ජොතිස්ය අමු බොරුවක්

ජොතිස්ය කියන්නෙ අමු බොරුවක්ද

  • ඔව්

  • නැ

  • අනෙමන්ද


Results are only viewable after voting.

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,125
    2,304
    113
    ජොතිස්ය කියන්නෙ අමු බොරුවක්ද මිතුරනි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,201
    1,640
    113
    එහෙනම් ඉතින් මවාගෙන වැදගෙන ඉන්න ඔක්කොම බොරු තමා ඔක්කොම එකම කැටගරියේ ඒවා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    ඔය 2015න් පස්සෙ වගේ කේන්දර බලන්න පටන් ගත්ත උන්ගෙන් බලන්ඩ එපා
    උන් ජීවිතය හා ග්රයෝ පොත බලල ඒකෙ මහදශාව අතුරු දශාවෙ ටික එහෙමම කොලේක ලියල දෙනව
    මේකෙ lovtus කියන පකයත් ඕක කරේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,629
    1
    59,154
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෝතිෂ තරු රාශි අතර ප්‍රධානම රාශිය තමයි බොනිකර තරු රාශිය. ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගනින් හිතාගන්න බැරි අනාවැකි කියන්න පුළුවන්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,912
    11,759
    113
    හඳට කිට්ටුව
    ඒක අමු බොරුවක් නම් අවුරුදු දහස් ගානක් පැවතගෙන එන්නේ නෑනේ බන්..

    අද වෙලා තියෙන්නේ, සම හරක් ජෝතිශ්‍ය සල්ලි ගරන ඉල්ලමක් කරගෙන ඉන්න එක...

    හරියට සාස්තරේ ඉගෙන ගන්නේ නැතුව, චාර්ට් ටිකයි, පොත් ටිකයි බලාගෙන ගේම දල අදහසක් තමා වැඩේ කරගන්න එන අයට දෙන්නේ, එතකොට හරියන්නත් පුලුවන් වැරෙදෙන්නත් පුලුවන්..

    එතනයි ප්‍රශ්නේ, හරියට කරන එකෙක් හොයා ගන්නවා කියන්නේ ඉතිං කලුනික හොයනවා වගේ වැඩක් තමා..
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,629
    5,273
    113
    ඕවා ඇත්ත . බොරු කියල හිතලා පවු පුරවගන්න එපා .

    අපේ රටේ හැම දෙයක්ම කරන්නේ ජෝතිශ්‍යයට අනුව බලන්න දැන් ලංකාව කොච්චර දියුණුද කියලා

    ඒවගේ ඔයාගේ ජීවිතෙත් හැම දෙයක්ම වෙලාව බලලා කරන්න
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,918
    15,752
    113
    Ursa Major
    According to the space-time theory, the future is already written. But we can't see or grasp that because of our inability to look at time as a multidimensional field. If some otherworldly or ET being that can grasp time may be able to look at the future and the past. But I don't know how an astrologer sees this complex situation.



    Please watch this video, explains this theory.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඕක ඇත්තද බොරුද කියන එකට මම අදහස් දක්වන්න යන්නෙ නෑ. අපි ගොඩක් අය මෙහෙ අයට බැන්නට ඕව පස්සෙන් යනව කියල සමහර රටවල සුද්දො අපිට වඩා පස්සෙන් යනව. වැඩේ තියෙන්නෙ දැන් ඉන්න උන් අමු බොරු කරන්නෙ. කොහොම කලත් ඕක හරියටම කියන කෙනාටත් මට අනුවනම් දෙයක් 100% කියන්න පුලුවන් වෙන්න විදිහක් නෑ. උපරිම 80%ක් වගේ තමයි. හැබැයි ඒ සබ්ජෙක්ට් එක හොදටම පුලුවන් කෙනාට. දැන් එහෙම අය ඇත්තෙ අතේ ඇගිලි ගානට.

    අපේ අත්තම්මල කාලෙ හොද වැඩ්ඩො ඉදල ටික දෙනෙක්. අපේ අම්මල තාත්තලගෙ කාලෙ වෙද්දි ඒ හිටිය ටිකත් තව ටිකක් අඩු වුනා. අපේ කාලෙ වෙද්දි හොයා ගන්න බැරි තරම් ඒත් කලාතුරකින් කෙනෙක් නැත්තෙම නෑ. ඉස්සරහට ඉතින් ඇත්තෙම නෑ. බොරු කාරයො විතරයි. උන් කියන බොරු වලට හෙම්බත් වුනාම ඉතින් මිනිස්සු ඕනම සාස්තරයකට බනින එක තමයි කරන්නෙ. කොහොමද විශ්වාස කරන්නෙ.

