බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ ඔය නාඩි වාක්‍ය ගැන හුගක් විස්තර කියල තියනවා. මම අහල තියනවා බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ විස්තර පවා මේ නාඩි වාක්‍ය හරහා හොයාගන තියනවා.
ජ්‍යෝතිෂ්‍ය සහ නාඩි වාක්‍ය අතර වෙනස තමයි, ජ්‍යෝතිෂයේදී කෙරෙන්නේ උපන් වෙලාව අනුව කේන්ද්‍ර සටහන් ඇදල අනාවැකි පැවසීම. එතෙන්දි ජ්‍යෝතිර්වෙදියාගේ දැනුම අනුව අනාවැකි වරදින්ඩ පුළුවන්. නමුත් නාඩි වාක්‍ය වලදී ලියල තියන දෙයක් කියවීමක් කෙරෙන්නේ. හරියට පොතක් බලාගන කියවනව වගේ. මෙතෙන්දි නාඩි වාක්‍ය ලියවිලා තියන කොලය හොයාගන්ඩ උපයෝගී කරගන්නේ ඇගිලි සලකුණ. ඇත්තටම නාඩි වාක්‍ය කියන්නේ අනාවැකි පැවසීමක් නෙමෙයි. පුද්ගලයකුගේ ජීවිත කතාව කියවීමක්.
මේවා පිලිගන්නැති අය ඉන්නවා. නමුත් කිසිම විද්‍යාවකින් පැහැදිලි කරන්ඩ බැරි දෙයක් මේ නාඩි වාක්‍ය කියන්නේ. මමත් මගේ නාඩි වාක්‍ය පරිච්චේද කිහිපයක් බලල තියනවා. තව කාරණයක් තමයි මේ නාඩි වාක්‍ය හැම කෙනාටම ලියවිලා නැහැ. ඒකත් ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ පැහැදිලිවම කියල තියනවා. නාඩි වාක්‍ය ලියවිලා තියන පුද්ගලයෙක් තමන්ගේ නාඩි වාක්‍ය අහන්ඩ එන දිනය පවා නාඩි වාක්‍ය කොලයේ ලියවිලා තියන බවයි පැවසෙන්නේ.
Meka koheda thiyenne?





hmmmm...
