.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිරාවටම ඔව් ටිරෝ....අපේ අම්මත් පොඩි නවල් එකක් ලියල තිබ්බ ඉස්සර....අහා මේකේ එහෙම වෙන්නේ නෑ ඩෝන්ට් වොරි :D

    :shocked: sugiyo oya okkoma publisher kenekta pennala. Publish krna balapanko Ahh ela mach . Ohoma kiyala kalin ekath mulin daily update karala passe banala tama update kare:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩේ උඹත් ෆූට් බෝඩ් එකෙන් වැටුනද ප්‍රගියෝ? :P ගජිනිද දුමින්ද සිල්වාද? :D
    • උබලා දන්නෙ නැ වැටුන විදිය:( එවයින් වැඩක් නැ කතාව හරියට දාපන් නැත්නම උබගෙ ඇරියස් එකකුත් තියෙනවානෙ:frown:
     

    dilruk123

    Member
    Nov 30, 2006
    73
    1
    0
    සමනල සිහිනයක දැවටී
    බොඳවී ගිය කුලුදුල් ආදරය
    ගෙන දුන් කදුලු දහරාවන්
    යලිත් මතකයට ඒවි මතු දිනක
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Palaweni kotase thibuna durwalathawayan sahenna deweni kalle adu wela thiyenawa. Enna enna hodata liyawenawa wage. Balan innawa ithuru kotas tikath enakam :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 3 :.

    ~ තුන්වෙනි කොටස ~

    ගෙදර පැමිණි විගස තම කාමරයට වැදුණු ගීත් පොත් බෑගය මේසය උඩට දමා ඇඳේ වැතිරුණේ තනියම සිනා සෙමිනි. මොහොතක් දෑස් පියා ගත් ඔහු සවස සිදුවීම සිහිපත් කලේ ප්‍රීතියෙන් යුතුවය.

    ප්‍රගීත් හා මිතුරන් බස් නැවතුමට ගොස් සිට ගත්තේ නෙත්මි හා තරුෂි අසලිනි.

    “ඒ බන් සහන් මට හිතෙනවා මගේ පර්ස් එක හිතලම මේ හරියේ දාලා යන්න”

    “ ඇයි සිතුමෝ මේ එන අතරමගදී උඹේ ඔළුව කොහෙවත් වැදුනවත්ද..?”

    “අයියෝ සහනෝ සල්ලි වගේද ..ලාස්සන අහිංසක නංගි කෙනෙක් මාව හොයාගෙන අපේ පංතිය ළඟටම ඇවිත් පර්ස් එක දීලා වචනයක් දෙකක් කතාකරල යනකොට දැනෙන සතුට..”

    “ ෂාහ්.. ඒකනම් මරු අදහස සිතුම් , මෝඩයා කියල හිතුවට මාර මොළයක්නෙ උඹටත් තියෙන්නේ ..”

    ජීවිතේ ප්‍රථම වතාවට සිතුම්ගේ හා සහන්ගේ සරදම් වදන් වල අගයක් ගීත්ට දැනුණි. ඔවුන්ගේ විහිළු වලට මුහුණින් මුහුණ බලාගෙන හිනැහෙන යුවතියන් දෙදෙනා සමඟ විහිළුවෙන්ම කතාවට මුල පිරීමට මඟ පෑදීම ඔහුට විශාල සහනයක් විය.

    “ එහෙම චාන්ස් හැමෝටම ලැබෙන්නෙ නෑ නේද නංගි..? ඊටත් වඩා මේ වගේ බස්සෝ දෙන්නෙක්ට බිම වැටිච්ච පර්ස් එකක් ගෙනත් දෙන්න තියා වචනයක් කතා කරන්න හිතෙන්නෙ මොන කෙල්ලටද..”

    ගීත්ගේ වදන් ඇසුණු සැණින් එතෙක් වෙලා යුවතියන් දෙදෙනා අසීරුවෙන් පාලනය කරගෙන සිටි සිනහව මුදාහරිමින්

    “හ්ම්ම් ඒ කතාවනම් ඇත්ත තමයි..” යැයි ඒ සිනහව මැදින්ම පැවසූවේ සුහද අයුරින් මිතුරු කැළ දෙස බලාය.

    “ආ..ආ..ඒකත් එහෙමද ,හරී.. හරී.. එතකොට අපි බස්සො වගේ නේ නංගිලාට පෙන්නේ නේද .. එහෙනම් ඉතින් මේ ඉන්න රාජ කුමාරයත් එක්කම කතා කර කර ඉන්නවකෝ ..අපි යමු සහනො යන්න..”

    නෝක්කාඩු ස්වරයෙන් පැවසූ සිතුම් අසල සිටි සහන් හා නිසලව ඇදගෙන එතනින් යාමට සැරසුණේ ඇත්තට මෙනි. මිතුරන්ගේ මේ නාඩගම් ගැන හොඳින් දන්නා ගීත් සිනහ මුවින් ඒ දෙස බලා සිටියද යුවතියගේ සමාව අයදින වදන් පෙළ ඇසෙද්දී ඔහුට ඇය ගැන දුකක් දැනෙන්නට විය..ඇය බොහෝ සංවේදී , අනෙකුගේ හිතක් රිදවීමට අකමැති අහිංසකියකි.

    “ අනේ සොරි අයියා ..මන් විහිළුවට කිව්වෙ..හිත රිදුන නම් සමාවෙන්න..”

    ඇය කෙතරම් අහිංසක යුවතියක්ද යන්න තමාට මෙන්ම තම සඟයන්ට ද හොඳින්ම හැඟුණු බව ගීත්ට සිතුණේ ඔවුන් ඉන් පසුව ක්‍රියා කළ ආකාරයෙනි..

    “ අයියෝ කව්ද අනේ ඕව ගණන් ගන්නේ ..මේ ඒක නෙමෙයි කොහොමහරි ඉතින් දැන් අපි හොඳ යාළුවොනේ.. ඒ නිසා පොඩ්ඩක් දැනහඳුන ගනිමුකෝ ඔයාලගේ විස්තර එහෙම කියල ..”

    සිතුම්ගේ ඒ වදන් ඇසුණු මොහොතේ නම් ගීත්ට එවෙලේම ලඟට ගොස් ඔහුව බදාගැනීමට තරම් සිතුණි. තමාට දැනගනීමට අවශ්‍යව තිබූ විස්තර ගැනීමට මිතුරා පාර සොයා දී ඇත.

