සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS එක වසා දමයි!

monson

Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113

    සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය මාස් එක වසා දමයි!


    3 hours ago February 20, 2026

    MAS_Methliya-_1200x675px_20_02_26.png


    අමලීන් පවුලට අයත් MAS Holdings සමූහ ව්‍යාපාරයේ තුල්හිරියේ MAS ෆැබ්රික් පාර්ක් හි පිහිටා ඇති MAS Kreeda Methliya ඊයේ (19) සිට වසා දැමීමට එම ආයතන බලධාරීන් කටයුතු කර තිබේ.
    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අපනයන භාණ්ඩ සඳහා පනවන ලද බදු ප්‍රතිශතයත් සමග ඇණවුම් නොලැබීම හේතුවෙන් එම ආයතනය මෙසේ වසා දැමීමට කටයුතු කර ඇතැයි පැවසේ.


    අදාළ ශාඛාවේ නිෂ්පාදනය කරනු ලබන ඇඟලුම් යුරෝපා සහ ඇමරිකානු රටවල් වෙත අපනයනය කළ අතර ඉහළ ගිය බදු ප්‍රතිශතය හේතුවෙන් ඇණවුම් ලබාදුන් ආයතනයන්හි වියදම වැඩිවීමත්, ඇණවුම් අඩුවීමත් හේතුවෙන් ඔවුන් මේ තීන්දුව ගෙන ඇතැයි පැවසේ.
    එම ශාඛාව වසා දමන අවස්ථාව වන විට එහි සේවකයන් එක්දහස් හාරසියයක් (1400) සේවය කරමින් සිට ඇති අතර ඉන් පිරිසක් එම ඇඟලුම් ආයතනයේ වෙනත් ශාඛා වෙත යොමුකර තිබේ.
    එමෙන්ම තවත් පිරිසක් වෙත රජයේ අනුමත වන්දි මුදලට වැඩි වන්දි මුදලක් ලබාදීමට පාලනාධිකාරිය පියවරගෙන ඇත.
    එහි සේවය කළ අදාළ සේවකයන්ට මාස තුනක වැටුප් සහ අප්‍රේල් මස ප්‍රසාද දීමනාව ගෙවීමට ද එම පාලානාධිකාරිය සැලැසුම් කර ඇති බව පැවසේ.
    මෙම ඇඟලුම් ආයතනයේ ශාඛා තිහක් පමණ දිවයින පුරා පවතී.
    එමෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ ජෝර්දාන් වැනි රටවලද එහි ශාඛා පවතින බැවින් වසා දැමූ ශාඛාවේ සේවය කළ සේවකයන්ගේ කැමැත්ත පරිදි ඒවා වෙත යොමුකිරීමට කටයුතු යොදා ඇතැයි පැවසේ.
    එසේම මෙසේ වසා දැමූ ජාත්‍යන්තර කීර්තියට පත් මෙම ආයතනය ඉන්දියාවේ ස්ථාපිත කිරීමට සැලැසුමක් ඇතැයි ද මේ අතර වාර්තා වේ.


    MAS Holdings ට අයත් කර්මාන්ත ශාලා 38ක් ශ්‍රී ලංකාව තුළ පවතින අතර විදෙස් රටවලද ඇතුළුව එම සමාගමට අයත් කර්මාන්ත ශාලා ප්‍රමාණය 53ක් බැව් පැවසේ.
    ඇඟළුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන සමස්ත ආදායම වන ඇමරිකානු ඩොලර් බිලියන 5න්, MAS Holdings වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට රැගෙන එන බව පැවසේ.
    MAS Holdings හි සේවක කප්පාදුව හා කර්මාන්ත ශාලා වසා දැමීමේ සැලැසුම එම සමාගම වෙනත් රටවල කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හා වැඩි වශයෙන් කෘතිම බුද්ධිය භාවිතාවට ගැනීමේ පියවරක් ලෙස සිදු කෙරෙන්නක් බවද ඇඟළුම් ක්ෂේත්‍ර ප්‍රවීණයෝ කියා සිටී.


    මේ සමාගම් සමූහය ආරම්භ කරනු ලැබුවේ මේව විට ප්‍රකට ව්‍යාපාරිකයන් බවට පත්ව සිටින මහේෂ් අමලීන් (Mahesh Amalean), ශරාඩ් අමලීන් (Sharad Amalean) සහ අජේ අමලීන් (Ajay Amalean) යන තිදෙනා විසිනි.

    - https://sinhala.srilankamirror.com/news/සේවකයෝ-1400ක්-සිටි-තුල්හිරිය/
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    සුද්දන්ගෙ රටවල් බංකොලොත් නිසා දැන් වැඩියෙන් වියදම් කරන්නේ නැහැ branded ඒව ගන්න..මම දැක්කා ඊයේ පමුණුවෙත් සුද්දෝ 5-6 දෙනෙක් ඇදුම් තෝරනවා..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    “බොරු නිව්ස්.. අලුතෙන් ආයෝජන ගොඩක් නම් ආවා..”
    ලංකාවේ ආයෝජනය කරන්න ප්‍රොජෙක්ට් නෑලු. එක තානාධිපති කෙනෙක් මේ ළගදි කියනවා දැක්කා. :dull:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,993
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ ආයෝජනය කරන්න ප්‍රොජෙක්ට් නෑලු. එක තානාධිපති කෙනෙක් මේ ළගදි කියනවා දැක්කා. :dull:

