ජොබ්_ෂුවර්_ලංකාවේ_ඉහළින්ම_තියෙන_ක්ෂේත්‍ර

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,836
    8,058
    113
    මෙන්න මෙතන...
    ජොබ්_ෂුවර්_ලංකාවේ_ඉහළින්ම_තියෙන_ක්ෂේත්‍ර

    හරියට කරගත්තොත් අනිවා ජොබ් ෂුවර් ලංකාවේ ඉහළම තියෙන ක්ෂේත්‍ර 5 ක්...​

    රස්සාවක් කරන දහදෙනෙක්ගෙන් ඇහුවොත් ඒකෙන් හත් දෙනෙක්ම කියන්නේ මේ ජොබ එපා වෙලා, වෙන කරන්න දෙයක් නැතිකමට කරනවා කියල තමයි. හැබැයි ඕක ගොඩක් වෙලාවට ඒ ඒ මොහොතේ ඉන්න මූඩ් එක අනුව කියන කතා වෙන්නත් පුලුවන්. මේ වෘත්තිය සම්බන්ධයෙන් වෙන අසන්‍තෝෂයට මූලික වෙන්නේ තමන් දවසම මැරිලා මැරිලා වැඩ කලත් මාසෙ අන්තිමට හම්බුවෙන ගාණ සාපේක්ෂව බැලුවහම සොච්චමක් වීම වෙන්න පුලුවන්. එතකොට ගොඩක් වෙලාවට තරුණ තරුණියන්ට නං තියෙන ප්‍රශ්නේ තමයි රස්සාවක් හොයාගන්න එක. සමහරුන්ට ඔය ඇකඩමින් කොලි‍ෆිකේෂන් එහෙම තිබිලත් අමු කට්ටක් කන්න වෙනවා ජොබක් සෙට් කර ගන්න.

    හැබැයි අපි මෙහෙම බැලුවොත්. ලංකාවේ දැනට සහ ඉස්සරහට සෑහෙන්න ගොඩ යන බව පේන කර්මාන්ත මොනවද කියලා බලලා, ඒවලින් තමන්ගේ හිතට අල්ලන ක්ෂේත්‍රයකට හරියන්න කොලි‍ෆිකේෂන් හදාගත්තොත්? ආන්න ඒක නං ගොඩ යන ප්ලෑනක් වගේ පේනවා, නැද්ද? එහෙමනං බලමු ප්ලෑන් එක ගොඩදාගන්න හරියයි වගේ පේන ජොබ් මොනවද කියලා!

    1. සංචාරක ව්‍යාපාරේ

    Jobs-in-Growing-Industries-01.jpg


    ලංකාවේ ‍ටුවරිසම් කියන්නේ කාලයක් තිස්සේම ලංකාවේ ආර්ථිකයේ බලකණුවක්. ඔය සුනාමි ආපු කාලේ එහෙම පොඩ්ඩක් එහෙ මෙහෙ වුනත් තාමත් ‍ටුවරිසම් නැගලා යනවා. 2016 අවුරුද්ද වෙනකොට ඉලක්කය වෙලා තිබුණේ සංචාරකයෝ මිලියන 2.5 ක් ගෙන්නගෙන ඇමරිකන් ඩොලර් බිලියන දෙකක ආදායමක් හොයන්න තමයි. ඉතින් මෙහෙම බලනකොට ‍ටුවරිසම් පැත්තට යොමුවෙන එක බොහොම ස්ථිර වෘත්තියක් වගේම තමයි මේ ක්ෂේත්‍රයේ ප්‍රවිණත්වය ලබාගන්නවා කියන්නේ සැලකිය යුතු වැ‍ටුප් ලබන්න පුලුවන් ‍රැකියාවක්.

    සංචාරක කලමණාකරණ සහ සත්කාරක කියන විෂය යටතේ කෙරෙන උපාධි පාඨමාලා වගේම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලා වුනත් ලංකාවේ හොයාගන්න තියෙනවා. එක්කෝ කෙලින්ම Sri Lanka Tourism and Hotel Management වගේ රජයේ ලියාපදිංචි තැනක මේ උපාධිය හදාරන්න පුලුවන්. නැතිනම් රජයේ විශ්වවිද්‍යාල වලත් තියෙනවා, අභ්‍යන්තර සහ බාහිර උපාධි කියන දෙවිදියෙන්ම. එහෙම නැතත් පුද්ගලික උපාධි ආයතන වලත් මේ සම්බන්ධ උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. හොඳ පිළිගැනීමක් තියෙන පාඨමාලාවකට යොමුවෙනවා නම් වැඩේ ගොඩ.

