මේක මේ අපේ අම්මයි අප්පොච්චයි කියපු කතාවක්.
ඒ කාළේ හෙන භීෂනේලු. හයට ගෙවල්වලට ගිහින් නිදාගත්තම එලිවෙනකන් විශ්වාස නෑලු මොකා කුදලන් යයිද කියලා.
ඒ කාළේ සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිනී ලොකුගේ එහෙම තාත්ත එක්ක බොහොම හිතවත්. ප්‍රේමදාසත් දැක්කොත් කතාකරල යන තරම්ලු. ඒ නිසා ඒ පැත්තෙන් බයක් තිබිල නෑ, තාත්තා ජේවීපී ක්‍රියාකාරීනුත් අඳුනනවාලු නමුත් වැඩිය ප්‍රසිද්ද ඇඳුනුම්කම් පෙන්නලා නෑ අම්මා තාත්තා දෙන්නම නීතිගරුක රාජ්‍ය සේවකයෝ නිසා.
මේ කියන දවසේ හඩු ගංකබර ජෙප්පෝ ගෙවල් පැත්තෙ විදුලිය ඇනහිටවලා රෑ දහයට දොලහට විතර ගෙවල්වලට බඩගාලා අයිඩී එකතුකරන්න.
එකතුකරන් යනගමන් අපේ ගෙදරටත් ඇවිල්ලා.
අපේ ගෙදර ඉතින් වන වදුලනේ, ගේ හොයාගන්න බෑ ගස්. ඒ අස්සේ තාප්ප වත් තිබිල නෑ. පිච්ච, පැශන් ෆ්‍රෘට්, හාතවාරිය, අගුන වැල් ගියපු විර, කොස් සැපදිල්ලා අනෝදා වගේ ගස් එකතුවුන සිංහරාජේ වගේ සදාහරිත වැටක් තිබිල තියෙන්නේ. ගෙයක් කියල පුලුටක් පේන්නේ නැති. වත්තට ඇතුලුවෙන්න තිබිල තියෙන්නේ රීප්ප ගහපු අඩි 6x6 ක විතර අබලං ලී ගේට්ටුවක්, ඒකෙත් කෑලි ගැලවෙනවලු උස්සලා තියෙනකොට.
එකෙක්, ගෙදර කවුද? ගෙදර කවුද? කියල අහල. තාත්තා ආයේ ඇඹරි ඇඹරි ඉඳල නෑ කවුද කියල බලන්න කලුවරේම ගිහින්.
මාතියා අපි ආවේ අයිඩී එකතුකරන්න ගෙදර දෙන්නගේ අයිඩී දෙන්න කියල.
තාත්තත් ඉතින් උන්ට ගියපු ආන්ඩුවනේ කියලා අයිඩී දෙක දීලා අබලං ගේට්ටුව වහනකොට රීප්පයක් ගැලවිලා අතට ඇවිල්ලා.
එකෙක් පැත්තක ඉඳලා ඒයි ඒයි ගාල ගල්කටස් එකක් මානලා. තාත්තා වටේ හිටිය උන්ව දැකල නෑ, හැබැයි උං හිතලා තාත්තා රීප්පෙන් දෙන්න තමයි හදන්නේ කියල.
තුවක්කුව මානපු එකට තාත්තට හොඳටම තරහ ගිහින් ජෙප්පොන්ගේ ජාතිය අමතලා. (තාත්තා මම වගේ කුණුහරුප නං කියන්නේ නැ. හැබැයි "තුවක්කුව ගහගනිං උඹේ" කියල විතරක් කියල නවත්තලා

)
තුවක්කුව මානන්න උඹ දන්නවද මම කවුද කියලා? උඹල දන්නේ නැත්තං ගිහින් අහගනිං උඹලගේ අර සිස්ට එක්ක ඉන්න එකාගෙන් මම කවුද කියලා........ අයිඩී ගත්තනං අරගෙන පලයව් යන්න තව තුවක්කුත් මානන්නේ නැතිව කියල.
සිස්ට එක්ක ඉන්න හාදයා මතක්වෙලා කට්ටිය කට උක වහගෙන බල්ලෝ වගේ ලිස්සලා ගිහිල්ලා මොකෝ ගල්කටසුත් මිනිහා දීපුවනේ.
සත්‍ය සිදුවීමකි.
ජෙපි ටිපර් පාක්කරන්න........