ජීවිත නිහඩව විනාශ කරන මාරයෙක්!!!!!!!!
D depressioncure Member Jul 22, 2011 17 17 0 Sep 14, 2011 #2 Depression යනු කුමක්ද? මෙය සමාජයේ අතිශයින් බහුල රෝගී තත්වයක්. මාසික රෝග සඳහා ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණෙන බොහෝ දෙනෙක් depression හෙවත් මානසික අවපීඩනයට ගොදුරු වූවන්. මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව ලෙසද මෙය හැඳින්විය හැකියි. සමාජයේ 5% - 10% ත් අතර ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුවූවන් බව ඇතැම් සමීක්ෂණ හෙළිකලද ගැටළුව වන්නේ එය රෝගී තත්වයකැයි හඳුනාගැනීමට ඇති නොහැකියාවයි. මෙහි අවසන් ප්‍රතිඵලය මෙම රෝගය උත්සන්නවීමෙන් ඇතිවන සියදිවි හානිකර ගැනීම විය හැකිය. සියිදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය ඉහළ රටක් වන ශ්‍රී ලංකාවේ සියි දිවි හානිකරගන්නන්ගෙන් බොහෝ දෙනෙකු depression රෝගය සඳහා නෑකම් කියන්නන් බව මනෝ විද්‍යඥයින්ගේ මතයයි. Depression ඇති වන්නේ ඇයි? ඔබත් මාත් දන්නා ආකාරයට මානසික රෝගී කෙනෙක් ඇසුරු කිරීමෙන් / හමුවීමෙන් / ස්පර්ශයෙන් එය බෝවන්නේ නැත. Depression ඇතිවිය හැකි ප්‍රධාන ක්‍රම කිහිපයකි. 1. පාරම්පරිකව 2. පාරිසරික හා සාමාජීය තත්ව 3. වැරදි නිගමන පාරම්පරිකව මෙය පාරම්පරිකව ඇතිවීමේ ප්රවනතාවය වැඩිය. මෙවැනි රෝගියකුට දාව උපදින සෑම දරුවකුම මෙම රෝගයට ලක්වේයැයි මෙයින් අදහස් නොකෙරේ. ඒ සදහා ඔහුගේ ජානවල ප්‍රවණතාවයක් තිබියහැකි අතර පාරිසරික හෝ සාමාජීය තත්වයන් නිසා එය ඉස්මතු විය හැකිය. කිසිදු වෙනසකින් තොරව ඔවුන් සම්පූර්ණ ජීවිත කාලයම ගෙවන අවස්ථා ද ඕනෑ තරම් ඇත. වෙනත් කෙනෙකුට වඩා අවදානමක් තිබෙනවා මිස ඔවුන් අනිවාර්ය රෝගීන් යැයි කිසිවිටෙක අදහස් නොකෙරේ. පාරිසරික හා සාමාජීය තත්ව සමාජයේ යම් යම් පීඩනවලට ලක්වී ජීවත්වන අය මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩිය. ඔවුන් නිරන්තරයෙන්ම බියෙන්. කනස්සල්ලෙන් හා වෛරයෙන් ජිවත් වීම මීට ආසන්නතම හේතුවයි. වැරදි නිගමන තමන්ට කිසිවකුත් පිහිටට නැත, තමා පිරිස අතරින් කොන්වී - තනිවී ඇත. තමාට කිසිම දෙයක් බැරිය, සිදුවන සියල්ලන්ටම වැරදිකරු තමාය යන අනර්ථකාරී සිතිවිලි සහිත අයද සාමාන්‍ය අයට වඩා depression රෝගයට ගොදුරුවීමේ අවදානම සහිතය. ඉහත සඳහන් වූයේ මූලික හේතූන් කිහිපයක් පමණි. මීට අමතරව depression සඳහා කෙලින්ම හෝ වක්‍රව හේතුවිය හැකි කාරණා රාශියකි. සරලවම දැක්විය හැක්කේ දිගින් දිගටම සිතෙහි පවත්නා කණස්සල්ල මෙවැනි රෝගයකට ගොදුරු වීමට හේතුවිය හැකි බවයි. රෝගය වැළඳිය හැක්කේ කාටද? මෙම රෝගයට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැත. වයස් භේදයක් ද නොමැත. එහෙත් සාපේක්ෂව වැඩිහිටි රෝගීන් බහුල වශයෙන් සමාජයේ හමුවේ. ඔවුන් මුහුණදෙන