ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන

    ලැබෙන ප්‍රතිචාර එක්ක බලපුවාම මේ දාන්න හිතාගෙන ඉන්න දේවල් දාන්න හිතෙන්නෙත් නැහැ එත් බලන ටික දෙනාගේ හරි දැනුම වැඩිවෙන්න ඔක්කොම ටික දාන්නම්

    බැලුවේ නැත්නම් මේවත් බලලම ඉන්න


    රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

    ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා


    අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ 18 වන සියවස අග භාගය වෙද්දී උඩරට රාජධානියේ ඇතිවෙලා තිබුණු තත්වය, ජෝන් පයිබස්ගේ ආගමනයට වටපිටාව සැකසුණු ආකාරය, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර සහ ජෝන් පයිබස්ගේ අවසානය ගැන.


    MJZHpro.jpg

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

    18 වන සියවස අග භාගය කියන්නේ කන්ද උඩරට රාජධානියට දේශපාලනික අතින් නම් එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. අවුරුදු 13 ක් තරම් ලාබාල වයසේදී රජ වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආගමික ප්‍රතිපත්ති අතිශය සාර්ථක වුණු බව ප්‍රකට කරුණක්නේ.

    1753 දී ලන්දේසි ආධාර ඇතිව සියම් රටින් උපසම්පදා භික්ෂූන් වැඩම කරවලා නැවත වරක් උපසම්පදාව පිහිටුවන්න රජතුමා සමත් වෙනවා. ඒ වගේමයි වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමන්නේත් මේ රජතුමාමයි. ඒත් 1760 දී රජතුමාව මරා දාන්න සංඝරාජ හිමියන් ඇතුළු රදළයන් පිරිසක් කුමන්ත්‍රණය කරනවා.
    ඒ වගේමයි රජතුමා මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළත් මේකට ලන්දේසීන්ගේ සහය ලැබෙන්න ඇති කියලා හිතලා ඒ අවුරුද්දේම හාපිටිගම්, අලුත්කුරු, සියනෑ, හේවාගම් කෝරළවලත් මාතර සහ ගිරුවාපත්තුවේ ලන්දේසීන්ට විරුද්ධව කැරලි ඇතිවුණාම ඒවාට විශාල වශයෙන් සහයෝගය ලබාදෙනවා. ඒ යටතේ මහාදිකාරම් ගලගොඩ ලවා 1761 දී රජතුමා මාතර ලන්දේසි කොටුව අල්ලා ගන්නවා වගේම දුම්බර රාලහාමි ලවා හංවැල්ල කොටුව විනාශ කරවනවා.

    මුල් වටයේ රජතුමාට මේ ආකාරයෙන් ජයග්‍රහණය ලැබුණත් ලන්දේසි ආණ්ඩුකාර Jan Schreuderගේ උපායන් අනුව 1762 පෙබරවාරි වෙද්දී ලන්දේසීන් හේවාගම්, හාපිටිගම්, අලුත්කුරු, සියනෑ කෝරළවලත් මාතරත් ඇතිවෙලා තිබුණු අරගලකාරී තත්වය සමනය කරලා තමන්ගේ ආදිපත්‍ය නැවත තහවුරු කරගන්නවා.

    මේ වගේ අර්බුදකාරී තත්වයක් දේශපාලනික වශයෙන් පවතිද්දී තමන්ගේ පූර්වගාමීන් අනුගමනය කරපු පිළිවෙතටම යන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සිදුවුණා. ඒ තමයි තවත් බලවත් ජාතියක් ලවා ලන්දේසීන් පරාජය කරවන එක. II රාජසිංහ රජතුමාත් පෘතුගීසීන් මර්දනය කරන්න ගත්තු ක්‍රියාමාර්ගේ වුණේ ඒකනේ.​

    qTaYrvL.jpg
    ශාන්ත ජෝර්ජ් බලකොටුව

    මේ යටතේ රජතුමා 1762 දී ඉන්දියාවේ මදුරාසියේ පිහිටි ඉංග්‍රීසීන්ගේ ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාරයා වුණු George Pigot ට පණිවුඩයක් යවලා ලන්දේසීන් මර්දනය කරන්න ඉංග්‍රීසීන්ගෙන් ආධාර ඉල්ලනවා වගේම ඉංග්‍රීසින්ගේ වෙළෙඳාම් කටයුතුවලට රාජානුග්‍රහය ලබාදෙන්න කැමති බව ප්‍රකාශ කරනවා.

    මේ ඉල්ලීමත් එක්ක රජතුමා සමඟ සාකච්ඡා කරන්න මදුරාසියේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්ව ලංකාවට පිටත් කරන්න 1762 අප්‍රේල් 6 වෙනිදා තීරණය කරනවා. ඒ අනුව අද්මිරාල් කෝනිෂ්ගේ නායකත්වයෙන් නැව් 5 ක් සහ සන්නද්ධ භටයින් 200 ක් එක්ක ජෝන් පයිබස් 1762 මැයි 5 වෙනිදා ත්‍රිකුණාමලයට ගොඩ බහිනවා.

    එතැනදී පයිබස්ව පිළිගන්නා රජතුමාගේ නියෝජිතයන් එක්ක පයිබස් විටෙක පා ගමනිනුත් තවත් විටෙක දෝලාවෙනුත් බොහොම කම්කටොලු මධ්‍යයේ මැයි 18 වෙනිදා මහනුවරට ළඟා වෙනවා. කෙසේ නමුත් ජෝන් පයිබස්ට මදුරාසියේ ආණ්ඩුකාරවරයා රජතුමාට එවන ලද සංදේශයත් සමඟ රජතුමා බැහැ දකින්න ලැබෙන්නේ මැයි 24 වෙනිදා. මේ පිළිබඳව විස්තර කතා කරන එක හොඳයි උඩරට සිංහල රාජ සභාවේ කටයුතු සිදුවුණු ආකාරය ගැන දැනගන්නත් එක්කම.

    ජෝන් පයිබස් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පිළිගන්වන්න ගෙනාපු මදුරාසියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ගේ සංදේශය මස්ලිං රෙදි එලපු බන්දේසියක තැන්පත් කරන සිංහල නිලධාරීන් සංදේශය මස්ලිං රෙදිවලින් කීප වතාවක් ඔතනවා. ඊට පස්සේ රිදී ටසල් අල්ලලා තිබුණු රිදී නූලෙන් වැද දමපු සමචතුරස්‍රාකාර රෙද්දකින් ඒක ආවරණය කරනවා.

    CtWIv0u.jpg


    ඒ බන්දේසිය පයිබස් හිසේ තියාගෙන ගමන් කරද්දී පාවඩ එලනවා වගේම චීන සේද රෙද්දෙන් කරපු වියනකුත් ඒ බන්දේසියට ඉහළින් අල්ලනවා. පයිබස් ඉදිරියෙන් සංගීත භාණ්ඩ වාදනය කරන පිරිසක් ඉන්නවා වගේම මේ පෙරහැර ආරම්භ වීමත් එක්ක ආචාර වෙඩි මුර 11 ක් නිකුත් කරනවා.

    මහ වැසි ඇද හැලෙද්දී රෑ 7 ට විතර මේ පෙරහැර රජ මාළිගයට පිටත් වෙනවා. මේ වැඩෙන් පයිබස් හොඳටම හෙම්බත් වෙලා දෝලාවක් ඉල්ලුවත් රජු බැහැ දකින්න යද්දී පාගමනින් යන්න ඕනේ කියලා සිංහල නිලධාරීන් කියනවා. ටික වේලාවකින් රජ වාසළ ආසන්නයේ තිබෙන ගොඩනැගිල්ලට මේ කණ්ඩායම පැමිණෙනවා. එතැනින් ඉදිරියට ගමන් කරන මහ රජතුමාගෙන් අවසර ලැබෙනකම් මද වේලාවක් එතැන රැඳෙන්න වෙනවා.


    TGjie0h.jpg
    මහනුවර රජ මාළිගාව

    අවසර ලැබුණාට පසුව ඉදිරියට ගමන් කරන මේ පිරිස රජ වාසළ දොරටුවෙන් ඇතුළු වෙලා චතුරස්‍රාකාර පරිශ්‍රයකට එනවා. එතැන රාජකීය ඇතුන් වගේම අසුන් සරසලා පෙළගස්වලා තිබුණු බව පයිබස් දක්වනවා. මේ වෙලාවේ රජතුමාගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු ගලගොඩ පයිබස්ව හමුවට එන නිසා පාවහන් ගලවා ඉවත් කරන්න කියලා සිංහල නිලධාරීන් පයිබස්ට කියනවා. අකමැත්තෙන් වුණත් ඒ ඉල්ලීමටත් එකඟ වෙන්න පයිබස්ට සිදුවෙනවා. මහාදිකාරම්තුමා සුභ පැතුම් එක් කරලා පයිබස් එක්ක ගමනේ තොරතුරු කතා කරනවා. මේ සංවාදයෙන් පස්සේ පිරිස රාජ්‍ය ශාලාවට පිටත් වෙනවා.

    ZsH2c4S.jpg

    ලන්දේසීන් 1783 දී රාජධි රාජසිංහ රජු බැහැ දැකීම

    රාජ්‍ය ශාලාවේ ඉදිරි දොරටුව දොර රෙද්දකින් වහලා තිබෙන්නේ. පස්සේ අනු පිළිවෙලින් දොර රෙදි එසවෙන්න පටන් ගන්නවා. මේ විදිහට තිර රෙදි 6 ක් වුණු බව තමා පයිබස් දක්වන්නේ. අවසාන තිර රෙද්ද එසවීමත් එක්ක අඩි 3 ක් පමණ උස මල් ලියකම්වලින් අලංකාර කරපු ස්වර්ණාලේපිත සිංහාසනයක ඉන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දැකගන්න පයිබස්ට පුලුවන් වෙනවා.

    ඒ වෙලාවේ සංදේශය සහිත බන්දේසිය හිසේ තියාගෙන ඉන්න පයිබස්ව බලයෙන්ම සිංහල නිලධාරීන් විසින් දණ ගස්වනවා වගේම සියලු දෙනාම සම්පූර්ණයෙන්ම බිම දිගාවෙල හය පාරක් රජතුමාට නමස්කාර කරලා ආශිර්වාද වාක්‍යයක් ප්‍රකාශ කරනවා. රජතුමාත් ඒකට පිළිතුරු විදිහට කෙටි වාක්‍යයක් ප්‍රකාශ කරනවා කියලා පයිබස් දක්වනවා.


    lUgtXqf.jpg
    1656 ලන්දේසි ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් දෙවන රාජසිංහ රජුව බැහැ දැකීම​

    මේ සුභාශිංසනවලින් පස්සේ තමා රජතුමා හමුවට යන ජෝන් පයිබස් රජතුමාගේ ඉදිරියේ එලලා තිබුණු පර්සියානු පලසේ දණ ගහලා හිස මත තබාගෙන හිටිය බන්දේසියේ තිබුණු සංදේශය රජතුමාගේම අතට පිළිගන්වන්නේ. ඊට පස්සේ පිටි පස්සෙන් පිටි පස්සට යන පයිබස්ව නැවත වරක් දණ ගස්වන්න සිංහල නිලධාරීන් කටයුතු කරද්දී මහ රජතුමා නියම කරනවා කැමති ආකාරයකට අසුන් ගන්න කියලා.

    ශාලාවේ හොඳ හැටි ආලෝකයක් නොතිබුණු නිසා රජතුමාගේ ඇඳුම් පැළඳුම් හරියාකාරව දැකගන්න බැරිවුණත් ඒ ගැන පයිබස් විස්තර කරන්නේ මේ විදිහට

    ".... රජු රනින් වැඩ දැමූ විවෘත කබායක් හැඳ සිටි අතර ඊට යටින් බැනියමක් වැන්නක් විය. ඉණ වටා රනින් එම්බ්‍රොයිඩර් කළ බඳ පටියකි. රජුගේ හිස මත රත් පැහැයට හුරු රෙද්දකින් සෑදූ රනින් වැඩ දැමූ හිස් වැස්මකි. ඒ මත මැණික් ඇල්ලූ කුඩා මුදුන් සැරසිල්ලක් විය. ඇඟිලිවල මුදු කිහිපයක්ම විය. මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ මිටක් සහිත කිණිස්සක් රජුගේ වම් අතෙහි විය. රජුගේ දකුණු පසින් සිංහාසනය මත මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ අලංකාර මිටක් සහිත පැතලි විශාල අසිපතකි. චීන පාවහන්වල හැඩය ගත් රන් නූලෙන් වැඩ දැමූ තද රතු පැහැති පාවහන් යුවලක් රජු පැළැඳ සිටියේය. එම පාවහන්වල අඩිය වටේට රන් පටියක් සවිකර තිබුණු බවක්ද පෙනිණ...."

    පස්සේ රජතුමා සහ ජෝන් පයිබස් අතට සංවාදය සිද්ධ වෙන්නේත් හරි අපූරු විදිහකට. රජතුමා ප්‍රශ්නයක් අහද්දී සිංහාසනය අසළ දණ ගසාගෙන ඉන්න නිලධාරියෙක් ඒ ප්‍රශ්නයා අහගෙන ඉදලා රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් එක්ක වාඩිවෙලා ඉන්න සෙන්පතියෙක්ට කියනවා. ඒ සෙන්පතියාත් රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් ගාව ඉන්න මලබාර් වෛද්‍යවරයාට කියනවා. ඊට පස්සේ මලබාර් වෛද්‍යවරයා ඒක මලබාර් භාෂාවෙන් භාෂා පරිවර්තකයාට කියනවා. එයා අන්තිමටම ඒක ඉංග්‍රීසියෙන් පයිබස්ට කියනවා. රජතුමා පසෙකින් ඉන්න ලේකම්වරයෙක් සියලුම ප්‍රශ්න සහ උත්තර සටහන් කරගන්නවා.

    මේ විදිහට රජතුමා මදුරාසි නිලධාරීන්ගේ සුවදුක් අහනවා වගේම තමන්ට සහය පළ කරන්න ඉංග්‍රීසින් සූදානම් වීම ගැන ස්තුතිය පළ කරනවා. මේ සාකච්ඡාව අවසානයේදී පයිබස්ට පිටව යන්නට රජතුමා අවසර දෙනවා.

    ඒ වෙලාවේදී ආයි පාරක් කලින් විදිහටම බිම දිගාවෙලා නමස්කාර කරද්දී ඇඟ පත රිදෙන නිසා පයිබස්ට ඉඳගෙන ඉන්න අවසර ලැබෙනවා. රාජ්‍ය ශාලාවෙන් බැහැර වුණු ගමන්ම පයිබස් සිංහල නිලධාරීන්ට දොස් පවරනවා රාජ සභාවේදී පිළිපදින්න ඕනේ සිරිත් විරිත් ගැන තමන්ට මුලින්ම නොකියපු නිසා.

    කොහොම නමුත් ඊට පස්සේ අදිකාරම්වරුන් එක්ක පයිබස් සිද්ධ කරපු සාකච්ඡාවලදී අදිකාරම්වරුන්ට මූලිකව දැනගන්න අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසීන් ලන්දේසීන් එක්ක යුද්ධ කරන්න එකඟ වෙනවාද කියන කාරණේ. ඒත් ඒ වගේ දේකට එකඟ වෙන්න හරි ගිවිසුමකට එළඹෙන්න හරි තමන්ට බලයක් නැති වග පයිබස් කියනවා. මේ වගේ පයිබස්ගේ වැනෙන සුළු උත්තර නිසා සිංහල ප්‍රධානීන් අසතුටට පත් වෙනවා.

    අවසානයේදී ජූනි 22 ජෝන් පයිබස්ට ආපසු යාමට රජතුමා අවසර ලබා දෙනවා. මේ වෙලාවේ ත්‍යාග වශයෙන් රජතුමා විසින් මුද්දක්, කඩුවක්, මැණික් ඇල්ලූ මාලයක්, බෙංගාලි මස්ලින් රෙදි දෙකක් සහ තවත් සුළු ත්‍යාග කීපයක් ජෝන් පයිබස්ට ප්‍රදානය කරනවා ජූනි 24 ගමන් අරඹන පයිබස් ජූලි 4 වෙනිදා නැවත වරක් නැවට පැමිණෙනවා. රජතුමා වෙනුවෙන් පැමිණි අදිකාරම්වරයා විසින් නැවේ අද්මිරාල්වරයාටත් රජතුමා විසින් ප්‍රදානය කළ මුද්දක්, රත්තරන් මාලයක් සහ තවත් ත්‍යාග කීපයක් ලබා දෙනවා.

