ගෑනූන් වගේ මිනිසුන් දාගෙන හතරවටේ
සොමියක් ගනී ජොනියගේ පුතු පාටි දමා
තැබෑරුම් සීයක් දාගෙන කොමිස් කකා
චන්දෙට දාන ගුන්ඩු නැතිවද තවම නිමා
නැට්ටට කිරි උනපු ගමන් චන්දෙට එනවා
මිනිසුන් රවටලා ලොකු පුටුවට යනවා
සිරිලක වනසමින් උන් ටික වැජඹෙනවා
සිංහලයන් ලෝකයේ විහිලුව වෙනවා
තාත්තලා රට කාලා දරුවට දෙනවා
දරුවන් දිගටම මව්බිම කනවා
පල්මෝඩයන් මෙලෙසින් දිගටම එනවා
සිංහලයනි සිරිලක හපයක් වෙනවා
බජව් දාමින් අරගන්න සැප
කරන විනාසේ දෙවියනේ නිමක් නැත
කොල්ලන් ලේ හලා දිනපු බිම
ජඩකම් නිසා ආපහු වැනසෙනවා අද