ජෙනරාල් Vs. මැන්ඩෙලා

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
ජෙනරාල් Vs. මැන්ඩෙලා

ජෙනරාල්ගේ බිරිඳ අනෝමා ඔහු රඳවා තිබෙන නාවික හමුදා නිවස්‌නට ගොස්‌ ඔහුගෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් ගත්තාය. ඒ නාම යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ ලේකම් විජිත හේරත්ට දුන් ඇය නෙල්සන් මැන්ඩෙලා ගැනද මතක්‌ කළාය. ඒ මතකය ගැන විවේචනයකට නොගියත් මැන්ඩෙලා සමග ෆොන්සේකා සැසඳීම පොට වරද්දා ගැනීමක්‌ පමණක්‌ නොව මෝඩ කතාවක්‌ බවද කිව යුතුය. නෙල්සන් මැන්ඩෙලා යනු සිය ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කළ වීරයෙකි. එහෙත් ජෙනරාල් සිය වීර භූමිකාවට කෙළගසා ගත්තෙකි. ඔහු අද බටහිර අධිරාජ්‍යවාදයේ අතකොළුවක්‌ බවට පත්ව සිටින්නෙකි. විදේශ නිරීක්‌ෂණ කණ්‌ඩායම් අද මේ රටට එන්නේ ජෙනරාල්ට ලබාදෙන අධිකරණ තීන්දු නිරීක්‌ෂණයටය. ශ්‍රී ලංකාව ස්‌වාධීන රටක්‌ බව අමතක කරන මේ හොටබරියන්ට තැලිය යුත්තේ බූවලුවලින් නොවේදැයි ඒවා අසන කාට වුවද සිතෙනු නොවැළැක්‌විය හැකිය. මේ අය මහත්වරුන් නොව මහත් හොරුන් බවද ඔවුන් එන්නේ හොඳකට නොවන බවද ආණ්‌ඩුව තේරුම් ගත යුතුය.
 
  • Like
Reactions: kinkon

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
ජෙනරාල් වෙනුවෙන් කට අරින සම්භාවනීය ඇමරිකානුවා ජෙනරාල් පවුල මැදිවී සිටින ඇමරිකන් ඩොලර් පන්ලක්‌ෂ හැත්තෑපන්දාහක්‌ ඔවුන්ට අයිති සල්ලි සේප්පුව ගැනත් වචනයක්‌ වත් කියන්නේ නැත. දී කිරට බළල් සාක්‌කියක්‌ සේ රොබට්‌ බ්ලේක්‌ගේ අදහස්‌ ලෝකයට රැගෙන යන්නේ බීබීසී සේවයයි. රොබට්‌ බ්ලේක්‌ මහතාගේ හා ජනාධිපති ජෝර්ඡ් බුෂ්ගේ කැරැට්‌ටුව ඉතා ප්‍රසිද්ධය. ඉරාකය පමණක්‌ නොව ඇෆ්ගනිස්‌ථානයද වනසා දැමූ මේ මහත්වරු අපට නීතිය හා යුක්‌තිය ගැන වැදිබණ කියන හැටි.
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Kusalana hawula rata kanawa...
    jvp.jpg