ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. රංගා මහතා දකුණු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​

    වව්නියාවේදී 2011 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති නඩුවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වවිනියාව මහධිකරණය කරන ලද නියෝගයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.​

    2011 වසරේ මාර්තු මස 30 වැනිදා වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර ප‍්‍රභූ ආරක්‍ෂක අංශයේ පොලිස් සැරයන් වරයෙකු මියයාම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය හා අසත්‍යය තොරතුරු ඉදිරිපත් කරමින් කරුණු වසන් කිරීම පිළිබඳව හිටපු මන්ත්‍රීවරයා ඔහුට අධි චෝදනා එල්ල වී ඇත.​

    එම නඩුවට අදාළව සාක්ෂි ලබා දුන් දෙදෙනකු හිටපු මන්ත්‍රීවරයා විසින් වෑන් රථයක නංවාගෙන ගොස් බලපෑම් කිරීම මත මෙසේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණි.​

    හිටපු මන්ත්‍රීවරයා පැදවූ ලියාපදිංචි නොකල ජීප් රථය වේගය පාලනය කර ගත නොහැකිව සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එම රියදුරු අසුනට සමීපව සිටි සැරයන්වරයා ඉන් මියගොස් තිබේ.​

    @SLK_sri දැක්කද මචෝ​

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේක තාජුඩීන් episode two.
    මේ මිනිහා වාහනේ එලවාගෙන ගිහිල්ලා හප්පලා වම් පැත්තේ සීට් එකේ හිටපු පොලිස් කාරයා මලා. ඊට පස්සේ, ඒ මිනිහා තමයි වාහනය එලවාගෙන ගියේ කියලා කතාව හැදුවා. තාජුඩීන් කේස් එක SDIG අනුර සේනානායක හැන්ඩ්ල් කළා වගේ, මේ කේස් එකත් උතුරේ එවකට හිටපු SDIG තමයි හැන්ඩ්ල් කලේ.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේක තාජුඩීන් episode two.
    මේ මිනිහා වාහනේ එලවාගෙන ගිහිල්ලා හප්පලා වම් පැත්තේ සීට් එකේ හිටපු පොලිස් කාරයා මලා. ඊට පස්සේ, ඒ මිනිහා තමයි වාහනය එලවාගෙන ගියේ කියලා කතාව හැදුවා. තාජුඩීන් කේස් එක SDIG අනුර සේනානායක හැන්ඩ්ල් කළා වගේ, මේ කේස් එකත් උතුරේ එවකට හිටපු SDIG තමයි හැන්ඩ්ල් කලේ.
    Thajudeen case eke aththa danne bohoma keepa denai
    kawda maruwe kinda manda meken adahasak ganna epa... mama mokuth kiyanne na.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Thajudeen case eke aththa danne bohoma keepa denai
    kawda maruwe kinda manda meken adahasak ganna epa... mama mokuth kiyanne na.
    මෙතැනදී මම අදහස් කලේ සිද්ධි දෙකේ දීම, වම් පැත්තේ සීට් එකේ ඉඳන් එලවපු එකේ සමාන කම සහ ට්‍රැෆික් සාජන් කෙනෙකුගේ රාජකාරිය SDIG කෙනෙක් පවරා ගැනීමේ සමාන කම ගැනයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. රංගා මහතා දකුණු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​

    වව්නියාවේදී 2011 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති නඩුවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වවිනියාව මහධිකරණය කරන ලද නියෝගයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.​

    2011 වසරේ මාර්තු මස 30 වැනිදා වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර ප‍්‍රභූ ආරක්‍ෂක අංශයේ පොලිස් සැරයන් වරයෙකු මියයාම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය හා අසත්‍යය තොරතුරු ඉදිරිපත් කරමින් කරුණු වසන් කිරීම පිළිබඳව හිටපු මන්ත්‍රීවරයා ඔහුට අධි චෝදනා එල්ල වී ඇත.​

    එම නඩුවට අදාළව සාක්ෂි ලබා දුන් දෙදෙනකු හිටපු මන්ත්‍රීවරයා විසින් වෑන් රථයක නංවාගෙන ගොස් බලපෑම් කිරීම මත මෙසේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණි.​