    ඇය නමින් නෙත්මි තාරුකා ධර්මරත්න විය.ඇගේ පිය ධනවත් ව්‍යාපාරිකයකු වූ අතර මව මිය ගොස් ඇත්තේ ඇය නවය වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.එනම් මීට අවරුදු තුනකට පමණ පෙරය.ඇයට වඩා අවරුදු පහකින් වැඩිමහල් සොයුරෙක්ද සිටියි. ඈ තම මව පිලිබඳව පවසද්දී නම් ඇගේ ස්වරය බිඳී ගිය අයුරු මතක් වන විට ප්‍රගීත්ගේ හිතටද සියුම් වේදනාවක් දැනුණි. ගැහැණු ළමයෙකුට තම මව තරම් ආදරණිය වටිනා සම්පතක් වෙන ඇත්ද..?

    “පව් අම්ම නැති අසරණ කෙල්ල..සල්ලි කොච්චර තිබුණත් වැඩක් තියේද අපි ආදරය කරන අය අපි ළඟ නැත්නම්..”

    ඒ හැඟීමත් සමඟ තමා තවත් ඇයට සිතින් ලං වෙනාවක් මෙන් ගීත්ට හැඟිනි. ඇගේ දුකට සැපට සිටින එකම යෙහෙළිය තරුෂිය. ඇගේ පියා පෞද්ගලික බැංකුවක කළමණාකරුවෙකු වශයෙන් සේවය කළ අතර මව ගුරුවරියෙකි. ඇයද පදිංචිව සිටිනුයේ නෙත්මිගේ නිවස ආසන්නයේමය.
    නෙත්මි සම්බන්ධ තොරතුරු මෙතරම් තදින් තම හද පත්ලේ කා වැදුණේ කෙසේදැයි ඔහුටම පුදුමය.. එසේම ඇය ද තමා මෙන්ම මුදලට යට නොවුණු චාම් සරල නිදහස් ජීවිතයක් ගෙවන්නියක යැයි සිතී ඔහුගේ සිත පුරා ප්‍රීතියක් සටහන් විය.

    “ අයියේ අයියේ අන්න තුසිතා නැන්දලයි අක්කලයි ඇවිත්..”

    නංගීගේ හඬින් පියවි ලෝකයට පැමිණි ප්‍රගීත් ඇය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසිනි.

    “ඇයි බයවෙලා වගේ බලන්නේ..අදත් නවතින්න වගේ ඇවිත් ඉන්නෙ..කොහොමත් අද සිකුරාදනේ ඉතින්..”

    තම සුරතල් නැගණියගේ හඬේ වූ අමනාපය හඳුනා ගැනීමට ගීත්ට අපහසු නොවුණි. පියාගේ බොහෝ නෑදෑයින් නිතර නිතර තම නිවසේ ගැවසීම පිළිබඳව ඔවුන් දෙදෙනාම වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මන්ද ඔවුන් එහි පැමිණ හැසිරෙන්නේ ඔවුන්ගේ නිවස මෙන් සිතාය..එසේම කවදත් නිස්කලංක නිදහස් ජීවිතයක් ගත කිරීමට කැමති ප්‍රගීත් හා සෙනායාට ඔවුන් පැමිණි පසු එහි ඇතිවන ගෝෂාකාරී කලබලකාරී තත්ත්වය දැණුනේ ද හිරිහැරයක් ලෙසිනි.

    හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටියත් දයාන් වනිගසූරියගේ ගම් ප්‍රදේශය මාතර හිත්තැටියයි. වර්තමානයේ ඔහු හික්කඩුව මුහුදු තීරය ආසන්නයේ ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක අයිතිකරුවෙකු වූවද මීට අවරුදු පහකට පමණ පෙර ඔහු ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයක සේවය කළ කෝකියෙකි. අවරුදු ගණනාවක් පිටරට සේවය කල දයාන් මහතාගේ සූප ශාස්ත්‍රය පිලිබඳ දැනුම යොදාගෙන මෙවන් දෙයක් ආරම්භ කිරීමට ඔහුව පෙළඹුයේ ඔහුගේ දයාබර බිරිඳ වන නිම්මී ය. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට තමාට පරම්පරාවෙන් උරුම වූ බණ්ඩාරවෙල මහගෙදර තම වැඩිමහල් සොහොයුරාගේ යහළුවෙකුට විකිණීමට ඇය පසුබට නොවූයේ තම පවුලට යහපත් අනාගතයක් උදාකරගැනීම වෙනුවෙන් සැමියාට ශක්තිය දිය යුතු බැවිණි.

    ඒ කාලයේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක් පමණ ඔවුන්ව බැලීමට පැමිණෙන දයාන්ගේ නෑදෑ පිරිස දැන් නම් සති දෙකකට වරක්වත් නිසැකවම පවුල් පිටින් පැමිණ මෙහි නිවාඩුවක් ගතකර යයි. මෙයින් තමන්ගේ සරල ජීවිතයට බාධාවක් වනවාටත් වඩා සතියේ දින පහේම ගුරුවරියක් ලෙස පාසලේ වැඩ කටයුතු වල නිරත වී සිටින තම මවට සති අන්තයේදිවත් නිදහසේ සිටින්නට නොලැබීම පිළිබඳව ඔවුන් දෙදෙනා වඩාත් දුක් විය. එය කෙතරම් අපහසුවක් වුවද අම්මා කෙදිනකවත් ඒ සම්බන්ධව තාත්තාට මැසිවිලි නගනවා ඔවුන්ට ඇසී නැත. එහෙත් ඇතැම් දිනවල දයාන් විසින් ඔවුන්ට හෝටලයේම නවාතැන් සපයනු ලබන්නේ එය තම බිරිඳට අපහසුවක් බව හැඟෙන නිසා වන්නට ඇතැයි ප්‍රගිත්ට සිතිණි.

    “ ඔන්න ආයෙත් කල්පනා කරනවා..මේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ..පහළට ඇවිත් පොඩ්ඩක් කතා කරන්න..නැත්නම් ඒකටත් අම්මට දොස් කියයි ළමයි හදන හැටි කියල ” යැයි පැවසූ සෙනායා කාමරයෙන් පිටවිය.

    කෙතරම් අකමැති වූවත් යුතුකම් ඉටුකිරීමට තම දෙමාපියන් තමන්ට හොඳින් උගන්වා ඇති හෙයින් යා යුතු බැව් තීරණය කළ ප්‍රගීත් අවුල් වූ හිසකෙස් යාන්තමින් සකසාගෙන පහළමාලයට ගියේය.

    “ ආ.. ඉලන්දාරියා කොහොමද ඉතින් ..වැරදිලාවත් ඒ පැත්තේ එහෙම එන්නේ නෑ නේද අපිව බලල යන්න..”

    “ අනේ නෑ මාමා... මේ වීක් එන්ඩ් එකේවත් කොහොමහරි ඒ පැත්තේ ගිහින් එන්න ඕන කියල මං ඊයේ නංගිටත් කිව්ව..”

    හිතේ කොනකවත් නොතිබූ අදහසක් ගැන පවසමින් ලොකු මාමට පිළිතුරු දුන් ගීත් ගොස් ඔහු අසලින්ම අසුන් ගත්තේ තම නැගණිය දෙස හොරැහින් බලමිණි. අයියාගේ එවැනි බේගල් ගැන හොඳින් දන්නා සෙනායා එවේලේ තමා දෙස බැලූ නැන්දාට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නේ ඔහුට තරම් හොඳින් ඇයට බොරු ගොතන්න නොහැකි බැවිණි.

    “ එහෙනම් ඉතින් පුතාට අනිද්දට අපි යනකොට ඒ එක්කම ගිහින් එහේ දවස් දෙක තුනක් ඉඳල එන්න පුළුවන්නේ.. ලොකූ නංගීත් කිය කියා හිටියෙ ඔයාගෙන් මොනාද පාඩම් වගයක් අහගන්න තියෙනව කියල..වීක් එන්ඩ් එයාට ක්ලාස් නිසා එන්න බෑ කියල චූටි නැන්දලගේ ගෙදර නැවතුණා නේ ”

    “එන්න තිබ්බ නැන්ද මේ ක්ලාස් නැත්නම්..මේ දවස් වල හරියටම ක්ලාස් එකේ කරන්නේ විෂුවල් බේසික්..එක දවසක් හරි කට් වුනොත් ඉතින් ඉවරම තමයි..ආයේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ..”

    නැන්ද මෙතරම් ආදරයෙන් තමාට එහි යන්නට කතා කරන්නේ තමාට වඩා අවුරුද්දකින් පමණක් බාල වාණිජ අංශයෙන් ලබන වර උසස්පෙළ කිරීමට ඉන්නා ඇගේ ලොකූ දුවට අමාරු පාඩමක් අසා ගන්නට බව දන්නා ගීත් තවත් බොරුවක් පැවසුවේ මේ කියනා බොරු වලට තමාට යන්න අපායක් වෙනම හදන්න වේදැයි සිතමිණි.

    ඉගෙන ගන්නා කෙනෙකුට උදව්වක් කිරීමට ඔහු කවදත් කැමතිය.එහෙත් නැන්දාගේ ලොකු දුව වන ෂෙහානිගේ ඇතැම් කෙළිලොල් හැසිරීම් ගීත්ගේ සිත් නොගන්නා බැවින් ඇයට පාඩම් කියා දීම සඳහා එහි යෑමට ඔහු වැඩි කැමැත්තක් නොදක්වයි. ඊටත් වඩා දැන්නම් කෙසේවත් ගීත්ට දින දෙක තුනක් පංති නොයා ඉන්නට බැරිය.. එතරම් කාලයක් තමා ඒ තරු දෙනෙත් නොදක ඉන්නේ කෙසේද..?

    පැය භාගයක් පමණ ඔවුන් සමඟ හිතවත් කතා බහක යෙදී සිටි ගීත්ගේ හිත අමානන්දයට පත්කරමින් නිසල් පැමිණියේ කලින් දවසක ගීත් ඔහුගෙන් ඉල්ලා තිබූ පොත් වගයක්ද රැගෙනය..

    “ ආ... වරෙන් වරෙන් ..මට අමතක වුණානේ උඹ එනවා කිව්වා කියල..මං විනාඩියෙන් ඇඳුමක් දාගෙන එන්නම්..”

    නිසල් දොරෙන් ඇතුළුවත්ම එක්වරම පැවසූ ගීත් අඩියට දෙකට පඩිපෙළ නැග ඉහත මාලයට දිව ගියේ මේ කිසිවක් තේරුම්ගත නොහැකි වූ නිසල් දොරකඩ හිඳ ගල් ගැසී බලාගෙන සිටියදීය..

    “ එහෙනම් නිසල් පුතා වාඩිවෙලා ඉන්නකෝ ගීත් ඉක්මණට එයි..”

    තම පුතාගේ දඟ වැඩ ගැන හොඳින්ම දන්නා නිම්මි නිසල්ට පවසා නැවතත් ගෙතුලට ගියේ ඔහුට බීමට යමක් රැගෙන ඒමටය.

    මිතුරාගේ හා මවගේ ප්‍රතිචාරයන්ගෙන් යමක් වටහා ගත් නිසල් මේ නම් ගීත් ගෙදරින් පැනගන්නට යෙදූ ගැටයක් බව තහවුරු කරගත්තේ තමා දෙස බලා ඇසක් ගසා සිනහවුණු සෙනායා දුටු විටය.


    ~ මතු සම්බන්ධයි ~
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මල හත්තිලව්වයි කිව්වලු මගෙ මතකය ආවා:rofl: කෝහොමද බන් නගා චරිත ටික හොයාගත්තෙ මේ කාතවෙ තියෙන නම් ගම් ඔක්කොම වගෙ මට සම්බන්දයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා:baffled:

    කතාව මේ වගේම ඉක්මනට ලියපන් මචන්:)
    ජයවේවා
    11.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kathva nam vadi kolitiyak naha. aththma kiuwoth chatar.
    eth liyanna digatama liyanna.
    mulma eka venne athine varadai hadaganna.
    sinhla pothpath sahiithya kiyavala the nam oyata udauvak veyi kiyla hithnava
    sujiva , chandi, yuvana shminrda, ganga shyni, lage poth valata pitin yanna liyanna puluvannam godak hodayi
    obata jayen jaya... uthsahayata behevin garu karami.
    suba pathum
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part-4 :.

    ~ හතරවෙනි කොටස ~

    දින සති වේගයෙන් ගෙවී යමින් දෙදාස් හතර වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලබා දෙන දිනය උදා වූයේ තරුණ තරුණියන් සිය ගණනකගේ හදවත් කුතුහලයෙන් පුරවාලමිනි.

    “ අයියෝ අද ඉඳන් එහෙනම් ගෙදරත් වසල හමාරයි..ඒ සිතුම් උඹලා ඔය පත්තරයක් දිග ඇරගෙන බලන්නේ ඕකේ උඹල දෙන්නගේ රිසල්ට් විතරක් වෙනම දාලා තියෙනවද.. ”

    පාසල් ප්‍රධාන දැන්වීම් පුවරුව අසල ඇති සිමෙන්ති බංකුවේ ඉඳගන්නා ගමන් දර්ශන ඇසුවේ පැත්තකට වී මහත් උවමනාවෙන් සති අන්ත පුවත්පතක් කියවමින් සිටි සිතුම් හා අසේල දෙස බලමිනි.

    “ නෑ බන් මේ අපි දෙන්නා පත්තරේ රැකියා ඇබෑර්තු බලනවා..අදින් පස්සේ ගෙදරින් බත් කාර්ඩ් එකත් කැපෙන නිසා අපේ අනාගතේ ගැනත් ඉතින් බලා ගන්නා එපැයි..”

    පත්තරයෙන් දෑස් ඉවතට නොගෙනම සිතුම් එලෙස පැවසූවේ මිතුරන්ගේ මුහුණු සිනාවෙන් විකසිත කරමිනි.

    තාක්‍ෂණයේ දියුණුවත් සමඟ අන්තර්ජාලය ඔස්සේ ප්‍රතිඵල දැන ගත හැකි වූවත් දර්ශන ,සිතුම් ප්‍රගීත්, නිසල, අසේල වැනි වැඩි දෙනා ඒ සඳහා පාසලටම පැමිණියේ වසර දහතුනක් පුරාවට තමාට සිප්සෙවන ලබා දුන් දයාබර පාසල් මෑණිය සෙවණේ තවත් මොහොතක් හෝ රැඳී සිටීමට එය අවස්ථාවක් වන හෙයිනි.

    ප්‍රතිඵල ලේඛනය දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශණය කිරීමත් සමඟ එතෙක් වේලා දහසකුත් අපේක්‍ෂාවන් හදවතේ ගුලි කරගෙන හිතේ රැඳී ආතතිය මඟ හැරීමට මෙන් තැනින් තැන රංචු ගැසී මහ හඬින් විහිළු තහළු කරමින් සිටි ශිෂ්‍යයන් එය වටා එක්වෙමින් තම ප්‍රතිඵල දැනගැනීමට පොරකන්නට විය.

    “ හේ හේ කොල්ලනේ එහෙනම් අපිත් දැන් විප්ලවකාරී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමයි..”

    තනිරූල් කොළ කෑල්ලක් හා පෑනක් අතැතිව මහ හඬින් කෑගසමින් පැමිණි අසේල ප්‍රගීත් ඇතුළු පිරිස වැළඳ ගත්තේ ඉමහත් සන්තෝෂයෙනි.

    ඔවුන්ගේ පාසල් මිතුරෙකු වූ අසේල කෙසේ හෝ දැන්වීම් පුවරුව අසල පොරකමින් සිට ඔවුන් සියලු දෙනාගේ ප්‍රතිඵල කොලයක සටහන් කරගෙන පැමිණ ඇති බව දැනගත් මිතුරු පිරිස ජයගෝෂා නංවමින් ඔහු වටා රැස් වූයේ තම ප්‍රතිඵලය බලා ගැනීමේ ආශාවෙනි.

    “ මගේ සුදු පුතේ...මං දැනගෙන හිටිය ඔයා මේ වගේ ඉහළින්ම විභාගේ පාස් වෙනව කියල..ඒකනේ මං ඔයාගේ නිදහස් සරල ජිවිතේට කවදාවත් බාධා කරේ නැත්තේ..”

    ප්‍රගීත් නිවසට පා තබද්දීම දෑසේ සතුටු කඳුළු පුරවාගෙන පැමිණි නිම්මී ඔහුව තුරුල් කරගත්තේ හදවතේ දොරේ ගලා යන සතුට අතුරිනි.

    තමා පැවසීමටත් පෙර අම්මා තමන්ගේ ප්‍රතිඵල දැනගත්තේ කෙසේද යන්න පිළිබඳව පුදුමයට පත් ගීත් අසල සිටි තම නැගණිය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් රඳවාගත් දෑසිනි. තම සොයුරාගේ කුතුහලය පිරුණු දෙනෙත් තේරුම්ගත් සෙනායා එතෙක් වේලා ඇගේ අතේ රැඳී තිබූ ඔහුගේ ප්‍රතිඵල සටහනේ පිටපතක් ඔහුට පෙන්වූයේ ඇස් කරකවා සිනාසෙමිනි.

    සිදු වී ඇති දෙය වටහාගත් ප්‍රගීත්ට තම දෙමාපියන් කෙරේ ඇති සෙනෙහස තීව්‍ර වන බවක් දැණිනි.ඉක්මණින් ප්‍රතිඵල දැනගැනීමේ අපේක්‍ෂාවෙන් ඔවුන් ටවුමේ ඇති කමියුනිකේෂන් එකකින් අන්තර්ජාලය හරහා තම ප්‍රතිඵල සටහන ලබාගෙන ඇත. තම ප්‍රතිඵල පවසා ඔවුන්ව පුදුම කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියත් තම මව තමා වෙනුවෙන් ප්‍රීතිවන අයුරු දැකීමෙන් ඔහුගේ සිත අමන්දානන්දයට පත්විය.

    කෙසේ හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබිය යුතුය යන අදහස තම සිතට පිවිසියේ මව බොහෝ වේලාවන්හිදී තමාත් නැගණියත් සමඟ ඇගේ සරසවි ජීවිතයේ සොඳුරු මතක සටහන් බෙදාගත් රසවත් ආකාරය නිසා බව ප්‍රගීත්ට සිහිවුණි.

    “ මෙන්න මගේ සුදූ අයියට ඔයාගේ චූටි නංගියාගෙන් උණුසුම් සුබපැතුම් ..” යනුවෙන් පවසා ඔහුගේ කම්මුලක් සිපගත් සෙනායා “ අපේ අයියත් එහෙනම් දැන් සරසවි ශිෂ්‍යයෙක්නේ..කාටද ඉතින් ආඩම්බර..” යැයි නැවතත් පැවසූවේ තම ඇඳ සිටි බ්ලව්සයේ කොලරයත් උස්සා උජාරුවෙන් අම්මා දෙස ද බලා සිනාසෙමිනි.

    එක්වරම ඉතා වේගයෙන් පැමිණි වාහනයක් ශබ්ද නැගෙන සේ තිරිංග තද කරමින් මිදුලේ නවත්වන හඬ ඇසීමත් සමඟ කළබල වූ ඔවුන් තිදෙනාටම ඒ දෙස බැලුණේ එකවරය.

    “ ෂාහ් අපේ කොල්ල එහෙනම් මගේ නම බැබලුව..මට හිතේ තියෙන සතුට කියාගන්න බෑ පුතා..”


    ඉක්මණින් වාහනයෙන් බැසවිත් ගීත් අසලට ගිය දයාන් ඔහුව වැළඳගනිමින් පැවසූවේ දැඩි සෙනෙහසකිනි. තමා තම ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන ළබැඳියන් තිදෙනාගේ ප්‍රීතිමත් ප්‍රතිචාර හමුවේ තමා පිළිබඳවම මහත් අභිමානයක් ගීත්ට දැණුනේ ඔවුන්ට මෙවැනි සතුටක් අත්කර දීමට තමා සමත් වූ බැවිණි.

    “ මෙන්න එහෙනම් ඒ සතුටට මගෙන් තෑග්ගක් ..” යැයි පැවසූ දයාන් තම කලිසම් සාක්කුවෙන් ගත් අලංකාර කුඩා පාර්සලයක් ගෙන ප්‍රගීත් අත තබා ගෙතුලට ගියේ සිනාසෙමිනි.

    “ ෂාහ් ලාස්සන ෆෝන් එකක් අයියා..” ප්‍රගීත්ගේ අතින් උදුරා ගත් පාර්සලය ඉක්මණින් විවෘත කර බැලූ සෙනායා කෑ ගැසුවේ ඇගේ නිල්වන් දෑස් යුගල ලොකු කරමිනි.එහි තිබූ නවීන තාක්‍ෂණයෙන් යුත් හුරුබුහුටි කුඩා ජංගම දුරකථනය දෙස ප්‍රගීත් බලා සිටියේ පුදුමයෙනි.මෙයනම් අලුතින්ම වෙළඳපලට හඳුන්වා දුන් නොකියා වර්ගයේ ඉතා වටිනා ෆෝන් එකක් බව තේරුම්ගැනීමට ඔහුට අපහසු වූයේ නැත.

    මේ සෑම දෙයකින්ම සතුටින් මුසපත් වී තිබූ ගීත්ගේ හිතට වේදනාවක් ගෙනදුන් කාරණා දෙකක් විය.ඉන් එකක් වූයේ ඔහුගේ හොඳම මිතුරෙකු වූ සහන්ට සරසවි වරම් ලැබීම නිසැක නොවීමය.ඇතැම්විට ඔහුට විශ්වවිද්‍යාලයකට පිවිසීමට ඉඩ ලැබීමට හැකි වූවත් එය ස්ථිරවම සිතිය නොහැකි වූයේ ඔහුගේ ප්‍රතිඵල තරමක් අඩු වූ බැවිණි.

    ඔහුගේ සිත දුකට පත් වූ අනෙක් කරුණ වූයේ තමාගේ විශිෂ්ඨ ප්‍රතිඵලය එදිනම තම ආදරය දිනාගත් යුවතිය වන නෙතූට දැන්වීමට නොහැකිවීම ය. තවමත් තම සිත් තුළ සැඟවී ඇති ආදරය වදනින් නොපැවසූවත් ගත වී ගිය සති කිහිපය තුළදී දෙදෙනාට නොදැනීම ඔවුන් සිතින් එකිනෙකාට වඩාත් ලෙංගතු විය.

    පරිගණක පංතියේ තරුණ තරුණියන්ගේ වදයෙන් බේරෙන්නට නොහැකි වූ නිසාවෙන් ගෙදරින් මුදල් ඉල්ලාගෙන පැමිණි ගීත් ඇතුළු මිතුරන් පිරිස තමන්ට සරසවි වරම් ලැබීමට හැකිවීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔවුන්ට අයිස්ක්‍රීම් පාටියකින් සංග්‍රහ කළහ. ඒ සඳහා ඔවුන්ගේ කලණ මිතුරා වූ සහන් ද සහභාගී වූයේ තම මිතුරන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැණුනු අවංක සතුටකිනි.

    සවස පංතිය නිමා වී ආයතනයෙන් පිටතට පැමිණෙන විටදී දුටු දර්ශණයෙන් ගීත්ගේ සිතේ එතෙක් වේලා පවතී සතුට දෙගුණ තෙගුණ විය. නෙත්මි හා තරුෂි ඔවුන් එනතෙක් දොරටුව ළඟ බලාගෙන හිඳිනු දුටු සහන් ද ප්‍රගීත් දෙස බලා ඇසක් ඉඟිමැරුවේ ඔහුගේ උරහිසට සුහද තට්ටුවක්ද දමමිනි. මිතුරු කැළ දුටු විගසම ඔවුන් අසලට පැමිණි යුවතියන් දෙදෙනා ඔවුන්ගේ ප්‍රතිඵල අසා මහත් ප්‍රීතියට පත්විය.

    “ මගෙන් සුභපැතුම් ගීත්..ඇත්තටම ඔයාගේ මේ ජයග්‍රහණයට මං මුළු හදවතින්ම සුභපතනවා..ඒත් කවදාවත් මෙතනින් නවතින්න නම් එපා..වාණිජ අංශයෙන් මේ වගේ ඉහළ රිසල්ට් එකක් ගත්ත ඔයාට හොඳ අනාගතයක් තියෙනවා සහතිකයි..”

    ප්‍රගීත් අසළටම පැමිණි නෙතූ ඔහුගේ දෑතම ගෙන සුභපැතුවේ ඔහු දෙස සතුට,ආදරය ආඩම්බරය යන සියලුම හැඟීම් කැටි වූ ආදරණීය බැල්මක් හෙළමිනි.එමෙන්ම ඇගේ නෙත් මත දඟ කරන කඳුළු බිඳු තුලින් ද ප්‍රගීත්ට හැඟුණේ තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇය කෙතරම් සතුටට පත්වී ඇත්ද යන්නය.තවමත් පවසා ගැනීමට නොහැකිව හදේ සිරවී ඇති සෙනෙහස ඉකමණින්ම ඇයට පවසා ඔවුන් අතර ඇති මේ බැඳීම තවත් අර්ථවත් කළයුතු යැයි ඔහුට සිතුණේ ඇගේ මෙම ලබැඳි හැසිරීම් හමුවේ ඔහුගේ හදවත තව තවත් ඇයට ආශක්ත වන බැවිණි.

    තරුෂි ද පළමුව ගීත් අසළට පැමිණ ඔහුට ඇගේ සුභපැතුම් එක්කළ අතර පසුව යුවතියන් දෙදෙනාම එක් වී අනෙක් මිතුරන්ටද තම සුභපැතුම් පිරි නැමුවේ ඔවුන්ගේ ජයග්‍රහණ පිළිබඳවද අවංකවම සතුටුවන බව පවසමිනි..

    විහිළු තහළු , ඇනුම්පද මැදින් විනෝදයෙන් බස් නැවතුම කරා ගමන් කරද්දී ඊට මදක් මෙපිටින් මුහුදු වෙරළ ආසන්නයේ තනා තිබූ සුන්දර ආපනශාලාවක් අසළ නතර වූ යුවතියන් ගීත් ඇතුළු තරුණයින් පිරිස සමඟ එහි ගොස් ඔවුන්ගේ ජයග්‍රහණය නිමිත්තෙන් සංග්‍රහයක් කළේ නෙතූගේ මුදලිනි.

    “ අපරාදෙනේ නෙතූ..ගීත්ට අච්චර ලොකූ හෝටලයක් තියෙද්දී ඔයා මෙතනට ඇවිත් නිකරුණේ සල්ලි වියදම් කලේ..හරිනම් එයා තමයි අපි හැමෝටම මේ වගේ පාටියක් දෙන්න ඕන..”

    මෙතෙක් වෙලා හොඳ හැටි නෙත්මිගේ සංග්‍රහය භුක්ති විඳි සහන් පැවසූවේ තවත් ක්‍රීම් සෝඩා වීදුරුවක්ද පානය කරමිනි.

    “ හරි හරි එයා විතරක් නෙමෙයි ඔයාලා හැමෝම ගානේ වෙන දවසක අපිට හොඳ පාටියක් දෙන්නකෝ , අද පාටිය අපි දෙන්න ගානේ නේද තරූ ..?” යැයි හිනැහෙමින් පැවසූ නෙත්මි තරුෂිත් සමඟ කවුන්ටරය වෙත ගොස් බිල ගෙවා පැමිණියාය.

    සොඳුරු අයුරින් නැවුම් අත්දැකීම් එක් කරමින් නිස්කලංකව ජීවිතය ගලාගෙන යන බව ප්‍රගීත්ට දැනුණි.එසේම තව නොබෝ දිනකින් තමාට සරසවි ජීවිතයේ මිහිරි අත්දැකීම් ද ලබා ගැනීමට හැකිවන බව ද සිහිවෙත්ම ඔහුගේ සිතේ තිබූ ප්‍රීතිය තවත් වැඩි වන්නට විය.

    “ පුතා තාමත් ලේස්ති නැද්ද...අන්න නිසල් පුතාලත් ඇවිල්ලා...”

    මවගේ හඬින් තිගැස්සී මේසය මත ඇති එලාම් ඔරලෝසුව වෙත නෙත් යැවූ ගීත් ඉක්මණින් ලේස්ති වී පැමිණි සිටි මිතුරන් වෙත ගියේ ඔවුන්ගේ හොඳම මිතුරෙකු වන දර්ශනගේ නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පිංකමට සහභාගී වීමත් ඊට අවශ්‍ය සහයෝගය ලබාදීමත් පිණිස ඔහුගේ නිවසට යාම සඳහා ය.

    පිරිත් පිංකම පැවැත්වෙනූයේ එදින රාත්‍රියේ බැවින් තමන් යළි පැමිණෙන්නේ පසුදින උදෑසන බව ප්‍රගීත් කලින්ම තම දෙමාපියන් දැනුවත්කර තිබූ හෙයින් මවට හා පියාට වැඳ අවසරගත් ඔහු තම නැගණියටද පවසා මිතුරන් සමඟ යෑමට පිටත් වුණි.

    “ පුළුවන් වුණොත් මාත් නංගීත් එක්ක හෙට දවල් දානෙට හරි එන්න බලනවා කියල තුෂාරි ආන්ටිට කියන්න පුතා ..” යනුවෙන් නිම්මි , මිතුරන් සමඟ ඇවිද යමින් සිටි තම පුතාට හඬ නගා පැවසූවේ දර්ශනගේ මව තමාගේද ළඟම යෙහෙළියක වූ බැවිණි.

    ප්‍රගීත් ඇතුළු මිතුරන්ව දර්ශන හා නිවැසියන් පිළිගත්තේ ඉතා සුහද අයුරිනි.. උසස් පෙළ විභාගයට පාඩම් කිරීම සඳහා නිතර මෙම නිවසටද පැමිණ ඇති හෙයින් මිතුරන්ටද එය ආගන්තුක තැනක් නොවිණි. පිරිත් පිංකම පැවැත්වීමට නියමිතව ඇත්තේ එදින රාත්‍රියේ බැවින් තේ සහ දොදොල් වලින් සංග්‍රහ ලැබූ ඔවුන්ගෙන් කලා කටයුතු සඳහා මනා හැකියාවක් ඇති සහන්,ගීත් හා නිසල බොහෝ දුරකට වැඩ අවසන්කර තිබූ පිරිත් කොටුවේ සැරසිලි කටයුතු නිම කිරීමට සහය දුන් අතර අනෙක් මිතුරන්හ දර්ශන සමඟ එක් වී අනෙකුත් අඩුපාඩු පිළිබඳව සොයා බලන්නට විය.

    පාසල් මිතුරන් වැඩි දෙනෙක්ද පැමිණ සිටි හෙයින් ඔවුන්ගේ විවිධ කෙළිකවට බස් නිසාවෙන් කොතෙක් මහන්සි වී වැඩ කර ද කිසිවෙකුටත් විඩාවක් නොදැනුණි. තම මවගේ අසනීප තත්ත්වයසවස නිසාවෙන් ඇයව රැයක් තනිව නිවසේ තබන්නට අකමැති වූ නිසල් රාත්‍රී හතට පමණ දර්ශන ඇතුළු මිතුරන්ගෙන් සමුගෙන ගියේ පසුදින දහවල් දානයට නැවත එන බවට පොරොන්දු වෙමිනි.

    රාත්‍රී අටට පමණ ආරම්භ වූ පිරිත් පිංකම සාර්ථකව කෙරීගෙන යද්දී ඒ සඳහා බෙහෙවින් වෙහෙස මහන්සි වී වැඩකළ තරුණ කැළට ද මහත් සතුටක් සැනසීමක් දැණුනි. පිරිත් පිංකමට වෙහෙස වී උදව් උපකාර කරන අතරතුර ප්‍රගීත් තම පියාගෙන් තෑගි ලද ජංගම දුරකථනයෙන් මවට හා නෙත්මිට කතා කිරීමටද අමතක කලේ නැත. ඇගේ පාඩම් වැඩ වලට බාධා නොවන අයුරින් සැරින් සැරේ සුළු වෙලාවක් රාත්‍රියේදී දුරකථන සංවාදයක යෙදීමට නෙතූ හා ගීත් පුරුදු වී සිටියහ.

    තමාට පියාගෙන් ජංගම දුරකථනයක් තෑගි ලැබුණු බව නෙත්මිට පැවසූ විට ඈ දැක්වූ ප්‍රතිචාරය ඔහුගේ සිත කුල්මත් කරවන්නක් විය.

    “ෂාහ් හරි ෂෝක්නෙ ගීත්..මමත් එහෙනම් අද යන ගමන් මගේ ෆෝන් එකට සිම් එකක් අරන් යන්නම්..මං ළගත් තාත්තා මගේ උපන්දිනේකට අරන් දුන්නු සෙල් එකක් තියෙනවා..ඒත් ඉතින් එහෙම නිතර කථා කරන්න කෙනෙක්වත් ,අවශ්‍යතාවයක්වත් තිබුණේ නැති නිසා මං ඒක පාවිච්චියට ගත්තෙ නෑ..දැන් ඉතින් ඔයා ඉන්නවනේ..ඇත්තටම ඔයත් එක්ක කථාකරන කොට මගේ හිතේ තියෙන දුක තනිකම නැති වෙලා පාඩම් කරන්න හොඳ ෆිට් එකක් හිතට එනවා..”

    සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඇය පැවසූ ඒ වදන් පෙළ තුල ඇගේ මව නොමැතිවීම නිසා මෙතෙක් කලක් ඈ සිතින් විඳි දුක,වේදනාව,තනිකම කැටිව ඇතැයි තේරුම්ගත් ගීත් හැකි සෑමවිටම ඈ ළඟ හිඳිමින් ඇගේ හිත හදා ඈට ශක්තියක් වන්නට සිතා ගත්තේය.

