ජෙ ආර්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ සිරිමා මහවැලිය අවුරුදු 35ක් ප්ලැන් කරා. 1980+35 => 2015 මෝඩ සිරිමගේ විදියට කරොත් 2015 දි යන්තන් වගේ ජේ ආර් 1986 කරපු තත්වෙට එනවා. එතකොට විදුලිය කියන්නේ 2015 වෙනකන් සුපෝපභෝගි දෙයක්.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මෝඩ සිරිමා මහවැලිය අවුරුදු 35ක් ප්ලැන් කරා. 1980+35 => 2015 මෝඩ සිරිමගේ විදියට කරොත් 2015 දි යන්තන් වගේ ජේ ආර් 1986 කරපු තත්වෙට එනවා. එතකොට විදුලිය කියන්නේ 2015 වෙනකන් සුපෝපභෝගි දෙයක්.
    ow ithin mama methana siriwawota kade gihin nane,JR ge waradda kiwwama kohomada sirimawo adala wenne
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෝඩ සිරිමා මහවැලිය අවුරුදු 35ක් ප්ලැන් කරා. 1980+35 => 2015 මෝඩ සිරිමගේ විදියට කරොත් 2015 දි යන්තන් වගේ ජේ ආර් 1986 කරපු තත්වෙට එනවා. එතකොට විදුලිය කියන්නේ 2015 වෙනකන් සුපෝපභෝගි දෙයක්.

    මේකනම් හෙන මෝඩ කතාවක් ලංකාවේ Generation Plan එක ගත්තොත් පළමු ගල් අගුරු බලගාර්ය හදන්න යෝජනා වෙලා තියෙන්නේ ප්‍රේමදාසගේ කාලේ. Hydro කියන්නේ එක power source එකක් විතරයි. අනිත් එක මහවැලි ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ විදුලිය නෙමෙයි. ඒ කෙසේ වෙතත් කඩිනම් මහවැලිය නැත්නම් ලංකාව 2015 වෙනකන් හරියට විදුලිය දිගන්න බැරි රටක් වෙනවා කියන එක, ලකාවේ විදුලිබල ක්ෂේශ්තරය ගැන නොදැනුවත්කමින් කියපු ප්‍රකාශයක්.
     
    • Like
    Reactions: Heisenberg

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේකනම් හෙන මෝඩ කතාවක් ලංකාවේ Generation Plan එක ගත්තොත් පළමු ගල් අගුරු බලගාර්ය හදන්න යෝජනා වෙලා තියෙන්නේ ප්‍රේමදාසගේ කාලේ. Hydro කියන්නේ එක power source එකක් විතරයි. අනිත් එක මහවැලි ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ විදුලිය නෙමෙයි. ඒ කෙසේ වෙතත් කඩිනම් මහවැලිය නැත්නම් ලංකාව 2015 වෙනකන් හරියට විදුලිය දිගන්න බැරි රටක් වෙනවා කියන එක, ලකාවේ විදුලිබල ක්ෂේශ්තරය ගැන නොදැනුවත්කමින් කියපු ප්‍රකාශයක්.
    mun mee ekakwath hariyata danne na,enawa JRta bannamna redda ussagena
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජේ ආර් හයෙන් පහක බලය පාවිච්චි කරලා කරපු ව්‍යවස්ථා සංශෝධන තමයි මේ.

    2 වන සංශෝධනය

    පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු පක්ෂ මාරු කිරීමෙන් හෝ අදාළ පක්ෂයෙන් නෙරපා හැරීමෙන් ඔහුගේ මන්තී‍්‍ර ධූරය අහෝසි වන බවට පැවති තත්ත්වය වෙනස් කිරීම මෙමඟින් සිදු විය. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 85 දෙනෙකුගේ අත්සනින් සම්මත වුවහොත් අදාළ මන්තී‍්‍ර ධූරය අහෝසි නොවන බවට මෙයින් දැක්විණ. බලයේ සිටින ආණ්ඩු පක්ෂයට වාසි වන පරිදි සැකසූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි.

    3 වන සංශෝධනය

    ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලයේ වසර හතරක් ගෙවී ගිය විය තවත් වාරයක් සඳහා ජනවරමක් ඉල්ලා සිටීමට හැකි වන පරිදි ව්‍යවස්ථා සංශෝධන සිදු කරන ලදී. (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 31 (3) ව්‍යවස්ථාව) මෙය සැබවින් ම ප‍්‍රජාතන්තවාදී නොවන, අයහපත් ලක්ෂණයක් වශයෙන් පෙන්වා දිය හැකි ය. ජේ.ආර්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සෑම ජනාධිපතිවරයෙකු ම පාහේ මෙම බලය තමාට වාසිසහගත ලෙස උපයෝගී කර ගනු ලැබී ය.