    ලොකු ලොකු සීන් ඕන නෑ කියලා හිතුනත් මේ ක්ෂේත්‍රයේ රස්සා තියෙනවා. උදාහරණයක් විදියට ‍ටුවර් ගයිඩ් කෙනෙක් වෙනවා කියන්නේත් හොඳ රස්සාවක්!



    2. ඇඟලුම් කර්මාන්තය

    Jobs-in-Growing-Industries-02.jpg


    ඕක කියනකොට අහන්න එපා ගාමන්ට් ගැන නේද මේ කියන්නේ කියලා. එදා ඉඳන් අද වෙනකල් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය කියන්නේ ලංකාවේ ආර්ථිකය ගොඩදාන්න උදවු වුණු මූලික කුළුණක්. දැන් ඇඟලුම් කර්මාන්තය කිව්වහම අර පාළොස්දාහේ පඩියට සතියේ දවස් හතම උදේ ඉඳන් රෑ වෙනකල් ගාමන්ට් යන අක්කලා නංගිලාගේ රස්සාවත් අයිතියි තමයි. ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන්ගේ රස්සාවත් අයිතියි. හැබැයි අපි මේ කියන්නේ ඒ ගැන නෙවෙයි. මේ ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් කියන විෂය ඔස්සේ උපාධි පාඨමාලාවක් නැත්තං ඩිප්ලෝමා එකක් හෝ හදාරණවා කියන්නේ අනාගතේ ෂුවර් රස්සාවකට අඩිතාලම් දාගන්නවා කියන එක තමයි. මේ ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල රස්සාව තරඟකාරීයි වගේම තමයි හොඳට හම්බකරන්නත් පුලුවන්. මේ සම්බන්ධ උපාධි හෝ ඩිප්ලෝමා ඕපන් යුනිවර්සිටි එකේ ඉඳන් රජයේ විශ්වවිද්‍යාල වලත්, Sri Lanka Institute of Textile And Apparel වගේ රජයේම ආයතන වලත්, පුද්ගලික උපාධි ආයතන වලත් ඕන තරම් තියෙනවා. තමන්ට ගැලපෙන පාර හොයාගන්න තමයි තියෙන්නේ.


    3. වැවිලි කර්මාන්තය

    Jobs-in-Growing-Industries-03.jpg


    වැවිලි කරුමාන්තේ කිව්ව ගමන් ඔලුවට එන්නේ ඈත පළාතකින් ඉඩමක් අරගෙන ඔය බෝග ටිකක් වගාකරගෙන ඉන්නවා කියලා නේ? ආන්න ඒක වුනත් අවුලක් ඇති අදහසක් නෙවෙයි. හැබැයි නිකං සාරණ ටිකක් වගා කරලා මේ වගේ දේකින් ලාභ ගන්න බෑ. මුලින් හොයලා බලන්න ඕන හොඳ මාකට් එකක් තියෙන්නේ මොන වගේ වගාවන්ටද කියලා. එක්කෝ එළවළු වෙන්න පුලුවන්. එහෙම නැත්තං සඳුන්, ආගාවුඩ් වගේ දෙයක් වෙන්නත් පුලුවන්. හැබැයි මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි.

    විශේෂයෙන්ම තේ කර්මාන්තයට ලංකාව කොයි තරම් විශේෂයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. තේ කිව්වොත් ලෝකෙම පරසිද්ද වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව තමයි. ඉතින් තේ අපනයන ක්ෂේත්‍රයේ වෘත්තියක් කරන්න කැමති කෙනෙක්ට ජොබ් එකේ ආතල් එක වගේම වෘත්තිමය සුරක්ෂිතභාවයත් තියෙනවා කියලා අපිට බය නැතුව කියන්න පුලුවන්. දැන් අහන්න එපා තේ දළු නෙලන්නද යන්න කියන්නේ එහෙම නැත්තං කංකානි වැඩේටද කියලා. හරියට හදාරලා, රස්සාවේ එක්ස්පීරියන්ස් හරියට අරගෙන වයස අවුරුදු 24, 25 වෙනකොට ලොකු තේ වත්තක ලොක්කා, ඒ කියන්නේ පීඩී වුණු යාලුවෝ පවා ඕන තරං ඉන්නවා. හැබැයි මේ ක්ෂේත්‍රයේ ‍රැකියා තියෙන්නේ ඒවා විතරක් නෙවෙයි. ගිණුම් හෝ විගණන ක්ෂේත්‍රය හදාරලා තියෙන අයට වුනත් මේ තැන්වල රස්සා තියෙනවා.

    එතකොට තේ අපනයනය ගැන තාක්ෂණික දැනුම සඳහා උපාධි පාඨමාලා පවා තියෙනවා. ඕන නං කෙලින්ම National Institute of Plantation Management වගේ මේ සබ්ජෙක්ට් එකටම වෙන් වුණු රජයේ තැනකින් ඉගෙනීම පටන් ගන්නත් පුලුවන්.



    4. බැංකු ක්ෂේත්‍රය

    Jobs-in-Growing-Industries-04.jpg


    දැන් ඕනම ඒලෙවල් ඉවර කරපු ළමයෙක්ට යන්න තියෙන ලේසිම රස්සාවක් තමයි බැංකු රස්සාව. ඒ කියන්නේ අපෝ හැමෝම යනවනේ කියන එක නෙවෙයි. බැංකු වලින් ඒ ලෙවල් කරලා හොඳ රිසාල්ට් එකක් තියෙන අයව විතරක් නෙවෙයි, රිසාල්ට් එනකල් බලාගෙන ඉන්න අයවත් ඒ කාලෙට හයර් කරනවා. පටන් ගත්තු ගමන් ඉතින් පාළොස්දාහ විසිදාහ ගෙවන්නෙ නෑ තමයි, හැබැයි පුහුණුවීමේ ‍රැකියාවක් විදියට ඒක මරු. සාමාන්‍යයෙන් වෙන්නේ ගොඩක් දෙනෙක් ඔය රස්සාව අවුරුද්දක් විතර කරලා එක්කෝ කැම්පස් යනවා, එහෙම නැත්තං වෙන තමන් කැමති රස්සාවකට යනවා. හැබැයි බැංකු ක්ෂේත්‍රයේම හරියට ‍රැඳිලා ඉඳලා, බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව තියෙන විභාග එහෙම ගොඩදාගෙන උඩට උඩට යනවා කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, පිටරටවල පවා හොඳ ස්ථාවරයක් තියෙන බැංකු ‍රැකියා අනිවා ෂුවර් කියන එක තමයි.

    දැන් මේ බැංකු කිව්වහම ලංකා බැංකුව වගේ රජයේ බැංකු වල ඉඳන් හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින්ග් කෝපරේෂන් වගේ ලංකාවේ ක්‍රියාත්මක වෙන පිටරට බැංකු පවා අයිතියි. ඒ විතරක් නෙවෙයි, සණස බැංකුව, ග්‍රාමීය බැංකුව වගේ ප්‍රාදේශීය තලයෙන් ක්‍රියාත්මක වන බැංකු වල පවා රස්සා හොඳයි.

    වෘත්තියම බැංකු ක්ෂේත්‍ර පාඨමාලා හොයාගන්න ඕන තරමට තියෙනවා. එක්කෝ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වගේ තැනක. එහෙම නැත්තං බැංකු අධ්‍යාපන මධ්‍යස්ථානය වගේ එකක. මේ හැම එකක්ම වගේ රජයේ තැන් තමා. රජයේ විශ්වවිද්‍යාල වලත් තියෙනවා.



    5. ටෙලිකොමියුනිකේෂන්

    Jobs-in-Growing-Industries-05.jpg


    දැං කාලේ අතේ ෆෝන් එකක් නැහැයි කියන්නේ කලිසම අඳින්නේ නැතුව පාරට බැස්සා වගේ තමයි. ඒ කියන්නේ ඒ තරමට සන්නිවේදනය කියන එක අපේ අත්ලට ඇවිත් විතරක් නෙවෙයි, සන්නිවේදනය නිසා එකිනෙකා එක්ක සම්බන්ධ වුණු ලෝකේ අපිට සම්බන්ධ නොවී ජීවත් වෙන්න බැරි තැනකට ඇවිත්. නිකමට හිතලා බලන්නකෝ ෆෝන් එක ගෙදර දාලා යන දවසක් කියන්නේ කොයි වගේද කියලා.