සාමාජීය ගැටළු (ආදර සම්බන්ධතා බිඳවැටීම, ඥාතීන් / මිතුරන්ගේ මරණ, රැකියා අහිමිවීම) ළමුන්ට සාපේක්ෂව වැඩිවීම මීට එක්තරා ආකාරයක හේතුවක් විය හැකිය. එහෙත් සැළකිය යුතු ළමා රෝගීන් ද අපට සමාජයේ හමුවේ. මෙම රෝගයේ විවිධ ප්‍රභේද තිබේද? ඔවු. සෑම depression තත්වයකටම දීර්ඝ කාලීනව ප්‍රථිකාර ගතයුතු නැත. ගරභණී කාලයට පසුව ඇතැම් මවුවරුන් සඳහා වැළඳෙන puerperal depression මීට හොඳම උදාහරණයකි. එය ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ සුවය ලබන අතර නැවත මතුවිමක් ද නොතිබිය හැකිය. එහෙත් බහුලව දැකිය හැක්කේ දීර්ඝ කාලීනව පුථිකාර අවශ්‍ය වන රෝගීන්ය. රෝගීයා ප්‍රථිකාර සඳහා යොමුවන අවස්ථාව අනුවද රෝගී තත්වයන්/ සුවවන කාලය වෙනස් විය හැකිය. මෙහි රෝග ලක්ෂණ මොනවාද? මෙය ඉතාමත්ම කල්පනාකාරීව විග්රහ කළයුතු පැනයකි. මීට හේතුව මෙහි සඳහන්වන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඉතා සාමාන්‍ය පුද්ගලයෙකු තුළ වුවද දැකිය හැකිය. ඔහු හෝ ඇය depression තත්වයෙන් පෙළෙන බව ඉන් අදහස් නොකෙරේ. · දිගුකාලයක් තිස්සේ පවතින කණස්සලු සහිත ස්වභාවය. · සිකේ ධෛර්ය, උනන්දුව අඩුවීම. · බලාපොරොත්තු රහිත බව · සියළු දේ දෙස අශුභවාදී ලෙස බැලීම. · සිතේ සංතෝෂය සහිත සිතිවිලි නොමැති වීම. · කෑම අරුචිය හා ඒ නිසාම සිරුරේ බර අඩුවීම · නින්ද නොයාම හෝ අසාමාන්‍ය නින්ද · අහේතුකව ඇඩීම · තනිවී සිටීමට නිරතුරුව උත්සාහ දැරීම · ඉතා තදින් ඇතිවන කෝපය · දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිසරදය · අහේතුක / අසාමාන්‍ය සැකය · හැසිරීමේ දැකිය හැකි නොසන්සුන් බව · අවධානය යොමුකිරීමේ අපහසුතාවය. · තීරණ ගැනීමේ අපහසුතාවය මෙම රෝග ලක්ෂණ පොදු ඒවා වන අතර රට, සංස්කෘතිය, පෞරුෂය අනුව මෙම රෝගී ලක්ෂණ වෙනස්විය හැකිය. මීට අමතරව සාමාන්‍ය චර්යාත්මක වෙනස් වීම් පිළිබඳවද සැළකිලිමක් විය යුතුය. එනම් වෙනදා ඉතා කැමැත්තෙන් රැකියාවට/පාසලට ගිය කෙනෙක් එක්වරම ඒ සඳහා අදිමදි කිරීම දැක්විය හැකිය. Depression සඳහා ප්‍රථිකාර තිබෙනවාද? පැහැදිලිවම ඔවු. මෙය ප්‍රථිකාර සහිත මෙන්ම ප්‍රථිකාර මගින් 99%ක්ම පාලනය කළ හැකි රෝගී තත්වයක්. එසේම ප්‍රථිකාර වියදම් සහිත ඒවා නොවන අතර බොහෝ රජයේ රෝහල් මගින්ද ප්‍රථිකාර ලබාගත හැකියි. මේ සඳහා ඖෂධීය ප්‍රථිකාර (antidepressants) මෙන්ම චර්යාවන් වෙනස් කිරීමේ උපදේශන ප්‍රථිකාර (cognitive behavior therapy ) ද තිබේ. මීට අමතරව රෝගී තත්වය උග්‍ර වී ඇති අවස්ථාවන් හිදී ECT (electro convulsive therapy ) හෙවත් විද්‍යුත් කම්පන ප්‍රථිකාර ක්‍රමද භාවිතා වේ. එය වෛද්‍යවරයා විසින් තීරණය කරනුලබන අතර ECT ලබා දෙන්නේනම් නිර්වින්දනය කිරීම සඳහා රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ඖෂධ වල අතුරු ප්‍රතිඵල තිබේද? අතුරු