ජොන්සන් සහ ජොන්සන්

shadowgmax

Active member
  • Jun 27, 2008
    173
    87
    43
    ජොන්සන් සහ ජොන්සන්

    SIRA SEEN EKAK. POWDER PODI AYATA DANAKOTA BALAGENA

    temp2.jpg


    ජොන්සන් සහ ජොන්සන්' පුයර නිසා ඩිම්බකෝෂ පිළිකා ඇති වූ බව කී කාන්තාවන්ට ඩොලර් බිලියන 4.7 වන්දියක්
    ජොන්සන් සහ ජොන්සන් (J&J) පුයර වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇති බව කී කාන්තාවන් විසිදෙදෙනෙකුට ඩොලර් බිලියන 4.7ක් වන්දි වශයෙන් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් එම සමාගමට නියෝග කර තිබේ.
    එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ අධිකරණ ජූරි සභාවක තීරණය අනුව අදාළ කාන්තාවන්ට ඩොලර් මිලියන 550ක් වන්දි වශයෙන් ගෙවිය යුතු බව තීරණය කළ අතර සහ සිදු වූ හානියට දඩ මුදලක් වශයෙන් තවත් ඩොලර් බිලියන 4.1ක් ඊට එකතු කළේය.
    එම නඩුව ගොනු කළ කාන්තාවන් විසිදෙදෙනාගෙන් හය දෙනෙකු ඩිම්බ කෝෂ පිළිකා හේතුවෙන් මියගොස් ඇත.
    මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඖෂධ වෙළෙඳපොළේ දැවැන්තයෙකු වන ජොන්සන් සහ ජොන්සන් සමාගම නිෂ්පාදනය කරන ළදරු පුයර වර්ගවලට එරෙහිව තවත් නඩු 9,000ක් පවතින අතරතුරය.
    J&J සමාගම තමන් "ඉතා කනගාටුවට" පත්ව ඇතැයි පැවසූ අතර, තීන්දුවට එරෙහිව අභියාචනය කිරීමට සැලසුම් කරමින් සිටී.
    සති හයක් පුරා පැවති නඩු විභාගයේදී කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පැවසුවේ දශක ගණනාවක් තිස්සේ ඔවුන් ජොන්සන් සහ ජොන්සන් ළදරු සහ වෙනත් පුයර වර්ග භාවිත කළ බවය.
    1970 වර්ෂවල සිට නිෂ්පාදිත පුයර වර්ගවල 'ඇස්බැස්ටෝස්' අඩංගු වී ඇති බව සමාගම දැන සිටියත් ඒ පිළිබඳ පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමට අසමත් වී ඇතැයි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ පැවසූහ.

    'අසාධාරණයි'
    'ටැල්ක්' යනු ඛනිජ වර්ගයක් වන අතර ඇතැම් විට එය ඇස්බැස්ටෝස් පිහිටි බිම් සමීපයේ දක්නට ලැබේ.
    සිය නිෂ්පාදනවල ඇස්බැස්ටෝස් අඩංගුව ඇතැයි, නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන J&J සමාගම එමගින් පිළිකා ඇති නොවන බව ද අවධාරණය කර සිටී.
    මෙම අධිකරණ තීන්දුව "මූලික වශයෙන් අසාධාරණ ක්‍රියාවලියක" ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන ජොන්සන් සහ ජොන්සන් සමාගම, අධ්‍යයන කීපයකින් පෙනී යන පරිදි ඔවුන්ගේ ටැල්ක් නිෂ්පාදන භාවිත කිරීම ආරක්ෂාකාරී බව ප්‍රකාශ කර සිටී.
    එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන ආයතනය 2009 සිට 2010 දක්වා කාලය ඇතුළත J&J ඇතුළු විවිධ ටැල්ක් වර්ග අධ්‍යයනය කර තිබේ. නමුත් ඒ කිසිදු ටැල්ක් වර්ගයක ඇස්බැස්ටෝස් අඩංගු වී නොතිබිණි.
    පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට පැවසුවේ, ආහාර සහ ඖෂධ පාලන ආයතනය සහ ජොන්සන් සහ ජොන්සන් ආයතනය දෝෂ සහිත පරීක්ෂණ ක්‍රම භාවිත කර ඇති බවය.

    'ඕවාකම් (Ovacome)' නම් එක්සත් රාජධානියේ පිහිටා තිබෙන ඩිම්බකෝෂ පිළිකා පිළිබඳ පුණ්‍යායතනය මෙම ගැටලුව පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් කර ඇත. වසර ගණනාවක් පුරා ජනනේන්ද්‍රිය අවට ටැල්ක් අඩංගු පුයර තැවරීමෙන් ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වන බවට මතයක් තිබෙන නමුත්, එය තහවුරු කිරීම සඳහා වැඩිදුර පර්යේෂණ කිරීමට අවශ්‍ය බව ඕවාකම් පුණ්‍යායතනය පවසයි.
    වාර්තාගත තීන්දුව
    J&J පියරු වර්ග භාවිත කර පිළිකා ඇති වූවා යැයි නැගුණු චෝදනාවට නඩු තීන්දුවකින් ගෙවීමට නියම වූ විශාලතම මුදල මෙය වේ.
    J&J සමාගමේ නිෂ්පාදිත ළදරු සහ අනෙකුත් පියරු වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා ඇති වූ බව කී කාන්තාවකට 2017 දී කැලිෆෝර්නියා ප්‍රාන්තයේ අධිකරණයක ජූරිය විසින් ඩොලර් මිලියන 417ක වන්දියක් ගෙවිය යුතු බවට තීරණය කරනු ලැබිණි.
    කෙසේවෙතත්, විනිසුරුවරයා පසුව එම තීන්දුව වෙනස් කළ අතර, J&J සමාගම ඉදිරිපත් කළ තවත් අභියාචනා කීපයක තීන්දු තවමත් ලැබී නොමැත.
    නඩුව විභාග කරන විනිශ්චයකරු හෝ අභියාචනාධිකරණයේදී බොහෝ විට වන්දි මුදල අවම කිරීමට ඉඩ තිබේ. ඒ ආකාරයට J&J සමාගම නඩු තීන්දු කීපයක් වෙනස් කර ගැනීමට සමත් වූ අතර, ඉන් ඇතැම් ඒවාට තාක්ෂණික කරුණු හේතු විය.
    BBC Sinhala
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    World recognized brand walath mehemanan ape rate local cosmatic ewa kohomata thiyewida... :(