    හරි ඒක නෙවෙයි කියන්න ආවේ. ලංකාවේ ටෙලිකොමියුනිකේෂන් කියන ෆීල්ඩ් එකේ තියෙන රස්සා ගැන. මේ ක්ෂේත්‍රය බොහොම ස්ථාවර තිබුණත් මේ රස්සා ගැන එකක් කියන්න ඕන. තරගකාරීත්වය අතිශයින්ම ඉහළයි. හැබැයි පොඩි චැලේන්ජ් එකක් නැති ජීවිතෙන් ඇති වැඩකුත් නැහැනේ. සාමාන්‍යයෙන් ටෙලිකොම් හරි මොබිටෙල් හරි වගේ රජයේ ටෙලිකමියුනිකේෂන් සේවා සපයන ආයතනයක වුනත්, ඩයලොග් වගේ පුද්ගලික ආයතනයක වුනත් ඉස්කෝලෙන් අවුට් වුණු කෙල්ලෙක්ට කොල්ලෙක්ට වුනත් රස්සා තියෙනවා. පොඩ්ඩක් කඩ්ඩ එහෙම පොලිෂ් කරගෙන ඉන්න වෙනවා හැබැයි. මෙතනින් එහාට මේ ක්ෂේත්‍රයේ විධිමත් උසස් අධ්‍යාපනයක් ලබාගන්නවා කියන්නේ අනිවා ස්ථාවර රස්සාවක් අතේ කියන එක තමයි. මෙහේ විතරක් නෙවෙයි, පිටරටක වුනත්.

    මේකටත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය වගේ තැනක ඉඳන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්, සිනෙක් කැම්පස් දක්වා තැන්වල උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. රජයේ උපාධි ආයතන වලත් හොයලා බැලුවොත් මේ සම්බන්ධ උපාධි, ඩිප්ලෝමා හොයාගන්න පුලුවන්.



    සැලකිය යුතුයි: මේ ක්ෂේත්‍ර වලට ඒ ක්ෂේත්‍රයේම විශේෂීකරණය වෙන්න ඕන නැහැ. ඒක මූලික අදහස විතරයි. ඇත්තටම ඕන කරන්නේ මේ එක් එක් ක්ෂේත්‍රය ඇතුලේ තමන්ට තියෙන ‍රැකියා අවස්ථා සහ ඒවා එක්ක යන්න පුලුවන් දුර ගැන හොයලා බලන එක තමයි. ඉන් පස්සේ ක්ෂේත්‍රය ගැන දැනුමක් එක්ක වෙන ක්ෂේත්‍රයක විශේෂීකරණයක් තියෙන කෙනෙක්ට වුනත් ඒ ඒ ක්ෂේත්‍රයේ පාරවල් තියෙනවා. උදාහරණයක් විදියට නීති උපාධියක් තියෙන කෙනෙක්ට බැංකුවක නීති නිලධාරියෙක් වෙන්න පුලුවන් නේ. මුලින් හොයලා බලන එක තමයි වැදගත් වෙන්නේ.



    source: aniwa.lk
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    palaweniyata thiyana ekaanam 80 ganan wala thama hodama kale. gold era. ee kale awe okkoma patta salli thiyana suddo. un gawa ona welawaka salli athe. card ehema nane ee kale.

    90 ganan wala bomba purarala chater welama giya. suddo nathuwa bus ehema weli weli thibbe.

    dan mokkuda ban enne pattama higanno ban. :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    palaweniyata thiyana ekaanam 80 ganan wala thama hodama kale. gold era. ee kale awe okkoma patta salli thiyana suddo. un gawa ona welawaka salli athe. card ehema nane ee kale.

    90 ganan wala bomba purarala chater welama giya. suddo nathuwa bus ehema weli weli thibbe.

    dan mokkuda ban enne pattama higanno ban. :lol:

    sirawata ban dan ena una 1-2$ aduwa balala ban yanne. issara un tip denne 10$+ walin. dan enne higanno, backpacking un. e madiwata indian karayo.
    tourists la 2.5M kiyanne oya indian un ekka. w.europe un dan patta aduwen enne.
     

    deadshot009

    Junior member
  • Oct 18, 2016
    48
    3
    18
    බම්ප් සෞඛ්‍යය ක්ෂේත්‍රය ගැන කිව්වොත් හොදයි නේද
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    sirawata ban dan ena una 1-2$ aduwa balala ban yanne. issara un tip denne 10$+ walin. dan enne higanno, backpacking un. e madiwata indian karayo.
    tourists la 2.5M kiyanne oya indian un ekka. w.europe un dan patta aduwen enne.

    ape thaththa wada kale walkers tours eke issara bus ekaka driver. ee kale italy jappo bahinawa kiyanne. ammata udu goda yako. bus eke eka tour ekak gahanwa kiyanne 60 - 70 athe. ape lokkata 60 vithara enakota guide karaya geniyanawa 180 wadiya. un 55 panala pension yanakota yanne thadi business karayo wela. pattama salliyak thibbe guide karana eun laga. :lol::lol::lol::lol:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya Telecome wage field wala hoda jobs na ban. Dialog eke ehema wedakarana ekekgen ahala balapan.

    Telecom NDT wage thiena ekektath salary adui