ඔයා කිව්ව දෙවල් සමහර එව වලට ගොඩක් දුරට මම එකග වෙනව.මම බොදුබල සේනාවේ වැඩ අනුමත නොකරන්නේ මුස්ලිම් උදවියට උදව්වක් විදිහට නෙවෙයි සහෝදරයා. මම හිතනවා ඒක ඔයා තේරුම් අරන් ඉන්නේ කියල. බොදුබල සේනාවේ පස්සේ වැටිලා අපේ බෞද්ධ උදවිය මහා අකුසල් කර්ම පථ සකස් කරගන්න එක ගැන හරිම හිතට දුකක් දැනෙන හින්ද. සංසාරේ පව් කරපු නිසා බෞද්ද වෙන්න බැරිව ඉපදිලා මිත්‍යාව පස්සේ යන මුස්ලිම් උදවිය ධර්ම මාර්ගයට ගන්න බැහැ . එත් ඒ මිත්යාදෘෂ්ටිකයින් නිසා අපේ බෞද්ධ මිනිස්සු මෛත්‍රිය කියන සංකල්පෙන් එලියට ගිහින් හිංසනයට යොමුවෙගෙන නේද මේ යන්නේ. එතනට ආවයින් පසේ අපේ බෞද්ධ උදවියත් තවත් මිත්‍යාවක් පස්සේ යන පිරිසක් විතරයි. එතැනදී බොදුබල සේනාවේ චීවරධාරීන් කරගන්නේ සුළුපටු පවක් නෙවෙයි. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පෘතග්ජන මිනිස්සුන් නිර්වාණය කරා අරන් යන්න කියලයි. සංඝ පිරිවරට කියල තියෙන්නේ කල්‍යාන මිත්‍රයන් විදිහට මිනිස්සුන්ව නිර්වාන මාර්ගයට යොමුකරන්න කියලයි. එහෙම බැලුවාම බොදුබල සේනාව කරන්නේ මිනිසුන්ව නිර්වාණයට යොමු කරන එකද, මිනිස්සුන්ට කැරලි කෝලාහල වලට යොමුකරන එකද? බුද්ධියෙන් හිතල බලන්න මොකක්ද හරි කියල. බුදු රජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය ප්‍රඥග්ඥාවන්තයින්ටයි කියලයි. ධර්මය හරි ආකාරව ග්‍රහණය කරගන්නේ නැති පුද්ගලයින්ව උපමා කරේ සර්පයෙකුගේ ඔලුවෙන් අල්ලන්නේ නැතුව වලිගෙන් අල්ලාගන්න පුද්ගලයින් විදිහටයි. ඒ හින්ද මේ ශ්‍රී සද්ධර්මය හරි තැනින් අල්ලගන්න උත්සහ කරන්න. ඔයා ලියල තියන දේවල් එක්ක මට දැනෙනවා ඔයා ටිකක් බුද්ධිමත් මනුස්සයෙක් බව.
ඔයා කියල තියන විදිහට මිතාදෘෂ්ටික උප්පත්තියක් නොලබන්න හේතුවෙන කිසිම දෙයක් බොදුබල සේනාවෙන් මිනිස්සුන්ට දීල නැහැ. දීල තියෙන්නේ මිත්‍යාව විතරයි. ජාතිය ආරක්ෂා කරගන්න ඕන තමයි. එත් බුද්ධ දේශනාව අනුව මේ ලොව යම් ඇතිවුන යමක් ඇතිද ඒ හැම දෙකටම නැතිවන ස්භාවය පොදුයි. එහෙම බැලුවාම සිංහල ජාතියටවත් මේ නැතිවීමේ ස්භාවයෙන් මිදෙන්න බැහැ , කවදාක හරි සිංහල ජාතිය මේ පොලෝ තලෙන් තුරන් වෙලා යනවා. එක තමයි ලෝක ස්භාවය. ඒ ලෝක ස්භාවයට එරෙහිව කැරලි ගහන එක ඥානවන්ත කමක් විදිහට දකින්න එපා. ඒ තරම් ඇති උතුම් ගෞතම බුදු දහමටත් ආයුෂ තියෙන්නේ වසර 5000 ක් වෙච්චි කොට ජාතීන් ගැන කුමන කතාද සහෝදරයා. ඔයාල හිතනවද මුස්ලිම් ජාතියටත් ඒ නැතිවීමේ ස්භාවයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියල??? ඒ ඒ දේවල් වලට ස්භාවයෙන් උරුම උණු ආයුෂ ඉවරවෙනකොට ඒ ඒ දේවල් මේ ලෝකෙන් තුරන් වෙනවාමයි.
