මම මේක SRIDAS සහෝදරයා ගාපු STOP JEL Thread එකට දාපු රිප්ලයි එකක්.......නමුත් සියළුදෙනා ගේ සිත සුව පිණිස වෙනම Thread එකක් විදියට දාන්න කල්පනා කලා.........
ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.
මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන් පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.
මම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!
මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!
ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!
![]()


ඔන්න මමත් ගත්තා මහරගමින් yesterday , 100 grams 50 rupees උනා, හෙට තමයි ටෙස්ට් කරලා බලන්න ඉන්නේ....
ඔන්න මමත් ගත්තා මහරගමින් yesterday , 100 grams 50 rupees උනා, හෙට තමයි ටෙස්ට් කරලා බලන්න ඉන්නේ....