසන්තා වික්‍රමතුංග


    source
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    thank you so much machan.

    EPA yako mu manowaidya waryek. Mun kranne gihipu gaman beheth dila aye enna kiyana ekai.okun lagata Yana eka salli kana wdak saha lede wadi Kara ganimak. Suicidal ideas Ena ayata Katha karanna ona godak wela. Me yakku Katha kranne thiya munawath balan Naha beheth denne. Ehema beheth dila suicidal aya hoda Karan,a baha.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    මෝහන ප්‍රතිකාර කරන තැන් ගැන නම් දන්නේ නෑ මචං. හැබැයි ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එක නම් නොමිලේ මානසික උපදේශන සේවා සපයනවා.

    මනෝ වෛද්‍යවරු ගත්තොත් Doctor Rumi Ruben සහ Doctor Shehan Williams හොදයි කියල අහලා තියෙනවා.

    ඔය වගේ ප්‍රශ්නයක් තියෙන යාලුවෙක් ළග නිතරම ඉදලා හොයලා බලපන් මචං නිතරම ඌ එක්ක කතාබහ කරලා සතුටින් තියපන්. මොකොද ඒවගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් සියදිවි නසාගන්න පවා පුළුවන්.

    පුළුවන් තරම් ඉක්මනට සුදුසු පියවරක් ගනින්.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මෝහන ප්‍රතිකාර කරන තැන් ගැන නම් දන්නේ නෑ මචං. හැබැයි ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එක නම් නොමිලේ මානසික උපදේශන සේවා සපයනවා.

    මනෝ වෛද්‍යවරු ගත්තොත් Doctor Rumi Ruben සහ Doctor Shehan Williams හොදයි කියල අහලා තියෙනවා.

    ඔය වගේ ප්‍රශ්නයක් තියෙන යාලුවෙක් ළග නිතරම ඉදලා හොයලා බලපන් මචං නිතරම ඌ එක්ක කතාබහ කරලා සතුටින් තියපන්. මොකොද ඒවගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් සියදිවි නසාගන්න පවා පුළුවන්.

    පුළුවන් තරම් ඉක්මනට සුදුසු පියවරක් ගනින්.

    doctor rumi ruben.. meya ape jhonwp th dala tibuna machan nama. mohana prathikara thamai machan denna wenne. eka doctor thiranaya karawi habai. aniwaryenma ekkan yanna wenawa. amaruwen kamathi karawagatte.:yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මෝහන ප්‍රතිකාර කරන තැන් ගැන නම් දන්නේ නෑ මචං. හැබැයි ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එක නම් නොමිලේ මානසික උපදේශන සේවා සපයනවා.

    මනෝ වෛද්‍යවරු ගත්තොත් Doctor Rumi Ruben සහ Doctor Shehan Williams හොදයි කියල අහලා තියෙනවා.

    ඔය වගේ ප්‍රශ්නයක් තියෙන යාලුවෙක් ළග නිතරම ඉදලා හොයලා බලපන් මචං නිතරම ඌ එක්ක කතාබහ කරලා සතුටින් තියපන්. මොකොද ඒවගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් සියදිවි නසාගන්න පවා පුළුවන්.

    පුළුවන් තරම් ඉක්මනට සුදුසු පියවරක් ගනින්.

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.


    thanks macho.
    11.gif


    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.