ටයර් තාක්ෂණික තොරතුරැ
ටයර් තාක්ෂණික තොරතුරැ
මෝටර් රථයක ටයර් කියන්නේ එහි ප්‍රධාන සහ ආරක්ෂාව අතින් වැදගත් අංගයක්.ඒ නිසා ටයර් එකේ සඳහන් කරලාතියෙන විස්තරවලින් කියන්නේ මොනවද කියලා දැනගන්න කැමති ඇති.ඒ නිසා අද කියන්න යන්නේ ටයර් එකේ සඳහන් තාක්ෂණික සහ අනෙකුත් වැදගත් තොරතුරැ ගැනයි.
ටයර් සඳහා සම්මත කරගත් නීති අනුව සියලුම ටයර් නිෂ්පාදකයන් ප්රමිතිගතකල තොරතුරැ ටයර් එකේ පැතිබිත්තියේ සඳහන් කිරීම අනිවාර්යවෙනවා.මේ ටයර් තොරතුරු හා විස්තර වලින් ටයර්වල මූලික ලක්ෂණ හඳුනාගැනීම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා වගේම සම්මත රීකෝල් අවස්ථාවක ටයර් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනවා.
මූලික වශයෙන් ' P' - අක්ෂරයෙන් දක්වා ඇති ටයර් මගී වාහන සඳහා ද ' LT' - අක්ෂරයෙන් දක්වා ඇති ටයර අඩු බර ට්‍රක් රථ සඳහා භවිතා කරනවා.
උදාහරණයක් ලෙස P 215/65 R 15 95H ටයර අංකය සලකා බලමු.
P අක්ෂරයෙන් කියන්නේ passenger vehicles කියන එක.215 ටයර් එකේ පළල දක්වනවා.ඒ කියන්නේ මේ ඉලක්කම් තුනේ අංකයෙන් ටයරයේ එක් පැති බිත්තියක සිට අනෙක් පැතිබිත්තිය දක්වා ඇති දුර ප්‍රමාණය මිලිමීටර්වලින් සඳහන් කරලා තියෙනවා.පොදුවේ මේ අංකය වැඩිවෙන තරමට ටයර් එකේ පළල වැඩිවෙනවා.
65 - ටයර් එකේ උස සහ පළලේ අනුපාතික ප්‍රතිශතය(Aspect Ratio).මේ අගය 70 ක් හෝ ඊට අඩු පැති බිත්ති සහිත නම් ඒ නිසා සමස්ත ස්ටීරියන් ප්‍රතිචාර හා වඩා හොඳ මෙහෙයුම් තත්වයක් ලබාදෙනවා.
R - ටයර් එකේ රේඩියල් අගය.
15 - රිම් විෂ්කම්භය.මේ අංක දෙකේ සංඛ්‍යාව අඟල්වලින් දක්වලා තියෙනවා.
95 - මේ අංක දෙකෙනේන් කියන්නේ ටයර් එකේ බර දර්ශකය.ඒ කියන්නේ ටයර් එකට දරන්න පුලුවන් සහ පටවන්න පුලුවන් බර ප්‍රමාණය.
H - ධාවනය කරන්න පුලුවන් උපරිම වේග සීමාව.මේ ශ්‍රේණිගත කිරීම 50km / h සිට 300 km / h දක්වා විහිදෙනවා.
සැහැල්ලු ට්‍රක් රථ ටයර් ආකාර දෙකකින් දක්වන්න පුලුවන්
උදාහරණ ලෙස LT 245/70 R16 ටයර් අංකය සහ 32x11.50R 16 LT බලමු
LT 245/70 R16
LT = Vehicle type
245 = Width in millimeters
70 = Aspect ratio
R = Radial construction
16 = Rim diameter in inches
32x11.50 R16 LT
32 = Diameter in inches
11.50 = Width in inches
R = Radial construction
16 = Rim diameter in inches
LT = Light truck tyre
SP: Special Trailer
විශේෂ ටයර්
T: Temporary ‘Space-Saver’ spare wheels
ස්පේස් සර්වර් ස්පෙයාර් වීල් ටයර්
M+S: Mud and Snow
මඩ හා හිම හැකියාව
TL: Tubeless
ටියුබ් රහිත ටයර්
TT: Tube Type
ටියුබ් සහිත ටයර්
TWI: Tread Wear Indicator
ටයර් එකේ කට්ට ගෙවීම මැනීමට භාවිතා කරන ස්ථානය දක්වනවා.
LL: Light Load
සහැල්ලු සහ අඩු බර ට්‍රක් රථ සඳහා භාවිතා කරන ටයර්.
SL: Standard Load
සාමාන්‍ය භාවිතය සහ බර දක්වනවා.
XL: Extra Load
අධි බර සඳහා භාවිතා කරන බව දක්වනවා.
C: Commercial
වාණිජ සැහැල්ලු ට්‍රක් රථ ටයර්(උදාහරණ: 185 R14 C)
B: Bias belted
මෝටර් සයිකල් ටයර්(උදාහරණ:150/70 B 17 69 H)
Arrows
සමහර ටයර් හොඳ කාර්ය්ය සාධනයක් ලබාදීම සඳහා එක් විශේෂිත දිශාවකට පමණක් සවිකිරීමට නිර්දේශ කර තියෙනවා.මේ වර්ගයේ ටයර් සවි කිරීමේ දී සහ රොටේට් කිරීමේ දී ඒ පිලිබඳව විශේෂයෙන් සැලකිලිමත් වියයුතු වෙනවා.
Inside
ටයර් එකේ Inside කියලා සඳහන් කරලා තියෙන පැත්ත රිම් එකේ ඇතුල් පැත්තට සවිකරන්/සවිකරලා තියෙන්න ඕනි.
Outside
ටයර් එකේ Outside කියලා සඳහන් කරලා තියෙන පැත්ත රිම් එකේ පිට පැත්තට සවි කරන්න/සවි කරලා තියෙන්න ඕනි.
DOT Number
ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුව(Department of Traprotation USA මගින් ටයර් හඳුනා ගැනීමේ අංකය සම්මත කිරීම සමග ටයර් සියලුම ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරලා තියෙන බව දැක්වීම සඳහා මේ DOT අංකය භාවිතා කරනවා.මේ DOT අංකයේ ඉදිරි අංක දෙක එය නිෂ්පාදනය කර ඇති බලාගාර කේතය වන අතර ඊළඟට තියෙන අංක හතරෙන් ටයර් නිෂ්පාදනය කරන ලද සතිය සහ වසර දක්වනවා.උදාහරණයක් ලෙස අංක 1301 යන්නෙන් 2001 වර්ෂයේ 13 වන සතියේ නිෂ්පාදනය කරලා තියෙන බව දැක්වෙනවා.අනෙක් ඉලක්කම් නිෂ්පාදකයාගේ අභිමතය පරිදි භාවිතාකරන කේතයන් වෙන අතර මේ තොරතුරු Recall අවශ්‍යවිටදී පාරිභෝගිකයන් සම්බන්ධ කර ගැනීමට භාවිතා කරනවා.
උදහරණ ලෙස DOT "UYZEDBC1301" අංකය ගත්තොත් එහි විස්තර පහත ආකාරයට දක්වන්න පුලුවන්.
UY: Plant code
ZE: Tyre size
DBC: Compound structure code (Optional)
13: The week manufactured
01: The year manufactured
ටයර් ප්ලයි(Tyre ply)
මේ මගින් ප්ලයි ලණු සංඛ්‍යාව,ටයර් රබර් ආලේප රෙදි හෝ වානේ කම්බි ස්ථර සංඛ්‍යව පෙන්නුම් කිරීමට භාවිතා කරනවා.මේ ප්ලයි ගණන වැඩිවීම මගින් ටයර් එකේ දරාගැනීමට හැකි බර වැඩි වෙනවා.ටයර් නිෂ්පාදකයන් ටයර් සඳහා භාවිතා කරන වානේ,නයිලෝන්,පොලියෙස්ටර්, සහ එවැනි ඇතුළත්වූ අනෙකුත් දේවල් පෙන්නුම් කළ යුතු වෙනවා.
උපරිම පැටවුම් ශ්‍රේණිය(Max Load Index)
මේ මගින් ටයර් විසින් ගෙනයාහැකි උපරිම බර කිලෝග්‍රෑම් හෝ පවුන්ඩ්(kilograms or pounds)වලින් දැක්වෙනවා.
