ඔව් කොහොමත් බුද්ධාගමේ කියන විදිහට මොලේ ඇතුලේ ඉන්න මමට වඩා යමක් තියෙන්න ඕනේ, නැත්තන් පින් පව් අකවුන්ට් එක අප්ඩේට් වෙන්න කොහොමද සංසාරේ පුරා.
ඔව්. බුදුදමේ මේ මමට කියන්නේ විඥ්ඥානය හෙවත් සිත කියලා. මේවා බොහෝ දීර්ඝ ලෙස විග්රහ කරලා තියෙනවා. සිතිවිලි ගොඩනැගිලා එන ආකාරය, ඇසින්, කනින්, වෙන වෙනම රූප මාත්ර කොටස් එකතු කරගෙන, ඉන්පසු එයින් සංකාරයක් ගොඩනඟා ගන්නවා. මේ සංකාරය පියවර ගණනාවකින් විඥ්ඥානය බවට පත් වෙනවා. ඉන්පසු මේවා සැප, දුක්, උපේක්ෂා වේදනා ලෙස වෙන් කරගන්නවා පැරණි මතකයන් උපයෝගී කරගෙන. මේ වේදනාවේ ඉන්පසු රාග, ද්වේශ හෝ මෝහ ලෙස අවිද්යාවෙන් ඇලෙනවා. ආස්වාදය හටගන්නේ මේ අවිද්යාවෙන් වේදනාවට ඇලීමෙන් තමයි. මේ ආස්වාදය තමයි ආර්ය සසනයේ දුක්ඛය ලෙස හඳුන්වන්නේ. නිවන් දැකීමට කළ යුත්තේ මේ ආස්වාදය නැති කිරීමයි. ඒ සඳහා අවිද්යාව ප්රහානය කරනවා. අවිද්යාව කියන්නේ ලෝකය සාරයි, කැමැත්ත ඉෂ්ඨ කරනවා වගේ දෘෂ්ඨීන්. මේ අවිද්යාව නැතිකිරීමට ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකිය යුතුයි. මේ විදියට විදර්ශනා කරන විට ටිකින් ටික මාර්ගඵල ලබල නිවන් අවබෝධ කරගන්න පුළුවන්.
නම් මරු. තව ඔයවගේ series නැද්ද උඹලා දන්න.
සංවේදන වලින් දත්ත අරන් මොලෙන් ප්රොසෙස් කරල කලින් තිබුන මතකයන් එක්ක ඒවට තේරුමක් දීල ඒවා ගැන ආසාවල් උපදවා ගන්න හැටි ඒවට ඇලෙන හැටි ඔය කියන්නේ. මොලයක් නැති මිනිහෙක්ට ඕව කරන්න බෑ. මොලේට පිටින් තියෙනවා කියන අමුතු එකක් ගැන විස්තරයක් ඇත්තෙත් නෑ ඔකේ.
ආස හිතෙනවා අහන් ඉන්න 