    මෙලෙස සැරින් සැරේ දුරකථනයෙන් කථා කිරීම නිසා මිතුරන්ගේ නොයෙකුත් විහිළු තහළු වලට ලක්වන්නට සිදු වූවත් ඔහු ඒ සියල්ල දරා ගත්තේ සතුටු හදිනි.

    රෑ පුරා නිදිමරා පාන්දර හතරට පමණ නින්දට ගිය තරුණ පිරිස පැය තුනක් පමණ නින්දක් ලබා අවදි වී, මුහුණ අත පය සෝදා හැඳ පැළඳ ගත්තේ තම නිවෙස් වලට ගොස් විඩා හැර නැවතත් එදින දහවල් දානයට පැමිණීමේ අපේක්‍ෂාවෙනි.

    දර්ශනගේ මව විසින් සූදානම් කර තිබුණු තේ පැන් සංග්‍රහය භුක්තිවිඳි මිතුරන් නිවැසියන්ගෙන් සමුගෙන තම නිවෙස් කරා යාමට සැරසුණ ද එක්වරම ඉතා වේගයෙන් රිය පදවාගෙන පැමිණි දර්ශනගේ මාමා හා පියා ඔවුන්ට නවතින්නට යැයි අතින් සංඥා කරමින් ඉක්මන් ගමණින් ගෙට ගොස් තුෂාරි ඇතුළු පිරිසට කලබලයෙන් යමක් පවසන අයුරු ඔවුනට දර්ශනය විය.

    කුතුහලෙයෙන් යුතුව බලා සිටි ගීත් සහ ඔහුගේ මිතුරු කැළ වෙත පැමිණි තුෂාරි බියපත් මුහුණින් යුතුව ඔවුන්ට පැවසූ දෙයින් ඔවුන් වික්ෂිප්ත විය.

    “ පුතාල දැන්නම් කොහොමටවත් යන්න එපා..අපි තාම හරියට විස්තරයක් දන්නෙත් නෑනේ..ඔය යන්න හදපු ගමන නවත්තලා ටිකක් ඇතුළට එන්නකෝ විස්තරේ කියන්න..”

    අයාගත් දෑසින් තම වදන් අසා සිටි තරුණයින්ද සමඟ නැවතත් ගෙතුළට පැමිණි තුෂාරි තම සැමියා අසළින්ම පුටුවක වාඩි වූයේ තමාට දැන් මොහොතකට පෙර ඔහු කෙටියෙන් පැවසූ ඒ පුදුමාකාර පණිවිඩය විස්තරාත්මකව දැන ගැනීමේ අටියෙනි.

    “කළබල වෙන්න දෙයක් නෑ පුතා..අපි හාමුදුරුවන්ව පන්සලට වඩම්මවලා එනකොට මඟදී මිනිස්සු වගයක් කෑ ගහගෙන ගියා මුහුද ගොඩ ගලනවා කියල..කන්දෙ පන්සලෙත් මිනිස්සු ගොඩක් පිරිල හිටිය අපි දැක්කා.ඕක ඉතින් ඇත්තද බොරුද කියල හරියටම කියන්න බෑනේ.. ඇරත් එකපාරටම විශ්වාස කරන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ..ඒත් ඉතින් එක සැරේට පාරට බහින්නේ නැතිව මේ ගැන හරියට හොයල බලනකන් පොඩ්ඩක් ඉන්න ”

    තමා වටා එක් වී මවිතයෙන් දෑස් අයා බලා සිටින පිරිසට දර්ශනගේ පියා වන පියල් පැවසුවේ මදක් සන්සුන් පහත් හඬිනි.

    “ඒකනම් ඇත්ත..අපි ඔහොම කතාවක් ගැන අහල තියෙන්නේ අර විහාර මහා දේවිගේ කාලයේදී වුණා කියල විතරනේ..”

    තම මස්සිනා පැවසූ දේ අසා ඇති වූ තැතිගැන්ම මඟ හැරීමට මෙන් එසේ පැවසූ තුෂාරිගේ නැගණිය ගුරුවරියක වූ තම සහෝදරිය දෙස බැලුවේ ඇගේ අදහසද දැනගැනීමට මෙනි.

    මෙතෙක් වේලා ඔවුන්ගේ කතා බහට හොඳින් සවන් දීගෙන සිටි ප්‍රගීත්ගේ හද පත්ලේ සිට දැණුනු සියුම් වේදනාවක් කෙමෙන් මුළු ශරීරය පුරාම විහිදී ගොස් තම ගතම අප්‍රාණික වනවාක් මෙන් දැනීමත් සමඟම ඔහු අසල තිබූ සෝෆාව මතට ඇද වැටුණේ ඔහුටත් නොදැනීමය.

    තම මිතුරාට හදිසියේ ඇති වූ කම්පනයට හේතුව හොඳින්ම දන්නා දර්ශන ඇතුළු මිතුරන්ද නිවැසියන්ද ඔහු වටා එක්වී මුහුණට වතුර ඉසීමෙන් ඔහුගේ සිහිය යථා තත්වයට ගෙන එමින් විවිධ තර්ක විතර්ක ඇසුරින් ඔහුගේ සිත සනසන්නට විය.

    “පියල් මහත්තයා..ඉක්මණට ගිහින් පහළ පාරෙ තියෙන රන්ජිත් මහත්තයගේ වාහනේ උඩහින් ගෙනත් නවත්තන්න කියන්න..පහළ ඇලේ වතුර උඩහට ගලනවා..ඒ ගලන හැටියට නම් ඉක්මණටම පාර යටවෙයි කියලයි ගමේ මිනිස්සු කියන්නේ..”

    ඔවුන්ගේ අසල්වැසියෙකු වන උපාලි පහළ පාර දෙස හිඳ කඩිනමින් දුවගෙනවිත් පියල්ට පැවසූ වදන් නිසාවෙන් නිවැසියන් මෙන්ම පිරිතට සහයදීමට පැමිණි සිටි ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ද බෙහෙවින් කළබලයට පත්විණි. ඒත් සමඟම එකවර ප්‍රධාන පාර දෙසින් නොනවත්වා ගමන් කරන වාහන හඬවල් හා මිනිසුන්ගේ විලාප හඬවල් වැඩි වැඩියෙන් ඇහෙන්නට වූ අතර නොනවත්වා නාද වන වාහන නළා හඬවල් පැවසුවේද ප්‍රධාන පාර වාහන තද බදයකින් පිරී ගොස් ඇති බවය.

