පෝස්ටර් ඉරුවා යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් පහරදීම නිසා සුශුම්නාවට හානිව අසාධ්‍ය තත්වයෙන් 57 හැවිරිදි තිදරු පියෙකු ගැන අනුරාධපුර මහ රෝහලෙන් වාර්තා වෙයි..
තඹුත්තේගම මහවැලි ආරක්ෂක අංශයේ රාජකාරි කරනා H.W පියසේන කුමාරසිංහ මහතා පසුගිය 21 වනිදා රාත්‍රී සේවය නිමකර උදෑසන 2.00ට පමණ සිය නිවසට පැමිනෙමින් සිටින විට තම නිවසේ තාප්පයේ පෝස්ටර් අලවා ඇතිබව දැක එම පෝස්ටර් වල පාප්ප වියලීමටත් පෙර එම මොහොතේම පෝස්ටර ගලවා දමා ඇත. එම අවස්ථාවේ අදුරෙ සිට විදුලි පන්දමක් එල්ල කර " අඩෝ උඹ අපේ පෝස්ටර් ඉරනවාද ? " අසමින් ඒ මහතා දෙසට පැමිණි තරුණයන් පිරිසක් එම මහතාට අමානුෂික ලෙස පහරදී ඇත.
පහර කෑමට ලක්වන විට ඒ මහතාගේ කෑ ගැසීම නිසා නිවසේ සිටි බාල පුතු සහ බිරිඳ එලියට පැමිණ උපකාර ඉල්ලා කෑ ගැසීමත් සමග පහර දුන් මැර පිරිස පලාගොස් ඇත.
පසුව සිහිසුන් වූ පියසේන මහතා පවුලේ අය සහ අසල්වාසීන් එක්ව අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ ඒ මහතාගෙ සුශුම්නාවට බරපතල හානි සිදුවී ඇති බවත් හිසට වැදුනු පහරවල් නිසා හිස් කබලේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී ඇති බවත් ය.
දැනට බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබනා ඒ මහතාට ජීවිත අනතුරක් නැති බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
පහර දුන් පිරිස සොයා අනුරාධපුර පොලීසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කර ඇත.
නමුත් මේ වන තුරු සැකපිට කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත..