ජේම්ස් කැමරන් මරියාන ආඝාධය වෙත

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
ජේම්ස් කැමරන් මරියාන ආඝාධය වෙත

ජේම්ස් කැමරන් ගැන ඔබ අහලා ඇතුවා නිසැකයි. ටර්මිනේටර්, ටයිටැනික්, ඇබිස්, ඇවටාර් ආදී චිත‍්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු සුවිශේෂ හැකියාවන් රැසක් ඇති අයෙක්. ඔහු ලේඛකයෙක්. තිර රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, කිමිදුම්කරුවෙක්, ගවේෂකයෙක්, අඩක් විද්‍යාඥයෙක් - අඩක් කලාකරුවෙක් කියලයි විචාරකයන් ඔහුව හඳුන්වන්නෙ.
කැනඩාවේ ඉපදිලා දැනට නවසීලන්තයෙත් ඇමරිකාවේ කැලිෆෝනියාවෙත් ස්ථිර පදිංචිය ඇති ඔහු දැන් සූදානම් වෙනවා මහ පොළොවේ ගැඹුරුම තැනට කිමි දෙන්නට. ඒ පැසිපික් සාගරයේ මරියානා අගාධයයි. එය 11000 Km ගැඹුරුයි. උසම කන්ද වූ හිමාලයටත් වඩා දිගින් වැඩියි. ඔහු මේ ගමන යන්නේ තනිවමයි. 1960න් පසු මේ වන තෙක් කිසිවෙක් මේ කිමිදුම කර නැහැ.

1.JPG

ඔහු මේ ගමන සඳහා විශේෂ කිමිදුම් යානයක් තනවා තියෙනවා. මේ ගමනේ දී ඒ ගැඹුරු මුහුදු පත්ලේ පැය හැයක විතර කාලයක් රූ ගත කිරීම්වල යෙදෙන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. මේ කුඩා සබ්මැරිනය නම් කර ඇත්තේ ‘ඞීප්සී චලෙන්ජර්’ (ගැඹුරු මුහුදේ අභියෝගය) කියායි. ඇත්තටම නම් මේ තරම් ගැඹුරක දී සන්නිවේදන උපකරණ හරි හැටි කි‍්‍රයා කරාවිදැයි කිව නොහැකියි. මේක කැමරුන්ට පමණක් නොව අපටත් අමුතුම අත්දැකීමක්.

මේ කුමුදුවෙහි ඇතුළත වායුගෝලය සකසා තියෙන්නේ කැමරන්ට පහසුවෙන් සිටිය හැකි පරිදියි. දිය යට අධිපීඩනය ඇතුළට නොදැනෙන ලෙසයි. ඔහුට කන්වලට ආරක්ෂක ආවරණ දැමීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු ඉන්නා කුටිය ගෝලාකාරව නතා ඇත්තේ සාගරයේ යට යන්න යන්න මුහුණ දෙන්න වන අධිපීඩනයට ඔරොත්තු දෙන ආකාරයටයි.

එහි ඇතුළත අඟල් 43ක් පළල වුනත් නවීන අධි තාක්ෂණික මෙවලම් නිසා ඔහුට යම්තම් එහා මෙහා වෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. ඔහු මුවින් පිට වෙන ජල වාෂ්ප හා සිරුරෙන් පිට වෙන ඩාදිය කුටියේ ලෝහ තහඩුව මතුපිට රැඳෙනවා. ඒවා වෙනම මල්ලකට එක් රැස් කෙරෙනවා. හදිසි අවස්ථාවක් ආවොත් ඒවා ඔහුට පානය කරන්නත් පුළුවන්

සාගර පත්ලට මේ යානය ගෙන යන පිරවුම් ද්‍රව්‍ය කටයුතු අවසන් වූ පසු යානයෙන් පිටත දැමිය හැකියි. එය යානය තුළ සිටින කැමරන්ට එය කරන්නට සිදු වෙනවා. ඔහු ඊට නියමිත යතුර කි‍්‍රයාත්මක කළා ම පිරවුම් ද්‍රව්‍ය සවිකර ඇති බහාලූවේ ඇණ රත්වී කැඞී යනවා. යම් හෙයකින් කළ නොහැකි වුවහොත් පැය 11කට පස්සේ ඉබේම ඉවත්ව යානය උඩට එන්නට පටන් ගන්නවා.

මේ යානය නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ එකක්. මෙහි පරිපථ 1500ක් මගින් පද්ධති 180ක් කි‍්‍රයාත්මක වෙනවා. ඒවා මේ කුමුදුව සඳහා ම වෙන වෙන ම විශේෂයෙන් තැනූ ඒවායි. හයිඩෙෆිනිෂන් (අධිරූපණ) කැමරා හතර කියා කරන්නේත් ඒ පද්ධති මගින්. ඒ කැමරා සඳහා අඩි 7ක් දිග එල්ඊඞී (LED) පැනලයක් තියෙනවා. එයින් පැහැදිලි ජලය තුළ අඩි 100ක දුරක් ආලෝකමත් කළෑකි. මීට අමතර ව මෙය අවශ්‍ය තරම් දුරකට දිගු කරන්නත් පුළුවන්.

මේ කුමුදුවට බලය සපයන්නේ ඒ සඳහා ම විශේෂයෙන් තැනූ ලිතියම් අයන බැටරියකින්. අලූත් ටොයොටා පි‍්‍රයුස් රථයේ තියෙන බැටරියට සමාන එකක්. ඒත් ඒ වගේ තුන්ගුණයක බලයක් සපයනවා. කැමරන් මතුපිටට ආවාම විශේෂ LED ආලෝකයක් නිකුත් කෙරෙනවා, ඔහුගේ යානයෙන්. ඔහුට තනිව ම සාගර පත්ල යටට ගියාට තනිව ම ගොඩට එන්න බැහැ. ඔහුට ඒ යානය තුළ රැඳී ඉන්න වෙනවා, ඔහුව ගළවා ගන්න එනතුරු.

හොදනන් සළකලා අනිත් අයටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න.:cool:
 
thanujaka

Well-known member
  • උඹ හොද ත්‍රෙඩ් දෙක තුනක්ම දාල තියෙනවා දැක්ක...
    දැන් බොහොම කලාතුරකින් නේ එළකිරියේ බලන්න කියල වැඩකට ඇති දෙයක් යන්නේ..
    හුගක් හොදයි..
    දිගටම මේ වගේ ත්‍රෙඩ් දාපං..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ හොද ත්‍රෙඩ් දෙක තුනක්ම දාල තියෙනවා දැක්ක...
    දැන් බොහොම කලාතුරකින් නේ එළකිරියේ බලන්න කියල වැඩකට ඇති දෙයක් යන්නේ..
    හුගක් හොදයි..
    දිගටම මේ වගේ ත්‍රෙඩ් දාපං..

    :yes::yes::yes:
     
    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    උඹ හොද ත්‍රෙඩ් දෙක තුනක්ම දාල තියෙනවා දැක්ක...
    දැන් බොහොම කලාතුරකින් නේ එළකිරියේ බලන්න කියල වැඩකට ඇති දෙයක් යන්නේ..
    හුගක් හොදයි..
    දිගටම මේ වගේ ත්‍රෙඩ් දාපං..

    තෑන්ක්යූ වෙරි මච් බොස් කරපු අගය කිරීමට.:cool:
    වෙන මහන්සියෙන් වැඩක් නෑ වගේ බම්ප් එකක් වත් වැටෙන්නේ නෑ..:(
     
    • Like
    Reactions: kajja

    thanujaka

    Well-known member
  • තෑන්ක්යූ වෙරි මච් බොස් කරපු අගය කිරීමට.:cool:
    වෙන මහන්සියෙන් වැඩක් නෑ වගේ බම්ප් එකක් වත් වැටෙන්නේ නෑ..:(

    ආ ඒ මේ වෙලාව අවුල් බං..
    බිසී ටයිම් හින්ද ටක්ගාල ත්‍රෙඩ් යට යනවා..
    අනික මේ වෙලාවට වැඩිය මේ වගේ කට්ටිය කියවන්නේ නෑ කම්මැලි..
    හෙට හවස 3 4ට වගේ ත්‍රෙඩ් සේරම ආයේ බම්ප් කරපං..
    එතකොට හරි...
     
    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    ආ ඒ මේ වෙලාව අවුල් බං..
    බිසී ටයිම් හින්ද ටක්ගාල ත්‍රෙඩ් යට යනවා..
    අනික මේ වෙලාවට වැඩිය මේ වගේ කට්ටිය කියවන්නේ නෑ කම්මැලි..
    හෙට හවස 3 4ට වගේ ත්‍රෙඩ් සේරම ආයේ බම්ප් කරපං..
    එතකොට හරි...

    එහෙමත් කේස් එකක් තියෙනවද..
    තෑන්ක්ස් මචං දැනුවත් කරාට..
    මං ආයේ හෙට හවස බම්ප් කරන්නං..:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරියෙන් කාලෙකින් දැක ගන්න නොලැබුණ විදියේ ත්‍රෙඩ් එකක්..කෑමරන් ව දැනන් හිටියට කැමරන් මෙච්චර බුලට් එකක් කියල දැන ගත්තේ අද මේ ත්‍රෙඩ් එකෙන්..මට මතකයි කැමරන් ගේ ඇවටාර් ‍ෆිල්ම් එක හදපු වෙලාවේ ගත්ත පුවත්පත් වාර්ථාවක තිබුණා කැමරන් ගේ හිතේ සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් හොල්මන් කරපු මේ කන්සෙප්ට් එක වාර ගනනක් ෆේල් වෙලාලු අන්තිමට මේ විදියට ප්‍රකාශ උනේ..කැමරන්ට මේ ‍ෆිල්ම් එකේ සාර්ථකත්ත්වයට ඉවහල් උන හොඳම සහයිකාව ඔහුගේ හිටපු බිරිඳ ලු.. ටයිටැනික් ‍ෆිල්ම් එක හදපු කාලේ කිරි පැණි වගේ හිටි මුන් දෙන්න මේ වෙද්දි වෙන් වෙලා.. හැබැයි අදටත් දෙන්නට එකට වැඩ කරන්න පුලුවන් ලු..වගේම වඩාත් විස්වාසවන්තම සගයත් ඇය ලු..මිනිස්සු හරි පුදුමයි.:shocked::shocked::shocked:

    කැමරන් මේ ගමන අසාර්ථක වෙන එකක් නෑ.. අපිට මැරෙන්න කලින් තවත් සුපිරි ‍ෆිල්ම් එකක් ඔය මනුස්සය ඔය දකින දේවල් පාදක කරන් ලෝකයාටම එළි දක්වාවි..:):):)

    ත්‍රෙඩ එක දාපු යාලුවව නම් මම කලින් දැකලා නෑ..මේ වගේ ත්‍රෙඩ් නම් මචන් කොච්චර දැම්මත් අපි කියවනවා..ඒ නිසා දිගටම මේ වගේ ත්‍රෙඩ් දාන්න..කියවන්නන් වාලේ කියවනවට වඩා මේ වගේ දේවල් වලින් ගත හැකි දේ බොහොයි..:):):):)

    බොහොම ස්තුතියි.. රෙප් 10+කින් උපරිම සන්තෝසෙන් දමා ගසන ලදි..:cool::cool::cool:
     
    ගොඩක් ස්තූතියි මචං අදහස් දැක්වීමට.
    මට නං තාම රෙප් ලබාදෙන්න පුළුවන් කමක් නෑ..