ජෝසෆ් ගොබෙල්ස්

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජෝසෆ් ගොබෙල්ස්




    ‍පොඩි බොරුවට වඩා ලොකු බොරුවට පුහුදුන් මිනිසා සැනකින් ගොදුරු වේ. සුළු දේකට වුවද ‍පොඩි බොරු කීමට හැමෝම ප්‍රිය කරති. ලොකු බොරු කීමට කිසිදාක පෙළඹෙන්නේ නැත. වෙනත් කාටවත් ලොකු බොරු නිපදවන්නට ද බැරි බව විශ්වාස කරති. එම නිසා විශාල බොරුවලට ආයුෂ ද බොහෝ වෙයි .....

    මේ තමයි ගොබෙල්ස්ගේ න්‍යාය පිළිබඳ ව ප්‍රකට ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිර්වචනය. බොරු කියන්න හොඳ නෑ කියලා අපි දන්නවා වුණාට, හැමෝම වගේ විහිළුවට හරි බොරු කියනවානේ. ඇත්ත ම කතන්දරේ නම් බොරු කියන්න හොඳ නැහැ කියන එක. ඒකෙන් ඇති කරන විපාකය හරි ම ප්‍රබලයි. දන්නවද මේ බොරු කියන එක දියුණු මට්ටමේ රැකියාවක තත්වයකට ගෙනාවේ කවුද කියලා... ඒ තමයි ජෝසප් ගොබෙල්ස්. අසත්‍ය හා සාවද්‍ය කරුණු කාරණා සත්‍ය හා නිරවද්‍ය කරුණු සේ පුනපුනා ඒත්තු ගැන්වීම යන මූලික සිද්ධාන්තයන් මතින් දේශපාලන ලොවෙහි ප්‍රතාපවත් චරිතයක් ලෙස කැපී පෙනීමේ න්‍යාය ලෝකයාට කියලා දුන්නේ මේ ජෝසෆ් ගොබෙල්ස්. ඒක කොයිතරම් වැදගත් ද කියනව නම් දේශපාලන විද්‍යාව පිළිබඳ ඉගෙනගන්න අය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු පළමු පෙළේ අපූරු අත්පොතක් විදියටත් දේශපාලන විෂය ධාරාවන්ට මේ ගොබෙල්ස් න්‍යාය ඇතුළත් කරලා තියෙනවා.

    ගොබෙල්ස් බොහොම බුද්ධිමත් කෙනෙක්. අධ්‍යාපන කටයුතුවලදී දක්ෂයෙක් වුණු ගොබෙල්ස්ට බොන්, වුස්බර්ග්, ෆීබර්ග් සහ හයිඩ්ල්බර්ග් යන ජර්මනියේ ඒ කාලයේ තිබූ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල හතරෙන්ම උසස් අධ්‍යාපනය ලබා සාහිත්‍යය හා දර්ශනය විෂයන් පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර ගන්න පුළුවන් වුණා. ප්‍රවෘත්ති පත්‍රයක උප කර්තෘවරයකු ලෙස සේවය කරමින් ඉද්දි ගොබෙල්ස්ගේ ශූර බුද්ධිය සහ කපටි දේශපාලන ඥානය පිළිබඳ අසීමිත විදියට පැහැදුණු හිට්ලර් විසිහත් හැවිරිදි ගොබෙල්ස්ට ක්‍රි.ව. 1924 දී නට්සි පක්ෂ සාමාජිකත්වය ප්‍රදානය කළා.

    මැතිවරණ ව්‍යාපාර ඇතුළු රජයේ සියලු ප්‍රචාරාත්මක කටයුතු දැඩි විශ්වාසයකින් යුතුව ආචාර්ය ගොබෙල්ස්ට හිට්ලර් පැවරුවා වගේ ම ගොබෙල්ස් ඒවා අකුරටම ඉෂ්ඨ කළා. 1932 අප්‍රේල් මාසයේ පැවැත් වූ ජනාධිපතිවරණයේදී ගොබෙල්ස්ගේ න්‍යායාත්මක ප්‍රචාරණය නොතිබ්බා නම් ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අන්ත පරාජයක් තමයි ලැබෙන්නේ. එහෙම වුණා නම් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් ප්‍රමාණයක් තවමත් ජීවතුන් අතර. ඊශ්‍රායලය කියලා රටකුත් නැතිවෙන්න තිබුණා. බලාගෙන ගියා ම දෙවන ලෝක යුද්ධෙට වගකියන්නෝන මේ ගොබෙල්ස් වගේ නේද!!! හිට්ලර්ගේ නට්සි ව්‍යාපාරයේ ‘හදවත’ හා ‘රත්‍රං මොළය’ ලෙස ලොකු මෙහෙවරක් ඉටු කළ නට්සි රාජ්‍යයේ මාධ්‍ය ඇමැති වූ ජෝසෆ් ගොබෙල්ස් නායකයාට ජීවිත පරිත්‍යාගයෙන් අවංකව, සෘජුව සිටි එකම මිතුරා කියලත් කියනවා. ගොබෙල්ස්ගේ ආකර්ෂණීය සංවිධානාත්මක ශක්තිය, විශ්මයජනක කූඨ බුද්ධිය හා ආවේගශීලී චතුර කථිකත්වයට කොයිතරම් හිට්ලර් ආකර්ෂණීය වුණා ද කිව්වොත් හිට්ලර් ආචාර්ය ගොබෙල්ස්ව ඇමතුවේ, “අපේ පුංචි ආචාර්යවරයා" කියලා. ගොබෙල්ස් වුනත් එහෙමයි හිට්ලර් ගැන හිතුවේ. “මම ඔහුට ආදරය කරමි. ප්‍රසන්න මනසක් හිමි ඔහු මගේ නායකයා වනු දැකීමට නිතර ප්‍රිය කළෙමි. ශ්‍රේෂ්ඨ බුද්ධිමතාට දැඩි සේ ගෞරව කරමි.” කියලා තමයි ගොබෙල්ස් හිට්ලර් ගැන කිව්වේ. හිතන්නකෝ කොහොමට බොරුව තියෙන්න ඇත්ද කියලා! ඒකට අපේ රටේ බොරුකාරයෝ, ළඟින්වත් තියන්න පුළුවන්ද...

    දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය ළං වෙද්දී ම ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ පෙම්වතිය ඊවා බ්‍රෝන් සියදිවි නසා ගන්නවානේ. ඊටපස්සෙ හිට්ලර්ගේ සහ ඊවා බ්‍රෝන්ගේ මළ සිරුරු රුසියන් ෂෙල් වෙඩිවලින් හෑරුණු වළක තැන්පත් කරලා පෙට්‍රල් දාලා පුළුස්සලා තියෙන්නෙත් ගොබෙල්ස් ම තමයි. 1945 මැයි 01 දා ඔහුගේ දරුපැටවුන්ට විෂ එන්නත් කරලා බිරිඳටත් වෙඩි තියලා ගොබෙල්ස් තමන් ම වෙඩි තියාගන්නවා, තවදුරටත් නායකයාට සිය සේවය ලබාදීමට නොහැකි වන නිසා සතුරන්ට සේවය කරනවාට වඩා සිය බිරිය සමග දරු පැටව් හය දෙනාත් එක්ක සිය නායකයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර අබියසම මියැදීම වඩාත් සුවදායකයි කියලා හිතලා.


    මේ තමයි ගොබෙල්ස් න්‍යායන්.....

    1. බොරුව හිතන්නවත් බැරි තරමටම විශාලවන වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි.

    උදාහරණ විදියට අපේ රටේ ඒවා ම ගමුකෝ... සෝමවංශ සහෝදරයාගේ කොම්පියුටර් ජිල්මාට් කතාව, ජෙනරල් ෆොන්සේකා ගේ සුදු කොඩි කතාව, ජනාධිපතිතුමා ගේ ආසියාවේ ආශ්චර්යය වගේ ඒවා. මිනිස්සු හිතන්නේ අපි නොදන්න මොනාහරි ඕක ඇතුළේ ඇති, ඔය ලොකු ලොක්කෝ මොනවාහරි දැනගෙන තමයි ඔහොම කියන්නේ කියලා මිනිස්සු හිතනවා, හැබැයි කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ......

    2. ලොකු ම බොරුව ඇත්ත කරන්න නම් ඒක බොහෝ වාරගණනක් නැවත නැවත කීම සහ සමාජයේ පිලිගත් චරිත ලවා පුනරුච්ඡාරණය කරවීම.

    ලංකාවේ නම් මේක සුපිරියට ම වෙනවා නේද... ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා, පියතුමන් ලා, වෙනත් ආගමික පූජකයන් ලවා අදහස් ප්‍රකාශ කෙරෙව්වා ම මිනිස්සු ඒ ගැන හිතන්න ගන්නවා. මේ අයත් මේක පිළිගන්නවා නම් අනිවාර්යෙන් ම මේක ඇත්ත වෙන්නෝන කියලා. සමහරවිට අර පුද්ගලයෝ දන්නෙවත් නැතුව ඇති මේ යට සැඟවුණු ක්‍රියාදාමයක් තියෙනවා කියලා.

    3. ප්‍රචාරණයෙන් ඇතිවන ප්‍රතිඵල, සැලසුම් කිරීමේදි ම සලකා බලයි.

    4. බොරුව ඍජුව ම විරුද්ධ වන්නන්ගේ ප්‍රතිපත්ති වලටම එල්ල කරයි.



    මේ වගේ කතන්දර තව මහ ගොඩක් ගොබෙල්ස් කියලා තියෙනවා. මේ වැදගත් ම කියලා හිතෙන ටිකක් තෝරලා දැම්මේ! ගොබෙල්ස් නම් මේ දේවල් සුපිරියටම කරලා තියෙනවා. නැත්තම් ඉතින් හිට්ලර් ජර්මනියේ අසහාය පාලකයා වෙන්නේ නෑනේ නේද! හැබැයි ඉතින් ලංකාවෙත් පොඩි පොඩි ගොබෙල්ස් ලා ඉන්නවා, ඒ වගේ වෙන්න උත්සහ කරන, හැබැයි ඒ ළඟින්වත් යන්න තරම් හැකියාවක් නැති. ඒ වගේ ම ගොබෙල්ස් ගැනවත් ගොබෙල්ස් න්‍යායන් ගැනවත් හාංකවිසියක් වත් නොදන්න බහුතරයක් ලංකාවේ මිනිස්සුත් ඉක්මනටම රැවටෙනවා අපරාදේ කියන්න බෑ! උඩින් දාලා තියෙන ඡායාරූපයේ වම් පැත්තේ ඉන්නේ ඇඩොල්ෆ් හිට්ලර්, දකුණු පැත්තේ ඉන්නේ ජෝසප් ගොබෙල්ස්.

    copy n paste: http://yeslahiru.blogspot.com/2012/02/blog-post_24.html
     
    Last edited:
    "2. ලොකු ම බොරුව ඇත්ත කරන්න නම් ඒක බොහෝ වාරගණනක් නැවත නැවත කීම සහ සමාජයේ පිලිගත් චරිත ලවා පුනරුච්ඡාරණය කරවීම."
    යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා
    යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා
    යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා
    යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා
    යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා
    යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා
    යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා
    ...