    හිටපු මන්ත්‍රීවරයා පැදවූ ලියාපදිංචි නොකල ජීප් රථය වේගය පාලනය කර ගත නොහැකිව සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එම රියදුරු අසුනට සමීපව සිටි සැරයන්වරයා ඉන් මියගොස් තිබේ.​

    @SLK_sri දැක්කද මචෝ​

    accident eka dekkada kiyalada ahuwe??????????
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    accident eka dekkada kiyalada ahuwe??????????
    ඈක්සිඩන්ට් නම් දකින්න ඕනේ නෑනේ මචන් වෙච්ච විදිහ තීරණය කරන්න. පරීක්ෂණ වලින් හොයා ගන්න පුලුවන්නේ. මෙතන සීන් එක වෙනම එකක්. සාක්කි කාරයන්ට පෑහෑරගෙන ගිහින් තර්ජනය කරපු සීන් එකක් තියෙන්නේ..
     
    • Love
    • Like
    Reactions: 2osama and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඈක්සිඩන්ට් නම් දකින්න ඕනේ නෑනේ මචන් වෙච්ච විදිහ තීරණය කරන්න. පරීක්ෂණ වලින් හොයා ගන්න පුලුවන්නේ. මෙතන සීන් එක වෙනම එකක්. සාක්කි කාරයන්ට පෑහෑරගෙන ගිහින් තර්ජනය කරපු සීන් එකක් තියෙන්නේ..

    ow eka mu kara, mu gena mama hodata dannawa.
    muta thanikara rajapaksha support eka thibuna. rajapaksha una aran thamai owa kare.

    mu gena mama danna tharan kiriye ekek wath danne neha.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඈක්සිඩන්ට් නම් දකින්න ඕනේ නෑනේ මචන් වෙච්ච විදිහ තීරණය කරන්න. පරීක්ෂණ වලින් හොයා ගන්න පුලුවන්නේ. මෙතන සීන් එක වෙනම එකක්. සාක්කි කාරයන්ට පෑහෑරගෙන ගිහින් තර්ජනය කරපු සීන් එකක් තියෙන්නේ..
    ලංකාවේ පොලිසිය අනතුරක් උන හැටි තීන්දු කරන්නේ උන්ට ඕනෑ හැටියටයි. එහෙම නැතුව ඇසු දුටු සාක්කි හෝ forensic evidence මත නොවෙයි නේ.

    මේ අනතුර උනාම, තුවාල ලබාපු (මියගිය) පොලිස් නිලධාරියාව එලියට ගත්ත රෝහල් සේවකයෙක් (මේක උනේ සෙට්ටිකුලම රෝහල ළඟදී), ඒ තැනැත්තා හිටියේ වම් පැත්තේ සීට් එකේ කියලා පොලිසියට කට උත්තර දීලා තිබුනා. නමුත් හොඳටම බීලා වෙරි පිට හිටපු ශ්‍රී රංගා පසුව කියලා තිබුනේ වාහනය එලෙව්වේ මේ පොලිස් නිලධාරියා කියලයි. ඇහින් දැකපු ඇක්සිඩන්ට් එකක් උනත්, වම් පැත්තම කුඩු වෙලා දකුණු පැත්ත හොඳින් තිබුනත්, රියැදුරාව මාරු කරලා වම් පැත්තේ හිටපු මිනිහා වාහනය එලෙව්වා කියලා තමයි පොලිසිය කතාව ගොඩ නැගුවේ.

    ඇසින් දුටු සාක්ෂි වලටත්, forensic evidence වලටත් එරෙහිව යමින් තමන්ගේම නිලධාරියෙක් නොකළ වැරැද්දකට අහු කරවන්න තරමට අපේ පොලිසිය පහත වැටිලා. ඒකට ඒ කාලේ පොලිස්පති (මහින්ද බාලසුරිය) ඉඳලා පහලට පොලිසියත්, පොලිස්පති ට බලපෑම් කල පාලකයොත් ගැන කතා කරලා වැඩක් නැහැ.
     
    දේශපාලකයෝ බලපුලුවන්කර එවුන් ගෑවුන අනතුරු වලදී නම් එහෙම තමා. නමුත් වෙන අනතුරු වලදී නම් මම දෑකලා තියෙනවා පොලිස් කාරයෝ හරියටම කියනවා අනතුර වුන විදිහ. මෙතන සීන් එක නම් ශ්‍රී රන්ගා අනතුරෙන් පස්සෙත් සාක්කි කාරයන්ට අරින එක. මට මතක විදිහට මෑරුණ පොලිසියෙ කෙනාගේ පෑත්තෙනුත් ගේමක් ඈදලා තියෙනවා ඕකට
     
    • Like
    Reactions: NRTG

    මේ තියෙන්නේ ඔය ගැන හොඳ විස්තරයක්

    නීතිය අතට අරන් වඳුරු නැටුම් නැටූ ශ්‍රී රංගා නීතිය ඉදිරියේම නිරුවත් වන හැටි

    19 ඔක්තෝබර්, 2019

    දේශපාලන හයියෙන්ද පොලීසියේ සහායෙන්ද මාරක රිය අනතුරක් සැඟවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා පස්සෙන් වසර 8ක් තිස්සේම රිය සක මෙන් නීතිය හඹා ආවේය. සිවිල් සහ දේශපාලන බලය හමුවේ තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඔහු මේ කාලය පුරා වළකාගෙන සිටියත් නීතිපති දප්පුල ලිවේරාගෙන් නම් මෙවර ගැලවිල්ලක් නොවීය. ඒ රංගාව එම අපරාධයෙන් ගලවාගෙන ඔහුව ආරක්ෂා කළ පොලීසියේ ලොක්කන්ටද කනේ පහරක් ගසමිනි. චුදිතයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලීසියට නියෝග කළේ ඉකුත්දාය.
    නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගන්නැයි කියන එම පොලිස් නිලධාරීන් අතර පොලීසියේ රථවාහන අංශය භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නද, විශ්‍රාමික පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාද, හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ආර් සංජීවද ඇතුළු පොලිස් නිලධාරීහු හය දෙනෙක් සිටිති. ඒ අයට එල්ල වී ඇත්තේ රිය අනතුරක් වසන් කරමින් සැබෑ රියැදුරා වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කරමින් සාක්ෂි වසන් කර සැබෑ රියැදුරාට පලායෑමට ආධාර හා අනුබල දීමය.
    ශ්‍රී රංගාටත් පොලිස් නිලධාරීන් හය දෙනකුටත් වසර 8කට පසු නීතිය ක්‍රියාත්මක වන එම මාරක රිය අනතුර සිදු වන්නේ 2011 මාර්තු 30 දාය. ඒ සෙට්ටිකුලම රෝහල ආසන්නයේදීය. ඒ අනතුරින් මිය යන්නේ ඇමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයකු වූ ජයමිණි පුෂ්පකුමාර ය. ඔහු ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියාය. අනතුර සිදු වන විට පුෂ්පකුමාර සිටින්නේ රියැදුරු අසුනට යාබද අසුනේය. රියැදුරු අසුනේ සිටින්නේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයාය. අනතුරට මාස පහකට පෙර මන්ත්‍රී බලපත්‍රයෙන් මිල දී ගෙන තිබුණු ඒ ලෑන්ඩ් ක්රූශර් වර්ගයේ ජීප් රථය ඒ වන විටත් තිබුණේ ලියාපදිංචියෙන් තොරවය.
    මේ නවීන පන්නයේ සුඛෝපභෝගී ජිප් රථය මිල දී ගත් දින සිටම ශ්‍රී රංගා මන්ත්‍රීවරයා විසින් මාර්ගයේ ධාවනය කර තිබුණේද ලියාපදිංචියකින් තොරවය. ඉහළම දේශපාලන අධිකාරිය සමඟ පැවති සම්බන්ධකම් නිසාම සිය ජිප් රථය ලියාපදිංචි කිරීමට පවා ඔහුට උනන්දුවක්ද නොවීය. රංගා මන්ත්‍රීවරයාගේ ජිප් රථයට පොලීසියෙන්ද බාධාවක් නොවීය.
