1971, 89 වසරවල හා 2009දි පැවති ක්‍රමයට අභියෝග කළ මේ රටේ තරුණ පරම්පරා තුනක කැරැලි මර්දනය වුණා. ඒ කිසි කැරැල්ලක නායකයො මේ වගේ අනුකම්පාව හිඟාකෑවෙ නැහැ.
මගේ අත්දැකීම කියනවා නම්, අපි වධකාගාර, අධිකරණ, හිරගෙවල් හරහා තමයි නැවත සාමාන්‍යකරණය වුණේ. සිස්ටම් එකට අභියෝග කරනවා නම් සිස්ටම් එකෙන් අනුකම්පාව නොයැදිය යුතුයි. ආපහු සිස්ටම් එකට අනුගත වෙන්නට නම් යම් මිළක් ගෙවිය යුතුයි. ඒකට අඬන එක තේරුමක් නැහැ. දරාගන්නට පුළුවන් වෙන්න ඕනැ. ෆයිට් එකේ ඉන්නවා නම් විතරයි මිනිසුන් නිදහස වෙනුවෙන් සටන් කරන්නට පවා එකතු වෙන්නෙ.
සිස්ටම් එකට එරෙහිව කැරැලිගැසීම නීතියට විරුද්ධ වුණාට ඉතිහාසයට විරුද්ධ නැහැ. ඒක කරන්නට ඕනැ ප්‍රතිවිපාක ගැන අවබෝධයකින්.
ඥානසාර අනුකම්පා කළ යුතු නොමග ගිය පුද්ගලයෙක්.
![]()
-අජිත් පැරකුම් ජයසිංහ






