ජොබ් එකක් ලේසියෙන්ම ගන්න හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    බුකියෙන් ගත්තේ.

    මේක මං ලියන පළමු රචනාව. පිං ඇත්තෝ කියවත්වා..🙏

    මේ මාත් එක්ක වැඩ කරන්නෙ Ben. කොල්ලට වයස 20ක් විතර ඇති ඉතින් දන්න තරමින්. යකා වගේ කියන ඕන වැඩක් කරන බුලට් එකක් (only site related works). අනිත් උගන්ඩන් උන්ට වැඩිය ටිකක් මොලේ පාවිච්චි කරල වැඩක් බාරදෙන්න පුලුවන් බුලට් එක්ක මූ. ඒ වගෙ කොල්ලොන්ට ඉතින් මං නම් අතින් හරි ගෙවල වැඩක් සෙට් කරල දෙනව.මොකද මෙහෙ උන්ට වැඩක් කිවුවම කරන්නෙ ඒකෙ සම්පූර්න අනික් පැත්ත. ලගටම වෙලා ඇගිල්ලෙන් ඇන ඇන කියන්නෝන ඊලගට මේක කරපන් ඊට පස්සෙ මේක කරපන් කියල. 🤦🏻

    කතාව ඉතින් ඒක නෙවෙයි. මෙහෙ educated system එක totally different ලංකාවත් එක්ක බලනකොට.
    අපෙ, 👉 O/L > A/L > University. (Totally free)
    මෙහෙ, 👉 primary >secondary >University. (Totally charged)
    සල්ලි තියෙන එකා කරගන්නව. නැති එකාට අබසරනයි..! 🙏

    Ben ඉතින් ඉන්න ගමන් මට කියනව හරි ආසලු ඉගෙනගන්න. Electrical course එකක් එහෙම කරන්න. මෙහෙ ඒ වගේ courses ඕන තරම් තියේ government and private. අපරාදෙ කියන්න බෑ course fee එකම more than 2 lak LKR.

    ඉතින් Ben කොල්ලට නම් ඒක හීනයක් මිනිහගෙ පොඩි පඩියත් එක්ක බලද්දි (කොල්ලගෙ තාත්ත නෑ. මෙහෙ ඒක සාමාන්‍ය දෙයක්)
    මේ වගේ අහිංසකයො මට ඕන තරම් හමුවෙලා තියෙනව මේ හිටපු අවුරුදු තුනයි මාස හතට. ඒත් no chance to develop their skills. මට පුළුවන් දෙයක් කරල ඇති ඒත් ඒක දන්නෙ උනුයි මායි විතරයි.
    මට නම් හැම තිස්සෙම හිතෙන්නෙ “අයියෝ මං මේ රටේ නම් ඉපදෙන්න එපා කියල” විතරමයි. ඒ තරම් මුන්ට ප්‍රශ්න. හැබැයි මුං ජාතියක් විදිහට ආතල් එකේ ඉන්නව අපිට වැඩිය. ආගම් ජාති බේද ඔය මුකුත් නැති නම්, අපි හැමෝම මේ දත කන්නෙ ආතල් එකේ ඉදල මැරිල යන්නනේ. ඒක ලොකු කතාවක් පස්සෙ හිතුනොත් තව රචනාවක් ලියන්නම් ඒක ගැන.

    අපි කොච්චර ලංකාවට බැන්නත් අපි ගොඩක් දෙනෙක්ට මග ඇරුනු කතාවක් තමයි මට කියන්න ඕන උනේ.

    අපි හැමදාම කරන්නෙ Facebook එකෙන් government එකට බැන බැන උපදෙස් දිදී ඉන්න එක සහ අපි ආස දේවල් අනිත් අයත් එක්ක share කරගන්න එක.කැමති අය like කරනව comment කරනව share කරනව 😅..
    ඒත් කීයෙන් කී දෙනාද government එකෙන් අපිට වැඩක් කරගන්නෙ.? මං කතා කරන්නේ ටොපා ගෙවිච්ච වයසක උන්දැලට නෙවෙයි. අපෙ ශ්‍රම බළකායට සහ ඊට පොඩ්ඩක් උඩින් ඉන්න උන්ට.
    රට ගොඩගන්න තොපිලට ඕනි නම් ආණ්ඩු වෙනස් කරන්න ඕන නෑ තම තමන් වෙනස් උනාම ඇති. රටෙ තියෙන system එක හොදටම ඇති අපේ රට දියුනු කරන්න. අපි තමයි තාම එකම තැන පල් වෙවී මන්දගාමියො වෙලා ඉන්නෙ.

    “අයියෙ මට මොක්ක හරි ජොබක් සෙට් කරල දීපන්” උගන්ඩාවෙන් හරි කමක් නෑ. මට අද ආපු call එකක්.
    මං ඇහුව උඹට මොනාද කරන්න පුළුවන්. මොනාද කරල තියෙන්නෙ. එච්චරයි.!
    මේ යකා AL කරල නිකන් ගෙදට්ට වෙලා කකා බිබී ඉදල Facebook එකෙන් රට හදන ගමන් මාව මතක් වෙලා 😐(මාත් ඉතින් ඔය කිවුවට ඉන්න ගමන් රට හදනව 😀)
    තොගෙ ආච්චිට හාල් ගරන්ඩ Benට නැති ජොබ් මං තොට කොහෙන් දෙන්නද වල් ගවයෝ කියල මට කියවුනේ නෑ 😌. මං කිවුව හිටපං මල්ලි මං පොඩ්ඩක් බලල කියන්නම්. එච්චරයි..ඇත්ටම මට කරන්න පුලුවන් ලබ්බක් නෑ ඒ වගේ උන්ට 😅..

    ඇත්තටම මට දුකයි අපිට කොච්චර තිබිලත් ඇයි අපි වැඩක් ගන්නෙ නැත්තෙ ඒවයෙන්..?

    නංගියේ මල්ලියේ, පෝඩ්ඩක් බලපන් මං දාල තියෙන institute වලට ගිහිල්ල. ගොඩක් ඒවගෙ කරන්නෙ free courses, සමහර ඒව පොඩි ගානක් ගන්නව ඇති. ඒක උඹලගෙ phone එක තරම් වත් වටින ගානක් නෙවෙයි. අපි ඉපදුනේ අම්ම අප්පගෙ ආසාවට උනාට මැරිල යන්න ඕන මේ ලොකෙ දිනල. උඹල ආස දේවල් කරන්න පුළුවන් කිසි ගේමක් නැතුව උත්සහය, කැපවීම සහ අපේ orientation එක හැදෙන්න ඕන අපේ target වලට. ඒකට තමයි ඔය පහල තියෙන රෙද්දවල් හදල ඒකේ lecture ලට සහ over head වලට රජයෙන් ගෙවල නඩත්තු කරන් තියන් ඉන්නෙ. මාත් ඒවගෙන් එකක ඉගෙන ගත්ත එකෙක් විදිහට කියන්නෙ තොපිට ගොඩයන්න හොදටම ඇති ලකෙ පංකාවෙ system එක. නිකමට ඕවගෙ website වලට ගිහිල්ල බලපං. උන තියෙන එකා මැරීගෙන හරි උගෙ target එකට යයි. අනික් උන් facebook එකෙන් රට හද හද හිටපං. Call එක ගත්ත එකාටත් එක්කම තමයි මේ රචනාව ලිවුවේ. 🤗

    1. Vocational Training Authority of Sri Lanka (VTA)
    2. National Apprentice and Industrial Training Authority (NAITA)
    3. Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)
    4. National Institute of Business Management (NIBM)
    5. Industrial Training Institute (ITI)
    6. Sri Lanka Institute of Printing (SLIOP)
    7. Sri Lanka Institute of Tourism & Hotel Management (SLITHM)
    8. National Institute of Fisheries and Nautical Engineering (NIFNE)
    9. National Institute of Plantation Management (NIPM)
    10. National Institute of Social Development (NISD)
    11. Open University of Sri Lanka (OUSL)
    12. Institute of Technology - University of Moratuwa
    13. Technical Training Institute Katunayaka (TTI Katunayaka)
    14. Kuliyapitiya Technical College
    15. German Tech Sri Lanka
    16. Japan Technical Institute (JTI)
    17. Advanced Technological Institute (ATI)
    18. Sri Lanka Institute of Development Administration (SLIDA)
    19. Sri Lanka Institute of Textile and Apparel (SLITA)
    20. National Institute of Occupational Safety and Health (NIOSH)
    21. National Institute of Business Studies (NIBS)
    22. National Institute of Construction Technology (NICT)
    23. Sri Lanka Institute of Architects (SLIA)
    24. Sri Lanka Institute of Marketing (SLIM)
    25. National Institute of Library and Information Sciences (NILIS)
    26. National Institute of Language Education and Training (NILET)
    27. National Institute of Social Development (NISD)
    28. All the universities in Sri lanka

    තව ඇති institute ඇති, මට ඔවුව හොය හොය දාන්න වෙලාවක් නෑ. උඹල ආස මොකද්ද ඒක හොයාගෙන පලයවු. අනේ පීස් අපේ ආතල සීයල ටිගර් වෙලා මට බනින්න එපා. රට යන විදිහ හොදටම අවුල්. පොඩි එවුන්ට හරි පාර පෙන්නන එක අපෙ වගකීම. එච්චරයි.
    ටටා බායි 👋👋👋

    By Vajira Ushan

    ඔය තියන එකකට ගිහින් ඉගෙන ගන්න එතකොට ලේසියෙන්ම ජොබ් එකක් ගන්න පුලුවන්
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලීස් කරල ත්‍රීවීල් එකක් ගන්න ගානෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් මේ රටේ බන්. මම දැන් මාස තුනකට වගේ කලින් ඉලෙක්ට්‍රීශියන් කෝස් එකකට ඔය ඉන්ස්ටිටියුට් එකකට කෝල් කලා (මට වයස 40ක්, ආසාවට සහ අනාගත ආයෝජනයකට කරන්න). කෝස් ෆී එක 80ක් වගේ වෙන්නෙ. පාට් ටයිම් කෝස් එකක්. අවම 20ක්ද කොහෙද එකතු උනාම තමයිලු කෝස් එක පටන් ගන්නෙ. ඇඩ් එක දාලත් මාස කීපයක් වෙලා ඒත් ඔය කියන හ්ඩ් කවුන්ට් එක ඇවිත් නෑ. ඔන්න අපේ රටේ තරුනයන්ගෙ තත්වෙ