ජීවිතේ එපා වෙලා

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    රිප්ලයි කරපු හැමෝටම තැන්ක්ස්
    තෑන්ක්ස් නෙමේ.. හිතලා වැඩ කරපන්.. මම මොකද්ද කරන්න ඕනේ කියලා හිතපන්.. ප්ලෑන් එකක් ගහපන්.. ප්ලෑන් එකට වැඩ කරපන්.. හැමදාම ඇඳට යනකොට මම අද දවස වැඩදායී විදියට ගෙව්වා කියල හිතලා සතුටුවෙලා නින්දට පලයන්.. නිකමෙක් වගේ දවස ගෙවන්න එපා..

    මෙච්චර මේ ලියන්නේ මම උඹට වඩා අවුරුදු ගානක් වැඩිමල්.. අපි වැටුන වලේ උඹලා වැටෙන්න එපා.. කෝම හරි හිතලා මහන්සි වෙයන්.. අම්මට වෙනස් වෙලා පෙන්නපන්...
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මටත් ඔහොම කාලයක් තිබ්බ, ගොඩක් චාන්ස් මිස් වුන, ගිය දේවල් ගැන හිතන්නේ නැතිව අලුතෙන් ම ප්ලෑන් කරනවා, මනුස්ස ජීවිතේ හැටි එහෙම තමයි,

    එන දෙයට මුහුණ දෙන්න, සතුටෙන් ඉන්න, ස්ටඩ් කරනකොට එකදිගට මැරීගෙන කරන්න ඕන නැහැ, ටිකක් ස්ටඩි කරලා එළියට ගිහින් ඇවිදලා එන්න, හොඳ සින්දු ටිකක් අහන්න, කතා පොත් කියවන්න, රිලැක්ස් එකේ ඉන්න, ගොඩක් අමාරු දෙයක් වුනත් දෙතුන් සැරයක් ට්‍රයි කරද්දී පුළුවන් වෙනවා, ප්‍රක්ටිස් එකයි ඕන. එක මනුස්සයෙක් කරපු දෙය තව මනුස්සයෙක්ට කරන්න පුළුවන්.
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    Engineering Degree's තියන උනුත් මැරෙයි Covid-19 හැදිලා හෝ ඉස්සරහට එන මොකක් හරි වසන්ගත ලෙඩකින් ඒක නිසා ඕව තිබ්බ කියලත් සියලු සැප ලැබුන වෙන්නෙ නෑ.අනික ඉන්නෙත් 70 වගේ ඔය ටිකේ ඔච්චර follow කරන්න තරම් දෙයක් නෑ.ඉන්න ටිකේ ඔලුව සැහැල්ලුවෙන් තියන් ජීවත් වෙයන්.ලොකු බලාපොරොත්තු ඔලුවෙ තියාගෙන ඒව කරන්න බැරි වෙද්දි තමා dippressed වෙන්නෙ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අධ්‍යාපනේ අසාර්ථකයි කියලා හැමෝගේම ජීවිතේ අසාර්ථක වෙන්නේ නෑ.......
    අධ්‍යාපනේ සාර්ථකයි කියලා හැමෝගේම ජීවිතේ සාර්ථක වෙන්නේත් නෑ........
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබ හිතන්නෙ උබට විතරය් කියල, මිනිස්සුන්ට ඕව වෙනව බන් :ROFLMAO: :ROFLMAO:

    I did Bio, 2007 AL.
    පලවෙනි පාර - ඔක්කොම පේල් ( අපෙ අම්ම ඇඩුව , මන් අදිශ්ටාන කරගත්ත, වැටිච්ච වලෙන්ම එනව කියල, අනිත් හැම දෙම ඇතෑරිය, යාලුවො, මල ගෙවල්, මගුල්, හැමෝම හිනා වෙන නිසා මට මිනිස්සු අප්පිරිය උනා, තනියම ඉන්න පුරුදු උනා, ඒක පාසෙ කාලෙක සෑහෙන වාසියක් උන ක්ලාස් විතරයි, ගෙදර ආව වැඩ ))
    දෙවෙනි පාර - Bio C, Physics/ Chem - Fail ( වැටුනෙ නෑ, හිතා ගත්ත කෝම හරි කැම්පස් යනව කියල, අපේ පවුලෙ කවෘත් කැම්පස් ගිහින් නෑ, මට පුලුවන් කියල හෙන ගැම්මක් ආව ඒ C එකට )
    තුන්වෙනි පාර - Chem - B, Bio - C, Phys - C යි. කුරුනෙගල rank ~ 390 , කැම්පස් යන්න පුලුවන්, ගියෙ නෑ, ගෙදරින් කීව SLIIT පලයන් කියල :baffled:

    උබට 8 පාස් වෙන්න පුලුවන් කියන්නෙ, හිතන්න පුලුවන්, හිතන්න පුලුවන් කියන්නෙ Exam ගොඩ දාන්න පුලුවන්. මෙතන වැලලෙන්න නැතුව හරි රිවිසන් ක්ලාස් ටිකක් හොයාගෙන, time table එකක් හදාගෙන පටන් ගනින්.

