ජෝන් ඩෙන්වර් ; සංගීතය සහ ස්මරණය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    ජෝන් ඩෙන්වර් ; සංගීතය සහ ස්මරණය


    download.jpg


    අවාසනාවන්ත ගුවන් යානා අණතුරකින් ජෝන් ඩෙන්වර් මිය ගියේ නොමැති නම් ඔහු මේ වන විට තම ජීවිතයේ 70 සැතපුම් කණුව පසු කරන්නේය​. එහෙත් 1997 වසරේදී ඔහු මිය ගියේය​.

    ජෝන් ඩෙන්වර් ගේ ගීත අප අසන්නේ 1970 දශකයේ මුල් කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය හරහාය​. 1978 වසරේදී වරක් මමත් ප්‍රියදර්ශන අබේවීර ගුණවර්ධනත් ජෝන් ඩෙන්වර් ගේ කන්ට්‍රි රෝඩ්ස් ගීතය පාසලේදී මේසය ඩ්‍රම් එකක් ලෙස වාදනය කරමින් ගායනා කලෙමු. පසු කාලයක ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනු ප්‍රියදර්ශන අබේවීර ගුණවර්ධන ඊලම් යුද්ධයේදී තම ගුවන් යානාව කඩා වැටීම නිසා මිය ගියේය​.

    1985 වසරේ මමත් රාජකීය විද්‍යාලයේ තුසිතත් ඔහුගේ නිවසේදී ( තුසිත පදිංචිව සිටියේ බම්බලපිටිය හංදිය ආසන්නයේ නිවසකය​) අප දෙදෙනා සේනාරත්න සර් ගේ භෞතික විද්‍යාව ටියුට් වල ගනං හදන්නේ ජෝන් ඩෙන්වර් ගේ සිංදු වලට සවන් දෙමිනි. තුසිත වර්තමානයේ එක්සත් රාජධානියේ ජීවත් වෙයි.

    1987 වසර එලැඹෙන විට මමත් ධම්මික රත්නායකත් යූක්‍රයීනයේ විනිට්සා වෛද්‍ය පීඨයේදී ජෝන් ඩෙන්වර් ගේ කන්ට්‍රි රෝඩ්ස් ගීතය ගායනා කල අතර ධම්මික රත්නායක ගිටාරය වැයීය​.

    2012 වසරේදී මා විසින් ලියූ මානසික රෝගියාගේ පරිකල්පනය ( මෙම පොත 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සමීක්‍ෂණයට තෝරා ගනු ලැබුණි) මානසික රෝගියාගේ පරිකල්පනය පොතේ එන මනංකල්පිත චරිතයක් වන වින්සන්ට් ලංකාතිලක සවුත් ඩැකෝඩාවලදී ඇමරිකානු යුවලක් ඉදිරියේදී ජෝන් ඩෙන්වර් ගේ ඇනීස් සෝං ගීතය ගායනා කරයි .

    ......අපි හතු හැඩයට හදලා තිබ්බ ලී ආසනවල වාඩිවෙලා හැවිනා එක්ක ස්පාඤ්ඤ වයින් බෝතලයක් බිව්වා. ශීතත් උෂ්ණත් නැති සනීප හුළඟ. සූරියකාන්ත මල්. කිලෝ මීටර් දෙකක් විතර දිග ලී කණුවලින් තැනූ වැට. පිකප් රථය. මම ඩේව් දිහා බැළුවා. තෘප්තිමත් ගොවියෙක්. මට වප් මඟුල මතක් වුණා. පුන්චිරලා මාමගේ හකු ඇට පැදුණු මුහුණ. කෙරන් අපිට ඉතාලි ක‍්‍රමයට හදාපු මාළු පිඟානක් ගෙනාවා. කෙරන් ගේ රන් පැහැති කොණ්ඩය. මට බණ්ඩරී නැන්දාගේ අව්වට කරවෙච්ච මුහුණ මතක් වුණා. අපි ගිනිමැලය වටේ එකතුවෙලා සින්දු කිව්වා. ඩේව් ගිටාර් එක වයමින් ඩොන් විලියම්ස්ගේ සින්දුවක් කිව්වා. කෙරන් තාලය ඇල්ලූවා. මම ඔවුන්ට ජෝන් ඩෙන්වර්ගේ ඇනීස් සෝං ගීතය තිළිණ කළා. විදේශීය උරුවකින් කියන ඇනීස් සෝං ඔවුන්ව කුල්මත් කරන්න ඇති. (මානසික ‍රෝගියා‍ගේ පරිකල්පනය- ගොඩගේ ප්‍රකාශකයෝ)

    2018 වසරේදී බෆලෝ සිට නිව්‍ යෝක් දක්වා රිය ධාවනය කරන විට ගමන් වෙහෙස සහ කාන්සිය මම නිවා ගත්තේ ජෝන් ඩෙන්වර් ගේ ගීත වලට සවන් දෙමිනි. ඔහුගේ ලීවිං ඔන් එ ජෙට් ප්ලේන් සහ සන් ෂයින් යන ගීත මම බොහෝ වාරයක් වාදනය කලෙමි.

    ජෝන් ඩෙන්වර් වියට්නාම් යුද්ධයට එරෙහිව ගීත ගායනා කලේය​. එසේම පරිසර විනාශය ගැන ඔහු ජනතාව දැණුවත් කලේය​. ඔහු ජනතාවාදී ගායකයෙකු විය​. ජෝන් ඩෙන්වර් මිය ගියද ඔහු අදත් ලෝකය පුරා මිලියන ගනනක් ජනතාව ගේ හදවත් වල ජීවත් වෙයි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග

    http://transyl2014.blogspot.com/2019/03/blog-post_17.html
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Country roads, take me home
    To the place I belong
    West Virginia, mountain mama
    Take me home, country roads

    One of my Favorite
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොළඹ වැඩ කරන කාලෙ ගෙදර එනකොට කන්ට්‍රි රෝඩ්ස් සින්දුව මතක්වෙනවා.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කන්ට්‍රි මියුසික් වලින් මම කැමතිම සින්දුවක්. :love::love::love::love::love:




    ඒ සින්දුව දැන් ඉන්න කන්ට්‍රි ලෙජන්ඩ්ල සෙට් එක කියන එක. :love::love::love:

     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    If I have to choose one song to listen for my entire life I would choose Country Roads Take Me Home