ඕකට මහින්ද බාලසූරිය පොන්නයාට ලොවෙත් දඩුවම් ලැබෙන්නෙනෑ. මොකද ඕකුන් ඔව ටෙලිෆෝන් වලින් කියනව මිසක් වෙන කිසිම සාක්ෂියක් තියන්නෙ නෑ. උං ඕව කියන්නෙත් උංගෙ උඩ එවුන්ට උඩ එවුන් පහල එකාට කටවචනෙන් කීවාම. අන්තිමට ගස්යන්නෙ පල්ලෙහාම කටුකන මෝඩයෝ තමා. පහල උන්ට කරන්න දෙයක් නෑ හැබැයි කරලත් බෑ නොකරත් බෑ.ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් හමුවේ තමන් එදා අසරණ වූ බව මෙන්ම නිහඬව සිටින්නට සිදු වූ බවද ප්‍රශ්න කිරීම් හමුවේ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීහු කීහ. පොලිස් සේවයේ මේ වන විට කීර්තිමත් නමක් දිනා සිටින එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක සංජීව අනතුරේ සැබෑ තොරතුරු හෙළි කළේය. අනතුර ගැන අධිකරණයට ඉදිරිපත් කළ බී-වාර්තාවේ ඇති අස්සන පවා තමාගේ නොවන බව ඔහු කීවේ එදාය. අනතුර වූ දින එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය තමාට දුරකතන ඇමතුමක් දෙමින් අනුරාධපුර රෝහලේ සිටි ශ්‍රී රංගා මන්ත්‍රීවරයා ආරක්ෂා සහිතව කොළඹට රැගෙන යන ලෙස දැනුම් දුන් බවත්, ඒ අනුව අනුරාධපුරයට යන තමන් ශ්‍රී රංගා මන්ත්‍රීවරයා පොලිස් ජීප් රථයක ආරක්ෂාව සහිතව කොළඹට රැගෙන ගිය බවත් ඔහු කීවේය. අධිකරණයට ඉදිරිපත් කළ බී-වාර්තාව සැකසූ සැරයන්වරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් හමුවේ තමාට ඒ ව්‍යාජ වාර්තාව සකස් කිරීමට සිදු වූ බවයි. පොලිස් ස්ථානාධිපතිවරයාගේ අස්සන ව්‍යාජ ලෙස යෙදුවේ තමා බවත්, එසේ කිරීමට ඉහළ නිලධාරීන් බලපෑම් කළ බවත් සැරයන්වරයා පැවසීය.
අනතුර සිදු වනවාත් සමඟ එතැනට පැමිණ තුවාලකරුවන් වාහනයෙන් පිටතට ගත් අය අතර සිටි ස්වාධීන සාක්ෂිකරුවන් ලෙස එදා අධිකරණයට බී-වාර්තාවක් මඟින් කරුණු දැක්වූ රාසරත්නම් සහ මුරුගේසු යන දෙදෙනාත් නැවත සාක්ෂි දෙමින් සඳහන් කළේ එදා වාහනයේ සිව් දෙනකු නොසිටි බවයි. පුෂ්පකුමාර සිටියේ රියැදුරු අසුනේ නොවන බවද ඔවුහු තහවුරු කළෝය. ඒ බව ඔවුන් දෙදෙනා එදා අනතුර වූ දින පොලිස් නිලධාරීන් කටඋත්තර ගනිද්දීත් පවසා ඇතත්, ඒවා සටහන් කරගැනීමට පොලීසිය එතරම් උනන්දුවක් නොදැක්වූ බවද ඔවුහු සඳහන් කළහ.
අනතුර සිදු වන විට ජීප් රථය පැදවූයේ සැරයන් පුෂ්පකුමාර නොව, ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බවට වැදගත්ම සාක්ෂිය දෙන්නේ ඒ අවස්ථාවේ ජිප් රථයේ ගමන් කරමින් සිටි ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් රණසිංහය. පුෂ්පකුමාර වාහනය පැදවූ බවට මුල් සාක්ෂියේදී තමාට කීමට සිදු වූයේ ඉහළ නිලධාරීන්ගේ බලපෑම් හමුවේ බව ඔහු පැවසුවේය.
මේ අනතුර ශ්‍රී රංගා මන්ත්‍රීවරයා අතින් සිදු වන්නේ අත්වැරදීමකින් මිස ඕනෑකමින් නොවේ. ගැටලුව ඇත්තේ තමා සතු බලය නින්දිත ලෙස යොදාගනිමින් නීතියෙන් ගැලවීම සඳහා ඔහු කළ අමානුෂික රංගනය තුළය. කෙසේ වෙතත් කිසිදු අපරාධයක් සිදු කර සදා කාලයට සැඟවී සිටිය නොහැකි බව නම් යළිත් වරක් සනාථ වී තිබේ.
ඒ කියන්නෙ ඌට පුකදීපුවාම අපරාධ වලින් බේරෙන්න පුලුවන් කියලද? ඒතරං දුෂිත එකෙක්ද රනිල් කියන්නෙ??ranilta saddayk danmoth oka thama wenne anthimata
![]()
------ Post added on Mar 19, 2023 at 9:03 AM