    මදුරාසි ආණ්ඩුකාරවරයාට රජතුමා විසින් එවපු ලිපියකුත් අදිකාරම විසින් මේ අවස්ථාවේදී පයිබස්ට භාර දෙනවා. එදාම දවල් ජෝන් පයිබස් ඇතුළු පිරිස ආපසු මදුරාසිය බලා යාත්‍රා කරනවා.


    HFTbBxz.jpg

    ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාර නිල නිවස

    ආපසු පැමිණි ජෝන් පයිබස් මදුරාසි ආණ්ඩුකාර George Pigot ප්‍රමුඛ මදුරාසි පාලක මණ්ඩලයට සිංහලේ රාජධානිය පිළිබඳව වගේම තමන්ගේ දූත මෙහෙවර ගැන සකස් කරපු සම්පූර්ණ වාර්තාව ඔක්තෝබර් මාසයේදී භාර දෙනවා.

    ජෝන් පයිබස්ගේ පුද්ගලික තොරතුරු ගැන කතා කළොත් 1727 දී එංගලන්තයේ ඩෝවර් ප්‍රදේශයේ උපන් ඔහුගේ පියා වුණේ කපිතාන් බ්‍රයන් පයිබස්. 1753 ඔක්තෝබර් 20 මාර්තා ස්මෝල් සමඟ විවාහ වුණු පයිබස් දරුවන් 7 දෙනෙක්ගේ පියෙක් වුණා. ඉන්දියාවේ මසුලිපටම් ප්‍රදේශය භාර බ්‍රිතාන්‍ය නිලධාරියා විදිහට කටයුතු කරපු පයිබස් මදුරාසි පාලක මණ්ඩලයේත් සාමාජිකයෙක් වුණා.

    gksGHIE.jpg

    Lumley Chaple

    1768 දී ඉන්දියාවේ ඉදන් නැවත වරක් මව්බිම වෙත ආපු ජෝන් පයිබස් 1789 ජූනි 22 මියයනවා. ඔහුගේ දේහය තැන්පත් කරන්නේ සරේ ප්‍රදේශයේ පිහිටා තිබෙන ශාන්ත ඩන්ස්ටන් දේවස්ථානයේ [Lumley Chaple].මේ දේවස්ථානයේ ප්‍රභූන් රාශියකගේ සොහොන් කොත් දැකගන්න පුලුවන්.

    xJsBJPG.jpg


    37PqQPn.jpg


    54j349x.jpg


    ඔහුගේ සොහොන් ගැබේ දැකගන්න ලැබෙන වංශ සළකුණෙන් වගේම එහි තිබෙන විස්තරයෙන් පයිබස්ගේ සේවය විශාල ඇගයීමකට ලක්ව තිබුණු බව පැහැදිලියි.


    උපුටා ගැනීමකි
    HTML:
    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_8096.html
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ලිපි පෙළක්.කලින් නොට් වෙලා තිබ්බේ නෑ.අනිත් ටිකත් වෙලාවක කියවන්න ඕනේ
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    හොද ලිපි පෙළක්.කලින් නොට් වෙලා තිබ්බේ නෑ.අනිත් ටිකත් වෙලාවක කියවන්න ඕනේ

    මුලින් දාපු ටිකත් කියවන්න එතකොට ගොඩක් වැදගත් දේවල් දැන ගන්න පුළුවන් ඉදිරියට තව ලිපි වගයකුත් තියෙනවා ඒවත් කියවලාම බලන්න
    වැදගත් ලිපියක් මචන්.

    මේ වගේ ඒවාට වැඩිය ප්‍රතිචාර නැති උනත් වැදගත් වෙන ටික දෙන හරි වෙනුවෙන් දිගටම දාන්නම්

    niyamao ban digatama liyagana yamu

    මේ ලිපි පෙළ දිගටම බලන්න නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හරිම අපූරු සහ වැදගත් ලිපි පෙලක් මිත්‍රයා - මම මීට කලින් දැකලා තිබුනේ නෑ - දිගටම කරගෙන යන්න!
    11.gif

    ඉතිහාසෙ නොදන්න ගොඩක් අයට මේවා දැනගන්නත් එක්ක දිගටම ලියන්න :dull: