ජෝන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ආණ්‌ඩුවට එක්‌වන්නට නම්
    කථානායක හෝ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ජෝන් ඉල්ලයි​



    budget201406gossiplankanews.com.jpg



    තමන්ට කථානායක ධුරය හෝ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරය හෝ ලබාදෙන්නේ නම් ආණ්‌ඩුව සමඟ එක්‌වන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගවලින් "දිවයින" ට වාර්තා වේ.

    කථානායක හෝ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ජෝන් ඉල්ලයි

    ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ජෝන් අමරතුංග මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එජාප රජය කාලයේදී ද අභ්‍යන්තර කටයුතු ඇමැති ධුරය දරමින් ආරක්‍ෂාව භාරව කටයුතු කළ ජෝන් අමරතුංග මහතා ආණ්‌ඩුව සමඟ එක්‌වීමේ සූදානමක්‌ ඇති බවට කලක සිට රාවයක්‌ පවතී.

    අමරතුංග මහතා මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පලස්‌තීනය සහ ජෝර්දානයේ සංචාරයක ද නිරතව සිටින අතර එය ආණ්‌ඩුව සහ ඒ මහතා අතර තිබෙන සමීප සබඳතාව තහවුරු වීමක්‌ යෑයි ද එජාපයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසුවේය.

    ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සමඟ මෙම රාජ්‍ය සංචාරයට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එක්‌වීම ද මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ සුවිශේෂී අවස්‌ථාවක්‌ ලෙස සැලකේ.

    තමන් දින කිහිපයකට පලස්‌තීනයේ ආගමික සිද්ධස්‌ථාන කිහිපයකට යැම සඳහා විදෙස්‌ගත වන බව පවසා ජෝන් අමරතුංග මහතා විදෙස්‌ගතවීමට එජාපයේ අවසරය ඉල්ලා ඇත.

    එහෙත් ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සිදුකරන බව ජෝන් අමරතුංග මහතා පක්‍ෂයට නිල වශයෙන් දැනුම් දී නැතැයි ද එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් "දිවයින" ට පැවසුවේය.
     
    Last edited:

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    ආණ්ඩුවේ සැබෑ නිදහස් පක්ෂේ ඇමතිවරු බලු වෙලා. මේ ආණ්ඩුවේ ලොක්කා විතරයි ශ්‍රී ලංකා. අනික් සේරම,හොද හොද ඇමතිකම් වල ඉන්නේ UNP කාරයෝ.
    අයියෝ අයියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ගිය කලක්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ආණ්ඩුවේ සැබෑ නිදහස් පක්ෂේ ඇමතිවරු බලු වෙලා. මේ ආණ්ඩුවේ ලොක්කා විතරයි ශ්‍රී ලංකා. අනික් සේරම,හොද හොද ඇමතිකම් වල ඉන්නේ UNP කාරයෝ.
    අයියෝ අයියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ගිය කලක්.

    :yes:යන උනුත් වැරදියි ගන්න උනුත් වැරදියි..