lassanay eth macho uba kiyanna hadana de newey neda aththa?awlak na nidahas chinthanayane.samahara vita mama dakinne wenama paththak wenna puluwan........anyway thanx for share with us.rep added.......
නිර්මානයක් ගොඩ නගන වස්තු බීජය හෝ අන්තර්ගතය මුලින්ම පිළිසිඳෙන්නේ නිර්මානය කරන්නාගේ මනසේ..
කියවද්දී කියවන්නාට විවිධ පැතිකඩයන් හා කෝනයන්ගෙන් විවිධ අර්තයන් මනසේ චිත්රනය කොට ගෙන එය රස විඳිය හෝ ප්‍රතික්ෂේප කල හැකි වෙනවා...
මා මෙම නිර්මානයෙන් අදහස් කලේ... පිවිතුරු ආදරයම පුදා රැවටුනු හා අනාථ වුනු තරුනියක්ව කෙනෙකු විසින් උතුරේ කන්‍යාරාමයකට බාරදෙනවා ඇගේ වේදනාවෙන් පීඩිත වු ජීවිතයට සහනයක් ලබා දෙන අදහසින්..
ඇය එහි කාලයක් පුරා තමන්ගේ කෙලෙසුනු ජීවිතය ගැන දුක් වෙමින් දෙවියන් ඉදිරියේ ජිවිතයට අස්වැසිල්ල සොයමින් තනිව දිවි ගෙවනවා..
එහීදී දුක දිනා සිත ශක්තිමත් කොට ගෙන තම දෙපයින් නැඟිට ජිවිතයේ අනාගතය සරි කර ගන්නා ඇය අවුරුදු ගනනකට පසුව මිනිස්සු ප්‍රීතියෙන් උද්දාමව කතා කරන යුද්ධයෙන් ජයගත් උතුරට යනවා ඇය පෙර නවාතැන් ගෙන සිටි කන්‍යාරාමය බලන්න.. එහිදී ඇය ඇගේ ඇසින් දකින සුන්බුන් හා එහි වටාපිටාවත් කවියේ අවසන් පදවල විස්තර කෙරෙනවා..
ඇය මෙහිදී සමාජයට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ශාරීරිකව කෙනෙකු කිලිටි කොට දැමුවත් නොකිලිටි ප්‍රේමය කිසිදා අනාථ කල හෝ විකිණීමට නොහැකි බවත් අපි ඒ දුක් බාධා සිතින් දරාගෙන ජීවිතය එයින් නතර නොකරගෙන ඉදිරියම බලා ගමන් කල යුතු බවත්ය....
අසංග සහෝදරයා බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට......