හිතට ශක්තිය ගන්න මල්ලි. ඔයාගේ අමාරු කාලේ ගෙවිලා ඉවරයි. දැන් ඔයාගේ අතපය හතර හොඳට ශක්තිමත්. මුට්ට කර ගහල හරි ජිවිතේ පටන් ගන්න පුළුවන්. forces යන උත්සාහය අත අරින්න එපා. කොහේ පුංචිම ජොබ් එකක් හරි හොයා ගන්න උත්සාහ කරන්න. පසු තැවුණ කියල කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් ක්රියාත්මක කරන්න ඕනේ. අද දියුණු වෙලා ඉන්න මිනිස්සුන්ගේ ගොඩක් ජිවිත කතා වල ආරම්භය ගොඩක් කටුකයි. දැන් ඉන්න ගෙදරින් පිට වෙලා මොකක් හරි ජොබ් එකක් හොයා ගන්න උත්සාහ කරන්න. මොකද ඔයාට ඔතන ඉඳගෙන නැගිටින්න ආත්ම ශක්තිය හදා ගන්න බැහැ. හැම අභියෝගයක්ම ජිවිතේ තමන්ට වාසි පැත්තට හරවගන්න. English ඉගන ගන්න පන්ති යන්නම ඕනේ නැහැ. අන්තර්ජාලය හරහා, පොත් පත් කියවල, තමන්ට ඕනේ කම තියනවා නම්, ඕනේ විදියකට English ඉගන ගන්න පුළුවන්. තමන් ගැන දුක් වෙන එක නවත්තන්න මුලින්ම. තමන්ට අනුකම්පා කරන්න එපා. එහෙම මිනිහට කවදාවත් දියුණු වෙන්න බැහැ. මෙච්චර ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න තරම් තමන්ගේ හිතට ශක්තිය තිබුන බව අවබෝධ කරගන්න. ඔයාගේ හීන වලට යන්න එක පාරට බැහැ. කොතකින් හරි පටන් ගන්න. කුලී වැඩක් හරි කරන්න පටන් ගන්න ඕනේ. එහෙම කරලා ඔයාට ඕනේ රැකියාවට යන්න සුදුසුකම් හදා ගන්න. අතපය හතර ශක්තිමත් නම් ඇස් කන් හොඳට ඇහෙනවා පේනවා නම් මොළේ කිසිම අබාධයක් නැත්නම් ඔයා සර්ව සම්පුර්ණ මිනිහෙක්. ඔයාට ඕනේ හිතේ ශක්තියයි නිවැරදි ඉලක්කයකුයි විතරයි. මම දන්නා එක පුද්ගලයෙක් ඉන්නවා, එයා පොඩි කාඩ් බෝඩ් පෙට්ටි හදාගෙන මොරටුවේ ඉඳන් කොළඹට පයින් ඇවිදලා විකුනපු කාලයක් තිබුනලු. අද company එකක අයිතිකාරයෙක්. අනිත් මිනිස්සුන් එක්ක කේන්ති අරගෙන තමන්ට අනුකම්පා කර කර කාලය නාස්ති කරන්න එපා. ඒ ශක්තිය මොකක් හරි වැඩකට යොදවන්න. ඔයාට ජිවිතේ පටන් ගන්න තැනක් ලැබේවි. තෙරුවන් සරණයි.