අබාධ වලින් තොර ඖෂධ සොයාගැනීම අපහසුය. Paracetamol වැනි සරල ඖෂධ වල සිට Cyclosporin වැනි සංකීර්ණ ඖෂධ දක්වා සියල්ලකම යම් යම් අතුරු ප්‍රථිපල සහිතය. කැරකැවිල්ල (Dizziness), ඔක්කාරය (nausea), නිදිමත ස්වභාවය (drowsiness), ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction) වැනි ලක්ෂණ ඇතැම් විට දැකිය හැකි අතර සැම විටම එසේ නොවේ. ඇතැම්විට මෙම අතුරු ප්‍රථිඵල මග හැරීම සඳහා වෙනත් ඖෂධ වර්ගද භාවිතවේ. ප්රතිසයිකොසීය (Antipsychotics) ඖෂධ හේතුවෙන් ඇතැම්විට ඇතිවන පාකින්සන් ලක්ෂණ (parkinsonism symptoms) මග හැරීම සදහා භාවිතාකරන Benzhexol මේ සඳහා උදාහරණයකි. මේ නිසා තමන්ට ඇති ගැටළු වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ඖෂධ වෙනස්කර ගන්නවා මිස ඖෂධ නැවැත්වීම කිසිසේත්ම නොකළ යුතුය.මීට අමතරව ECT ලබාදුන් විට ඉතා කෙටිකාලයක මතකයේ ව්‍යාකූලතාවයක් (short time memory loss) පිළිබඳව කළාතුරකින් පැමිණිලි ලැබේ. ආගමික ප්‍රථිකාර මගින් depression සුව වේද? මරණින් පසු නැවත උපතක් ඇත්දැයි විමසූ විට බුදුන්වහන්සේ නිහඩව සිටියා යැයි ආගමික ඉතිහාසයේ කියැවේ. ඒ ඔවු හෝ නෑ යනුවෙන් දෙන පිළිතුරෙන් වැරදි අදහසක් ඇතිවීම වැළැක්වීම සඳහාය. මෙයද එවැනි ගැටළුවකි.නැත - කීවහොත් එය එසේ නොවේ යැයි කියන්නට මිනිසුන් සාධක ගෙනෙනු ඇත. මානසික රෝග රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු කළ නොහැකි නිසා ඒවා බොරුයැයි හෝ නැවැරදියැයි කියන්නට නොහැක.ඔවු - යැයි කීවහොත් එය ඔප්පුකිරීමට තරම් වෛද්‍ය විද්‍යාත්මක සාධක නැත. ආගමික ප්‍රථිකාර ක්‍රම වලදී පිරිස් එක් රැස් වීමෙන් තමා තනිවී නැතැයි යන හැඟීම නිසා රෝගියා තුළ යම් වෙනසක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් එය රෝගය සුව වීම යැයි අර්ථ කථනය කළනොහැක. මන්ද කාලයෙන් කාලයට එන යාඥා හෝ වෙනත් ආගමික ප්‍රථිකාරයන් නිසා සුවය ලැබුවායැයි කියන රෝගීන් පසුව රෝගය උත්සන්න වීමෙන් සියදිවි හානිකරගත් හෝ රෝහල් ගත කළ අවස්ථා ඇති නිසාය. පන්සල්, පල්ලි, කෝවිල් යාම වැරදි නැත. එහෙත් මෙවැනි රෝගීන් නිසි උපදේශයන්ගෙන් තොරව භාවනා සඳහා යොමු කිරීමත්, මෝහනය කිරීමක් භයානක ප්‍රතිඵල ඇති කළ හැකිය. පාලනය කරන්න පුළුවන් කියන්නෙ සුව කරන්න බැරිද? නෑ... සුව කළ හැකියි. ඒත් ඒ සදහා යම් කාලයක් අවශ්‍යයි. (අවශ්‍ය කාලය රෝගී තත්වය අනුව සහ ප්‍රථිකාර සඳහා යොමුවූ කාලය අනුව වෙනස් වේ. නියමිත පරිදිම වෛද්‍ය උපදෙස් පිළිපදී නම් සහ නොකඩවා ප්‍රථිකාර ගන්නේනම් බොහෝ රෝගීන් නිට්ටාවටම සුව කළ හැකියි. සුව වූ පසු නැවත වැළඳිය හැකිද? ඔවු. වරක් වැළදී සුව වූ අයෙකුට මෙය නැවත වැළඳිය හැකියි. එහෙත් එය අනිවාර්යය නොවේ. කෙසෙල් ගසක් වැටෙන්නට යද්දී ආධාරකයක් (මුක්කුවක්) යොදා එක නැවැත්විය හැක. එසේම යම් කාලයකට පසුව එම ආධාරකය ඉවත් කළද ගස නොවැටී තිබේ. එහෙත් එම ගස නැවත වැටීමේ හැකියාව සාමාන්‍ය ගසකට වඩා කිහිප ගුණයකින් වැඩිය. එසේම වරක් සුව වූ රෝගියකුට නැවත රෝගය මතුවීමේ හැකියාව සාමාන්‍ය අයකුට වඩා වැඩිය. නැවත වැළඳෙන්නේ කොහොමද? මේ සඳහා නිශ්චිත හේතුවක් නොමැත. එහෙත් ඔහුට දැනෙන අහිමි වීම් (losses) , වියෝගය , කම්පනය වැනි තත්වයන් නිසා නැවත රෝගය මතුවීමේ ඉඩකඩ පවතී. එම නිසා මෙවැනි අයගේ චර්යාත්මක වෙනසකදී සුපුරුදු වෛද්‍යවරයා හමුවීම ඉතාමත් අවශ්‍යය. එය ඔහු/ඇය ගේ සමීපතමයන්ගේ වගකීමකි. Depression සමග නෑකම් කියන තවත් රෝග තිබේද? කලාතුරකින් රෝගීන් අතර භීතිකා (phobia) හෝ උන්මාද (mania) තත්වයන් ඇතිවනු දැකිය හැකි වුවද එය හැම විටම එසේ වන්නේ නැත. Depression රෝගියකුගේ සමීපතමයන් සැළකිළිමත් විය යුත්තේ කෙසේද? සාමාන්‍ය තත්වයන් යටතේ රෝගියා සුව කරගැනීම ඉතාම වැදගත් වේ. කෘතීම තත්වයන් (උදාහරණයක් ලෙස කිසියම් අහිමිවීමක් (losses – such as relationship) නිසා රෝගී වූ අයකුට එය එසේ වී නැතැයි බොරුවට හඟවා සුවකරගෙන යථාර්තයට අනුගත කිරීමේදී නැවත රෝගය ඇතිවී මේ වැඩි ඉඩකඩක් පවතී. එහෙත් රෝගියා මානසික කම්පන, වියෝග, සංවේග වලින් ඈත්කොට සතුටින් තැබීම රෝගය ඉක්මනින් සුව වීමට හේතු විය හැකිය. එසේම උග්‍ර තත්වයේ පසුවන රෝගීන් සඳහා ප්‍රබල ඖෂධ නිකුත් කරනු ලබන අතර එම ඖෂධ වගකිවයුතු පුද්ගලයකු විසින් නියමිත වේලාවට රෝගියාට ලබා දිය යුතුය. මන්ද මේවායේ මාත්‍රාව ඉක්මවා ලබාගැනීම ඉතා භායානක විය හැකිය. එසේම රෝගියා තුළ ඇති දැඩි කළකිරීම නිසා රෝගියා සිය සිවි හානිකරගැනීමේ අවදානමක් පවතී. එපමණක් නොව ඔහු ඉක්මනින් අධික ලෙස කෝපයට පත් වීම නිසා වෙනත් අනතුරු වුවද සිදුකළ හැකිය. අවසානය මෙය සැළකිලිමත් විය යුතු රෝගයක් මිස බිය වියයුතු රෝගයක් නම් නොවේ. මෙම රෝගයට ප්‍රථිකාර ලබමින් සාමාන්‍ය පරිදි රැකියවෙහි නිරත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි දැඩි වගකීම් දරන පුද්ගලයෝ වෙති. ඔවුහු මෙවන් රෝගයකට ප්‍රථිකාර ලබන බව කිසිවකුට හඳුනා ගැනීමට පවා නොහැකි තරමට ඔවුන් සාමාන්‍ය ජීවිත ගෙවති. අවශ්‍ය වන්නේ වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළි පැදීමක් සැළකිලිමක් වීමක් පමණි. මෙ ත්‍රේඩ් එක පවත්වාගෙන යන පිනින් මාහට සසර වසනාතුරු නීරොගී වෙවා. කට්ටියගෙන් මම පින් කොමෙන්ට් එකකින් බලාපොරොතු වෙනවා. Reactions: thilzz
