ජෙරුසෙලම කාගෙ අගනුවරද?
මොකක්ද ජෙරුසෙලමට වුනේ කියල හොයනකොට අහු වුන ලිපි කිහිපයක එකතුවක්.
Elakiri කොල්ලො පත්තර බැලුවෙ නැති වුනාට මෙතන තියෙන ඒව කියවනව. ඒ නිසා එළකිරි කොල්ලන්ගෙ දැනුම නිතරම Update වෙනව. තාම මේ ගැන දන්නෙ නැත්නම් කියවන්න.
ජෙරුසෙලම හැඳින්වෙන්නේ ලෝක උරුම නගරයක් ලෙසිනි. එය ලෝකයේ පැරණිතම නගරවලින් එකක් සේ සැලකේ. මෙසපොටේමියානු ශිෂ්ටාචාරය දක්වා ජෙරුසෙලමේ ඉතිහාසය දිව යයි. මධ්‍යධරණී මුහුද හා මළ මුහුද අතර පිහිටි මේ රමණීය නගරය පලස්තීන - ඊශ්‍රායල් දෙපිරිසම අයිතිවාසිකම් කියන, මුස්ලිම් මෙන්ම කතෝලික බැතිමතුන්ගේද වැදගත් පූජනීය ස්ථානයක් ලෙසින් සැලකේ.
යුනෙස්කෝව මඟින් 1981 ජෙරුසෙලම ලෝක උරුමයක් බවට පත් කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් මෙහි ඇති ඓතිහාසික හා ආගමික වැදගත්කම ගැන සලකමිනි.
වත්මන් නත්තල් සමයේ ජෙරුසෙලම ගැන ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන්නේ ආගමික වැදගත්කමට වඩා දේශපාලනික කාරණා පදනම් කර ගෙනය. එනම් ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනගරය ලෙසින් හිතුවක්කාරව ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. නිතර පුවත් මවන්නකු ලෙස ප්‍රකට ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් ගත කර ඇති සිය ධුර කාලය තුළ ගනු ලැබූ ආන්දෝලනාත්මක තීන්දුව ලෙසින් මෙය සැලකේ. ඒ සමඟම ජෙරුසෙලම ලෝක දේශපාලනයේ ප්‍රධාන මාකෘකාව බවට පත්ව ඇත.
බ්‍රිතාන්‍යයේ අයිතිය
දෙවැනි ලෝක යුද සමය වනතුරුම ජෙරුසෙලම පැවැතියේ බ්‍රිතාන්‍යයට අයත් ප්‍රදේශයක් ලෙසිනි. එම යුගයේ යුදෙව් ජනයා ද මුස්ලිම් හා පලස්තීන ජනයා ද ජෙරුසෙලම සිය වාසස්ථානය කරගෙන තිබුණි. ක්‍රිස්තුන් වහන්සේ කුරුසිගේ ඇන ගැසීමේ සිට උන් වහන්සේගේ අවසාන කාලයට සම්බන්ධ සිදුවීම් රැසකට ජෙරුසෙලම පාදක සිදු වී ඇති බව ඓතිහාසිකව සනාථ වේ. මේ නිසා කතෝලික බැතිමතුන්ගේ පූජනීය නගරයක් ලෙසින් මෙම පුරය ප්‍රකට ය. එහි ඇති පුරා විද්‍යාත්මක තහවුරු කිරීම් මඟින් ද එය සනාථ වේ.
එසේ ම මහමත්තුමන් සංචාරය කළ නගරයක් ලෙසින් ද ජෙරුසෙලම ප්රකටය. එහි ඇති ‘අල් අත්සා‘ දෙව්මැදුර මීට ඇති එක් ප්‍රධාන ඓතිහාසික සාක්ෂියකි. මේ නිසා මුස්ලිම් බැතිමතුන්ගේ මෙන් ම මුස්ලිම්වරුන්ගේ පූජනීය නගරයක් ලෙසින් මෙන්ම අතීතයේ සිට ම ඔවුන්ගේ සාම්ප්‍රදායික වාස භුමියක් ලෙසින් ජෙරුසෙලම ප්‍රචලිතව පැවතිණි. මේ නිසා ජෙරුසෙලම මුස්ලිම් යුදෙව් සම්ප්‍රදායික වාසභූමියකි. එදා මෙදාතුර මෙම නගරය පූජනීය මෙන් ම නිදහස් නගරයක් ලෙසින් පවතිනවාට මධ්‍යස්ථ ලෝක පූජාව කැමැත්තක් දක්වන බව පෙනේ. මේ අතර පලස්තීනය හා ඊශ්‍රායලය ඔවුන්ගේ අප්රකාශිත අගනගරය ලෙසින් ද ජෙරුසෙලම සලකයි.
ජෙරුසලම පිළිබඳ අර්බුදයේ ඉතිහාසය දිව යන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයන් ජෙරුසෙලමින් ඉවත් වීමත් සමඟය. නැතිනම් ජෙරුසෙලම අත්හැරීමත් සමඟය. ඒ වනවිටත් යුදෙව්වන්, මුස්ලිම් හා පලස්තීන ජනයා ජෙරුසෙලම සිය වාසභූමිය කරගෙන සිටි බව පෙනේ. එහෙත් හිට්ලර්ගේ යුදෙව් සංහාරයත් සමඟම ලක්ෂ ගණනකින් යුදෙව් අනාථයන් මෙම කලාපයට සංක්‍රමණය වීම වැඩි විය. මේ සමඟ ම ඊශ්‍රායෙල් රාජ්‍යය ප්‍රකාශයට පත් වූ අතර පලස්තීනය හා ඊශ්‍රායලය රාජ්‍යයන් දෙකක් ලෙසින් පැවතිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනාවක් සම්මත කර ගෙන තිබුණි. එහෙත් අද දක්වා ම එය ක්‍රියාත්මක නොවේ.