    මෙම සිදුවීම් ඔස්සේ කුමක් හෝ දරුණු දෙයක් සිදු වී ඇති බව වටහා ගත් ප්‍රගීත් වහා තම කලිසම් සාක්කුවට අත දමා තම ජංගම දුරකථනය ගෙන නිවසේ අංකයටත් ,හෝටලයේ හා පියාගේ පෞද්ගලික අංකයටත් අවසානයේ නෙත්මිගේ අංකයටත් ගත්තද ඒ කිසිඳු දුරකථන ඇමතුමක් සම්බන්ධ කරගත නොහැකි ආකාරයෙන් මුළු දුරකථන ඇමතුම් ජාලයම ක්‍රියා විරහිත වී තිබිණි. තම ආදරණියයන්ට කුමක් හෝ විශාල කරදරයක් සිදුවී ඇතැයි යන සිතිවිල්ල සිත වෙලාගත් ගනිත්ම මෙතෙක් නොතිබූ ආත්ම ශක්තියකින් ඔහුගේ සිත දැඩි වන්නට විය.

    වහා හිඳ හුන් තැනින් නැගිටගත් ගීත් කඩිනමින් දොරටුව වෙත දිව ගියේ කිසිවෙකුටවත් කිසිවක් නොපවසාය.එහෙත් ඔහු ගේට්ටුවෙන් පිටතට අඩිය තබනවාත් සමඟම ඔහුගේ පිටුපසින් දිවගෙන පැමිණි මිතුරු පිරිස දැඩි ප්‍රයත්නයක් දරා ඔහුව කෙසේ හෝ නැවතත් ගෙතුලට ඇදගෙන පැමිණියහ. එතැන් සිට නිවැසියන් සියලු දෙනාගේ අවධානය ගීත් වෙත යොමු වූයේ එතන සිටියවුන් අතරින් මුහුද ආසන්නයේම පදිංචිව සිටි එකම පුද්ගලයා ඔහු වූ බැවිණි. එතන සිටි අනෙක් සියලු දෙනාම තරමක් නගරයේ ඇතුළට වන්නට පදිංචිව සිටි පිරිසක් විය.

    පැය දෙක තුනක් මෙලෙස දැඩි පීඩනයකින් යුතුව ගෙවී යද්දී ඒ පිළිබඳව යම් තොරතුරක් දැන ගැනීමේ අභිලාෂයෙන් රූපවාහිනිය බලමින් සිටි දර්ශනගේ නැගණිය ඇතුළු පිරිස මහ හඬින් කෑ ගසන්නට වූ බැවින් නිවසේ සියලු දෙනා ඒ වටා රැස් විය.

    රුපවාහිනි තිරයේ මේ දිස්වන්නේ පුංචි දිවයිනක් වූ ශ්‍රී ලංකාද්වීපයේ සිදුවූවක් නම් නොවේ යැයි ගීත්ට මෙන්ම එතන සිටි සියලු දෙනාටම සිතිණි.දකින ඕනෑම කෙනෙකුගේ හිතට සතුටක් සැනසිල්ලක් ද නෙතට සුවයක් ද ගෙන දුන් සුන්දර සයුරු රළ එක්වරම මෙතරම් ප්‍රචණ්ඩ වූයේ කෙසේදැයි කිසිවෙකුටවත් සිතාගත නොහැකි වූයේ ඔවුන් මීට පෙර මෙවන් අත්දැකීමකට කෙදිනකවත් මුහුණ දී නොතිබුණු බැවිණි.

    එක්වරම රූපවාහිනී තිරයේ දිස් වූ ගාල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ තුළ සජීවීව රූගත කරතිබූ වීඩියෝ පෙළ වෙත අවධානය යොමුකළ පිරිසට තම දෑස් අදහා ගන්නට පවා නොහැකි විය. තනිකර වතුර පිරී ඉතිරී ඇති බස් නැවතුම්පළෙහි එක් බසයක වහලේ එල්ලී සිටිනා, උපකාර පංති සඳහා ගොස් සිටි හිරිමල් වයසේ තරුණ තරුණියන් පිරිසක් අත්වැල් අල්ලා ගනිමින් වතුරින් උඩට පැමිණ තම ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එකාවන්ව රුදුරු මුහුදු රකුසාට එරෙහිව සටන් කරත් ඔවුන්ගේ සියලු ප්‍රයත්නයන් අඩාල කරමින් ඒ අත්වැල් පවුර බිඳ දමා ප්‍රචණ්ඩ රළ පහර විසින් එකිනෙකා ගිල ගන්නා සෝචනීය දර්ශනය විකාශණය වීමත් සමඟ සැමදෙනාගේම හදවත් තුළ වචනයෙන් විස්තර කල නොහැකි වේදනාවක් දුකක් නිදන්ගත වන්නට විය. ඒ සිටියේත් තම දරුවන් මෙන්ම යොවුන් වියේ සිටිනා අහිංසක තරුණ තරුණියන් පිරිසක් බව හැඟෙද්දී වැඩිහිටි සියලු දෙනාගේම නෙත් කෙවෙනි තුළ කඳුළු රැස්වන්නට විය.

    සෑම කෙනෙකුගේම අවධානය රූපවාහිනී තිරය මත රැඳෙද්දී මෙතරම් වෙලා සිහිනයෙන් මෙන් එම දර්ශන වෙත දෑස් යොමුකරගෙන සිටි ප්‍රගීත් අසළ තිබූ පුටුවක් ද පෙරළාගෙන ඇද වැටෙන තුරු කිසිවෙකුත් දුටුවේ නැත.

    මහ හඬක් නගමින් ඇද වැටුණු ඔහු වටා එක් වූ පියල් ඇතුළු පිරිස මහත් දුකක් හිත රඳවාගෙන ඔහුගේ පියවි සිහිය ගැනීමට තැත් කලේ ඒ පවුල බේරාගැනීම වෙනුවෙන් කලයුතු දෙයක් පිළිබඳ සිතාගත නොහැකිව අසරණ වෙද්දී ය.

    මෙම ඛේදවාචකය පිළිබඳව තමන්ට මෙතරම් ශෝකයක් දැනේනම් තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මේ තරුණයාගේ සිතෙහි කෙතරම් බියක් වේදනාවක් ඇත්දැයි සිතමින් හැමදෙනාම ඔහු වෙනුවෙන් බෙහෙවින් දුක් විය.

    විනාඩි කිහිපයක නිමේෂයකින් මුළු රටම උඩු යටිකුරු කරමින් සුමාත්‍රා දූපත් අසල වූ මුහුදු පත්ලේ සිදුවී ඇති ඒ මහා භූ චලනය “සුනාමි ” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන බව රූපවාහිනී නාලිකාවන්ගේ ප්‍රදර්ශණය වෙද්දී පුංචි ලංකාවේ ලක්‍ෂ ගණනක් මිනිසුන් සිදු වූ කිසිවක් නොදැනම ඒ රුදුරු මාරයාට තම ජීවිත පුදකර අවසන් වී තිබිණි.


    ~ මතු සම්බන්ධයි ~