ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113

    "ඇයි ඉබේ හැදෙන්න බැරිද ? කවුරු හරි නිර්මාණය කරන්නම ඕනද ??"
    නිර්මාණය කරනවා නෙවෙයි. නිර්මණය වෙනවා. ඒක වෙන්නේ සියළු සත්වයින්ගේ සිතිවිලි වලින් (රග, ද්වේෂ, මෝහ ). මේ ලෝක නිර්මාණ ක්‍රියාවලිය ඇත්තටම හැමවිටම සිද්ධ වෙනවා. නමුත් ඒක ප්‍රමුඛව පේන්නේ ලෝකය විනාස වෙලා කිසිම දෙයල් ඉතුරු නොවූ විට. ලෝකය පවතින කාලයේ මේ ලෝකය හැදෙන වේගයයි, විනාස වන වේගයයි සමානයි. ඒ නිසා ලෝකය ස්තාවරව තියෙනවා වගේ පේනවා.

    ඔයා මේ කියන්නේ චිත්ත නියාමය ගැනද ??
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අයි ඔයා දැන් කලින් thread එකක උප්පත්තියෙන් ආපු ප්‍රයෝගික බෞද්ධයෙක් කිවුවා නේද?

    අර බල්ලෝ බත් කනවා බලලා, මල් පරවෙනවා බලලා අනිත්‍ය අවබෝද වෙනවා කිවුවා නේද?

    ඒ "සංකල්පේ" කැලේ ගියා ද? :rofl:

    ඔව් ඒකට "ප‍්‍රායෝගික" කියල කෑල්ලක් එල්ලලා තියෙන්නේ ඇයි කියල් ඒ ත්‍රෙඩ් එකට ගිහිල්ල බලන්න...
    උඹල වගේ ආගම හබිං කරගත්ත එවුන් ආගමෙන් මත් වෙනවා විතරයි... එතනින් එහාට මෙලෝ රහක් නෑ....

    අනිත්‍ය ප‍්‍රත්‍යක්‍ෂයි කියල අවබෝධ කරගත්තේ ඒ දේවල් දිහා නියමිත විදියට බලල...
    උඹ පන්සල් යන්නේ මල් පූජා කරල පිං ගන්න... අපි දෙන්නම බෞද්ධයෝ වුණාට උඹගෙයි මගෙයි වෙනස ඒකයි.... :P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔයා මේ කියන්නේ චිත්ත නියාමය ගැනද ??

    චිත්ත නියාමයෙත් සම්බන්ධයක් ඇති. මේක තවත් පැහැදිළි කරන්න පුළුවන් පටිච්චසමුප්පදයේ නාම රූප කොටසින්. එතන නාම රූප කියන්නේ සුද්ධාෂ්ටක අංශුවක් නිර්මාණය කරලා විශ්වයට නිදහස් කිරීම. ඒ කියන්නේ සතර මහා භූත හෙවත් පදාර්ථයේ නිර්මාතෘ සිතයි. මේ අකාරයට හැදෙන සුද්ධාෂ්ටක එකතු වෙලා තමයි මේ පංචස්කන්ධ ලෝකය හැදිලා තියෙන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    චිත්ත නියාමයෙත් සම්බන්ධයක් ඇති. මේක තවත් පැහැදිළි කරන්න පුළුවන් පටිච්චසමුප්පදයේ නාම රූප කොටසින්. එතන නාම රූප කියන්නේ සුද්ධාෂ්ටක අංශුවක් නිර්මාණය කරලා විශ්වයට නිදහස් කිරීම. ඒ කියන්නේ සතර මහා භූත හෙවත් පදාර්ථයේ නිර්මාතෘ සිතයි. මේ අකාරයට හැදෙන සුද්ධාෂ්ටක එකතු වෙලා තමයි මේ පංචස්කන්ධ ලෝකය හැදිලා තියෙන්නේ.

    මෙහෙම හැදෙන එක සුද්ධාෂ්ටක අංශුවක ආයු කාලය ඉතා දීර්ඝයි. කල්ප ගනනක් තිස්සේ විපරිණාමය වෙලා විනාස වෙලා යනවා.
     