    කෙසේ වෙතත් අධික වේගය නිසා රංගා මන්ත්‍රීවරයාට එදා සිය ජිප් රථය පාලනය කරගත නොහැකි විය. පාලනයෙන් මිදුණු මෝටර් රථය නතර වන්නේ රෝහල් තාප්පයද බිඳ දමමින් පලුගසක ගැටී ය. එම අනතුරින් දැඩි හානි සිදු වන්නේ ජිප් රථයේ වම් පැත්තටය. රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පුෂ්ප කුමාර සිටියේ ඒ පැත්තේය. අනතුරින් බරපතළ තුවාල ලබා මරණයට පත්විය.
    ස් පියාගන්නා විට ඉහළ දේශපාලන බලපෑමක් හමුවේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ රංගා මන්ත්‍රීවරයා වෙනුවට වෙනත් අයකු රියැදුරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන්නය. ඒ වෙනුවෙන් සෙට්ටිකුලම පොලීසියේ පොත්පත් වෙනස් විය. එකල සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියේ හොරොව්පොතාන පොලීසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති ආර්. සංජීවය. සෙට්ටිකුලම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාව සිටියේ මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාය. වව්නියාව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියේ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටියදී පොලිස් සේවයෙන් විශ්‍රාමගත් අමරසිරි සේනාරත්නය. ඉහළ උපදෙස් මත මේ අය එක්ව තමාගේම සගයකු මරණයට පත් කළ රිය අනතුර එහෙම්පිටින්ම කණපිට හැරෙව්වේය. ඒ මියගිය සැරයන්වරයාට අනතුරේ සියලු පවු පටවමිනි.
    එම අනතුර සිදුවන්නේ එවකට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි ශ්‍රී රංගා මුරන්කන්හි පිහිටි සිය නිවෙසට යමින් සිටියදීය.
    ඔහු බේරාගැනීමේ කටයුත්ත සිදු වන්නේ පොලිස් ලොක්කන්ගේ මැදිහත් වීම මත සිදු වන තිර පටපතක් අනුවය.
    සෙට්ටිකුලම රෝහල් තාප්පයේ හැපී පලු ගසක වැදී නවතින සුඛෝපභෝගී ලෑන්ඩ් ක්රූශර් රථය කළ මාරක අනතුර සම්බන්ධව පොලීසිය ගොඩනැඟූ ප්‍රබන්ධයට අනුව අනතුර සිදු වන විට ජිප් රථයේ රියැදුරු අසුනේ සිටින්නේ සැරයන් පුෂ්පකුමාරය. අනතුරින් ඔහු මිය යන විට රථයේ ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගාත්, ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් උපාලි රණසිංහත්, රථයේ රියැදුරා ලෙස ඉදිරිපත් කළ වල්පොල රාළලාගේ පද්මලාලුත් තුවාල ලැබීය. ඒ බරපතළ ලෙස නොව, සුළු තුවාලයි.
    මේ ප්‍රබන්ධය ගෙතෙන්නේ යැයි කියැවෙන්නේ වව්නියාව පොලිස් අධිකාරී කාර්යාලය තුළදීය. ඒ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සැරයන්වරයකුද පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවාගෙනය. ඊට නෛතික පිළිගැනීමක් දෙන්නේ සැරයන්වරයා මඟින් අධිකරණයට බී-වාර්තාවක් මඟින් කරුණු වාර්තා කරමිනි. ඒ සඳහා සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාගේ අස්සන පවා යොදා තිබුණි. ඒ අස්සන ගැනත් ඇත්තේ මතභේදයකි. ඒ එය සැරයන්වරයා විසින් හොරට ගසා ඇති බවටය.
    ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බේරාගැනීම වෙනුවෙන් පොලීසිය තවත් බොහෝ දේ එදා කළේය. ඔවුන්ගේ මේ ප්‍රබන්ධය තවදුරටත් සනාථ කරන්නට අනතුර ඇසින් දුටුවේයැයි කියන සාක්ෂිකරුවෝ දෙදෙනෙක්ද ඉදිරිපත් කෙරුණහ. ඒ එක් අයෙක් වන්නේ සෙට්ටිකුලමේ මැණික් ෆාම්හි පදිංචිකරුවකු වන රාජරත්නම්ය. අනෙක් තැනැත්තා සෙට්ටිකුලමේ මොහොත්තම් කුලම්හි පදිංචිකරුවකු වන මුරුගේසුය. ස්වාධීන සාක්ෂිකරුවන් ලෙස මේ අය අධිකරණයට ඉදිරිපත් කරන්න පවා පොලීසිය වග බලාගත්තේය. එහිදී ජිප් රථය අනතුරට පත් වූ බවට ඇසින් දුටු සාක්ෂි පමණක් ඔවුන්ගෙන් ලබාගැනීමට පොලීසිය සූක්ෂ්ම විය. අනතුර සිදු වන විට රථය පදවන ලද්දේ කවුරුන්දැයි කියා එහිදී වැරදීමකින් වත් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්න නම් ගියේ නැත.
    පොලිස් ප්‍රබන්ධයට අනුව මේ අනතුරේ තුන්වැනි සාක්ෂිකරු ලෙස ඉදිරිපත් කරන්නේ අනතුර සිදු වන විට ජීප් රථයේ සිටියේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයේ කොස්තාපල් රණසිංහය. ඔහු සාක්ෂි දෙන්නේ තමන් ජීප් රථයේ පිටුපස දකුණු පැත්තේත් රියැදුරු පද්මලාල් පිටුපස වම් අසුනේත් ගමන් කළ බවය. මන්ත්‍රී ශ්‍රී රංගා ගමන් කළේයැයි කියන්නේ ඉදිරිපස වම් පැත්තේය. අනතුර සිදු වන විට වාහනය පැදවූයේ සැරයන් පුෂ්පලාල් බවද රණසිංහ සාක්ෂි දෙමින් කීවේය.
    මේ සියලු ප්‍රබන්ධ ගොතන්නට වව්නියාවේ පොලිස් ලොක්කන්ට සිදු වන්නේ ඉහළම පොලිස් ලොක්කකුගෙන් ලද උපදෙස්වලට අනුවය.
    ඒ අනුව වව්නියාවේ පොලිස් ප්‍රධානියා ලෙස එවකට සේවයේ නිරතව සිටි අමරසිරි සේනාරත්න මහතා වව්නියාවේ සිට සෙට්ටිකුලම පොලිස් ස්ථානයට ගොස් පොලිස් පොතේ සටහනක් තබන්නේ 30 වැනිදා අනතුර වූ ස්ථානය තමාගේ නිරීක්ෂණට ලක් වුණු බවටය. අනතුර සිදු වන විට වාහනය පදවා ඇත්තේ පුෂ්පකුමාර වුවත් අනතුර වන අවස්ථාවේ රියැදුරාද වාහනයේ ගමන් කරමින් සිටි බැවින් ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි බවය. නුවරඑළියේ සිට මැදවච්චිය දක්වා ජීප් රථය පදවාගෙන ආවේ තමා බවත්, සැරයන් පුෂ්පකුමාර වාහනය පදවන්නට වූයේ මැදවච්චියේ සිට බවත් එහිදී පද්මලාල් පැවසූ බවට සටහනක්ද තැබෙන්නේ පුෂ්පකුමාර වාහනය පදවන ලද බවට වූ ප්‍රබන්ධය වඩාත් ශක්තිමත් කරවමිනි.
    එහෙත් සැබෑ ලෙසම ජීප් රථය පදවන්නේ සැරයන් පුෂ්පකුමාර නොව, ශ්‍රී රංගා මන්ත්‍රීවරයාය. වාහනයේ රියැදුරා යැයි කියමින් ඉදිරිපත් වූ පද්මලාල් නමැත්තා ඒ අවස්ථාවේ ජීප් රථයේ තබා ඒ පැත්ත පළාතකවත් සිට නැත. පුෂ්පකුමාරගේ මරණ පරීක්ෂණය අනුරාධපුර හදිසි මරණ පරීක්ෂක එච්එම් කුලසේකර ඉදිරියේ 2011 අප්‍රේල් 01 වැනිදා පැවැත්වෙන විටදී සාක්ෂි දෙන සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ එවකට සේවයේ නිරතව සිටි කොස්තාපල් අමිල ප්‍රභාත්ගේ සාක්ෂියකින් පවා සනාථ වන්නේ එදා අනතුර වූ අවස්ථාවේ වාහනය පදවා ඇත්තේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බවය.
