ජීවිතේ එපා වෙලා

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කතාව කොතැනින්දැයි පටන් ගන්නේ කියල හිතා ගන්න බෑ
    දැන් මට අවුරුදු විස්සක්
    මම උසස් පෙළ ලියල දෙවෙනි වතාවේ ආපහු ලියන්න හැදුවේ
    මට මේ අවුරුද්දේ මුල මානසික ලෙඩක් හැදුන
    මගේ පාඩම් වැඩ කරගන්න බෑ
    බෙහෙත් අහුරක් බොනවා උදේ රෑට
    මගේ අනාගත බලාපොරොත්තුව උනේ ඉංජිනේරුවෙක් වෙන්න
    දැන් තව අවුරුද්දක් පස්සට දාල විභාගේ ලියන්න හැදුවේ
    ඒත් මට පාඩම් කරගන්න හිතක් ඇත්තෙත් නෑ
    පුදුම කලකිරීමක් තියෙන්නේ ජීවිතේ
    පට්ට විදියට තරහ යනවා මට
    සමහර වෙලාවට මට ජීවිතේ නැති කර ගන්නත් හිතෙනවා
    මගේ අම්ම අද ඇඩුවා මගේ කලින් විදියයි දැන් විදියයි වෙනස් කියල
    මට කිසි දෙයක් කර ගන්න බෑ පුදුම බයක් හිතට දැනෙන්නේ
    අනේ මචං මගේ හිත සනසන්න වචනයක් හරි කියාගෙන පලයල්ලා
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබ හිතන්නෙ උබට විතරය් කියල, මිනිස්සුන්ට ඕව වෙනව බන් :ROFLMAO: :ROFLMAO:

    I did Bio, 2007 AL.
    පලවෙනි පාර - ඔක්කොම පේල් ( අපෙ අම්ම ඇඩුව , මන් අදිශ්ටාන කරගත්ත, වැටිච්ච වලෙන්ම එනව කියල, අනිත් හැම දෙම ඇතෑරිය, යාලුවො, මල ගෙවල්, මගුල්, හැමෝම හිනා වෙන නිසා මට මිනිස්සු අප්පිරිය උනා, තනියම ඉන්න පුරුදු උනා, ඒක පාසෙ කාලෙක සෑහෙන වාසියක් උන ක්ලාස් විතරයි, ගෙදර ආව වැඩ ))
    දෙවෙනි පාර - Bio C, Physics/ Chem - Fail ( වැටුනෙ නෑ, හිතා ගත්ත කෝම හරි කැම්පස් යනව කියල, අපේ පවුලෙ කවෘත් කැම්පස් ගිහින් නෑ, මට පුලුවන් කියල හෙන ගැම්මක් ආව ඒ C එකට )
    තුන්වෙනි පාර - Chem - B, Bio - C, Phys - C යි. කුරුනෙගල rank ~ 390 , කැම්පස් යන්න පුලුවන්, ගියෙ නෑ, ගෙදරින් කීව SLIIT පලයන් කියල :baffled:

    උබට 8 පාස් වෙන්න පුලුවන් කියන්නෙ, හිතන්න පුලුවන්, හිතන්න පුලුවන් කියන්නෙ Exam ගොඩ දාන්න පුලුවන්. මෙතන වැලලෙන්න නැතුව හරි රිවිසන් ක්ලාස් ටිකක් හොයාගෙන, time table එකක් හදාගෙන පටන් ගනින්.

    මගෙ මහ ලොකු ගැම්මක් නෑ, මගෙ යාලුවෙක් හිටිය, එකම සෙට් එකෙ(Maliyadeva), ගන්ජ ගහල, බීල, පරිවාසෙ ඉදල එලියට ඇවිත්, අවුරුදු 26 ගියා පේරා Engineering , නාරම්මල වදාකඩ පාරෙ, එහෙ එවුන් දන්නව ඇති. අන්න ගැම්ම.
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    1. Engineer kenekma wenna one naha. Eka mulinma ayin karaganna.ethakota pidanaya adu wewi.

    2.oya hitata ganna hodata exam eka karanawa kiyala.

    3.social media ehema use karanna epa. Elakiri unat nawatala Danna. Concentration natte mewa nisa wenna athi.
     
    නිදහසේ ඉන්න.. කැමති දේ කරන්න.. අනිවාර්‍යෙන්ම ඉංජිනේරුවෙක් වෙන්න කියලා නීතියක් නෑ.. ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රි එක කරලා සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්න.. :)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිදහසේ ඉන්න.. කැමති දේ කරන්න.. අනිවාර්‍යෙන්ම ඉංජිනේරුවෙක් වෙන්න කියලා නීතියක් නෑ.. ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රි එක කරලා සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්න.. :)

    mage nam degree karanna idea ekak naha
    kindly advise
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    පිස්සුද බං..ඕව ඔහොම තමා..හොඳට තැලෙන්න පොඩි වෙන්න ඕන,කට්ට කන්න ඕන..ඒක දුකක් නෙමෙයි අාතල් ඵකක් කරගන්න..අපිට ඕන විදිහට අපිට ඕන වෙලාවට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ..ඒකට කාලයක් යනව..ඵතකන් ඉවසන ඵක තමා කරන්න ඕන..
     
    mage nam degree karanna idea ekak naha
    kindly advise
    එහෙනම් කසාදයක් එහෙම බැදගෙන ළමයි පහක් හයක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න මිතුරේ.. :)
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    lol. ඔය ඩිප්‍රෙෂන් කියන එක මහ ලොකුවට ඔළුවට ගන්න එපා බන්.. මමත් කාලයක් ඔහොම බේත් බිව්වා.. කෙල්ල දාලා ගිහින්, ජීවිතේ ඇනිලා හිටියේ උඹ වගේ.. බේත් බිව්වා කියලා ලොකූ ඉෆෙක්ට් එකක් නෑ බන්.. මට නම් කාලයත් එක්ක තමයි හිත හැදුනේ... යම් කාලයක් එනවා තමන්ට සියළු දේ අවබෝධවෙන..

    ඔයා තවම පොඩි වයසක මල්ලි කෙනෙක් නිසා කියන්නේ.. ජීවිතේ වරද්දගන්න එපා... ඔය තරුණ අවධියෙම අඩු පාඩු ටික හදා ගන්න... මහන්සි වෙන්න මචන්.. අරමුණක් කියලා දෙයක් තියා ගන්න ජීවිතේ.. ටාගට් එහෙකට වැඩ කරන්න පුරුදු වෙන්න.. උදේ වරුවයි දවල් වරුවයි ගැම්මට වැඩ කරන්න.. රෑත් පුළුවන්නම් පැය 2ක් ඇදගන්න.. කාලසටහනකට අනුව වැඩ කරන්න..

    කිව්වට පිළිගනින් A/L කරද්දි මගේ එහා පැත්තේ හිටිය මගේ යාළුවගේ පෑනේ තීන්ත එක රැයකින් අඟලක් අඩු වෙනවා.. එච්චරට ඌ ගෙදර ගිහින් වැඩ... පාඩම් කරනවා, ශෝට් නෝට් ගහනවා.. ඌ එකපාරින්ම මෝරා ගියා...

    බෑ බෑ.. කියලා එකක් මේ ලෝකේ නෑ බන්.. තමන් උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නෑ... උත්සහය නැතුව කිසි දෙයක් වෙන්නේ නෑ..

    පොඩි උදාරහණයක් කියන්නම්. මගේ ජීවිතේ සාමාන්‍යය පෙළ ලියන කාලේ මට කොමස් කියන්නේ අනාථ උනම විෂය.. මම ඉන්ඩුවිජුවල් පංතියකට ගියේ.. ඔක්කොම හිටියේ මියුසියස් ආනන්ද සිරිමාවෝ ළමයි.. 10 වසරෙදි මම කොන් උනා පංතියේ.. පස්සේ මම බැලුවා යකෝ මේක හරියන්නේ නෑ.. අරුන් එක්ක ගේමට වැඩ කරන්න ඕනේ කියලා.. පස්සේ මම 11 වසරෙදි බැහැලම වැඩ කලා ඒ විෂයට.. සතර පොත් ගොඩක් කලා.. past papers.. පුළුවන්නම් පිළිගනින් මම අපේ අම්මා කරපු කාලේ පොතුත් කලා... කෝමෙන් කෝම හරි මමත් පංතියේ අනික් උන් ගානට ආවා.. o/L exam වෙලාවේ මම පැය එකහාමාරෙන් මම ඔක්කොම ඉවර කලා.. "A" එහෙකුත් ආවා.. මම මේ කතාව කිවේ බෑ කියලා එකක් නෑ.. මහන්සි වෙයන්.. උනන්දු වෙයන්...

