ඔහුගෙ නම රාජවරෝදියම් නගුලේෂන්ය. (නියම නම නොවේ). වයස 48කි. ගම යාපනයේ මිරුසුවිල්ය. මට නගුලේෂන් හමුවන්නේ 2012 වසරේදී කොළඹ වෛද්‍ය පීඨයට අයත් 41 වාට්ටුවේදීය. හඳුනා නොගත් වකුගඩු රෝගය නිසා වකුගඩු අකර්මන්‍ය වී සිටි ඔහු බද්ධ කිරීමක් බලාපොරොත්තුවේන් සිටියේය. ඔහුගේ නැගණිය වකුගඩු දායකයකු වූ නිසා ඔහු අනෙක් බොහෝ එබඳූ රෝගීන්ට වඩා වාසනාවන්තයකු බව මෙහිදී කිව යුතුය. 2012 අගභාගය වන විට ඔහුගේ වකුගඩු බද්ධය සාර්ථකව සිදු කල අතර 2016, මා කොළඹින් බැහැර වන තුරුත් ඔහු මාගේ රෝගියකු ලෙස සායනය වෙත පැමිණියේය. වෘත්තියෙන් ගුරුවරයකු වූ නිසාත්, සිංහල තරමක් කතා කල හැකි නිසාත ඔහු යාපනයේ වන දේ කීමට පුරුදු වී සිටියේය. ඒ 9 මාර්ගය අළුත්වැඩියාව, යාපනය නගාරය සංවර්ධනය මෙන්ම ආරක්ෂක හමුදා සමග වන ගැටුම්ද ඔහු මා වෙත රැගෙන ආවේය.
2016 මාර්තු මසදී, යාපනයේ ප්‍රථම වකුගඩු රෝග විශේෂඥවරයා ලෙස මා පත්වීමක් ලද්දෙමි. එම වසරේම මැයි මස දිනෙක සායනයේ ඔහු හිඳගෙන සිටිනු මම දුටුවෙමි. "සේර් මෙහේ ඉන්න නිසා කොළඹ යන්ඩ ඕන නෑනෙ. මම ලැනරෝල් මහත්තයට කියල මෙහෙට මාරු වුනා". නගුලේෂන්ට පසුව, යාපනයේ වකුගඩු රෝග සායනයට 40ක් පමණ දෙනා කොළඹින් පැමිණියේ ඉන් පසුවය.
අපි 2019 ජනවාරි වෙත එමු. මේ වනවිට නගුලේෂන් වකුගඩු බද්ධයට වසර හයක් සම්පූර්ණ කර තිබිණ. ඒ වන විට ඔහුට සුළු සංකූලතා කීපයක් හැරෙන්නට වෙනත් රෝග කිසිවක් නොවීය. නැවත ගුරු සේවයට වාර්තා කල ඔහු කිට්ටු පාසලක දරුවන්ට ඉගැන්වීමේ යෙදී සිටියේය.
වෙනත් අයකුගේ වකුගඩුවක් බද්ධ කලවිට සිරුර එය දකින්නේ තවත් විෂබීජයක් ලෙසිනි. ඒ නිසා බද්ධ කල වකුගඩුවට එරෙහිව ශරීරය විසින් දැවන්ත ප්‍රහාරයක් එල්ල කරයි. මේ ප්‍රහාරය වෛද්‍ය විද්‍යාත්මකව rejection හෙවත් ප්‍රතික්ෂේප වීම ලෙස හඳුන්වනු ලබයි. වකුගඩුව ප්‍රතික්ෂේප වීම වළක්වන්නේ ඖෂධ රාශියක් ලබාදී ප්‍රතිශක්ති පද්ධතිය අඩපණ කිරීම මගිනි. ඇතැම් විට මේ ඖෂධ ගනිද්දීත් ප්‍රතික්ෂේප වීම් ඇති වේ. එවිට වඩාත් ක්‍රියකාරී ඖෂධ වලින් ප්‍රතිශක්ති පද්ධතිය තවදුරටත් අඩපණ කිරීම කල යුතුය. මේ සමගම පැමිනෙන්නේ විෂබීජ වල ප්‍රහාරයයි. එනම් ආසාදනයි. ඒ නිසා වකුගඩුවක් ප්‍රතික්ෂේප වීම යනු බරපතල තත්වයකි.