    4 වන සංශෝධනය

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වන පරිච්ෙඡ්දයේ (අන්තර්කාලීන විධිවිධාන) 161 (ඊ) සංශෝධනය කිරීම මෙමඟින් සිදු විය. ඒ අනුව 1977 දී බලයට පත් වූ පාර්ලිමේන්තුවේ බලය තවත් වසර හයකට දිර්ඝ කර ගැනීම ජේ.ආර්ගේ අපේක්‍ෂාව විය. මෙය පාර්ලිමේන්තු 2/3 කින් පමණක් සම්මත වීම ප‍්‍රමාණවත් නොවන බව දැක් වූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බවට තීරණය කරන ලදී. ශී‍්‍ර ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ‘කළගෙඩි-ලාම්පු සෙල්ලම’ යනුවෙන් හැඳින්වෙන දූෂිත අවස්ථාව නිර්මාණය වන්නේ මෙහි දී ය.

    5 වන සංශෝධනය

    161 ව්‍යවස්ථාවට සංශෝධන එකතු කිරීම මෙයින් සිදු විය. ප‍්‍රථම පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් ඇතුළත් කර ගන්නා ආකාරය මෙයින් ඉදිරිපත් විය. මෙය 4 වැනි සංශෝධනය හා සම්බන්ධ වන්නක් ලෙස සැලකෙන අතර එම සංශෝධනයට මාස 2කට පසුව මෙය ඉදිරිපත් කරන ලදී. (ජනමත විචාරණයෙන් එජාපය පරාජයට පත් ඇතැම් ආසන සඳහා අතුරු මැතිවරණ පවත්වා නව මන්තී‍්‍රවරුන් තෝරා පත් කර ගැනීම මෙහි යටි අරමුණ විය)

    13 වන සංශෝධනය

    මෙය දේශපාලන වේදිකාව තුළ නිරන්තර කතා බහට ලක් වන සංශෝධනයකි. පළාත් සභා ක‍්‍රම ස්ථාපිත වන්නේ මේ තුළිනි. ශී‍්‍ර ලංකාව ඒකීය රාජ්‍යයක් බවත් ඒ නිසාවෙන් මෙකී ‘ෆෙඩරල්’ ස්වරූපයේ යාන්ත‍්‍රණය කිසිසේත් පිළිගත නොහැකි බවට විවේචන ඉදිරිපත් කිරීම් අදටත් සිදු වනු දැක ගත හැකි ය.

    මිට අමතරව - පාතාලය/ මැර දේශපාලනය/කළු ජුලිය/දේශපාලන හෙන්චයියන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීම/යුද්ධය/ජඩ දේශපාලනයේ ආරම්බය/විධායක බලතල අනිසි ලෙස පාවිච්චි කොට ගෝනවල සුනිල් වැන්නවුන්ට ජනාදිපති සමාව. අපෝ ලියන්න පුළුවන් පිටු ගණන් වැඩක් නෑ, වහල්ලු පිළිගන්නේ නෑ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified

    දන්නෝ දනිති, නොදන්නෝ පරම්පරා ගණනාවක සිට රට විනාශයට ඇද දමමින් ඇත...
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දන්නෝ දනිති, නොදන්නෝ පරම්පරා ගණනාවක සිට රට විනාශයට ඇද දමමින් ඇත...

    77න් පස්සෙ ඇතිවෙච්ච සමාජ දේශපාලන පෙරලියේ ප්‍රතිපල තමයි අපි මේ බුක්ති විදින්නෙ. හැබැයි ඊට පස්සෙ හිටපු අයත් අඩු වැඩි වශයෙන් ඒකට වගකියන්න ඕනෙ. යාන්තම් ඒ කාලෙ නියපොත්තෙන් කඩන්න තිබ්බ ලොකුම ප්‍රස්නෙ යුද්ධය අවසාන උනා 2009.
     