Depression යනු කුමක්ද? මෙය සමාජයේ අතිශයින් බහුල රෝගී තත්වයක්. මාසික රෝග සඳහා ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණෙන බොහෝ දෙනෙක් depression හෙවත් මානසික අවපීඩනයට ගොදුරු වූවන්. මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව ලෙසද මෙය හැඳින්විය හැකියි. සමාජයේ 5% - 10% ත් අතර ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුවූවන් බව ඇතැම් සමීක්ෂණ හෙළිකලද ගැටළුව වන්නේ එය රෝගී තත්වයකැයි හඳුනාගැනීමට ඇති නොහැකියාවයි. මෙහි අවසන් ප්‍රතිඵලය මෙම රෝගය උත්සන්නවීමෙන් ඇතිවන සියදිවි හානිකර ගැනීම විය හැකිය. සියිදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය ඉහළ රටක් වන ශ්‍රී ලංකාවේ සියි දිවි හානිකරගන්නන්ගෙන් බොහෝ දෙනෙකු depression රෝගය සඳහා නෑකම් කියන්නන් බව මනෝ විද්‍යඥයින්ගේ මතයයි. Depression ඇති වන්නේ ඇයි? ඔබත් මාත් දන්නා ආකාරයට මානසික රෝගී කෙනෙක් ඇසුරු කිරීමෙන් / හමුවීමෙන් / ස්පර්ශයෙන් එය බෝවන්නේ නැත. Depression ඇතිවිය හැකි ප්‍රධාන ක්‍රම කිහිපයකි. 1. පාරම්පරිකව 2. පාරිසරික හා සාමාජීය තත්ව 3. වැරදි නිගමන පාරම්පරිකව මෙය පාරම්පරිකව ඇතිවීමේ ප්රවනතාවය වැඩිය. මෙවැනි රෝගියකුට දාව උපදින සෑම දරුවකුම මෙම රෝගයට ලක්වේයැයි මෙයින් අදහස් නොකෙරේ. ඒ සදහා ඔහුගේ ජානවල ප්‍රවණතාවයක් තිබියහැකි අතර පාරිසරික හෝ සාමාජීය තත්වයන් නිසා එය ඉස්මතු විය හැකිය. කිසිදු වෙනසකින් තොරව ඔවුන් සම්පූර්ණ ජීවිත කාලයම ගෙවන අවස්ථා ද ඕනෑ තරම් ඇත. වෙනත් කෙනෙකුට වඩා අවදානමක් තිබෙනවා මිස ඔවුන් අනිවාර්ය රෝගීන් යැයි කිසිවිටෙක අදහස් නොකෙරේ. පාරිසරික හා සාමාජීය තත්ව සමාජයේ යම් යම් පීඩනවලට ලක්වී ජීවත්වන අය මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩිය. ඔවුන් නිරන්තරයෙන්ම බියෙන්. කනස්සල්ලෙන් හා වෛරයෙන් ජිවත් වීම මීට ආසන්නතම හේතුවයි. වැරදි නිගමන තමන්ට කිසිවකුත් පිහිටට නැත, තමා පිරිස අතරින් කොන්වී - තනිවී ඇත. තමාට කිසිම දෙයක් බැරිය, සිදුවන සියල්ලන්ටම වැරදිකරු තමාය යන අනර්ථකාරී සිතිවිලි සහිත අයද සාමාන්‍ය අයට වඩා depression රෝගයට ගොදුරුවීමේ අවදානම සහිතය. ඉහත සඳහන් වූයේ මූලික හේතූන් කිහිපයක් පමණි. මීට අමතරව depression සඳහා කෙලින්ම හෝ වක්‍රව හේතුවිය හැකි කාරණා රාශියකි. සරලවම දැක්විය හැක්කේ දිගින් දිගටම සිතෙහි පවත්නා කණස්සල්ල මෙවැනි රෝගයකට ගොදුරු වීමට හේතුවිය හැකි බවයි. රෝගය වැළඳිය හැක්කේ කාටද? මෙම රෝගයට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැත. වයස් භේදයක් ද නොමැත. එහෙත් සාපේක්ෂව වැඩිහිටි රෝගීන් බහුල වශයෙන් සමාජයේ හමුවේ. ඔවුන් මුහුණදෙන සාමාජීය ගැටළු (ආදර සම්බන්ධතා බිඳවැටීම, ඥාතීන් / මිතුරන්ගේ මරණ, රැකියා අහිමිවීම) ළමුන්ට සාපේක්ෂව වැඩිවීම මීට එක්තරා ආකාරයක හේතුවක් විය හැකිය. එහෙත් සැළකිය යුතු ළමා රෝගීන් ද අපට සමාජයේ හමුවේ. මෙම රෝගයේ විවිධ ප්‍රභේද තිබේද? ඔවු. සෑම depression තත්වයකටම දීර්ඝ කාලීනව ප්‍රථිකාර ගතයුතු නැත. ගරභණී කාලයට පසුව ඇතැම් මවුවරුන් සඳහා වැළඳෙන puerperal depression මීට හොඳම උදාහරණයකි. එය ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ සුවය ලබන අතර නැවත මතුවිමක් ද නොතිබිය හැකිය. එහෙත් බහුලව දැකිය හැක්කේ දීර්ඝ කාලීනව පුථිකාර අවශ්‍ය වන රෝගීන්ය. රෝගීයා ප්‍රථිකාර සඳහා යොමුවන අවස්ථාව අනුවද රෝගී තත්වයන්/ සුවවන කාලය වෙනස් විය හැකිය. මෙහි රෝග ලක්ෂණ මොනවාද? මෙය ඉතාමත්ම කල්පනාකාරීව විග්රහ කළයුතු පැනයකි. මීට හේතුව මෙහි සඳහන්වන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඉතා සාමාන්‍ය පුද්ගලයෙකු තුළ වුවද දැකිය හැකිය. ඔහු හෝ ඇය depression තත්වයෙන් පෙළෙන බව ඉන් අදහස් නොකෙරේ. · දිගුකාලයක් තිස්සේ පවතින කණස්සලු සහිත ස්වභාවය. · සිකේ ධෛර්ය, උනන්දුව අඩුවීම. · බලාපොරොත්තු රහිත බව · සියළු දේ දෙස අශුභවාදී ලෙස බැලීම. · සිතේ සංතෝෂය සහිත සිතිවිලි නොමැති වීම. · කෑම අරුචිය හා ඒ නිසාම සිරුරේ බර අඩුවීම · නින්ද නොයාම හෝ අසාමාන්‍ය නින්ද · අහේතුකව ඇඩීම · තනිවී සිටීමට නිරතුරුව උත්සාහ දැරීම · ඉතා තදින් ඇතිවන කෝපය · දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිසරදය · අහේතුක / අසාමාන්‍ය සැකය · හැසිරීමේ දැකිය හැකි නොසන්සුන් බව · අවධානය යොමුකිරීමේ අපහසුතාවය. · තීරණ ගැනීමේ අපහසුතාවය මෙම රෝග ලක්ෂණ පොදු ඒවා වන අතර රට, සංස්කෘතිය, පෞරුෂය අනුව මෙම රෝගී ලක්ෂණ වෙනස්විය හැකිය. මීට අමතරව සාමාන්‍ය චර්යාත්මක වෙනස් වීම් පිළිබඳවද සැළකිලිමක් විය යුතුය. එනම් වෙනදා ඉතා කැමැත්තෙන් රැකියාවට/පාසලට ගිය කෙනෙක් එක්වරම ඒ සඳහා අදිමදි කිරීම දැක්විය හැකිය. Depression සඳහා ප්‍රථිකාර තිබෙනවාද? පැහැදිලිවම ඔවු. මෙය ප්‍රථිකාර සහිත මෙන්ම ප්‍රථිකාර මගින් 99%ක්ම පාලනය කළ හැකි රෝගී තත්වයක්. එසේම ප්‍රථිකාර වියදම් සහිත ඒවා නොවන අතර බොහෝ රජයේ රෝහල් මගින්ද ප්‍රථිකාර ලබාගත හැකියි. මේ සඳහා ඖෂධීය ප්‍රථිකාර (antidepressants) මෙන්ම චර්යාවන් වෙනස් කිරීමේ උපදේශන ප්‍රථිකාර (cognitive behavior therapy ) ද තිබේ. මීට අමතරව රෝගී තත්වය උග්‍ර වී ඇති අවස්ථාවන් හිදී ECT (electro convulsive therapy ) හෙවත් විද්‍යුත් කම්පන ප්‍රථිකාර ක්‍රමද භාවිතා වේ. එය වෛද්‍යවරයා විසින් තීරණය කරනුලබන අතර ECT ලබා දෙන්නේනම් නිර්වින්දනය කිරීම සඳහා රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ඖෂධ වල අතුරු ප්‍රතිඵල තිබේද? අතුරු අබාධ වලින් තොර ඖෂධ සොයාගැනීම අපහසුය. Paracetamol වැනි සරල ඖෂධ වල සිට Cyclosporin වැනි සංකීර්ණ ඖෂධ දක්වා සියල්ලකම යම් යම් අතුරු ප්‍රථිපල සහිතය. කැරකැවිල්ල (Dizziness), ඔක්කාරය (nausea), නිදිමත ස්වභාවය (drowsiness), ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction) වැනි ලක්ෂණ ඇතැම් විට දැකිය හැකි අතර සැම විටම එසේ නොවේ. ඇතැම්විට මෙම අතුරු ප්‍රථිඵල මග හැරීම සඳහා වෙනත් ඖෂධ වර්ගද භාවිතවේ. ප්රතිසයිකොසීය (Antipsychotics) ඖෂධ හේතුවෙන් ඇතැම්විට ඇතිවන පාකින්සන් ලක්ෂණ (parkinsonism symptoms) මග හැරීම සදහා භාවිතාකරන Benzhexol මේ සඳහා උදාහරණයකි. මේ නිසා තමන්ට ඇති ගැටළු වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ඖෂධ වෙනස්කර ගන්නවා මිස ඖෂධ නැවැත්වීම කිසිසේත්ම නොකළ යුතුය.