    කොස්තාපල් අමිලගේ සාක්ෂියට අනුව එදා ඔහු සිට ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා සෙට්ටිකුලම නගරයට ගොසිනි. අනතුර සිදු වන විට ඔහු රැඳී සිටින්නේ රෝහල අසල ඇති කඩයකට ගොඩ වී තේ පානය කරමිණි. තේ කඩෙන් පිටතට ඔහු දිව එන්නේ ජීප් රථය රෝහල් තාප්පයේ ගැටෙන හඬින් තැතිගෙනය. ඔහු දකින්නේ වාහනයේ රැඳී සිටි තිදෙනකු පමණි. අමිල ඇතුළු පිරිසක් මැදිහත් වී වාහනයේ සිර වී සිටි තිදෙනා පිටතට ගන්නේ යකඩ ඉනි දමා අගුළු කඩාය.
    අනුරාධපුරයේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කොස්තාපල් අමිල පැවසුවේ ඒ දේවල් පමණක් නොව, මිය ගිය සැරයන්වරයා වාහනයේ රැඳී සිටියේ ඉදිරිපස වම් අසුනේ බවය. පොලිස් ලොක්කන්ට මකා දමන්න බැරි වූයේ අමිලගේ මේ සාක්ෂිය පමණි. මේ බව දැනගත් සැරයන් පුෂ්පකුමාරගේ බිරිය චාන්දනී රම්‍යලතා එදා සිටම සිය සැමියාගේ මරණයට සාධාරණයක් ඉල්ලා නොගිය තැනක් නැති තරම්ය. එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය ඇයව මඟහැරියේය. ඒ, සියල්ල සිදු වූයේ ඔහුගේ අනුදැනුම මත වූ බැවිනි. බාලසූරියගෙන් පසු පොලිස්පති ධුරයට පත්වන එන්.කේ. ඉලංගකෝන්ගෙන්ද ඇය සාධාරණය ඉල්ලන්නට වූවාය. ඉලංගකොන්ට හිසරදයක් බවට පත් වන තුරුම ඇය පොලිස් මූලස්ථානයට බඩගෑවාය. සිය සැමියාට සාධාරණයක් ඉල්ලා ඇය බලධාරීන්ට යොමු කළ ලිපි වසර ගණනාවක්ම පැවැතියේ අතින් අත යමිනි.
    සැරයන් පුෂ්පකුමාරට සාධාරණයක් ඉටු වීමට මුල පිරෙන්නේ 2016 වසරේ ජනවාරියේය. ඒ, එවකට වව්නියාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි බස්නාහිර දකුණු දිසාවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා අතට සැරයන් පුෂ්පකුමාරගේ බිරියගේ දුග් ගැනවිල්ල පත් වීමත් සමගය.
    වසර පහකට පෙර සිදු වූ ඒ රිය අනතුර ගැන නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් එදා විමර්ශන ආරම්භ වන්නේද අධිකරණයට ඒ ගැන කරුණු වාර්තා කරමිනි. මේ විමර්ශනයේදී පැහැදිලිවම සාක්ෂි සහිතව හෙළි වන්නේ අනතුර සිදු වන විට ජීප් රථය පදවන්නේ ශ්‍රී රංගා බවය. අනතුරින් පසු ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ කම්පනයට ප්‍රතිකාර ගැනීමට මිස, සීරීම් තුවාලයක්වත් ඔහුට සිදුව තිබී නැත. අනතුර ගැන සෙට්ටිකුලම පොලීසියේ නිලධාරීන් ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගෙන් හරස් ප්‍රශ්න නඟන විට ඔහු කෝප වී පොලිස් නිලධාරීන්ට බැන වැදුණු බව පවා විමර්ශනවලින් හෙළි වූයේය. අඩුම තරමින් අනතුර ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා පොලිස් නිලධාරීන්ට ඉඩක් ලැබී නැත. ප්‍රශ්න කරන්නට ගිය පොලිස් නිලධාරීන්ට ඔහු දී ඇති පිළිතුර වී ඇත්තේ එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරියගෙන් ඇසිය යුතු ප්‍රශ්න අසන ලෙසටය.