ජෝන් සෙනෙවිරත්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජෝන් සෙනෙවිරත්න

    සැකකරුගේ ඥතියාවත් තනතුරින් ඉවත් කළා
    මගේ දෑත් පිරිසිදුයි - ජෝන් සෙනෙවිරත්න

    p1-6.jpg


    චමින්ද සිල්වා, කේ. ඩී. ප්‍රේමසිරි - කහවත්ත

    තමන්ගේ දේශපාලන ජීවිතයේදී කිසිදු වැරදි කටයුත්තකට සම්බන්ධ වී හෝ වැරදි කරන අයකුට අනුබලදීමක්‌ කර නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    එA මහතා එසේ ප්‍රකාශ කළේ කහවත්ත ප්‍රදේශයේදී පසුගිය දින මවක්‌ හා දියණියක්‌ ඝාතනයවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණවලට එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන හස්‌තයකින් බලපෑම් කරන බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් "දිවයින"ට අදහස්‌ දක්‌වමිනි.

    මෙම ද්විත්ව ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවකුගේ සහෝදරයකු තම සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටි බවට දැන ගැනීමත් සමග එම පුද්ගලයා අදාළ තනතුරෙන් ඉවත් කර ඔහුට ලබාදී තිබූ වාහනය ද ලබාගත් බව ඇමැතිවරයා කීය.

    අදාළ ද්විත්ව ඝාතන සිදුවීම මුල් කරගෙන තමාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට ඇතැම් පිරිස්‌ කටයුතු කරමින් සිටින්නේ යෑයි ද හෙතෙම කීය. නමුත් මීට පෙර කහවත්තේ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස්‌ දී ඇතැයි ද හෙතෙම සිහිපත් කළේය.

    මෙම ඝාතන සිද්ධිය හා පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායම් සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පරීක්‍ෂණවලට තමාගේ බලපෑමක්‌ නොමැති බව කියා තිබියදීත් තමාට නඟන චෝදනා ඉතා පිළිකුල් සහගතව හෙළා දකින බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     

    Similar threads