ටයිටැනික්_ගිලුනේ_නෑ
ගෙඩි පිටින් උස්සන ලදී අයිතිය කතුවරයා සතුයි
ජැක් ,රෝස් සමඟ යම්කිසි ආකාරයක හුටපටයක පැටලී ඇති වග සක්සුදක් සේ පැහැදිලි වූ පසු කැල්ගේ (රෝස්ගේ ෆියොන්සේ) පපුව ටයිටැනික් නැවේ ඇංජිමේ පිස්ටන් වලට වඩා වේගයෙන් ඉහළ පහළ යන්නට විය.නැවේ සයිලන්සරයෙන් (තිබුණාද නැද්ද කියා හරියටම විශ්වාස නැත ) පිටවිය යුතු දුම් කන් දෙකෙන්ම පිටවන්නට විය.එකල්හී මේ මානවකයා කළේ කුමක්ද?රෝස්ට දී තුබුණු වටිනා දියමන්ති මාලය තමාගේ සුවච කීකරු ගෝලයා ලවුජෝයි ලවා හොරෙන්ම ජැකාගේ සාක්කුවට රිංගවා බොරු හොරකමකට ගොදුරු කරවීමයි..අහෝ අහෝ..කොන්ද කෙලින් ඇති වීර ධීර මහෝත්තම පුරුසයෙක් ලෙස කේශර සිංහ නාද නංවා අසාධාරනයට හිස නැවූ ජැක්ව නැවේ පහළ තට්ටුවේ පයිප්පයකට තබා ගැටගසන ලදී
(කතාවේ හැටියට මේ වනවිට නැවට සුවිප් එක ඇදී තිබිය යුතුය.දැන් එහෙම නැත )
දැන් එතැන් සිට
කැල් වල් හිනාවක් දාගෙන පැමිණේ.
කැල් හිකිස්
P) මචන් වෙච්ච වැඩේ හරි පදිරී
“ජැකා හොරා” යයි දස අත යයි පැතිරී
හීනත් බැඳන් අරගන්නට මගෙ බාරී
ඇනගත් උඹට බං ඇත්තට සොරිම සොරී
ජැක් ටින්ට් පාට කෙහෙ රැල් රොද කැරලි දමා
සැම අත සොඳින් හිත් කලඹන බැලුම් යොමා
හිටියත් ඇගේ අත ගන්නට දනිහ නමා
හිපාටුවෝ ඈ තොට නොව මටම තමා
කැල් පල ඩෝ යන්ඩ උඹ දියමන්ති හොරා
රෙද්දක් ඇඳන් යන්ඩද දැන් රෝස් කරා?
ජැක් උඹේ ප්ලෑන මම දන්නවා කුජීත
සිඳලනු බැරිය ලවු එක අපෙ ප්‍රණීත
කැල් පිටවී යයි..ටිකකින් රෝස්ගේ මව පැමිණේ.
දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.මම මේකව දැක්ක ගමන් කිවුවා මේ නං මහ නොසන්ඩාල කුඩුකේඩු ඉලංදාරියෙක්ය,අපේ රෝසුත් ඉතින් නාහෙට අහන්නේ නෑනේ.අනේහ් මන්දන්නෑ මොනවා කරගත්තද කියලා..ඒකිගෙ මූණේත් දැලි ගාගෙන අපේ මුණෙත් ගාලා.මොකක් හරි නස්පැත්තියක් කරගෙනනම් කපල දානව මුහුදෙ
ජැක් බොලං නැන්දේ ඔබ සිතු දේ හරිම නැත
මගෙ පණයි හිතයි ගතයි රෝස් මත
හික්..හිතනම් කමක් නෑ..ගත තමයි මට හැක..උඹ ඒ පාර කවියෙන් මාව මට්ටු කරන්නද? බලාපන්කො මේ නැව ගරාජ් එකට දැම්ම...නෑ නෑ.... වරායට ගියාට පස්සෙ වෙන දේ
රෝස්ගේ මව පිටවේ.ලවුජෝයි පැමිණේ
ජැක් පවුල් කඩන වින කරනා පවුකාර
කටු ඉඹුලේ විස කටුමයි තොට බාර
ලවුජෝයි කුරුළු කූඩු කඩන්න මට නැත ඕනා
කළ යුතු වේය හැම දේ මම බොස් කියනා
දෙයක් තිබේ බං මම හොඳහැටි දන්නා
රෝස් "සිරා" උඹ අත්හැර ඈ නොයනා
ලවුජෝයි එතන සිටියදීම රෝස් පැමිණේ
අනේ අනේ ..ප්‍රේමය මෙතරම් වේදනාකාරීද..පණ සේ සළකා පෙම් කළ මුත් අවසානය මෙබඳුද?මා ඔබ අන් සියල්ලටම වඩා විශ්වාස කළෙමි..මෑණියන්ගේ වදන් නාසා මා කරගත් මෝඩකමක මහිම.අහෝ අහෝ..ඔබ චෞරයෙකි,සොරෙකි,කුමන්ත්‍රණකාරයෙකි...චිකේ චිකේ..පිළිකුල්ය ..පිළිකුල්ය...
රෝස් පිටවී යයි.ලවුජෝයි ජෝයිෆුල් මුහුණකින් ජැක් දෙසම බලා සිටී.
ලවුජෝයි මාර වැඩේ නේද ජැක් උනේ?
ජැක් ලවුජෝ මචෝ ලවු එක නෑ කිසිම ජෝයි
රෝසුත් මටම කෙළවනවා හිතට දුකයි
වරායකට ගියොතින් මම හිරේ තමයි
ඊට කලින් නැව ගිලුනොත් හොඳයි ඕයි