    • Like
    Reactions: Beeper

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ජේ අාර් හොඳයි කියන උනුත් ඉන්නවා..😆😆
    ජේ ආර්ගෙන් තමා කෙලවෙන කල්ට් එක අවේ
    රටක් දුප්පත්ව තියනකන් දේශපාලකයින්ට රජ මගුල්
    මොකද හැමදාම දුප්පත්කම මාකට් කරන්න පුලුවන් ඡන්දෙදි
    ජේ අර් එක හොඳට තේරුම් ගත්තා
     
    • Like
    Reactions: Heisenberg

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    මේ ලියල තියෙන දේවල් ඔක්කොම කියෙව්වෙ නෑ ... ඒත් 1970 - 1977 කාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුක් වින්දද කියල දන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සුම විතරයි ... ලොක්කන්ට හැමදේම තිබුණ... පොඩ්ඩන්ට මුකුත්ම නෑ .....

    Quality නැති බඩු ... සාරියක් ගන්න සමුපකාරෙ ලොතරැයියෙන් ඇදුන එක විතරයි .... භූමිතෙල් ගඳ චීත්ත, සරම්...

    ගම්වල මිනිස්සුන්ට නම් හාල් පොල් තිබුණ නිසා සම්බෝලයි බතුයි වත් තිබුණ... ටවුන් වල මිනිස්සු වින්ද දුක...

    දේශපාලනය පැත්තකින්ම තියල මිනිස්සු ජේ ආර් ට 5/6 දුන්නෙ දුක් විඳල ඇතිවෙලා....

    සිරිමා ව නැති කලේ වටේ හිටපු මිනිස්සුමයි ... රටේ මිනිස්සු කොච්චර දුක් වින්දද කියල සිරිමා බණ්ඩාරනායක දන්නෙ නැතුව ඇති ... එයාලට තිබුණ නෙ ..

    රටේ මිනිස්සුන්ට මයිසූර් පරිප්පු දකින්නවත් නැතිවුනාට ස්ටැන්ලි තිලකරත්න ගෙ කාර් එක accident වුනාම ඩිකියෙ පරිප්පු ගෝනියක් තිබුණ ලු .......

    සම්බන්ධතා තියෙන මිනිස්සුන්ට බොහෝ දේ තිබුණ කාලයක් ......
     
    • Like
    Reactions: Jack London

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ගොඩ ගැනීම කෙසේවෙතත් මෙදා අඩුම ගානෙ එක මන්ත්‍රී ආසනයක් හරි දිනාගන්ඩ බලන්ඩ කියපන් ලපයට.. නැත්තන් වෙන්නෙ ලබන පලාත් සබාව ලන් උනාම රට හදන එක නතර කරල පලාත් සබාව හදන්ඩ පටන් ගන්ඩ... :lol: :lol: :lol:

    mu pana pitin hitiyanam
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ ආකාරයේ ලිපි මීට පෙරත් එළකිරියේ තිබුනා. මම ඒවාට ප්‍රතිචාර දැම්මා. මේ පහලින් තියෙන්නේ ඒවායින් කිහිපයක් Cut & paste කරලා. ලංකාවේ දේශපාලනය හෝ මෑත ඉතිහාසය ගැන උනන්දුවක් නැති අය මේක කියවන්න කරදර වෙන්න එපා . සමහර කොටස් කාගේ හෝ ප්‍රතිචාරයකට ලියාපු පිළිතුරක් විය හැකි බැවින් අග මුල තේරුම් ගැනීමට අපහසු විය හැකියි. තනි පොස්ට් එකකට දිග වැඩි නිසා පොස්ට් 2 කට දානවා.