අරාබි ඊශ්‍රායල් යුද්ධයේ දී ඊට පෙර ජොර්දානය විසින් අල්ලාගෙන තිබූ නැඟෙනහිර ජෙරුසෙලම තම ග්‍රහණයට ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර තිබුණි. එතැන් සිට ඊශ්‍රායලයේ ප්‍රකාශිත අගනුවර බවට ජෙරුසෙලම පත් විය. අද ඊයේ නොව, 1915 ජන සංගණනයට අනුව මෙහි ජනගහනය 850,000 පමණ වේ යැයි ගණන් බලා තිබේ. ලක්ෂ 3ක් පමණ පලස්තීන ජනයා ද මීට අයත් වෙති. තවත් 281,000 පලස්තීන නොවන මුස්ලිම්වරු මෙහි වාසය කරති.
මේ නිසා ජෙරුසෙලම සිය අගනගරය ලෙසින් ප්‍රකාශයට පත් කර ගැනීමට පලස්තීනය හා ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින්නේ අද ඊයේ නොවේ. එහෙත් ලෝක ප්‍රජාව මේ සම්බන්ධයෙන් මැද තැනක සිටිමින් සහජීවනයෙන් යුතුව කටයුතු කරන බව පෙනේ.
ඇමරිකානු නායකයා මේ නත්තල් සමයේ ලෝක දේශපාලනය උණුසුම් කරමින් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරන්නේ සහජීවනය පමණක් නොව සියලු සහගෝගිතා මූලධර්ම සුනු විසුනු කරමිනි. නත්තල් සමයේ දෙව් සමිඳාණන්ගේ සාමයේ පණිවිඩය ගැන කිසිදු තැකීමකින් තොරව ය.
මේ නිසා ලෝක ප්‍රජාව තුළින් ඇමරිකාව තනි කිරීමේ ප්‍රවණතාවක් ද මතුවෙමින් පවතී. සාමාන්‍යයෙන් ඊශ්‍රායලය ඇමරිකානු ගැති රාජ්‍යයකි. ඇමරිකානු නායකයාගේ තීරණය ඊග්රායලය ඇමරිකාවට කොතරම් ගැති වුවද වෙනත් කිසිදු නායකයකුගෙන් ඉටු කරවා ගැනීමට නොහැකි වූ කාර්යයකි. ඒ අතින් ට්‍රම්ප් ඇමරිකාවේ ජාත්‍යන්තර දේශපාලනය මෙතෙක් පැවැති මාර්ගයෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වූ ඉසව්වකට ගෙන තිබෙන බව පෙනේ. මේ තීරණය සමඟ ඇමරිකාව මැද පෙරදිග කලාපයේ නව අර්බුදයක් නිර්මාණය කර ඇත. මේ පිළිබඳ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහි දී ඇමරිකානු යෝජනාවට එරෙහිව රටවල් 128ක නියෝජිතයෝ ඡන්දය දුන්හ.
නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගන්නා ලෙසට මුස්ලිම් නායකයින් ලෝකයෙන් ඉල්ලයි.
ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඇමෙරිකාව නිල වශයෙන් පිළිගන්නා බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දුව මුස්ලිම් රටවල නායකයින් දැඩි ලෙස හෙළා දකියි.
ඒ අනුව නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර ලෙස හඳුන්වන ලෙසට ඔවුන් ලෝකයේ අනෙකුත් රටවලින් ඉල්ලා සිටියි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජෙරුසෙලම් ප්‍රකාශයත් සමග ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට මුස්ලිම් රාජ්‍ය නායකයින් තුර්කියේදී හදිසියේ රැස්විය.
ඊශ්‍රායල් - පලස්තීන් සාකච්ඡා සඳහා අතරමැදියෙකු ලෙස කටයුතු කිරීමේ භූමිකාව මෙම තීන්දුවත් සමග ඇමෙරිකාව විසින් නැති කරගත් බව තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan පැවසීය.
මේ අතර ජෙරුසෙලම පිළිබඳ මුස්ලිම් නායකයින්ගේ අදහස් පිළිබද තමන් සැලකිල්ලක් නොදක්වන බවත් යථාර්ථය නම් ජෙරුසෙලම මේ වන විට ඊශ්‍රායල් අගනුවර බවට පත්වී හමාර බවත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය Benjamin Netanyahu පැවසීය.
පස්සෙ මතක් වුනේ.....
සිරි ලංකාව ඇමරිකාවට විරුද්දවනෙ ජන්දය පාවිච්චි කරේ. ඒ කියන්නෙ ජෙරුසෙලම ඊශ්‍රායලයෙ අගනුවර කියල පිළිගන්න බැහැලු අපේ රජයට. අනේ මන්ද ...මීඩියා වල දැන් යනව අපේ ලොක්කා ඇමරිකාවෙ ට්‍රම්ප් ලොක්කව තබේකට මායිම් කරන්නෙ නැහැ කියල. (මීඩියා කිව්වෙ රජයේ ඒව)

Last edited: