ටයිටැනික්‌ අභිරහස විසඳෙයි!

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටයිටැනික්‌ අභිරහස විසඳෙයි!

    ටයිටැනික්‌ අභිරහස විසඳෙයි!
    titanic.jpg

    සාගර පත්ලේ ඇති ටයිටැනික්‌ නැව

    ටයිටැනික්‌ නැව අත්ලාන්තික්‌ සාගරයේ පාවෙන අයිස්‌ පරයක හැප්පුනේ නැවේ සුක්‌කානමේ තිබුනු දෝෂයක්‌ නිසා බව හෙළිවීමත් සමග යළිත් වරක්‌ ටයිටැනික්‌ කතාව පණ ඇවිත්. ලුයිස්‌ පැටන් කියන්නේ ටයිටැනික්‌ නැවේ දෙවන නිලධාරියා වූ චාල්ස්‌ ලෙයිටොලර්ගේ මිනිබිරිය සිද්ධියෙන් වසර අනූ අටකට පස්‌සේ ලුයිස්‌ පැටන් ලියපු පොතකින් තමයි ඇත්තටම ටයිටැනික්‌ නැවට මොකද වුණේ කියලා හෙළි වුණේ. චාල්ස්‌ ලෙයිටොලර් ටයිටැනික්‌ ෙ€දවාචකයෙන් දිවි ගලවා ගත් එහි කාර්ය මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා. දිගින් අඩි 882 අඟල් 9 ක්‌ වූ ටයිටැනික්‌ නැව අඩි 175 ක උසකින් යුක්‌තවූත් එය තට්‌ටු 9 කින් යුක්‌ත වූ අතර එවකට තිබූ නවීනතම තාක්‌ෂණය හා පහසුකම්වලින් සර්ව සම්පූර්ණ වුණා.

    ටයිටැනික්‌ නැව මංගල ගමන පිටත් වුණේ 1912 අප්‍රේල් 10 වැනිදා එංගලන්තයේ සවුතැම්ප්ටන් වරායෙන් ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝර්ක්‌ නගරය බලා. නැවේ හිමිකරු වුනේ වයිට්‌ලයිනර් සමාගම. නැවේ කපිතාන් වරයා වූයේ කපිතාන් එඩ්වඩ් ජේ. ස්‌මිත්. නැව ගමන ආරම්භ කරලා ටික වේලාවකින්ම කාර්ය මණ්‌ඩලයට තේරුණා නැවේ සුක්‌කානම නිසි පරිදි ක්‍රියා නොකරන බව. ඒත් ඒ වෙනකොට ලොව විශාලතම නෞකාව ලෙසටත් කිසිදා ගිල්විය නොහැකි නැව ලෙසත් අති සුඛෝපභෝගීම මගී නැව ලෙසටත් ටයිටැනික්‌ නැව ගැන ලොවම බලා සිටියේ විස්‌මිතව.

    මේ සියල්ල නිසා නැවේ මංගල ගමනේදී මේ වගේ දෝෂයක්‌ ගැන කටක්‌ ඇරලා කාටවත් කියන්න නැවේ හිමිකරුවන් කැමති වුණේ නැහැ. එහෙම කිව්වා නම් ඒ වෙන කොට ටයිටැනික්‌ නැවට තිබුණු තත්ත්වය හිමිකරුවන්ගේ කීර්තිනාමය සේරම නැතිවේ යෑයි නැවේ හිමිකරුවන් බිය වුණා.

    මේ නිසා නැවේ කාර්යමණ්‌ඩලයට නැවේ හිමිකරුවන් කිව්වේ සුක්‌කානමේ දෝෂය තිබුණත් නැව දිගටම ඉදිරියටම ධාවනය කරවන ලෙසටයි.

    මේ නිසා ඉදිරියටම නැව පදවන්න කාර්ය මණ්‌ඩලයට සිදු වුණා. එහෙම ගියපු නැව අයිස්‌ පර්වතයක ගැටුණා. ඒ නැව ගමන් ආරම්භ කරලා දින හතරකට පස්‌සේ. නැව තිබුණු ඉසව්ව අත්ලාන්තික්‌ සාගරය මැද. පැය ගණනක්‌ ඇතුළත නැව මුහුදු බත් වුණා.

    නැවේ ඒ වෙනකොට මගීන් හා කාර්ය මණ්‌ඩලය 2227 ක්‌ ගමන් කරමින් සිටියා. ඒත් ජීවිතාරක්‍ෂක බෝට්‌ටු තිබුණේ 1178 දෙනකුට පමණයි. කොහොම වුණත් නැව මුහුදු බත් වුණේ මගීන් 1517 දෙනකු සමගයි. මුලින්ම ජීවිතාරක්‍ෂක බෝට්‌ටුව හිමි වුණේ කාන්තාවන්ට හා දරුවන්ටයි. ඒ නිසා මිය ගිය බහුතරය පිරිමි.

    අවුරුදු 98 කට පස්‌සේ ලුයිස්‌ පැටන් කියන්නේ එදා නැව ඉදිරියට පදවන්නේ නැතිව සිටියා නම් මේ ඛෙදවාචකය සිදු නොවන බව තම සීයා තමා සමග පැවසූ බවයි. අඩුම තරමින් නැවේ මගීන් පිරිස වෙනත් නැවකින්වත් බේරාගත හැකිව තිබූ බව ඔහු පවසා තිබුණා.

    කොහොම වුණත් මේ සිද්ධිය ලොවට වසන් කරන්න චාල්ස්‌ ලෙයිටොලර් එදා කටයුතු කළේ ඒ සිද්ධිය එදා හෙළි කළා නම් නැවේ මගීන් වන්දි ඉල්ලා නඩුදාලා තමන් වැඩ කරපු සමාගම බංකොලොත් වෙලා තමන් මහපාරට ඇද වැටෙයි කියල බයටයි.

    කෙසේ වුවත් ටයිටැනික්‌ අබිරහස අවුරුදු 98 කට පස්‌සේ වත් විසඳුනු හැටි හරි පුදුමයි. කොහොම වුණත් හැමදාම හැමදේම වසන් කරන්නත් බැහැනේ.



    source.
    http://www.divaina.com/2010/09/29/forign04.html