නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්‍ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්‍රිතාන්‍යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
ගේම් ඔෆ් ත්‍රොන්ස්.

එහිදී තීරණය වූයේ රුපියල් 300 කින් මාසික වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා 1980 ජුනි 5 වැනිදා කෑම පැයේදී ජාතික විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය යුතු බවය. මෙහිදී එජාප ආණ්‌ඩුවට අනුබද්ධිත ජාතික සේවක සංගමය සහ රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ එජාප වෘත්තීය සමිති සිදුකළේ 1980 ජුනි 5 වැනිදා රජයට පක්‌ෂපාතිත්වය දක්‌වමින් රාජ්‍ය සහයෝගිතා දිනයක් ප්‍රකාශයට පත්කිරීමය.
http://www.divaina.com/2016/07/17/feature01.html
අද ලියවෙන්නේ එදා 1980 වසරේ යූ.එන්.පී ආණ්ඩුව ගෙනගිය තුච්ච ඉතිහාසයම නොවේද? මේ බව දැන දැනත් UNP එකට කතිරේ ගහපු උන්ට නම් හොදක් වෙන්නේ නෑ...
VAT, ETCA එක්ක යුධ අධිකරණයත් ආවම, හැමෝටම ලොකු වෙනසක් දැනෙයි... අන්න ඒ වෙනසට ගරු කරමු..![]()
ඇත්ත... මහින්ද ඉතින් රනිල් වගේ උයාට සැප දෙන්නේ නෑ නේ...මොනව වුණත් රාජපක්‍ෂ පෙරේතයන්ගෙ ගොන් ආතල් වලට වඩා හොදයි

එහිදී තීරණය වූයේ රුපියල් 300 කින් මාසික වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා 1980 ජුනි 5 වැනිදා කෑම පැයේදී ජාතික විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය යුතු බවය. මෙහිදී එජාප ආණ්‌ඩුවට අනුබද්ධිත ජාතික සේවක සංගමය සහ රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ එජාප වෘත්තීය සමිති සිදුකළේ 1980 ජුනි 5 වැනිදා රජයට පක්‌ෂපාතිත්වය දක්‌වමින් රාජ්‍ය සහයෝගිතා දිනයක් ප්‍රකාශයට පත්කිරීමය.
http://www.divaina.com/2016/07/17/feature01.html
අද ලියවෙන්නේ එදා 1980 වසරේ යූ.එන්.පී ආණ්ඩුව ගෙනගිය තුච්ච ඉතිහාසයම නොවේද? මේ බව දැන දැනත් UNP එකට කතිරේ ගහපු උන්ට නම් හොදක් වෙන්නේ නෑ...
VAT, ETCA එක්ක යුධ අධිකරණයත් ආවම, හැමෝටම ලොකු වෙනසක් දැනෙයි... අන්න ඒ වෙනසට ගරු කරමු..![]()
එජාප ආණ්‌ඩුව නිවේදනයක් කරමින් වර්ජනය කළහොත් වර්ජකයින් සේවය අතහැර ගියා සේ සලකන බව නිවේදනය කළේය. ජනාධිපති ෙ-.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් 1980 ජුලි 15 වැනිදා රැස්‌වූ ඇමති මණ්‌ඩලය 1980 ජුලි 16 දහවල් 12 සිට රටපුරා හදිසි නීතිය පනවන ලදී. ඒ අනුව දුම්රිය, ලංගම, තැපැල් සේවය, වරාය, අධ්‍යාපනය, රෝහල්, තෙල් බෙදා හැරීම අතවශ්‍ය සේවා බවට පත්කළ අතර හදිසි නීති රෙගුලාසි යටතේ වැඩ වර්ජන නීති විරෝධී කරනු ලැබීය.
