ජෙලටින් වල කතන්දරේ

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ජෙලටින් වල කතන්දරේ

    ජෙලටින් ගැන නොදන්නේ කවුද?
    ජෙලටින් ගැන කතා කරන්න හිතුනා



    42LwsnR.jpg



    අවර්ණ,රස රහිත, සුවද රහිත ජෙලටින් (Gelatin) සංයෝගය අද වන විට බොහෝ නිෂ්පාදන සදහා භාවිතා වෙනවා. ආහාර සැදිමේදි, ඖෂධ කැප්සියුල් සැදිමේදි, රසායනාගාර වලදි, සේයාපට නිපදවිම වැනි විවිධ කාර්යයන් සදහා ජෙලටින් බාවිතා කරනවා කියලා මිතුරන් දන්නවානේ.

    ජෙලටින් වල අඩංගු වෙන්නේ කොලැජන් කියන ඉතා වැදගත් ප්‍රෝටිනයයි. කොලැජන් ප්‍රෝටිනය සත්ත්වයන් අතර බහුලවම පවතින ප්‍රෝටිනයක්. මිනිස් ඇගේ සම, අස්ථී, බන්ධනි, සම්බන්දක පටක, සන්ධි, කාටිලේජ සැදෙන්න කොලැජන් ප්‍රෝටිනය ලොකු දායකත්වයක් සපයනවා.

    x2Qd1zp.jpg


    වාණිජව ජෙලටින් සැදිමේදි සත්ත්ව කොටස් භාවිතා කරනවා.මෙහිදි බහුලව භාවිතා වන්නේ ඌරන්ගේ සම් හා අස්ථි කොටස් තමයි. ඊට අමතරව ගවයන්, කුකුලන් හා මාලුවන්ගේ කොටස් ද ජෙලටින් නිෂ්පාදනයට භාවිතා කරනවා. මොකද සමහර ආගම්වල ඌරා ආහාරයට ගැනිමට තහනම් සත්ත්වයෙක් නේ.

    කොලැජන් ප්‍රෝටීනය ඉහල උෂ්නත්ව සහිත ද්‍රවයන් තුල දියවෙනවා. මේ සංසිද්ධිය උපකාරිකරගනිමින් සත්ත්ව කොටස් වලින් කොලැජන් වෙන්කර ගන්නවා. පසුව ද්‍රවයන් කෙන්ද්‍රාපරණයට හා සාන්ද්‍රණයට ලක්කර ජෙලටින් කැට හෝ තීරු සකස් කර ගැනිම සිදුකරනවා.

    පෙර සදහන් කල පරිදි ජෙලටින් සැදිමට සත්ත්ව කොටස් භාවිතා කිරිම නිසා නිර්මාංශ අයට මෙන්ම සමහර ආගමිකයන්ටත් ජෙලටින් පරිභෝජනය කිරිමේදි ගැටලු මතු වෙනවා. මේ හේතුවෙන් සත්ත්ව කොටස් බාවිතයකින් තොරව නිර්මාංශ ජෙලටින් නිපදවිම ද සිදුකරනු ලබනවා.

    එමෙන්ම ජෙලටින් වෙනුවට භාවිතා කල හැකි ශාක හා ඇල්ගී වලින් නිපදවන ප්‍රකට ආදේශක කිහිපයක් මෙසේය.

    ඒගාර්

    HxXHWHW.jpg

    රොඩොෆයිටා හෙවත් රතු ඇල්ගි අනුසාරයෙන් සාදන ඒගාර්,ජෙලටින් වෙනුවට භාවිතා කල හැකි තවත් ආදේශකයකි. ආහාර නිෂ්පාදනයේදි අද වන විට බහුලව ඒගාර භාවිතා කරයි. මීට අමතරව රසායනාගාර වල ක්ෂූද්‍රජිවි කොලනි සැදිමේදිද ඒගාර් මාධ්‍ය (පෝෂි ඒගාර් මාධ්‍ය වැනි) බහුලව භාවිතා කරයි.

    පෙක්ටින්

    ශාක වල බහුලව හමුවන පෙක්ටීන් පොලිසැකරයිඩයකි (කාබෝහයිඩ්‍රේටයකි.) වානිජමය පෙක්ටින් නිපදවිමට සිට්‍රස් ගණයේ ශාක බහුලව යොදාගනි.

    පේන දේට වඩා යමක් ආහාර වල ඇතුලෙත් තියනවා.
    දිව විතරක් පිනවලා මදි


    -රොෂින් ප්‍රනාන්දු

    ජනේලය

    ඔබේ කෙටි ප්‍රතිචාරයද මහත් කොට සලකමි.
    පෙර ප්‍රතිචාර වලට බොහෝ තුති.




     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    මේවගෙන් කාටිලේජ අාපහු හැදෙනවද? ජෙලි කෑවම හරියයිද? අපේ නැන්දගෙ දනහිස්වල කාටිලේජ ගෙවිලා.