ජුනි මස 07 වෙනිදා තෙක් රටපුරා සංචරණ සිමා පැනවීමට රජයේ අවදානය.#CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජුනි මස 07 වෙනිදා තෙක් රටපුරා සංචරණ සිමා පැනවීමට රජයේ අවදානය. අවසන් තිරණය ලබන 27 වනදා.
    http://www.nethgossip.lk/article/37551

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ජුනි මස 07 වැනි දින දක්වා සංචරණ සීමා පැනවීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා වනවා.
    දෙසතියක කාලයක් රට වසා තබන ලෙසත්, සංචරණ සීමා පනවන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානද නිර්දේශ කර තිබුණා.
    දිවයිනපුරා සංචරණ සීමා සිකුරාදා (21) රාත්‍රි 11.00 සිට ආරම්භ වන අතර ලබන 25 වැනිදා අලුයම හතරට අවසන් කෙරේ. ඉන්පසු එදින රාත්‍රි 11.00ට යළි පනවන සංචරණ සීමා ලබන 28 වැනි සිකුරාදා අලුයම හතරට අවසන් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ. සංචරණ සීමා කාලය තුළ වෙළෙඳසල්, ආර්ථික මධ්‍යස්ථාන විවෘත නොකරන බැවින් ආහාර ගබඩා කර තබා ගන්නා ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන්නේ ආසාදිතයන් වැඩි වන ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් පමණක් හුදකලා කළ යුතු බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම සෞඛ්‍යය විද්‍යායතන ප්‍රකාශ කර ඇත්තේ දින 14 ක කාලයක් රට වසා දැමිය යුතු බවයි. එම විද්‍යායතන ඒකාබද්ධව පසුගිය බදාදා (19) පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
    තවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද ජනාධිපතිවරයා වෙත පසුගිය 17 වැනිදා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ රට වසා දැමිය යුතු බවයි. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මාධ්‍යයට ප්‍රකාශ කළේ වසංගත රෝග විද්‍යා අංශය දත්ත ලබා නොදීම හේතුවෙන් ගැටලුවක් පවතින බවයි.
    රට වසා දැමීමට පියවර නොගතහොත් දරුණු ව්‍යසනයක් ඇතිවන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියා.




    https://bit.ly/3fs9Tow
     
    • Like
    Reactions: Rankira and NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    Good move finally
    Respect sir
    50948F94-0442-4F13-8175-73F49B4930DE.jpeg
     
    Last edited:
    • Like
    Reactions: erozan