මන් මේ දාන්න යන්නේ ජෝතිෂ්‍යට අදාල දෙයක් නෙමෙයි මචන්ලා මේක මට අපේ පවුලේ අයට උන සිද්දියක්
ඇත්තටම මන් ලඟදි තමයි මචල්ල තාත්ත කෙනෙක් උනේ මන් ලංකාවේ නෙමෙයි ඉන්නේ වයිෆ් මන් පොඩි එකා ඔක්කොම ඉන්නේ එකට .
පොඩි එක ඉපදුනාට පස්සේ අපේ පවුල් දෙකේ කට්ටිය මචන්ලා බාරයක් වෙන්නයි කියල හිතාගෙන ගියා නවගමු පත්තිනි දේවාලයේ
ඉතින් එයාල ගිහින් එතන ඉඳන් කිරිබත් වගයක් එහෙම උයල කරලා එනකට්ටියට එහෙම බෙදල දුන්න ඊට පස්සේ උඹල දන්නවා ඇති සමහර විට පත්තිනි දේවාලේ අලුත් දේවාලය පරණ දේවාලය කියල දෙකක් තියනවා
ඉතින් අපේ කට්ටිය බාරයක් වෙන්නයි කියල හිතාගෙන පරණ දේවාලයට ගිහින් තියනවා පලතුරු වට්ටියක් එහෙම ලෑස්තිකරගෙන එහෙම ගිහින් පෝලිමේ එහෙම ඉඳල එතන වතාවත් කරන කෙනා ගාවට ගියාට පස්සේ කාරණාව කියන්න කියනවනේ (පොඩි එක ඉපදිලා දවස් දෙකතුනෙන් ගියේ )
එතකොට එහෙම අපේ පවුලේ කට්ටිය කාරණාව කියල (පොඩි එක්කෙනෙක් ඉපදුන එයට බාරයක් වෙන්න අවේ කියල )
එතකොටම එතන වතාවත් කරන කෙනා එකපාරටම කියල තියනවා මෙතනට එන්න එපා කිලි කිලි දේවාල බුමියෙවත් ඉන්න එපා යන්න කරුණාකරලා කියල
එත් අපේ කට්ටිය කියල තියනවා පොඩි කෙනා මෙහෙ නෙමෙයි ඉන්නේ පිටරට කියල නැ නෑ එහෙම එකක් නෑ කිලි කිලි යන්න දේවාල බුමියේ වත් ඉන්න එපා යන්න යන්න කියල
ඊට පස්සේ අපේ කට්ටිය පහල තියන අලුත් දේවාලෙට ගිහින් ගෙදර ඇවිත්
මට අවුල තියෙන්නේ මචන්ල්ල ඇත්තටම ඔය කියන දේවල් ඔය ඕව ඇතුලේ ඉන්න මිනිස්සු හිතින් හදාගෙන මිනිස්සුන්ව රවට්ටනවද නැත්තන් ඇත්තම දේවල්ද ඔවා එහෙම මොකක් හරි තියනවද එකයි මට දැනගන්න ඕනේ![]()
ඔතන කාරණා කිහිපයක් තියෙනවා . එකක් තමයි පොඩි ළමයෙක් ඉපදිලා ටික කාලයක් යනකන් ඔය දේවාල වලට යන්නේ නෑ මොකද ළමයා හම්බ වෙනකොට ලේ වහනය වගේ දේවල් වෙන නිසා . කිළි කියන්නේ විෂ බීජ . ලේවලට ප්‍රේත භූත බැල්ම වැඩියි කියලා කියනවා . ඔය සාස්තර කියන තැන්වලට දේවාල වලට ගියාම එතන පණිවිඩ අරන් යන භූතයෝ මේ බව කපුවට කියනවා .
බොහොමයක් දේවාල වල දෙවියෝ නෑ . භූත ප්‍රේතයෝ ඉන්නේ . හැබැයි මේ අය අතරේ ශක්තිවන්ත අය ඉන්නවා . උදාහරණයකින් කිව්වොත් මෙහෙමයි . දැන් අපි හැමෝම මනුෂ්‍ය . හැබැයි බිල් ගේට්ස් පුළුවන් වැඩ අපි හැමෝටම බෑනේ . ඒවගේම තමයි අනික් තල 30 ම ඉන්න ජීවීනුත් . එක එක අයට එක එක වැඩ පුළුවන් . තමුන්ගේ පින් පව් අනුව ලැබිච්ච දේවල් .
දේවාල වලට ගිහිල්ලා පොඩි අයට බාර වෙනවට වඩා අසරණ පවුලකට උදව්වක් කරලා කාරණාව කියන්න . ඊට පස්සේ කරපු පින සියළු සත්වයන්ට අනුමෝදන් කරන්න .
ගොඩක් දේවල් මිනිස්සු තමුන්ගේ වාසියට හදාගත්ත දේවල් .