උපරිම පිරවුම් පීඩනය(Max Inflate pressure)
මේ මගින් සාමාන්‍ය රියපැදවීමේ තත්වය යටතේ ටයර් එක තුල තිබිය යුතු උපරිම ටයර් පීඩනය දක්වනවා.
UTQG(Uniform Tire Quality Grading)
UTQG කියලා කියන්නේ ටයර් තත්ත්ව ශ්‍රේණිගතකිරීමේ ක්රියාපරිපටියට.මෝටර් රථ ටයර් කට්ට ගෙවීමේ අනුපාතය,ගැම්ම,කාර්ය්ය සාධනය සහ උෂ්ණත්වය ප්‍රතිරෝධය සංසන්දනය කියන මේ අංශ තුන මත ටයර් නිෂ්පාදකයන් ශ්රේණිගතකරනවා.ටයර් තත්ත්වය මත ශ්‍රේණිගතකිරීමේ පද්ධතිය ලෙස හඳුන්වන මේ ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය අලුත් ටයර් මිලදී ගැනීමේදී සාපේක්ෂ සැසඳීම් ගැනීම සඳහා මගපෙන්වීමට උදව් වෙනවා.වාහනයකට ගුණාත්මකභාවයෙන් යුතු ටයර් අවශ්‍යනම් ඒ පිළිබඳව සොයා බැලීමට ද මේ තොරතුරු භාවිතා කරන්න පුලුවන්.
අලුත් ටයර් මිලදී ගැනීමේ දී මේ ඇගයුම් ක්‍රමය ඉතා ප්‍රයෝජනවත් වුණත් ඒ මගින් ආරක්ෂක ශ්‍රේණිගතකිරීමක් දක්වන්නේ නැහැ.ටයර් එකේ කාර්ය්යය සාධනය කොච්චරක් ද දුරක් හා කොච්චර කාලයක් ද කියන එකටත් මේ ශ්‍රේණිගත කිරීම සහතික කරන්නේ නැහැ.පුද්ගලික රියදුරැ ශෛලිය,වාහන වර්ගය,මාර්ග ගුණාත්මක භාවය,ටයර් නඩත්තු සහ අනෙකුත් කරුණු,ටයර් එකේ කාර්ය්යය සාධනය හා ටයර් කල්පැවැත්මට බලපානවා.
ටයර් කට්ට ගෙවීම ශ්‍රේණිගතකිරීම මගින් ටයර් ගෙවීයාමේ අනුපාතය දක්වනවා.මේ ටයර් එකේ කට්ට ගෙවීමේ අංකය වැඩි වන තරමට එහි කට්ට ගෙවීයාමේ කාලය අඩුවෙනවා.උදාහරණයක් ලෙස 200 ලෙස ශ්‍රේණිගත කරලා තියෙන ටයර් එකකට වඩා ටයර් 400 ලෙස ශ්‍රේණිගත කරලා තියෙන ටයර් එක වැඩි කාලයක් පවතිනවා.
ගැම්ම(Traction) ශ්‍රේණිගතකිරීම මගින් තෙත් සහිත මතුපිටක දී නතර කිරීමට ටයර් එකේ තියෙන හැකියාව දක්වනවා.උසස් ශ්‍රේණිගත ටයර් අඩු ශ්‍රේණිගත ටයර් වලට වඩා කෙටි දුර දී තෙත මතුපිටක දී මෝටර් රථය නතර කිරීමට ඉඩ ලැබෙනවා.ගැම්ම වැඩිම අගය "AA", "A ", "B " සහ " C " ලෙස අඩුම අගය දක්වා ශ්‍රේණිගත කර තියෙනවා.
උෂ්ණත්ව ශ්‍රේණිගතකිරීම මගින් ටයර් එකේ තාප ප්‍රතිරෝධය දක්වනවා.උදාහරණයක් ලෙස උණුසුම් කාලගුණයකදී දිගු දුර ධාවනයදී ටයර් අසාර්ථක වෙන්න පුලුවන්.වැඩිම අගයේ සිට අඩුම අගය දක්වා ටයර් තාප ප්‍රතිරෝධය "A," "B," හෝ "C." ලෙස වර්ග කරලා තියෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
15/01/201