දුටුගැමුණු රජතුමා රට ආක්‍රමණ වලින් බේරාගත්තේ රජෙක් විදිහට කියන එක අමතක කරන්න එපා. දුටුගැමුණු රජතුමාගේ කාලේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා ධර්මය දේශනා කරා මිසක් යුද්දෙට වැඩියේ නැහැ. ඒ කාලෙත් එතුමන් වහන්සේලා පුළුවන් තරම් උත්සහ කරේ ලේ වැගිරීම් නවත්වන්න මිසක් යුද්ද කරවන්නම නෙවෙයි. වෙන කරන්නම දෙයක් නැති නිසා අවම හානියක් යටතේ දුටුගැමුණු රජතුමා යුද්දයක් පටන් ගත්ත උනත් බොහොම ධාර්මික රජෙක් වෙච්ච දුටුගැමුණු රජතුමා එලාරව පරාද කරලා එළාර එක්ක අපේ රටට ආපු සොලීන් එලෙව්වේ නැහැ.
ඉදිරි පරම්පරාවට බුදු දහම අහිමි වෙනවා කියන තර්කය ඇතුලේ ඔයාල ඉන්නවනම් එකට උත්තරේ කර්මය කියන දේ විතරයි. කර්මය යට වෙච්ච ලෝකෙක ඒ උතුම් දහම උරුම කරගෙන ඉපදිලා කර්මයට එරෙහිව මිතාවන් පස්සේ දුවන්න යන්න එපා. එකෙන් වෙන්නේ ඔයාලගේ වටිනා කාලය නාස්තිවීමක් විතරයි. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් නිර්වාණය අරමුණු කරගෙන ජීවත් වෙන්න. තමුන්ගේ කල්‍යාන මිත්රයින්වත් නිර්වාන මාර්ගයට ඇදල ගන්න. මර්දනයට , හිංසනයට නැඹුරුවීම තවක් අකුසලයක් විතරයි.
මම මේ ටික ඔයාට කියන්නේ කල්‍යාන මිත්‍රයෙක් විදිහට. මේක වාදයක් විදිහට ගන්න එපා. මේවා අපි ඉගෙනගත්තේ ආරණ්‍ය වාසී කල්‍යානමිත්‍ර ස්වාමින්වහන්සේලාගෙන්.
…හැමදේම නැතිවන එක ඇත්ත, ඒ වගේම බුදුදහම වගේම අන් සියලු ධර්මතවයනුත් නැති වන බව ඇත්තයි.
එත් එහෙනම් ඇයි ඒ බව දන දැනත් එහෙනම් ඔයා අද සල්ලි හම්බු කරන්නේ?
ළමයි ඉන්නවා නම් එයාලට උගන්නන්නේ?
ඔයා තාමත් ඉගෙන ගන්නවා නම් එහෙම ඉගෙනගන්නේ?
මේ හැමදේම නැතිවන සුළුයි තමයි. එත් ඔයා එහෙම කරන්නේ ඔයා මේ ජිවත් වෙලා ඉන්න කාලේදී සැපෙන්, සතුටෙන් ජිවත් වෙන්න ඕනේ කියන ආසාවෙන් නේද?
ඔයාගේ ළමයින්ට උගන්නන්නේ, එයාලගේ අනාගතය සැපවත් කරන්න නේද?
උතුම් පියෙක් වගේ ඒ ළමයින්ටත් බුදුදහම උගන්නල නිර්වාන මාර්ගය උගන්නන්නේ එයාලවත් නිර්වාන මාර්ගයට යොමු කරවන්න නේද?
මේ දේවල් කරන්න ඔයාට කාලය කොයි තරම් වැය වෙනවද, ඒ කාලය ඔයාට තවත් සිත දියුණු කරගන්න පුළුවන් ක්‍රියාකාරකම් කරන්න යොදවන්න තිබුන කාලය නේද?
එත් එහෙම නොකර ඒ දේවල් කැප කරන්නේ තමුන්ගේ දරුවන්ගේ අනාගතය නිසා නේද?
එත් මේ යන විදිහට ගියොත් මේ රටෙත් බන්ගලිදෙශේ වගේ බෞද්ධයාට කරදර හිරිහැර වෙන්න ගත්තොත් ඔයා ගේ දරුවන්ටත් අද ඔයා නිදහසේ බන අහල ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේලාගෙන් දර්ම කරුනුවිමසනවා වගේ ඒ ළමයින්ට අනාගතයේදී නිදහසේ ඒ ධර්ම කරුණු, ගැටළු විමසන්න අවස්ථාවක් ලැබේවිද?
නැතිවන බව සත්‍යයි, එත් සියල්ල නැතිවනවා කියා නැතිවන්න ඉඩ දීල මොකුත් නොකර ඉන්නවා කියන්නේ නම් නුවනට හුරු චින්තනයක් නෙමෙයි.
මිත්‍යාව පස්සෙන් යනවා කියන්නේ එංගලන්ත කාරයා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණය කරන්න ගෙන ගිය විදිහට ධර්මය ප්‍රච්ර්ණය කිරීමයි. ධර්මය ආරක්ෂා කරගැනීමට පෙනීසිටීම මිත්‍යාව වෙන්නේ නැහැ.
ඔබතුමා බුද්ධිමත් තර්ක ඉදිරිපත් කරලා, බුද්ධිමත්ව පිළිතුරු දීපු කෙනෙක් නිසයි මම ඒ දේවල් මෙහෙම කිව්වේ.
බුදු සරණයි.