නගුලේෂන්ට කණකොකා හඬන්නේ 2019 ජනවාරි මාසයේය. වකුගඩු බද්ධ කිරීම උදෙසා ලබාදෙන MMF නම් ඖෂධය රෝහල් වලට නොලැබී ගියේය. MMF පෙත්තක් රුපියල් 300ක් පමණ වන අතර දිනකට පෙති තුනක් අවශ්‍ය වේ. මාසයකට වියදම රුපියල් 27,000ක් පමණ වේ. නගුලේෂන්ට මේ වියදම දර්ගැනීමට අපහසු එකකි. "සේර්, වෙන බේතක් නෙද්ද?" ඔහු මගෙන් අසයි. MMF වෙනුවට ජාම බේරා ගැනීමට පාවිච්චි කරන azathioprin ඖෂධය මම ඔහුට නියම කරමි.
සති දෙකකට පසුව නගුලේෂන් පැමිනෙන්නේ කකුල් ඉදිමීම, හතිය සහ රුධිරයේ ක්‍රියැටිනීන් මට්ටම වැඩිවීම සමගය. බැලූ බැල්මටම මෙය ප්‍රතික්ෂේප වීමක සලකුණුය. වකුගඩුවෙන් නිදර්ශකයක් හෙවත් බයොප්සියක් ගෙන පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මේ ඇත්තටම ප්‍රතික්ෂේප වීමක් බවයි. වහාම මම ඔහුව රෝහලට ඇතුළු කර ඖෂධ නියම කලෙමි. ඖෂධ තරමක් දුරට සාර්ථක බව පෙනීම නිසාත්, තව දුරටත් ඩයලිසිස් කිරීම අනවශ්‍ය නිසාත්, වාට්ටු යනු විෂ බීජ ආකරයක් නිසාත් ඔහුව ගෙදර යැවීමි.
මාසයකට පසුව නගුලේෂන් පැමිනෙන්නේ උණ සහ හුස්ම ගැනීමේ අපහසුකම නිසාය. මෙවරත් ඔහු වාට්ටුවට ඇතුලු කල මුත්, අඩපන වූ ඔහුගේ ප්‍රතිශක්ති පද්ධතියට ඖෂධ වලින්ද උදවුවක් නොවීය. නගුලේෂන් වයස 48 දීම අවසන් හුස්ම හෙළන්නේය.
නගුලේෂන් මිය යන්නේ වකුගඩු බද්ධයට නියමිත ඖෂධ නොමැති කම නිසාය. මේ ඖෂධ ලබා දෙන්නේ මධ්‍යම සැපයුම්කරණ දෙපාර්තමේන්තුව මගිනි. එහි ක්‍රියාවන් කාර්යක්ෂම වූවා නම් නගුලේෂන් මිය යන්නේ නැත. එහි අධ්‍යක්ෂක වත්පොත තුල කැපී පෙනෙන්නට පෝස්ටු දමමින් තමන් කලින් කල වැසිකිළි සේදීම් සහ සින්දු කීම ගැන පාරම් බාද්දී, සහ ඔහුගේ ක්‍රියාව ප්‍රශ්න කරන වෛද්‍යවරුන්ට ඔහුගේ හෙංචයියලා ලවා මඩ ගස්වද්දී නගුලේෂන්ලා ඖෂධ නැතිව අවසන් ගමන් යති. සුදර්ශන, මේ නුඹේ වගකීමයි.
facebook එකෙන් ඉස්සුවේ