    ඉස්සර ඉදල තියෙනව තත්කාලෙන් අනාවැකි කියන මිනිස්සු. මේ කියන්නෙ අපේ අත්තම්මලගෙ කාලෙ. මේ අයව අපේ අම්මලත් දැකල ඒ අයගෙ පොඩි කාලෙ. කවුරු හරි කරදරයක් වෙලා ආවම සමහර අය වැඩේ කරනවද නැද්ද කියන එක තීරණය කරල තියෙන්නෙ ඒ එන කෙනාගෙ කම්මුලට පාරක් ගහල තත් කාලෙට අනුව බලල. තවත් අය බුලත් අතෙන් බුලත් කොළයක් අරන් දෙන්න කියල ඒක දිහා බලන් ඉදල කියල තියෙනව. සමහර අය සිප්පි කටු වලිනුත් ඕක කරල. ඔය වගේ ක්‍රම තාම දන්න අතරින් පතර හින්දු අය තාම ඉන්නව.

    ඔය ගුරුකම් කියන දේවල් බොරු නෙමෙයි. වැඩේ තියෙන්නෙ ඔය ගොඩක් සාස්තර පරම්පරාවෙන් පරම්පරාවට ආවෙ නෑ. පරණ මිනිස්සු ඔය සාස්තර තමන්ගෙන් පසු එන පරම්පරාවලට දෙන්න බය වුනා. මොකද පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සුන්ගෙ හැදියාවෙ වෙනස්වීම එක්ක වැරදි අය අතට ගියොත් වෙන්න පුලුවන් විනාශය ගැන කල්පනා කරල.

    ගොඩ වෙලාවට වේලා පත්කඩේ බලල පොඩීකාලෙ ඉදන් ඒ කෙනාගෙ විනය ගතිගුණ, හැසිරීම් රටා දිහා බලන් ඉදල තමයි ඕව දෙනවද කියන එක තීරණය කරල තියෙන්නෙ. පරන ගොඩක් අය සාස්තරේ දුන්නත් දුන්නෙ ගුරුමුශ්ටි තියාගෙන. තමන්ගෙන් බිහිවෙන ගෝලය තමන්ට කොයි හෝ වේලාවක විරුද්ධව ගියොත් කියන සැකය පිට. සමහර අය සම්පුර්න සාස්තරය නොදී ටිකක් දුන්න. ගෝලයගෙ රටාව දිහා බලල. සමහර අයට දෙන්න සුදුසු කෙනෙක් තමන්ගෙ පවුල තුල හිටියෙ නැත්නම් කාටවත්ම දුන්නෙ නෑ. ඔහොම ඔහොම ඇවිල්ල දැන් ඕව නැතිවෙලාම ගිහින්. ඉන්න බොරුකාරයො.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,826
    26,249
    113
    මට සෙනසුරාදා දවසක ගෙදරට මුල් ගල තියන්න ඕනේ වුණා. මාර්තු මාසේ.... ගොඩක් අය නැකත් නෑ කිව්වා.... දන්න කෙනෙක් සුබ නැතත් හොඳ වෙලාවක් ලියල දුන්න.

    ගේ හැදුව සෑහෙන්න ප්‍රමාණයක්..... මුල් ගල තිබ්බේ සිමෙන්ති 910.00ට. පදිංචි වෙන්න උඩ තට්ටුව හදාගෙන ගියා. අන්තිම හරියට රු. 4000 ටත් සිමෙන්ති ගත්ත.
    නුලෙන් බේරුනා, නැතුව ජීවිතේට ගෙයක් හදාගන්න වෙන්නේ නෑ.

    නැකත උඹම ලියාගෙන හරි වැඩ පටන් ගනින්.... වාහනයක් ගනින්.... ගෙයක් හදපන්..... හෙට අදට වඩා හොඳ වෙන්නේ නෑ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    ඕවා ඉස්සර අවු 40-50 බාවනා කරපු යෝගි අය හදපු සාස්ත්‍ර, ඒයාලට ගෝචර වුන direct knowledge එකෙන්
    මේ කොහෙවත් ඉන්න උන්ට ඉපදිච්ච වෙලාව බලලා පොත් ටිකක් කියවලා අනාගතේ වෙන්න පුලුවන් දේක probability එකක් කියන්න බැහැ
    💯 බොරු තමයි, period!
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    astrology 100%k boru kiyla kiyanna beha. hebei den nam inne sehena boru kaarayo. owa matte nehenne netuwa weda karapan.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,625
    35,614
    113
    ජෝතිෂ්‍ය යනු සම්භාවිතාවයට කියන තවත් නමක්
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,051
    2,681
    113
    colombo
    ජෝතිෂ්‍ය හොදටම දන්න අය ඈත කලෑවල් වල ඉන්නවා අපි දැකල නැති උනාට
     
    • Haha
    Reactions: vmsgamer