ජීවිතේ තිතටම එපා වෙලා මචන් 😢😢

Dishan Mendis

Member
May 18, 2018
16
20
3
රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න.. 😥 වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?

හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...

ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්.. 😓

පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..

අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්... 😓

පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්.. 😥

අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ? 😓
 

Dishan Mendis

Member
May 18, 2018
16
20
3
Ubata podi ekek innawada ?
Ada kaale kochchara try karath lamai nathi aya kochchara innawada ? Ubata a sampatha hari thiyenawa neh macho.
ඉන්නවා බන්.. ඒ මගේ එකම සතුට.. ඒත්.. පොඩි එකත් කොයිවෙලෙ බැලුවත් නැන්දම්මා ලග.. මගේ ලගට එන්නේ අඩුවෙන්. දවස තිස්සේ සොච්චමක් හොයන්න නේකවිද දුක් විදින මට ළමය එක්ක ඉන්න වෙලාවක් නෑ බන් වැඩිය 😥
 

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Melo deyak neti , kannat neti duppat minussu gena hitapan, hospital wala meri meri jivat wena minussu gena hitapan, e athin uba wasanawanthae kiyala hitapan..
    ube income ekata match wenna jivite geniyapan. Anawashya wiyadam cut karapan. Kuli wedak hari karapan job ekak nettatama nati unot. Dont give up macho..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    හදිස්සි වෙලා තීරණ ගන්න එපා මචන්. කරදර නැති මිනිස්සු මේ ලෝකේ නෑ. කරදර තියෙන ලෝකේ එකම මිනිහා ඔය විතරක් නෙවෙයි. කාලයත් එක්ක සමහර ප්‍රශ්ණ වලට උත්තර ලැබෙයි. එතකන් ඉවසන් ඉන්න. රැකියාවේ ප්‍රශ්නය ඔයා විසින්නම විසදා ගන්න ඕන එකක්. එකට හිත හයිය කරගෙන තව උත්සහ කරලා බලන්න. සමහර අමාරුයි කියලා හිතන එව්වා හුරු උනාම ගානක් නැතුව යනවා. මෙන්ටලි වැටෙන්න එපා. හිතට දහිරිය අරන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හදිස්සි වෙලා තීරණ ගන්න එපා මචන්. කරදර නැති මිනිස්සු මේ ලෝකේ නෑ. කරදර තියෙන ලෝකේ එකම මිනිහා ඔය විතරක් නෙවෙයි. කාලයත් එක්ක සමහර ප්‍රශ්ණ වලට උත්තර ලැබෙයි. එතකන් ඉවසන් ඉන්න. රැකියාවේ ප්‍රශ්නය ඔයා විසින්නම විසදා ගන්න ඕන එකක්. එකට හිත හයිය කරගෙන තව උත්සහ කරලා බලන්න. සමහර අමාරුයි කියලා හිතන එව්වා හුරු උනාම ගානක් නැතුව යනවා. මෙන්ටලි වැටෙන්න එපා. හිතට දහිරිය අරන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න//
     

    Dishan Mendis

    Member
    May 18, 2018
    16
    20
    3
    hari dan umba karana rassawa mokadda..sudusu kam monada..ara job eka nathi wenawa nam..thawa ekak hoyamu..umbata witharak neme godak ayata job nathi una.. gewal wala case oluwata ganna epa..
    වචන ටිකටත් පින්... මම ක්ලෙරිකල් මචන් ප්‍රයිවෙට් කම්පනි එකක.. අවුරුදු 3ක් රස්සාවක් නැතිව කට්ට කාලා කාල මේක හොයාගත්තේ... දැන් ඒකෙනුත් දොට්ට දායි 😥

    ලන්කාවේ මිනිස්සු ආගම් වලට බෙදිලා කාකොටා ගන්නවා බන්.. හැම ආගමකම උගන්නනේ අනික් ආගම් ගැන උපේක්ශාවෙන් බලන්න නේද? පොඩි කාලෙත් මචන් අපේ ගෙදර වලි.. දෙමව්පියෝ ආගම් දෙකක... කෑ ගහගෙන.. කුණු හරුප කියාගෙන.. පිට මිනිස්සූ ඉස්සරහා ගුටි කෙලගන්නවා බන්.. පුන්චි මම බයෙන් දොර මුල්ලේ ඇස් දෙක වහගෙන බයෙන් හිටියා තවම මතකයි බන් 😓

    ඒත් මගේ ගෙදර, මගේ පවුලේ මම ඒ ඔක්කොම නැවැත්තුවා.. වයිෆ්, මම ආගම් දෙකටම ගරු කරනවා.. ඒත් අපේ දෙමව්පියෝ ආගම් වල අන්තෙටම ගිහින්.. 😥
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Machan hama agamatama garu karapan palaweni de. Deweni eka nandamma kiyanneth ube amma kiyala hithapan. Thuna ubata sapekshawa hithawapna job ekak nathuwa higanno inne. Eeta wada uba hodinne. Hamotama sapeksha prasna thiyenawa. Ewa wadiya hithannepa. Hama welema hina wela puluwan mattamin puluwan de karapan padiyata anuwa. Ithin ube heewithe gana saheemakata path weyan echcharai.
     
    • Sad
    Reactions: Dishan Mendis

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕක උබට විතරක් නෙමෙයි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මන් හිතන් නැ මෙතන එකෙක්වත් ඇති කියල ලැබෙන පඩිය හොදටම ඇති කියල හිතන එකෙක් ඇති කියල. සමහරවිට 1% ක් වගේ එහෙම ඉන්න පුළුවන්. ලක්ෂ 5ක පඩියක් තියෙන එකෙක්ට උනත් ඒ පඩියට හරියන්න වියදම් හැදිලා. ප්‍රශ්නේ තියෙන්නේ උබගේ ජීවිතේට ඕන විදිහට පඩිය වියදම් කරන එක. පඩියේ විදිහට තමන්ගේ life එක balance කරගනින්. හරියට Management එකක් නැති උනාම මොකත් කෙලවෙනවා. මමත් අත්දැකීමෙන් දන්නා නිසා කියන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,381
    166,762
    113
    එකමත් එක රටක
    සම්ප්‍රදායික ජොබ් වලම ඇලිලා ඉන්නේ නැතුව ගේම ගහපන් මචන් .. මේ දවස් වල මිනිස්සුන්ගේ ඕනෑකම් හොයාගන්න අමාරුයි කොවිඩ් නිසා...කල්පනා කරල හොද දෙයක් පටන් ගනින් . ✌️
    ආගම් ප්‍රශ්න නම් ප්‍රශ්න නෙවෙයි බන් අහක යන මගුල් අපේ ඔලුවේ දාගෙන හිතන්න ගන්නකන්. සල්ලි නම් තියෙන්න ඕනේ . ඒක ගැන හිතල ගේම ගහපන් නිකන්ම ජොබ් එක විතරයි එකම විසදුම කියලා හිතන්නේ නැතුව..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මචන් ප්‍රශ්න එනවා තමයි. ඒත් ඒවා කාලෙත් එක්ක හරියනවා. මට සල්ලි වාහන හැමදේම සාමාන්‍ය විදියට තිබිලත් මටත් ඔහොම හිතිලා තියෙනවා අනන්තවත්.
    පස්සෙ තේරුම් ගත්තා සල්ලි කියන්නේ ජීවිතේම නෙමෙයි ජීවිතේ දුක් නොවිද අරන් යන්න උදව් වෙන ටූල් එකක් කියලා.
    ඒත් ජීවිතෙ අතාරින එක නෙමේ හරිම විසදුම, උබ එහෙම හිතන්නවත් එපා.
    උබ එහෙම මෝඩ වැඩක් කරොත් උබේ පොඩි එකා පොඩි කාලේ ඉදන්ම විදවයි.
    ඒ නිසා උබ කරන රස්සාවත් එක්ක තව රස්සාවක් කරන්න බලපන්, අමාරුයි ඒත් උබ කරන්නම ඕනි උබේ පොඩි එකා වෙනුවෙන්.
    ලොකු ප්‍රශ්න පොඩි ප්‍රශ්න හැමදේම එන්නේ උබව ටෙස්ට් කරන්න, උබ උබේ ලයිෆ් එක අරන් යන්න පුළුවන් එකෙක්ද බලන්න.
    ඒ නිසා දැන්ම ගේමක් ගහපන් Freelancing වගේ කරන්න පුළුවන් නම් උදව්වක් දෙන්නම්, සල්ලි හරි විදියට හම්බ කරන්න ඕනි තරම් විදි තියෙනවා මචන් උබේ මයින්ඩ් සෙට් එක හදාගන්න විතරයි ඕනි. ඒ වගේම කොයි වෙලාවකවත් එක ඉන්කම් ස්ට්‍රීම් එකක් උඩ යැපෙන්න එපා, අපි හෙමිට මොනවා හරි කරමු.
    කොහොම හරි පොඩි එකාව ගොඩ දාපන්.
    මට ඔහොම හිතෙන වෙලාවට මන් අහන සින්දු දෙකක් තියෙනවා, උබට නම් සෙට් වෙයිද දන්නේ නෑ. ඒත් ඒ ලිරික්ස් මාව ජීවත් වෙන්න මෝටිවේට් කරනවා.



    ක්ෂණික තීරන බ්ලේඩ් තලයක් ඉවසීම කරගමු යාලු බ්‍රේක් තලයක්



    We don't get to die young
    Trouble keeping our head sometimes
    We just have to push on
    We don't get to give up this life
    All the breath in your lungs
    Is stronger than the tears in your eyes
    It's do or die, but we're alive
    And while we're here, hold the line


     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට මචන්.. හැම දේ ගැනම උපේක්ෂාවෙන් බලන්න. ඉවසන්න.. උත්සහය අත්හරින්න එපා.. ඔලුවට බර දාගන්න එපා..සැහැල්ලුවෙන් හැම දේ දිහාම බලන්න. උබට වරදින්නෙ නෑ..