හුදෙක් ආගම යනු තනිකරම විශ්වාසය මත පදනම් වූ සංකල්පනාවකි....
එහි අවසාන ප‍්‍රතිඵලය මෙතෙක් අප ස්වකීය ප‍්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් 100% ක් නිවැරදි බව ඔප්පු කරගෙන නැත...
අසවලා කියා ඇත.... අසවල් ග‍්‍රන්ථයේ ඇත කියා පමණක් වර්තමානයේ අප තර්ක කරමින් සිටිති....
තමන්ගේ ආගම නිවැරදි අතර අනෙක් ආගම් සියල්ලම බොරුය.... ඒවා හුදෙක් අන්ධයන් විසින් අදහන දේවල්ය....
ඕනෑම ආගමක ගත යුත්තක් මෙන්ම පයට පෑගෙන දුවිල්ලක් මෙන් නොසලකා හැරිය යුතු දේවල් ද ඇත....
අනෙක් අතට ඔය එකදු ආගම් ශාස්තෘවරයෙක්වත් මතු ප‍්‍රයෝජනයට කියා තමන්ගේ ඉගැන්වීම ග‍්‍රන්ථාරුඪ කර නැත...
ඔහු දෙසුවා යැයි තවකෙක් විසින් ලියන ලද ග‍්‍රන්ථ පමණකි දකින්නට ලැබෙන්නේ.... බලාගෙන ලිවීමේ දී පවා අකුරු වචන හලන, අලූත් වචන දමන ලෝකයක පසුකාලීනව මේවාට තමන්ගේ දෘෂ්ටි කෝණවලින් මොනවා රිංගවා ඇද්දැයි කවුරු දන්තිද...?
සිදුහත් කුමරු සත් පියුම් මත වැඩියේ ද, යේසුන් වහන්සේ නැවත උට්ඨාන වුයේ ද, අල්ලාහ්ගේ නාමයෙන් මරණින් මතු කන්‍යාවියන් හැට ගණනකගේ පහස ලබන්නේ ද යන්න වැදගත් නොවන්නේ ඒ කිසිදු දෙයකින් අපගේ ප‍්‍රායෝගික ජිවිතයට අස්වැසිල්ලක් නොලැබෙන බැවිනි....
මා මෙම ඉර හඳ යට ඉපදුණා පමණි.... දෙවියන් මැව්වේද ආගම් මැව්වේ ද මිනිසා මිසක, දෙවියන් විසින් ආගම් විසින් මවන ලද මිනිසෙකු මිහිපිට නැත..... නමුදු මිහිපිට දෙවියන් මිහිපිට යකුන් අපට නිරන්තරයෙන් හමුවෙනවා ඇත.. ඒ ඔවුන්ගේ නියම වේශයෙන් නොව මනුෂ්‍ය වේෂයෙන්ය.....