මීට අමතරව ECT ලබාදුන් විට ඉතා කෙටිකාලයක මතකයේ ව්‍යාකූලතාවයක් (short time memory loss) පිළිබඳව කළාතුරකින් පැමිණිලි ලැබේ. ආගමික ප්‍රථිකාර මගින් depression සුව වේද? මරණින් පසු නැවත උපතක් ඇත්දැයි විමසූ විට බුදුන්වහන්සේ නිහඩව සිටියා යැයි ආගමික ඉතිහාසයේ කියැවේ. ඒ ඔවු හෝ නෑ යනුවෙන් දෙන පිළිතුරෙන් වැරදි අදහසක් ඇතිවීම වැළැක්වීම සඳහාය. මෙයද එවැනි ගැටළුවකි.නැත - කීවහොත් එය එසේ නොවේ යැයි කියන්නට මිනිසුන් සාධක ගෙනෙනු ඇත. මානසික රෝග රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු කළ නොහැකි නිසා ඒවා බොරුයැයි හෝ නැවැරදියැයි කියන්නට නොහැක.ඔවු - යැයි කීවහොත් එය ඔප්පුකිරීමට තරම් වෛද්‍ය විද්‍යාත්මක සාධක නැත. ආගමික ප්‍රථිකාර ක්‍රම වලදී පිරිස් එක් රැස් වීමෙන් තමා තනිවී නැතැයි යන හැඟීම නිසා රෝගියා තුළ යම් වෙනසක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් එය රෝගය සුව වීම යැයි අර්ථ කථනය කළනොහැක. මන්ද කාලයෙන් කාලයට එන යාඥා හෝ වෙනත් ආගමික ප්‍රථිකාරයන් නිසා සුවය ලැබුවායැයි කියන රෝගීන් පසුව රෝගය උත්සන්න වීමෙන් සියදිවි හානිකරගත් හෝ රෝහල් ගත කළ අවස්ථා ඇති නිසාය. පන්සල්, පල්ලි, කෝවිල් යාම වැරදි නැත. එහෙත් මෙවැනි රෝගීන් නිසි උපදේශයන්ගෙන් තොරව භාවනා සඳහා යොමු කිරීමත්, මෝහනය කිරීමක් භයානක ප්‍රතිඵල ඇති කළ හැකිය. පාලනය කරන්න පුළුවන් කියන්නෙ සුව කරන්න බැරිද? නෑ... සුව කළ හැකියි. ඒත් ඒ සදහා යම් කාලයක් අවශ්‍යයි. (අවශ්‍ය කාලය රෝගී තත්වය අනුව සහ ප්‍රථිකාර සඳහා යොමුවූ කාලය අනුව වෙනස් වේ. නියමිත පරිදිම වෛද්‍ය උපදෙස් පිළිපදී නම් සහ නොකඩවා ප්‍රථිකාර ගන්නේනම් බොහෝ රෝගීන් නිට්ටාවටම සුව කළ හැකියි. සුව වූ පසු නැවත වැළඳිය හැකිද? ඔවු. වරක් වැළදී සුව වූ අයෙකුට මෙය නැවත වැළඳිය හැකියි. එහෙත් එය අනිවාර්යය නොවේ. කෙසෙල් ගසක් වැටෙන්නට යද්දී ආධාරකයක් (මුක්කුවක්) යොදා එක නැවැත්විය හැක. එසේම යම් කාලයකට පසුව එම ආධාරකය ඉවත් කළද ගස නොවැටී තිබේ. එහෙත් එම ගස නැවත වැටීමේ හැකියාව සාමාන්‍ය ගසකට වඩා කිහිප ගුණයකින් වැඩිය. එසේම වරක් සුව වූ රෝගියකුට නැවත රෝගය මතුවීමේ හැකියාව සාමාන්‍ය අයකුට වඩා වැඩිය. නැවත වැළඳෙන්නේ කොහොමද? මේ සඳහා නිශ්චිත හේතුවක් නොමැත. එහෙත් ඔහුට දැනෙන අහිමි වීම් (losses) , වියෝගය , කම්පනය වැනි තත්වයන් නිසා නැවත රෝගය මතුවීමේ ඉඩකඩ පවතී. එම නිසා මෙවැනි අයගේ චර්යාත්මක වෙනසකදී සුපුරුදු වෛද්‍යවරයා