ආණ්‌ඩුවේ නිවේදනයන් නොසලකා සෞඛ්‍ය සේවකයෝ ජුලි 15 වැනිදාද රජයේ කාර්යාල සේවකයෝ, පළාත් පාලන සහ රජයේ ලිපිකරුවෝ ජුලි 17 වැනිදාද ගුරුවරු ජුලි 20 වැනිදාද 80 ජුලි මහා වැඩ වර්ජනයට එක්‌වූහ. ජවිපෙ නිල වශයෙන් වර්ජනයට සහභාගි නොවූවද විවෘතව වැඩකර අනාවරණය වූ පිරිස් වලට වර්ජනයට එක්‌වන ලෙසට දැනුම්දී තිබිණි. ජවිපෙ සමඟ සමාන්තරව සිටි රෝහණ විෙ-වීරගේ මස්‌සිනාවූ එච්.එන්. ප්‍රනාන්දු ප්‍රධාන ලේකම් ධූරය දැරූ ලංකා ගුරු සංගමය වර්ජනයට එක්‌වීමෙන් පසුව දෙකඩ විය. සමඟි පෙරමුණ ආණ්‌ඩුව යටතේ ඇතිවූ බැංකු සටනේදී මෙන් මෙම ජුලි වැඩ වර්ජනයේදීද බාල තම්පෝගේ නායකත්වයෙන් යුත් වෙළෙඳ සේවක සංගමය කර ඇරියේය. ලක්‌ෂයකට ආසන්න පිරිසක් වර්ජනයට එක්‌වී සිටි බැවින් ආණ්‌ඩුවේ පරිපාලන කටයුතු සහ එදිනෙදා සේවාවන්ද අඩපණ විය.
ආණ්‌ඩුව මගින් වර්ජකයින්ට ජුලි මාසය සඳහා වැටුප් ගෙවීම අත්හිටුවන ලදී. රජයේ ආයතන සහ ගොඩනැගිලි තුළ පිහිටුවා තිබූ සියලු වෘත්තීය සමිති කාර්යාල වසා තබා ඒවාට සීල් තබන ලදී. ජුලි මස 23 වැනිදාට ප්‍රථම සේවයට වාර්තා කිරීමේ කොන්දේසි සහිතව අවසාන අවස්‌ථාවක්‌ද ලබාදෙන ලදී. බොහෝ දෙනෙකු සර්පයින් දෂ්ට කිරීම, කම්මුල්ගාය, සරම්ප වැනි රෝග වැළඳීම නිසා සේවයට පැමිණීමට නොහැකිවූ බවට අභියාචනා එක්‌කර යළි සේවයට එක්‌විය.
අගමැති රණසිංහ ප්‍රේමදාස 1980 ජුලි 24 වැනිදා කියා සිටියේ එදිනට පසු වර්ජකයින් 40,356 ක් සේවයට වාර්තා නොකළ බැවින් සේවය අතහැර ගියා සේ රජය කළ නිවේදනය ක්‍රියාත්මක කරන බවය. ආණ්‌ඩුවේ එජාප මන්ත්‍රීවරුන් මගින් එක් ආසනයකට රැකියා ඉල්ලුම්පත් 100 බැගින් ලබාගෙන රැකියා නැති අයගේ විස්‌තර ලබාගෙන ඔවුන් වර්ජිත සේවකයින් 40,356 වෙනුවට බඳවා ගන්නා ලදී. එමෙන්ම 1980 ජුලි 22 වැනිදා වන විට එසේ රැකියා බැංකුවේ ලියාපදිංචි වී සිටියදී රජයේ සහ සංස්‌ථාවලට බඳවාගත් සේවක සංඛ්‍යාව 8,421 කි. වර්ජිතයින්ගෙන් පුරප්පාඩු වූ සෙසු තනතුරු සඳහාද සියලු දෙනා එජාප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලුම්පත් අනුව අගෝස්‌තු මස වන විට බඳවාගෙන නිමකර තිබිණි.
ධර්මන් වික්‍රමරත්න
http://www.divaina.com/2016/07/17/feature01.html