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් හමුවේ තමන් එදා අසරණ වූ බව මෙන්ම නිහඬව සිටින්නට සිදු වූ බවද ප්‍රශ්න කිරීම් හමුවේ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීහු කීහ. පොලිස් සේවයේ මේ වන විට කීර්තිමත් නමක් දිනා සිටින එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක සංජීව අනතුරේ සැබෑ තොරතුරු හෙළි කළේය. අනතුර ගැන අධිකරණයට ඉදිරිපත් කළ බී-වාර්තාවේ ඇති අස්සන පවා තමාගේ නොවන බව ඔහු කීවේ එදාය. අනතුර වූ දින එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය තමාට දුරකතන ඇමතුමක් දෙමින් අනුරාධපුර රෝහලේ සිටි ශ්‍රී රංගා මන්ත්‍රීවරයා ආරක්ෂා සහිතව කොළඹට රැගෙන යන ලෙස දැනුම් දුන් බවත්, ඒ අනුව අනුරාධපුරයට යන තමන් ශ්‍රී රංගා මන්ත්‍රීවරයා පොලිස් ජීප් රථයක ආරක්ෂාව සහිතව කොළඹට රැගෙන ගිය බවත් ඔහු කීවේය. අධිකරණයට ඉදිරිපත් කළ බී-වාර්තාව සැකසූ සැරයන්වරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් හමුවේ තමාට ඒ ව්‍යාජ වාර්තාව සකස් කිරීමට සිදු වූ බවයි. පොලිස් ස්ථානාධිපතිවරයාගේ අස්සන ව්‍යාජ ලෙස යෙදුවේ තමා බවත්, එසේ කිරීමට ඉහළ නිලධාරීන් බලපෑම් කළ බවත් සැරයන්වරයා පැවසීය.
    අනතුර සිදු වනවාත් සමඟ එතැනට පැමිණ තුවාලකරුවන් වාහනයෙන් පිටතට ගත් අය අතර සිටි ස්වාධීන සාක්ෂිකරුවන් ලෙස එදා අධිකරණයට බී-වාර්තාවක් මඟින් කරුණු දැක්වූ රාසරත්නම් සහ මුරුගේසු යන දෙදෙනාත් නැවත සාක්ෂි දෙමින් සඳහන් කළේ එදා වාහනයේ සිව් දෙනකු නොසිටි බවයි. පුෂ්පකුමාර සිටියේ රියැදුරු අසුනේ නොවන බවද ඔවුහු තහවුරු කළෝය. ඒ බව ඔවුන් දෙදෙනා එදා අනතුර වූ දින පොලිස් නිලධාරීන් කටඋත්තර ගනිද්දීත් පවසා ඇතත්, ඒවා සටහන් කරගැනීමට පොලීසිය එතරම් උනන්දුවක් නොදැක්වූ බවද ඔවුහු සඳහන් කළහ.
    අනතුර සිදු වන විට ජීප් රථය පැදවූයේ සැරයන් පුෂ්පකුමාර නොව, ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බවට වැදගත්ම සාක්ෂිය දෙන්නේ ඒ අවස්ථාවේ ජිප් රථයේ ගමන් කරමින් සිටි ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් රණසිංහය. පුෂ්පකුමාර වාහනය පැදවූ බවට මුල් සාක්ෂියේදී තමාට කීමට සිදු වූයේ ඉහළ නිලධාරීන්ගේ බලපෑම් හමුවේ බව ඔහු පැවසුවේය.
    මේ අනතුර ශ්‍රී රංගා මන්ත්‍රීවරයා අතින් සිදු වන්නේ අත්වැරදීමකින් මිස ඕනෑකමින් නොවේ. ගැටලුව ඇත්තේ තමා සතු බලය නින්දිත ලෙස යොදාගනිමින් නීතියෙන් ගැලවීම සඳහා ඔහු කළ අමානුෂික රංගනය තුළය. කෙසේ වෙතත් කිසිදු අපරාධයක් සිදු කර සදා කාලයට සැඟවී සිටිය නොහැකි බව නම් යළිත් වරක් සනාථ වී තිබේ.