    මගෙ මහ ලොකු ගැම්මක් නෑ, මගෙ යාලුවෙක් හිටිය, එකම සෙට් එකෙ(Maliyadeva), ගන්ජ ගහල, බීල, පරිවාසෙ ඉදල එලියට ඇවිත්, අවුරුදු 26 ගියා පේරා Engineering , නාරම්මල වදාකඩ පාරෙ, එහෙ එවුන් දන්නව ඇති. අන්න ගැම්ම.
    Hmmmm දන්න කියන එකෙක් වගේ......
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ හිතන්නෙ උබට විතරය් කියල, මිනිස්සුන්ට ඕව වෙනව බන් :ROFLMAO: :ROFLMAO:

    I did Bio, 2007 AL.
    පලවෙනි පාර - ඔක්කොම පේල් ( අපෙ අම්ම ඇඩුව , මන් අදිශ්ටාන කරගත්ත, වැටිච්ච වලෙන්ම එනව කියල, අනිත් හැම දෙම ඇතෑරිය, යාලුවො, මල ගෙවල්, මගුල්, හැමෝම හිනා වෙන නිසා මට මිනිස්සු අප්පිරිය උනා, තනියම ඉන්න පුරුදු උනා, ඒක පාසෙ කාලෙක සෑහෙන වාසියක් උන ක්ලාස් විතරයි, ගෙදර ආව වැඩ ))
    දෙවෙනි පාර - Bio C, Physics/ Chem - Fail ( වැටුනෙ නෑ, හිතා ගත්ත කෝම හරි කැම්පස් යනව කියල, අපේ පවුලෙ කවෘත් කැම්පස් ගිහින් නෑ, මට පුලුවන් කියල හෙන ගැම්මක් ආව ඒ C එකට )
    තුන්වෙනි පාර - Chem - B, Bio - C, Phys - C යි. කුරුනෙගල rank ~ 390 , කැම්පස් යන්න පුලුවන්, ගියෙ නෑ, ගෙදරින් කීව SLIIT පලයන් කියල :baffled:

    උබට 8 පාස් වෙන්න පුලුවන් කියන්නෙ, හිතන්න පුලුවන්, හිතන්න පුලුවන් කියන්නෙ Exam ගොඩ දාන්න පුලුවන්. මෙතන වැලලෙන්න නැතුව හරි රිවිසන් ක්ලාස් ටිකක් හොයාගෙන, time table එකක් හදාගෙන පටන් ගනින්.

    මගෙ මහ ලොකු ගැම්මක් නෑ, මගෙ යාලුවෙක් හිටිය, එකම සෙට් එකෙ(Maliyadeva), ගන්ජ ගහල, බීල, පරිවාසෙ ඉදල එලියට ඇවිත්, අවුරුදු 26 ගියා පේරා Engineering , නාරම්මල වදාකඩ පාරෙ, එහෙ එවුන් දන්නව ඇති. අන්න ගැම්ම.
    පට්ට කොල්ලෙක්නේ බන් උබ ..ජය වේවා

    මම අවුරුදු 24 වෙද්දී ලංකාවේ ජනප්‍රිය බැංකුවක assistant manager කෙනක්,AL හරියට කලේ නැහැ..DMS class ගිහින්
    SQL හොදටම දන්නවා..ඒ දවස්වල ඔරකල් DB ආව කාලේ..නුවර හිටපු පට්ටම කෑල්ලක් මගේ කෙල්ල.කොලබ
    ගෙදරකුත් අරන් දුන්න තාත්ත..දැන් මට 34 යි කෙල්ලකත් නැහැ..හරියට ඉගෙනීම ඉස්සරහට කලේ නැති නිසා එක තැනමයි.
    අවරුදු 10කින් විතර බොන එක ඇරෙන්න වෙන මහන්සි වෙලා කිසිම දෙයක් කරලා නැහැ.බැංකුවේ ජොබ් එකෙනුත් අයින් උනා වැඩ වැඩියි කියල .මගෙන් අවරුදු 24 දී ජොබ් ඉල්ලපු campus යාළුවො හැමෝම ජීවිතේ ගොඩ දාගෙන..වාසනාව තිබිලත් ජීවිතේ ගොඩ දා ගන්න බැරි උන කාලකන්නි චරිතයක් මම..හැබැයි දැන් බුදුදහමට ටිකක් කිට්ටු වෙලා හිත හදාගෙන යනවා
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    මල්ලි මට හිතෙන්නේ ඔය බෙහෙත් එක්ක උබට වැඩකරගන්න බැහැ. Docotor එකෙන් ගෙන් අහල ඕවා ටිකක් නවත්තල නාල කාල ඉදල බලපන් පොඩ්ඩක් එළියට බැහැල. බුදුන් වැදහන් ආගම දහමට බර වෙයන් පොඩ්ඩක් . නිකන් ඉන්ටෙර්නෙට් එකේ ඒවා බලල ඔලුව අවුල් කරගන් නැතුව උබේ ගමන හිමින් පලයන්. ඔය ඉන්ජිනේරු කෑල්ල/ සමාජේ ලොකු තැනක් නැහැ කියල කෙල්ලත් දාල ගියා.දැන්නම් ඉන්ජිනේරු කෑල්ලක් අගට තියෙනවා , එත් වැඩකුත් නෑ බන් ලොකුවට ඕව. තිබ්බත් එකයි නැතත් එකයි.ජීවත් වෙන්න සල්ලි ඕනි. හිමින් පාරක් හදාගනින් සාධාරණව . අපි ජීවිතේ හැම දේම අපිට ඕනි විදිහට වෙන් නෑ.ඒක තේරුම් අරන් සැහැල්ලුවෙන් අම්මවත් බලන් ජීවත් වෙයන් .අපි මේ ඉදිය මැරිලා ගියා. හොදින් ඉදපන් .මේකේ ඕනි දෙයක් කොටපන්.මේකේ එල කොල්ලෝ ටිකක් ඉන්නව උබට උදවු කරයි. අහ තව දෙයක් මට මුල්පාර MATHS වලට S බන් .දෙවනි පාර A . හිත හොදනම් හරියයි මල්ලි. හිත හොදට තියාගනින්
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    කතාව කොතැනින්දැයි පටන් ගන්නේ කියල හිතා ගන්න බෑ
    දැන් මට අවුරුදු විස්සක්
    මම උසස් පෙළ ලියල දෙවෙනි වතාවේ ආපහු ලියන්න හැදුවේ
    මට මේ අවුරුද්දේ මුල මානසික ලෙඩක් හැදුන
    මගේ පාඩම් වැඩ කරගන්න බෑ
    බෙහෙත් අහුරක් බොනවා උදේ රෑට
    මගේ අනාගත බලාපොරොත්තුව උනේ ඉංජිනේරුවෙක් වෙන්න
    දැන් තව අවුරුද්දක් පස්සට දාල විභාගේ ලියන්න හැදුවේ
    ඒත් මට පාඩම් කරගන්න හිතක් ඇත්තෙත් නෑ
    පුදුම කලකිරීමක් තියෙන්නේ ජීවිතේ
    පට්ට විදියට තරහ යනවා මට
    සමහර වෙලාවට මට ජීවිතේ නැති කර ගන්නත් හිතෙනවා
    මගේ අම්ම අද ඇඩුවා මගේ කලින් විදියයි දැන් විදියයි වෙනස් කියල
    මට කිසි දෙයක් කර ගන්න බෑ පුදුම බයක් හිතට දැනෙන්නේ
    අනේ මචං මගේ හිත සනසන්න වචනයක් හරි කියාගෙන පලයල්ලා


    marena akaa tma bro krnna tynne me too
     

    The Kingslayer

    Well-known member
  • පොඩි දෙයක් විතරක් එකතු කරන්නම් මල්ලි, අද කාලේ නම් ඔය, මම ඉංජිනේරුවෙක් වෙනවා , ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා බලාපොරොත්තු තියාගන්න එක නම් එතරම් සාර්ථක දෙයක් නෙවෙයි. ඉස්සර මිනිස්සුන්ට ඕනි උනේ හොද පට්ටමක්. ඒක නිසා වර්ථමානයත් එක්ක ඕක ගලපන්න නම් හදන්න එපා. තමන්ට , තමන් ගැනම අසාර්ථකයි කියල හිතෙන මුල්ම අවස්ථාව ඕක.
     

    viper xz

    Active member
  • Nov 9, 2020
    59
    182
    33
    colombo
    කරුණාකර වහාම සුමිත්‍රයෝ අමතන්න. Sumithrayo (https://www.srilankasumithrayo.lk/)

    ඔවුන් ඔබට උදව් කරනු ඇත, ඔවුන්ට වෘත්තීය මනෝ විද්‍යා .යින් සිටී.
    ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන අතර ඔවුන් අනිවාර්යයෙන්ම ඔබට උදව් කරනු ඇත