ඥානසාරලාට බය ආණ්ඩුව
![]()
මේ ආණ්ඩුව ගැන අප සිටින්නේ කේන්තියෙනි .ජනවාරි 8 ට පෙර මේ ආණ්ඩුවේ ලොක්කෝ දෙසා බෑ බේගල් විශ්වාස කොට . අපි චන්දය දුන්නෙමු . එහෙත් අවුරුදු දෙක හමාරක් ගත වීත් වදා තිබෙන්නේ කෙන්දක් පමණය . ජනවාරි 8 ට පෙර නම් ඔවුහු අපට කිවේ පිදුරුතලාගල කන්දටත් වඩා ලොකු කන්දක් වදන බවය
දෙවෙනි දර්ගා ටවුමක් අපි බලාපොරොත්තු උනේ නැත. එහෙත් ජනවාරි 8 න් පසු දර්ගා ටවුම ,ගින්තොටට , අම්පාරට , සහ තෙල්දෙණියට ගියේය . තෙල්දෙණියෙන් එය අවට ගම්මානවලට පැතිර ගියේය . එය හෙට තවත් තැනකට බොහෝ විට යනු ඇතැයි අනුමාන කරන්නට දැන් අපිට සිදුවී තිබේ
එසේ වෙන්නේ ඇයි?
එසේ වන්නේ මේ ආණ්ඩුව බියගුලු ආණ්ඩුවක් නිසාය. ආණ්ඩුව ලෝක ප්‍රජාවටත් බයය . එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් සභාවටත් බයය . අපරාධ කළ හිටපු හමුදා නිලධාරීන්ටත් බයය . ඥානසාරට නිකායටත් බයය .
![]()
Image result for anti muslim riots in kandy
අද කෙරුම්කාරයෝ වී තිබෙන්නේ ඥානසාරලාය .අම්පිටියෙ සුමනේලාය . බෙන්ගමුවේ නාලකලාය , ඉත්තැකන්දෙලාය. තෙල්දෙණිය ගිනි තිබ්බේ ඥානසාර , අම්පිටියේ සුමන තම සහපිරිවෙර සමග තෙල්දෙණියට ගිය පසුවය .
ගින්තොට සිද්ධියෙන් පසු එවැන්නක් සිදුවීම වැලක්වීමට ආණ්ඩුව කිසිම සැලැස්මක් සකස් නොකළ බව ඕනෑවටත් වඩා පැහැදිලිය . ඉන්පසු අම්පාර ගැටුම ඇතිවුයෙත් ඉන්පසු තෙල්දෙණිය සහ අවට ගම්මානවලට පැතිරගියේත් ආණ්ඩුවේ සෙවල කම නිසාය. ආණ්ඩුව ආ විගස අලුත්ගම සිද්ධිය ගැන නැවත විභාගයක් පවත්වා එයට සම්බන්ධ සියලු දෙනා කුඩු කළේ නම්, යලිත් එවැනි අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීම වැලැක්වීම සඳහා තද නීති පැනවුයේ නම් , ගින්තොට අම්පාර , තෙල්දෙණිය ගිනි තබන්නේ නැත . සිංහල අන්තවාදීන් කොපමණ දුරට සංවිධානය වී තිබේද යන්න හදිසි නීතිය පැනවීමෙන් පසුත් ඊයේ රාත්‍රී තැන්නකුඹුරේ කුඩා මුස්ලිම් පල්ලියක් ගිනි තැබීමෙන් පෙනේ .
![]()
Image result for anti muslim riots in kandy
මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර කිරීම මගින් රට අස්ථාවර කර මේ ආණ්ඩුව මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා නැවත බලයට ගෙන එම සඳහා බලවත් පිරිසක් පිටුපස සිටින බව ට සැකයක් නැත . එකතරා මාධ්‍යයක සඳහන් වූ ආකාරයට අම්පාරේ සහ තෙල්දෙණියේ ගිනිතැබීම් පිටුපස සිටින්නේ මහසෝන් බලකාය නමින් හදුන්වන මැර පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ මොහොතේ ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක කරන්නට සහ වෙනත් දැඩි ක්රියා මාර්ග ගැනීමට සුදානම් නොමැති නම් ඉදිරියේදී ඔවුන් ලංකාවම ගිනි තබන බවට කිසිදු සැකයක් නැත .
Image result for anti muslim riots in kandy
යලිත් මෙවැනි සිද්ධි ඇතිවුවහොත් ආණ්ඩුව අඩු වයසෙන් කාලක්‍රියා කරනු ඇත අවමඟුලේදී අඬන්නට වැලපෙන්නට කිසිවෙකු නොමැතිවනු ඇත . 1948 න් පසු පිහිටුවනු ලැබූ දුර්වලම ආණ්ඩුව ලෙස ඉතිහාසයේ ලියවෙනු ඇත .
http://sudukukula.blogspot.com/2018/03/blog-post.html

..............................................................................

ȜMA X;22948114 said:ඇයි thread එක remove කර ගත්තේ පොන්සන්?![]()




ȜMA X;22948114 said:ඇයි thread එක remove කර ගත්තේ පොන්සන්?![]()
Hoda welawata rashiyadu thread eka quote kare.