    තව මට මතකයි මම කැම්පස් එකේ ඉද්දි දෙවැනි වසරේ Project Presentation එකක් තිබ්බා.. මම හෙනට බයවෙලා දාඩිය දාලා මෝල් වෙලා හිටියේ.. එතකොට අපේ බැජ් එකේ හිටපු කෙල්ලෙක් ම්ට දීපු ඔවදන තමයි මචන් "තමන් කරන්න යන දේ ගැන හරි අවබෝධයක් අරන් කරන්න.. නිකන් මුකුත් නොදැන උඩින් අලවන්න යන්න එපා..!"

    මූණුපොතෙයි, වට්සැප් එකෙයි, ටෙලිග්‍රෑම් ගෘප් වලයි මේ එළකිරි එකෙයි පච වෙන්න එපා..! තමන්ගේ ජීවිතේ හොඳ කාළයක් වෙනුවෙන් යම් කිසි කාලයක් කැප කරන්න... පස්සේ ආතල් ගන්න පුළුවන්...

    හොඳට ඔළුවට අරන් වැඩ කරන්න මචන්.. ජයවේවා!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඉන්ජිනේරුවෙක් වෙන්නම ඕනේ නෑනේ බං.. වෙන ඕනතරම් ෆීල්ඩ් තියෙන්නේ..උඹ වැඩිය හිතලා ඔය අප්සෙට් ගිහින් තියෙන්නේ..ඔහොම අය හිටියා අපේ කාලෙත්..ඔය ලෙඩේ විෂාදිය ද මොකක්ද නේද...වැඩිය හිතන්න එපා උඹේ ඔයා ඉන්ජිනේරුවෙක් වෙනවා කියන සිතුවිල්ල අයින් කාරගනින්..
    මගේ යාලුවෙක් මලා එහා ගෙදර ළිඳට පැනලා.. ඌ ළඟින්ම ආශ්‍රය කරපු උන් ඔක්කොම කැම්පස් ගිහින් මූ නොගිය එකට අවුල් වෙලා ඔලුව අප්සෙට් ගිහින්.. මැරෙන්න හිතුනොත් මැරෙනවා මායි..ගොඩක් උන්..
    ඒ නිසා ලෙඩේ වැඩි වෙන්න කලින් ආතල් එකේ ඉන්න බලපන් උඹ අාස දෙයක් කරලා මුවිස් බලලා..කෙල්ලෙක් සෙට් කරන් ලව් කරලා.....
    ඉඹේ සිතම තමා හරහට ඉන්නේ..ජය.,..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    up up bro

    ai ban engek wene ? Al maths kala nisada ? ehema wenna onamayi ki ekak na. ube jiwthe success wennai ona.... ubata eng dream1 nisa neda oya oluwe kekkuma oluwa aul wela thi.. ? mam ehema hithuwe mageth life stress wedima kaale thama AL karana kaale... olua aul... mam nam kiyanne uba life1 win karanna pln krapan mallii...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    පුදුම කලකිරීමක් තියෙන්නේ ජීවිතේ
    පට්ට විදියට තරහ යනවා මට

    matath mehema hithuna bn, dan tika kalekt klin. depression wge unhm thama oya tharaha yana ewa wadi wenne. uba thani wenna thani wenna owa hithata auto enwa. uba kmthi deyak krhn nkn inne nthuw. Anika ubt injek wend onemd bn, ynd path tynwane ona tharan, anika ada tyna tharageth ekka thawa depression wadi wenwa oka gana hithuwoth. anika campus ghn tw depress wena eka wtri wenne, athe paye skill ekakin kochchr diyunu wend puluwnd bn dan kale. meditaion krnd purudu weyan ethkt oya tharaha yana gathiya ehm adu wela ynwa. loke diha amuthu konekin balawei. me api inneth awrudu 60 70i, ht mareida kyl kwd dnne. present eke jewath weyan athithe balala duk wen nthuwai, future eka gana worry wen nthuwai