ජූලි ඉඳන් රටම කලුවරේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එළඹෙන සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සහ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපොහොසත් වුවහොත්, ජූනි මාසයෙන් පසු මුළු රටට ම අඳුරේ සිටීමට සිදු වන බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා අනතුරු අඟවයි.

    ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කළේ, අද දෙරණ බිග් ෆෝකස් වැඩටහනට එක්වූ අවස්ථාවේදී ය.

    ජූලි මාසයේදී ඩොලර් බිලියන 1 කණයක් පියවීමට තිබුණ ද ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් හෝ පියවීමේ හැකියාවක් මෙම අවස්ථාවේ නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

    ඒ අනුව, අදාළ ණය ගෙවීම සඳහා ඉදිරි මාස දෙක තුළ සියලු ආනයන නවතා ලැබෙන සියලු ආදායම් එකතු කළ යුතු බව ඔහු පැවසීය.

    එසේ සිදු කළහොත් රටට අවශ්‍ය ඖෂධ, විදුලිය, ඉන්ධන සහ ගෑස් වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගහත වන බව ඔහු පෙන්වා දුන්නේය.

    සභාතිවරයා අවධාරණය කළේ, පවතින තත්ත්වය බරපතළ බව ය.

    රජයක් නොමැති පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු නොකරන බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයෙකු අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    "මම දන්නේ නෑ අපේ රටේ මහ ජනතාව බහුතරයක් දන්නවා ද කියලා. අපි IMF එකේ discussion එක මේ සුමානේ පටන් ගත්තේ නැත්නම්, අපි මේ සුමානේ අපේ delegation එක IME එකට යවලා අපේ discussion පටන් ගත්තේ නැත්නම්... ඒ වගේ ම අපේණය ප්‍රතිව්‍යුහගත කරන එකට වහා ම මූල්‍ය උපදේශ කෙනෙක් පත් කරලා එන සුමානේ මේක කළේ නැත්නම්, අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්නේ නැහැ. අපි ඊළඟ දිනය ගෙවන්න තියෙන්නේ 1 billion dollars ජූලි මාසේ. අපි මේ දෙක කළේ නැත්නම් මම දකින හැටියට, කෙටියෙන්ම කියනවා නම් මුළු රටට ම අඳුරේ ඉන්න පුළුවන් ජූනි මාසෙන් පස්සේ.

    අපේ තියෙන තත්ත්වය අනුව 1 billion නෙමෙයි, 100 millionවන් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මොක ද අපේ reserves වලින් තමන් අපිට 1 billion dollars ගෙවන්න වෙන්නේ. එතකොට අපේ reserves වලින් 1 billion dollars ගෙවනවා කියන්නේ, අපිට ඊළඟ මාස දෙකේ කිසි ම import එකක් කරන්නේ නැතුව අපිට එන ආදායම් ඔක්කොම එක්කහු කරලා ඒක ඉතුරු කරන්න වෙනවා 1 billion dollars ගෙවන්න.

    එනකොට මේ රටේ බෙහෙත් නෑ. මේ රටේ ලයිට් නෑ. මේ රටේ තෙල් නෑ. Indian Credit Line එක එවන නෙල්ටික මම හිතන්නේ මැයි මාසේ අග වෙනකම් යයි වැඩි ම වුණොත්. ඊට පසේ අපි කොහොම ද අපේ නෙල් supply එක අපි පවත්වාගෙන යන්නේ, අපි කොහොම ද ලයිට් දෙන්නේ? අපි කොහොම ද ගෑස් දෙන්නේ? අපි කොහොම ද බෙහෙත් දෙන්නේ? කියන ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා.

    මම දකින හැටියට මේ IMF discussion එකයි debt restructuring එක යි පටන් ගන්නේ නැත්නම් වහා ම ජූනි මාසෙන් පස්සේ මම හිතන්නේ ලයිට් තියෙන එකක් නැහැ.

    ඒ නිසා තත්ත්වය ඉතා ම උග්‍රයි. බරපතළ යි. මේක බිල්ලෙක් නෙමෙයි.

    IMF එක negotiate කරන්නේ නැහැ රජයක් නැත්නම්. IMF එක negotiate කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ. රජයක් ඉන්න ඕනේ."

    චතුර අල්විස් ගේ page එකෙන්
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අවුලක් නැ current එක තියෙන්නම ඕනේ කියලා නීතියක් නැහැනේ. ඔය පස් යට ඉන්න ගැඩවිල්ලෝ ඉන්නේ කලුවරේ කිසි අවුලක් නැතුව
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    චතුර අල්විස් ගේ page එකෙන්
    Ricky Gervais Lol GIF
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශ ට ගිහිල්ල ආහාර අර්බුධය ගැන කියල කෑම ඉල්ලගන්න යන්න ලාස්තිවෙන්නලු

    රනිල් පාර්ලිමේන්තු
     
    • Like
    Reactions: NRTG and Amez

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශ ට ගිහිල්ල ආහාර අර්බුධය ගැන කියල කෑම ඉල්ලගන්න යන්න ලාස්තිවෙන්නලු

    රනිල් පාර්ලිමේන්තු
    බලපන් මේ ගෝඨල කරන වැඩ , ලපේ ආවනම් අත මිට් කරල කට උල් කරල ශනික ලකාවෙන්ම කෑව හොයල දෙනව , රට රට වලින් හිගාකන්නෙ නැ..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    api paw neda

    eeye embuldeniye keells eka gawa wayasaka porak kanna bonna illanawa... ethana enne okkoma kari sallikarayo.. ona welawaka prado ekak dekak tiyenawa

    man baladdi bag eka his.. mama mun eta okt ekak aran deela sallith dunna.. pora anduwa..

    ane manda ban janathawath horu... un anik minissu gena care karannerh na.. balapan oaare wahana elawana widiya

    mata ekai oya protest ekakawath yanna hetehne natte

    asarana minissu paw, lamay paw..
    mona huttak da manda

    mata puluwan de mama karanawa.. peteol gahuwath 100 tip eka denawa... ada car eje cam eka hai karapu porata 700 dunna.. ochchara thama mata karanna puluwan... horu ekka hitagena protest karanna mata ba... paare yanna danne nathi winayak nathi eun ekka mata hitaganna ba
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ස ෆේල් වෙන්නෙ නෑ ගුපියො.බිල්ලො මවල පැනික් වෙන්න එපා..
     
    • Like
    Reactions: Amez

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nirupama ge account eke thiyena dollar tika aran deepan
    ගන්ඩ එපැයි අවුරුදු5ක් උන්නෙ, අයෙ ඕන නම් ලපකොටාව බලේට අරන් උස්සහ කරල බලපන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    ගන්ඩ එපැයි අවුරුදු5ක් උන්නෙ, අයෙ ඕන නම් ලපකොටාව බලේට අරන් උස්සහ කරල බලපන්.
    denne na puluwannam ganin kiyalada umba kiyanne?
     
    • Like
    Reactions: Amez

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    denne na puluwannam ganin kiyalada umba kiyanne?
    නිතිය තියෙන්නෙ ක්‍රියාත්මක් කරවන්ඩ තියෙන්නෙ ගියපාර රනිල් යාලුව නිසා ඇල්ලුවෙ නැ කියලනෙ ශේප් වෙන්නෙ උබල, මෙදා යාලුව් නොවන ලපේව පත්කරන් උස්සහ කරපල්ල, ඩොලර් බිලියන18 රත්තරන් ටොන් 350 හොයා ගනිල්ල කවුද අකමැති..??