හමුවීම ඉතාමත් අවශ්‍යය. එය ඔහු/ඇය ගේ සමීපතමයන්ගේ වගකීමකි. Depression සමග නෑකම් කියන තවත් රෝග තිබේද? කලාතුරකින් රෝගීන් අතර භීතිකා (phobia) හෝ උන්මාද (mania) තත්වයන් ඇතිවනු දැකිය හැකි වුවද එය හැම විටම එසේ වන්නේ නැත. Depression රෝගියකුගේ සමීපතමයන් සැළකිළිමත් විය යුත්තේ කෙසේද? සාමාන්‍ය තත්වයන් යටතේ රෝගියා සුව කරගැනීම ඉතාම වැදගත් වේ. කෘතීම තත්වයන් (උදාහරණයක් ලෙස කිසියම් අහිමිවීමක් (losses – such as relationship) නිසා රෝගී වූ අයකුට එය එසේ වී නැතැයි බොරුවට හඟවා සුවකරගෙන යථාර්තයට අනුගත කිරීමේදී නැවත රෝගය ඇතිවී මේ වැඩි ඉඩකඩක් පවතී. එහෙත් රෝගියා මානසික කම්පන, වියෝග, සංවේග වලින් ඈත්කොට සතුටින් තැබීම රෝගය ඉක්මනින් සුව වීමට හේතු විය හැකිය. එසේම උග්‍ර තත්වයේ පසුවන රෝගීන් සඳහා ප්‍රබල ඖෂධ නිකුත් කරනු ලබන අතර එම ඖෂධ වගකිවයුතු පුද්ගලයකු විසින් නියමිත වේලාවට රෝගියාට ලබා දිය යුතුය. මන්ද මේවායේ මාත්‍රාව ඉක්මවා ලබාගැනීම ඉතා භායානක විය හැකිය. එසේම රෝගියා තුළ ඇති දැඩි කළකිරීම නිසා රෝගියා සිය සිවි හානිකරගැනීමේ අවදානමක් පවතී. එපමණක් නොව ඔහු ඉක්මනින් අධික ලෙස කෝපයට පත් වීම නිසා වෙනත් අනතුරු වුවද සිදුකළ හැකිය. අවසානය මෙය සැළකිලිමත් විය යුතු රෝගයක් මිස බිය වියයුතු රෝගයක් නම් නොවේ. මෙම රෝගයට ප්‍රථිකාර ලබමින් සාමාන්‍ය පරිදි රැකියවෙහි නිරත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි දැඩි වගකීම් දරන පුද්ගලයෝ වෙති. ඔවුහු මෙවන් රෝගයකට ප්‍රථිකාර ලබන බව කිසිවකුට හඳුනා ගැනීමට පවා නොහැකි තරමට ඔවුන් සාමාන්‍ය ජීවිත ගෙවති. අවශ්‍ය වන්නේ වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළි පැදීමක් සැළකිලිමක් වීමක් පමණි. මෙ ත්‍රේඩ් එක පවත්වාගෙන යන පිනින් මාහට සසර වසනාතුරු නීරොගී වෙවා. කට්ටියගෙන් මම පින් කොමෙන්ට් එකකින් බලාපොරොතු වෙනවා.
Mesozoic Member Aug 21, 2011 770 102 0 Cyber Realm Sep 14, 2011 #3 thanks for your thread. I bookmarked it.
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Sep 14, 2011 #4 බයත් හිතුනා ස්තුතියි මචන්..පින් සිද්ධ වේවා !!
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land Sep 15, 2011 #8 oka hemotama podda podda hari thiyenawa
inranasingha Well-known member Jan 27, 2008 5,820 1,788 113 රජයේ රෝහල Sep 15, 2011 #9 පින් සිද්දවෙන වැඩක්.....
ShaniK99999 Member Nov 22, 2009 327 10 0 Fantasy Sep 15, 2011 #10 Thanx lot machan. I also taking treatment for this. Thanx again for your informative thread.keep it up. rep++
Thanx lot machan. I also taking treatment for this. Thanx again for your informative thread.keep it up. rep++