මම කිව්ව දේ කොට් කරලා උත්තර දෙන්න කලින් මම කොට් කලේ මොකක්ද කියලා බලන්න. වචන හරඹ කලහැකි කතිකත්වය තියන එකාට. ඉර හද කලහැකි කතාවෙන්. මෙතන ත්‍රේඩ් එක දාපු එකා කිව්වේ බුදු හාමුදුරුවො සියලු දර්මයන් විදයන් කෙල පැමිනි පුද්ගලයෙක් කියලා. මම එතකොටයි උගෙන් ඇහුවෙ, එහෙනම් නිවටන් ලොකේට කියනකන් හිටියේ ඇයි මිනිස්සු කලින් දැනගෙන ඉන එපැයි කියලා. දැන් උබ මම ඒ දුන්නු උත්තරේ කොට් කරලා මාත් එක්ක ඇරගන්න දගලනවා. උබෙන් එකෙක් අහපුවහම යන්නේ කොහෙද කියලා උබ කියනවා කොලඹ යනවා කියලා එතකොට කතාවට කොහෙත්ම සම්බන්දයක් නැති එකෙක් මැද්දට පැනලා උබෙන් උත්තරෙන් ප්‍රශ්නයක් අහනවා ගෙවල් කොලඹද කියලා.. ඉතින් උබ පැහැදිලි කරන්න ඔනද මුල ඉදන් උබ කොලඹ යන හෙතුව.
බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ගුණය ‘විජ්ජාචරණ සම්පන්න.’ ‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ‘චරණ’ කියන්නෙ හැසිරීම. එතැන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඤාණවලට කියන නමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පර්යේෂණයක් කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ‘ආර්ය පර්යේෂණය.’ උන්වහන්සේ පරීක්ෂණ කළේ සිත පිරිසිදු කරලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. ඒ පරීක්ෂණය කරගෙන යනකොට උන්වහන්සේට විද්‍යාව පහළ වුණා. දම්සක් පැවතුම් සූත්‍රයේ (විජ්ජා උදපාදි) ‘විද්‍යාව පහළ වුණා’ කියලා තියෙන්නේ ඒකයි. විද්‍යාවන් අතර බුදුරජාණන් වහන්සේ සොයාගත් විද්‍යා තුනක් තියෙනවා. ඒකට කියන්නේ ‘ත්‍රිවිද්‍යා’ කියලයි.
සයන්ස් කියන්නෙ විද්‍යාව කිව්ව කෙනා හොයාගෙන අහල බලපන් ඔය ප්‍රශ්නෙ. ඕක අර්ථ දැක්වීමෙ ගැටළුවක්. බටහිර අය සයන්ස් කියන එකමද පෙරදිග විද්‍යාව කියල අර්ථ දක්වන්නෙ. සයන්ස් වල පදනම් ද්විකොටික තර්කන ක්රමයක පදනම වෙනකොට පෙරදිග විද්‍යාවෙ පදනම චතුස්කෝටික තර්කන ක්‍රමයක්.
වෙනස් ක්‍රම දෙකකට සමාන අර්ථ දා ගැනීම ගැනයි අපි ප්‍රශ්න කරන්න ඕනි.