    • Like
    Reactions: a2mdb

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අග්ගඤ්ඤ සූත්‍රය කියවලා තියනවා ෆුතා. ඒකෙ කොහෙද තියෙන්නේ බ්‍රහ්මයන්ගෙ සිතුවිලි වලින් විශ්වය නිර්මාණය උනා කියලා. ඒකෙ තියෙන්නේ පොලවට ආභස්සර බ්‍රහ්මයො ඇවිල්ලා එයාලගෙ විකසනේ සිදුවෙන විදිහ. එයාලගෙ සිතිවිලි වලින් පොළව හටගත්තය, ඉර හඳ තරු හටගත්තය කියලා. නෑනේ....

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    චිත්ත නියාමයෙත් සම්බන්ධයක් ඇති. මේක තවත් පැහැදිළි කරන්න පුළුවන් පටිච්චසමුප්පදයේ නාම රූප කොටසින්. එතන නාම රූප කියන්නේ සුද්ධාෂ්ටක අංශුවක් නිර්මාණය කරලා විශ්වයට නිදහස් කිරීම. ඒ කියන්නේ සතර මහා භූත හෙවත් පදාර්ථයේ නිර්මාතෘ සිතයි. මේ අකාරයට හැදෙන සුද්ධාෂ්ටක එකතු වෙලා තමයි මේ පංචස්කන්ධ ලෝකය හැදිලා තියෙන්නේ.

    hmm... Make sense. මම මේ සුද්ධාෂ්ටක අංශු කියන කතන්දරේ ඇහුවෙ ඔයාගෙන්ම තමා. මීට කලින් අහලා හෝ කියවලා තිබුනෙ නැහැ. මට මේ ගැන වැඩිපුර තොරතුරු කියවන්න මොකක් හරි තැනක් දෙන්න පුලුවන්ද ? සූත්‍රයක නමක් හරි... මොකක් හරි ?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    hmm... Make sense. මම මේ සුද්ධාෂ්ටක අංශු කියන කතන්දරේ ඇහුවෙ ඔයාගෙන්ම තමා. මීට කලින් අහලා හෝ කියවලා තිබුනෙ නැහැ. මට මේ ගැන වැඩිපුර තොරතුරු කියවන්න මොකක් හරි තැනක් දෙන්න පුලුවන්ද ? සූත්‍රයක නමක් හරි... මොකක් හරි ?

    අභය හිමිගේ බණ වල ඕවා ගැන කියනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔව් ඒකට "ප‍්‍රායෝගික" කියල කෑල්ලක් එල්ලලා තියෙන්නේ ඇයි කියල් ඒ ත්‍රෙඩ් එකට ගිහිල්ල බලන්න...
    උඹල වගේ ආගම හබිං කරගත්ත එවුන් ආගමෙන් මත් වෙනවා විතරයි... එතනින් එහාට මෙලෝ රහක් නෑ....

    අනිත්‍ය ප‍්‍රත්‍යක්‍ෂයි කියල අවබෝධ කරගත්තේ ඒ දේවල් දිහා නියමිත විදියට බලල...
    උඹ පන්සල් යන්නේ මල් පූජා කරල පිං ගන්න... අපි දෙන්නම බෞද්ධයෝ වුණාට උඹගෙයි මගෙයි වෙනස ඒකයි.... :P

    දාන comments එකකට එකක් ගලපෙන්නෙත් නෑ.. මනෝ ගහගත්ත බ්ලා බ්ලා බ්ලා .....
    මට තේරුණා පොඩි මොංගල් තත්වයක් තියනවා කියලා! :rofl:
    පස්සේ කියන්නන් කියලා හිතාගෙන හිටියේ! ලොල්.. :rofl:

    තමං ම අනිත් හැමෝටම බලාගන්න දාපු එක මම නිකන් comment එකකින් කිඋවට වඩා සැහෙන්න වටිනවා! :rofl:

    දැන් මේක දකින අනිත් මිනිස්සුන්ගේ කාලේ ඉතුරු වෙනවා නේ! :rofl:
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දාන comments එකකට එකක් ගලපෙන්නෙත් නෑ.. මනෝ ගහගත්ත බ්ලා බ්ලා බ්ලා .....
    මට තේරුණා පොඩි මොංගල් තත්වයක් තියනවා කියලා! :rofl:
    පස්සේ කියන්නන් කියලා හිතාගෙන හිටියේ! ලොල්.. :rofl:

    තමං ම අනිත් හැමෝටම බලාගන්න දාපු එක මම නිකන් comment එකකින් කිඋවට වඩා සැහෙන්න වටිනවා! :rofl:

    දැන් මේක දකින අනිත් මිනිස්සුන්ගේ කාලේ ඉතුරු වෙනවා නේ! :rofl:

    :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    චිත්ත නියාමයෙත් සම්බන්ධයක් ඇති. මේක තවත් පැහැදිළි කරන්න පුළුවන් පටිච්චසමුප්පදයේ නාම රූප කොටසින්. එතන නාම රූප කියන්නේ සුද්ධාෂ්ටක අංශුවක් නිර්මාණය කරලා විශ්වයට නිදහස් කිරීම. ඒ කියන්නේ සතර මහා භූත හෙවත් පදාර්ථයේ නිර්මාතෘ සිතයි. මේ අකාරයට හැදෙන සුද්ධාෂ්ටක එකතු වෙලා තමයි මේ පංචස්කන්ධ ලෝකය හැදිලා තියෙන්නේ.

    පන්චස්කන්ධය තුල තියෙන්නේ දශක රුප ( ශුද්ධාශ්ඨක + භාව රුප + ජීවිතෙන්ද්‍රිය )

    ගස් වැල් වගේ අප්‍රනික / අර්ධ ප්‍රාණී ඒවාතුල තමයි ශුද්ධාශ්ඨක තියෙන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පන්චස්කන්ධය තුල තියෙන්නේ දශක රුප ( ශුද්ධාශ්ඨක + භාව රුප + ජීවිතෙන්ද්‍රිය )

    ගස් වැල් වගේ අප්‍රනික / අර්ධ ප්‍රාණී ඒවාතුල තමයි ශුද්ධාශ්ඨක තියෙන්නේ.

    ඔව්. මේ කතාවෙත් ඇත්තක් තියෙනවා. සුද්ධාශ්ටක කියන්නේ පන්චස්කන්ධයේ රූපය පමණයි. හැබැයි අනික් ප්‍රශ්නේ තමයි මෙහෙම නැවත නාම රූප හැදෙද්දි අලුත් සත්වයින් නිර්මාණය වෙන්නේ නෑ මං හිතන්නේ (ඉන්න කෙනෙක් නැවත ඉපදෙනවා මිසක්).
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    යස්.. කල්ට් සීන් එකක් වගේ තමයි. මචං මෙහෙම සීන් එකකුත් තියනවා. උඹ දැකල තියනවද හොඳට ධර්මානුකූලව හිටපු භික්ෂූන් වහන්සේලා, ගිහියෝ එක පාරටම පිස්සුවෙන් වගේ U Turn ගහන අවස්ථා.. දැන් ලංකාවෙත් කාලෙන් කාලෙට ඒ වගේ සීන් එනවා. ඒ වෙන්නේ ගොඩක් අවස්ථාවලදි භාවනා කරද්දි එයාල කරගන්න වැරදීම් වල ප්‍රථිපල නිසා යම් ආකාරයකට උන්මත්තක වීම්. මෙහෙම කිව්වා කියලා භාවනා කරන අය භය වෙන්න එපා. කසින භාවනා ගැන අහලා තිබෙනවාද ? අන්න ඒවා සුදුසු නැහැ නිසි කමටහන් නැතිව කරන්න.

    බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන එක ගැන අහලා තියනවා නේද ? යමාමහ පෙළහර කියන්නේ බුදු කෙනෙකුට පමණක් කරන්න පුලුවන් ප්‍රාථිහාර්යයක්. එකෙදි උන් වහන්සේ කරන්නේ කසින සමාපත්තීන් අතර ක්ෂණිකව මාරුවීමක්. අපෝ කසින සමාපත්තියෙන් තේජෝ කසින සමාපත්තියට ඒකෙන් නීල කසින සමාපත්තියට වගේ කසින සමාපත්තීන්වලට ක්ෂණිකව Switch වීමේ හැකියාව බුදු කෙනෙකුට තිබෙනවා. එවිට තමයි අර කියන ජලය, ගින්දර ,වර්ණයන් ආදී සහිතව යමාමහ පෙළහර බලාඉන්න අයට පේන්නේ.

    සමහර අය භාවනා කරන්න ගියාම භාවනාවෙ මුඛ්‍ය අරමුණට නැතිව අතුරු අරමුණු වලට යන්න ගන්නවා. එහෙම යද්දි එයාලට විවිද දේවල් පේන්න පටන්ගන්නවා. කෙනෙක් Wrong turn වුනාම එයාලව අන්දන්න බලාගන ඉන්න කට්ටිය ඉන්නවා (අදෘෂ්‍යමාන බලවේග) . ඉතින් Wrong turn ගිය කෙනෙක් භාවනා කරද්දි එයාට සමහර විට පේන්න පුලුවන් දෙවි කෙනෙක් ඇවිත් එයාට වඳිනවා වගේ සීන්... දෙවිකෙනෙක් ඇවිත් වැඳලා “ඔබ රහත් වෙලා“ වගේ කියන සීන්. ඉතින් භාවනාව කරද්දි ඕක උනාම අර භාවනාව වැරදි විදිහට කරන දෙනා හිතනවා “අම්මට සිරි මේක ඇත්ත“ කියලා. එහෙම හිතලා මුලාවෙ වැටිලා කල්ට් එකක් පටන්ගන්නවා ඒක බුද්ධාගමෙන් විකරණය වෙනවා. භාවනාකරද්දි එයාව අමාරුවෙන් දාන්න බලාගන ඉන්න කට්ටිය කියන කියන බොරු මෙයා ප්‍රත්‍යක්ෂ කරපු ආකාරයට දේශනා කරන්න ගන්නවා.

    මේක ඇත්තද නැද්ද කියන එක ඔයාලටම බලන්න පුලුවන් ප්‍රාෙයා්ගික උදාහරණ ලංකාවෙ තිබෙනවා. ඒ පිස්සු කෙලින හාමුදුරුවරුන්ගෙ අතීතය බලපුවාම පැහැදිලිව පේන දෙයක් තමා අපූරුවට ධර්ම මාර්ගෙ ගිහිල්ලා... භාවනා කරලා.. ඉතා හොඳ ධර්ම ඥාණයක් තිබුන කෙනෙක් එක පාරටම පිස්සු කෙලින්න පටන් අරන් තියෙන්නේ කියලා....

    ඒක ඉතිං ගිහියන්ටත් වෙන්න පුුලුවන්. අපේ පැත්තෙ ඉන්නවා බුවෙක්. පොර මුචලින්ද නාගයා කියාගත්ත. පිස්සෙක් නෙමෙයි. රස්සාවක් කරගන ධර්මය අහගන භාවනා කරගන ඉන්න කෙනෙක්. බට් පොර මුචලින්ද නාගයාලු, පරාක්‍රමබාහු රජ්ජුරුවොලු. ටීවි එකෙත් පෙන්නුවා බුවාව සැරයක් දෙකක්.
    කසින විතරක් නෙමේ කුන්ඩලීනී, මෛත්‍රී භාවනාත් හොද නෑ තනියම වඩන්න.. ආනාපානාසතිය විතරයි හොද. ඒකත් එක දිගට වැඩි කාලයක් තනියම කරන්න හොද නෑ.

    භාවනා කියන්නෙ නොදන්න පාරක ගිහින් ආපහු එනව වගේ වැඩක්. ඒ නිසා ඒ පාරෙ හමුවෙන දේවල් හැම අවස්තාවකම තව ඒ පාරෙම ගිය තව කෙනෙක් එක්ක කතා කරන්නම ඕනෙ. එහෙම නැති උනොත් දවසක මංමුලා වෙලා ආපහු එන්න බැරි වෙනව. උමතු වෙනව. හිත ලිම්බෝ එකකට යනව. හරියටම කියනවා නම් Inception Film එකේ ගෑනිට වෙන දේ වෙන්නෙ.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඔය කියන විදියට ජේසු තුමා වැරදිලා හරි බුද්ධාගම ඉගෙන ගත්තනම් ඉගෙන ගෙන තියෙන්නෙ ලෞකික පැත්තම විතරක් වෙන්න ඕනි. මොකද ලෝකෝත්තර පැත්ත දැනගත්ත කෙනෙකුට වෙන ආගමක් හැදීමේ අවශ්‍යතාවයක් එන්නේ නැ. ඉතිං මේ පැති දෙකම ඉගෙන ගත්තෙ නැත්තම් එයා බෞද්ධයෙක් කියලා කියන්න බැ. මොකද බුද්ධ දර්ශනයේ අග්‍ර ඵලය නිර්වාණය මිසක් ස්වර්ගය නෙමේනේ. බෞද්ධයෙක් නම් අවසානයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා මිසක් ස්වර්ගයේ සදාකාලික ජීවිතයක් පතන්නේ නැහැනේ. ඒ වගේම අනිත් මිනිසුන්ව ඒ දේට පොලඹවන්නෙත් නැනැනේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දාන comments එකකට එකක් ගලපෙන්නෙත් නෑ.. මනෝ ගහගත්ත බ්ලා බ්ලා බ්ලා .....
    මට තේරුණා පොඩි මොංගල් තත්වයක් තියනවා කියලා! :rofl:
    පස්සේ කියන්නන් කියලා හිතාගෙන හිටියේ! ලොල්.. :rofl:

    තමං ම අනිත් හැමෝටම බලාගන්න දාපු එක මම නිකන් comment එකකින් කිඋවට වඩා සැහෙන්න වටිනවා! :rofl:

    දැන් මේක දකින අනිත් මිනිස්සුන්ගේ කාලේ ඉතුරු වෙනවා නේ! :rofl:

    ඔව් බං හැම පිස්සෙක්ම අනෙක් එකාට පිස්සෙක් කියල තමයි කියන්නේ....
    ඕං මම නම් කියනවා උඹට පිස්සු නෑ කියලා හොඳේ.... :eek:
    ඒ වගේම උඹ මොංගලූත් නෑ.... :P

    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය කියන විදියට ජේසු තුමා වැරදිලා හරි බුද්ධාගම ඉගෙන ගත්තනම් ඉගෙන ගෙන තියෙන්නෙ ලෞකික පැත්තම විතරක් වෙන්න ඕනි. මොකද ලෝකෝත්තර පැත්ත දැනගත්ත කෙනෙකුට වෙන ආගමක් හැදීමේ අවශ්‍යතාවයක් එන්නේ නැ. ඉතිං මේ පැති දෙකම ඉගෙන ගත්තෙ නැත්තම් එයා බෞද්ධයෙක් කියලා කියන්න බැ. මොකද බුද්ධ දර්ශනයේ අග්‍ර ඵලය නිර්වාණය මිසක් ස්වර්ගය නෙමේනේ. බෞද්ධයෙක් නම් අවසානයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා මිසක් ස්වර්ගයේ සදාකාලික ජීවිතයක් පතන්නේ නැහැනේ. ඒ වගේම අනිත් මිනිසුන්ව ඒ දේට පොලඹවන්නෙත් නැනැනේ.

    "ඔය කියන විදියට ජේසු තුමා වැරදිලා හරි බුද්ධාගම ඉගෙන ගත්තනම් ඉගෙන ගෙන තියෙන්නෙ ලෞකික පැත්තම විතරක් වෙන්න ඕනි."
    ඔව්. එහෙම වෙන්න පුළුවන්.

    " ඉතිං මේ පැති දෙකම ඉගෙන ගත්තෙ නැත්තම් එයා බෞද්ධයෙක් කියලා කියන්න බැ."
    බුදුහාමුදුරුවෝ බෞද්ධයෙක් කියලා කිව්වේ සෝතාපන්න වූ කෙනෙකුට. නමුත් බුදුදහම ඉගෙනගත්තා කියන එකට මේක බලපෑමක් වෙන්නේ නෑ කොහොමත්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔව් බං හැම පිස්සෙක්ම අනෙක් එකාට පිස්සෙක් කියල තමයි කියන්නේ....
    ඕං මම නම් කියනවා උඹට පිස්සු නෑ කියලා හොඳේ.... :eek:
    ඒ වගේම උඹ මොංගලූත් නෑ.... :P

    :D:D
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේවා තේරෙන්නෙත් නෑ
    එතකොට අපේ බුදුහාමුදුරුවන්ගේ ගෝලයෙක්ද ජේසු
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මෙහෙම හැදෙන එක සුද්ධාෂ්ටක අංශුවක ආයු කාලය ඉතා දීර්ඝයි. කල්ප ගනනක් තිස්සේ විපරිණාමය වෙලා විනාස වෙලා යනවා.

    පොඩි නිවැරදිකිරීමක්..
    රුපකලාප 21ක් තියනවා.එයින් එක් වර්ගයක් තමයි ශුද්ධාශ්ඨක ටයිප් එක.
    රුප කලාප ගනයට අයත්වන ශුද්ධාශ්ටකයක ආයුකාලය චිත්තක්ශන 17යි.
    එයට මගේ මතකයේ හැටියට ,
    පලමු චිත්තක්ශනයේ 'උත්පාදය
    ඊලග 15 දී පැවැත්ම ,
    17 වන එකේදී රුප කලාපයේ නිරෝධය'

    රුපකලාප =====> <උත්පාද-1>< ස්ටිථි-15><භන්ග-1>