    //ජේ ආර් 1977 දී අගමැතිකමට එනකොට රජයේ ඉඩම් සංචිතයේ ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තක්. ඒවා 1972 දී LRC (Land Reform Commission) එකෙන් රජයට පවරා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ සමාගම් වලටත්, ලාංකික වතු හිමියන් සුළු ප්‍රමානයකටත් අයිතිව තිබූ බහුතර තේ, රබර් සහ පොල් වතුයි. ඉඩම් අයිතිය අක්කර 50 කට සීමා කර සියලුම රන් පවුම් වතු රාජසන්තක කිරීම ඉහත LRC මගින් සිදු කළා. ඒ සියළුම වතු ඉතාම ඉහල නඩත්තුවක් සහිතව පවත්වාගෙන ගිය අතර , ඉතාම ඉහල ආදායමක් ලබා ගත්තා. (ඒ ආදායම ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ද්‍රව්‍ය 3 යි. ) ඒ වතු හිමියන් හෝ පාලකයන් කිසිවෙකු තමන්ගේ මාසික වේතනය වෙනුවෙන් රැකියාව කල අය නොවෙයි. වතු වගාව ඔවුන්ගේ passion එකක් කීම නිවැරදියි. (මෙතැනදී සුදු ජාතිකයන් කල කී දේවල් උසස් කොට අපේ ජාතිය පහත් කරනවා නොවෙයි, එහි ඇත්ත තත්වය ඒකයි) නමුත් වතු ජනසතුවෙන් පසු රජයේ හිතවත්කම පමණක් සුදුසු කම ලෙස සලකා පත්කළ ජනවසම, උසවසම වතු අධිකාරී වරු වතු සියල්ලම විනාශ කළා. වතු වල නඩත්තුව සඳහා ලැබෙන මුදල් වංචා කර පොහොර නොයෙදීම බොහොම සුලභ දෙයක් වෙලා තිබුනා. රන් බිත්තර ලන තාරාවා මරා උගේ බඩේ තියන බිත්තර ගන්න ගිය කතාව මෙතනට ඉතාම හොඳට ගැලපෙනවා. 1977 වනවිට වතු වල ඉතිරි වූ දෙයක් තිබුනානම් ඒ සොරකම් කල නොහැකි තරම් විශාල දෙයක් පමණයි. බොහෝ වතු පාඩු පිට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලින් නඩත්තු වූ අතර තවත් බොහොමයක් මුළුමනින්ම වසා දමා තිබුනා. ඉතින් JR බලයට එනකොට මුළු ලෝකයේම අංක එකට තිබුන Ceylon Tea නිපදවාපු, රජයේ විශාලතම විදේශ විනිමය උපදවාපු වතු වෙනුවට රජයේ මුදලින් නඩත්තු කල යුතු කම්කරුවන් සහිත හරිහමන් ආදායමක් නොලැබෙන ඉඩම් අක්කර මිලියන ගානක් තිබුනා කියන එක සම්පුර්ණ ඇත්තයි. //

    //මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි. ඒවායේ හොඳ හෝ නරක ගැන විවේචනයක් තිබුනේ නැහැ. මොකද වෙනත් තරඟකාරී විදේශීය නිෂ්පාදන කිසිවක් ලංකාවට ආනයනය නොකළ නිසා ඒවා හොඳ උනත් නරක උනත් තිබුනේ එච්චරයි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.

    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

    වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.

    සිරිමා බණ්ඩාරනායක රජය, උපාලි විජේවර්ධනගේ UMC මැස්ඩා එකේ සීට් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙද්දී කාර් වලට ඇනවුම් පවා ලබාගෙන තිබුන අවස්තාවක මුළු ව්‍යාපෘතියම අනාථ කිරීම තමයි ඒ රජයේ බලාපොරොත්තුව උනේ. කෙසේ නමුත් ලංකාවේ එවකට තිබුන ජපන් සමාගමක තිබුන මැස්ඩා (ජපානයේ හදාපු) වාහනයක ආසන ගලවා සාම්පල් ලෙස භාවිතා කරලා ඒ ආසන ලංකාවේම හැදුවා. ඉන්පසුවත් මේ වාහන ලංකාවේ ලියාපදිංචි කිරීමටත් බාධා පැමුනුවා.
    70-77 කාලේ විශාල නියඟයක් තිබුනා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කාල සීමාවේ මගේ වයස අවුරුදු 8-15 දක්වායි. හැම වසරකම මෝසම් වැස්සට පෙර එන සාමාන්‍ය නියඟය මිසක් විශේෂිත නියඟයක් මම දන්නේ නැහැ. ඔය කියන වගා කිරීම් තියා සුද්දන් ඉතාම ඉහලින් නඩත්තු කරගෙන ආපු තේ වතු සියල්ලම LRC එක හරහා රජයට පවරාගෙන විනාශ කල බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.//

    //මම පක්ෂ භේදයක් නැතිව, මම දන්නා තරමට ඇත්ත කියන්න උත්සාහ කළා මිසක් පක්ෂයක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කලේ නැහැ. ඔබට එහෙම හිතෙන්න ඇත්තේ මගේ අත්දැකීම් ඔබට නැති නිසා විය හැකියි. මම 1962 උපන් කෙනෙක්. 70-77 යුගය කියන්නේ මගේ ළමා සහ මුලික ටීනේජ් (8-15)යුගයයි. ඒ කාලයේ කොළඹට ආසන්න මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවක දෙමවුපියන් සහිත පවුලක් වූ අපට ආහාර නැති කමක් තිබුනේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් භුක්ති විඳි, නමුත් අපට නැති දේවල් ගැන බොහෝ දුක් උනා. පවුලේ වැඩිමල් පිරිමි දරුවා හැටියට සමුපකාර පෝලිමේ ලැගීම, පාන් පෝලිමේ ලැගීම, කඩේ යාම වැනි කටයුතු බාර උනේ මටයි. 70-77 යුගය ගැන මගේ අත්දැකීම් තව ගොඩක් තියනවා. ඒවා ලියනකොට මාව තව තවත් unp කාරයෙක් හැටියට හංවඩු ගැහේවි.. හේතුව ඒවායෙන් කියැවෙන්නේ ඒ යුගයේ තිබුන දුර්භාග්‍යසම්පන්න දේවල් වීම නිසයි. කොහොම උනත් කිහිපයක් පහතින් ලියන්නම්.

    එකල මගුල් ගෙවල් වල ආරාධිතයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබුනා. වරක් සෙලින්කෝ එකේ තිබුන ඥාතියෙකුගේ මගුල් උත්සවයක ආරාධිතයින් 150 ට වැඩි බව අහුවෙලා, කෑම සැපයීම තහනම් කරලා තිබුනේ උත්සවය දවසේ උදේයි. බුරිය උල්වෙන්න කන්න හිතාගෙන ගිය මට වතුරවත් නැතිව උත්සවයට සහභාගී වෙලා (කොටුවේ හෝටලයකින් කාලා )ආපසු යන්න උනා. වෙඩිං කේක් බෙදුවේ ලිෆ්ට් එකේ තියාගෙන, හරියට හොර බඩු බෙදනවා වාගේ.. මගුල් ජෝඩුවට වත් කන්න තිබුනේ නැහැ. හවස හතර වෙනතෙක් පමණ සුදානම් කල උත්සවය එකහමාර දෙක වෙනකොට අවසන් කළා.

    1973 දී උපන් මගේ බාලම මල්ලිට කිරිපිටි හොයන්න තාත්තා දෙනියායට, බදුල්ලට, අකුරැස්සට (කාගෙන් හෝ ලැබෙන ඔත්තුවක් අනුව ) ගිය බව මට මතකයි. නමුත් ඊට වඩා බොහෝ තැන්වලට ගිය බව මම දන්නවා.

    රතු ලූණු ප්‍රවාහනයටත් සීමා පනවා තිබුනා. අපි දුම්රියෙන් යාපනේ ගොස් රතුලූනු රාත්තල් 15-20 අරන් ආවේ ඇඳුම් බෑග් එකේ දමාගෙන හොර බඩු ගේනවා වගේ. එලිෆන්ට් පාස් වලදී හමුදාවෙන් කෝච්චිය චෙක් කරනවා. නමුත් ඉතාම සුළුතරයක් වූ සිංහල මගීන්ට ඔවුන් කරදර කලේ නැහැ.

    අපිට හාල් පොල් දෙක ඕනෑ තරම් තිබුනා. නමුත් රාජගිරියේ හිටපු පුංචි අම්මාට මම හාල් අරං ගියේ ඉස්කෝලේ පොත් ගෙනියන සූට් කේස් එකේ දමාගෙන පොත් ගෙනියනවා වගේ හංගා ගෙනයි.

    කවුරුන් හෝ පැමිණ අපේ අම්මාට "" අන්න සමුපකාරේ ලොකු පෝලිමක්, මොනවා හරි ඇවිල්ලා වෙන්න ඇති "" කිව්වාම මාව සමුපකාරේට අරිනවා. ආපු දේ මොකක්ද කියන එක කොහොමවත් වැදගත් නැහැ. කාඩ් එකට දෙන ප්‍රමාණය මොනවා උනත් අරන් එනවා. මොනවා උනත් කමක් නැහැ . ඒ මොකද ඕනෑම දෙයක් වටිනවා. මේ දේවල් සුඛෝපභෝගී දේවල් නොවේ. පරිප්පු, උම්බලකඩ, බොම්බයි ලුණු, කරවල එහෙම නැතිනම් කලිසම් රෙදි කෑල්ලක්, රෙදි යාරයක් දෙකක් වැනි ඉතාම සුළු දෙයක්.

    1990 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මට ලංකාවේ චන්ද බලය නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියා වැඩක් නැහැ. මෙවැනි දේවල් ලියු විට ලැබෙන ප්‍රතිචාර ගැනත් මම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් එකල තිබුන ඇත්ත තත්වය නොදන්නා නිසයි මෙය ලිව්වේ.//
    තාමත් සිරිමාවෝ කාලයේ මංඥක්කා ආර්ථිකයට ආසයි නේ? තව ටික කාලෙකින් අපිට කොහොමත් ඔය යුගෙට යන්න වෙනවා. ලැස්ති වෙලා ඉඳපල්ලා.