ජෙනරාල්ට සහය දැක්වුවැයි "පබා" ඉවතට
ස්වාධින රූපවාහිනියේ සතියේ දිනවල විකාශය වනු ලබන "පබා" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපානු ලබන උපේක්ෂා ස්වර්ණාමාලී පබා චරිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. පසුගියදා හෝමගමදී පැවැති නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ වේදිකාවකට ගොඩවූ උපේක්ෂා ස්වරණමාලි ජෙනරාල්වරයාගේ ජය වෙනුවෙන් කැපවන බව පැවසුවාය.
මෙසේ ඇය ජෙනරාල්වරයාට සහය දැක්වීමත් සමඟ ඇය ප්‍රධාන චරිතයට රඟපෑ පබා ටෙලි නාට්‍යයේ ඇයගේ චරිතය අතුරුදහන් කරන ලෙස රජයේ ඉහළ අංශයකින් බලපෑම් එල්ල වී ඇත. මෙම ටෙලි නාට්‍යය ස්වාධින රූපවාහියේ නිෂ්පානයක් බැවින් එම නියෝගය ලැබීමටත් පෙරම පබාගේ චරිතය ඉවත් කිරීමට අදාල පිටපත සකස් කර තිබී ඇත.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ඉවත් කිරීමෙන් ප්‍රේක්ෂකයින් ටෙලි නාට්‍යය කෙරෙහි වන ආකර්ශනය අඩු වනු ඇති බවට බොහෝ පිරිස් පවසා ඇතත්, සිය තීරණය වෙනස් කිරීමට නිෂ්පාදක කණ්ඩයම කිසිදු අදහසක් නැති බව පවසා ඇත.
පසුගිය කාලය පුරාම ඉන්දියානු හඬ කැවූ ටෙලි නාට්‍ය ලංකාවේ රූපවාහිනිය ගිලගත් අවස්ථාවේදී ලාංකේය ප්‍රේක්ෂකයා ඉන් මුදවාලීමේ පළමු පියවර තැබූ අවස්ථාව ලෙස දැක්වෙන මෙම "පබා" ටෙලි නාට්‍යය විශාල පිරිසකගේ ආකර්ශනය දිනා ගත් නාට්‍යයකි. නමුත් ස්වාධීන රූපවාහිනී සේවයේ මේ ආකාරයේ ක්‍රියා කලාපයන් නිසා දැනට ප්රවෘත්ති විකාශය කෙරෙහි ඇති ප්‍රේක්ෂක විරෝධය තවත් උත්සන්න වනු ඇති බව මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති පබා නාට්‍යයේ එක් චරිතයකට පන පොවන නළුවෙකු පැවසීය.
copied fr:LT