    ආයෝජන ඕනෙ නෑනෙ බදු ගහලා හම්බකරන්න පුළුවන්නෙ.. ගාමන්ට් වැහෙන්න වැහෙන්න අපි වැඩියෙන් බදු ගහනවා..🤩
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,993
    113
    tracing Geo-location.. ... ...
    2024 සැප්තැම්බර් වලට කලින්, තේ බොන්න කියලා පැය භාගෙකට පොඩ්ඩක් සිල්ලර කඩයක් වැහුව්වත් ජෙප්පො කියපු කතා තොගේ... 🤌

    මේ 1400ට නම් අපේ සීනි කඩවල් වල රස්සාවක් දෙනවා.. බය වෙන්න දෙයක් නෑ අළුතින් branches ගොඩක් අරින්න ඉන්නේ..🥰
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    ඔබ ඉදිරිපත් කළ ප්‍රවෘත්තිය මේ දිනවල සමාජ මාධ්‍ය (WhatsApp, Facebook) ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන සටහනකි. නමුත් මෙහි අඩංගු ප්‍රධාන කරුණ වන "MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව ඊයේ (19) සිට වසා දැමීම" කිසිදු නිල මූලාශ්‍රයකින් මෙතෙක් තහවුරු කර නොමැත.

    බොහෝ අසත්‍ය පුවත් (Fake News) නිර්මාණය කරන්නේ සත්‍ය කරුණු කිහිපයක් වටා අසත්‍ය කතාවක් ගෙතීමෙනි. මෙහි ඇත්ත සහ නැත්ත අපි පැහැදිලිව හඳුනාගනිමු:

    තහවුරු නොකළ / අසත්‍ය කරුණු (Unconfirmed/Fake)​

    • කර්මාන්ත ශාලාව වසා දැමීම: තුල්හිරියේ MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව පෙබරවාරි 19 වැනිදා සිට වසා දැමූ බවට හෝ සේවකයන් 1400ක් සඳහා වන්දි ගෙවා ඉවත් කළ බවට කිසිදු ප්‍රධාන ධාරාවේ පුවත්පතක, රූපවාහිනී නාලිකාවක හෝ MAS Holdings ආයතනයේ නිල නිවේදනයක සඳහන් වී නැත. මෙය කටකතාවක් පමණක් බව පෙනී යයි.
     
    • Haha
    Reactions: War Fighter

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,492
    2,950
    113
    ලෝක බැංකුව සින්හලේම්ම කිව්වා "Sri lanka is the on the top of unemployment volcano" කියලා , කොහෙද අපේ JVP ආණ්ඩුවේ උන්ට ඉංග්‍රීසි බෑනේ
    කොහොමත් economy එකේ ඇත්ත තත්ත්වෙ පේන්න ගත්තේ 2021 ඉඳලා... එච්චර කල් ණය රෝලයි සහනාධාරයි නේ ඇත්තටම තිබ්බ economy එක... 2021 උනේ ලොකු correction එකක්... ඒ correction එකෙ effects තමා තාම ඔය එන්නේ... ඒවුණාට ජෙප්පො කිව්වෙ අපි ආවොත් ඔක්කොම මාසෙන් දෙකෙන් සුඛිත මුධිත කරන්න පුලුවන් කියලා... මේ $ බිලියන ගාණක gdp එකක් මිලියන 20ක ජනගහනයක් economic turbulence එහෙකින් එහෙ මෙහෙ පැද්දෙන එක මුන් 2/3 නෙමේ 3/3 අරං ආවත් මාස ගාණෙන් නෙමේ අවුරුදු 2-3කින් මෙහා ඔයි විදිහම තමා... මුන්ට හොඳම වැඩේ... මේ turbulence එක ටික ටික dampen වෙලා equilibrium එහෙකට එන කාලේ වෙද්දි මිනිස්සුන්ට මුන්ව තිත්ත වෙලා තිබ්බොත් හොඳටම ඇති... මුන්ගේ සාපෙත් ඔය turbulence එකත් එක්කම අතුගෑවිලා යන්න ඕනි... මුන් ඕක දන්න නිසා තමා මිනිස්සුන්ව brainwash කරගෙන යන්නේ... දැනටනං මුන් සාර්ථකයි brainwash කිරිල්ල...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    ඔබ ඉදිරිපත් කළ ප්‍රවෘත්තිය මේ දිනවල සමාජ මාධ්‍ය (WhatsApp, Facebook) ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන සටහනකි. නමුත් මෙහි අඩංගු ප්‍රධාන කරුණ වන "MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව ඊයේ (19) සිට වසා දැමීම" කිසිදු නිල මූලාශ්‍රයකින් මෙතෙක් තහවුරු කර නොමැත.

    බොහෝ අසත්‍ය පුවත් (Fake News) නිර්මාණය කරන්නේ සත්‍ය කරුණු කිහිපයක් වටා අසත්‍ය කතාවක් ගෙතීමෙනි. මෙහි ඇත්ත සහ නැත්ත අපි පැහැදිලිව හඳුනාගනිමු:

    තහවුරු නොකළ / අසත්‍ය කරුණු (Unconfirmed/Fake)​

    • කර්මාන්ත ශාලාව වසා දැමීම: තුල්හිරියේ MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව පෙබරවාරි 19 වැනිදා සිට වසා දැමූ බවට හෝ සේවකයන් 1400ක් සඳහා වන්දි ගෙවා ඉවත් කළ බවට කිසිදු ප්‍රධාන ධාරාවේ පුවත්පතක, රූපවාහිනී නාලිකාවක හෝ MAS Holdings ආයතනයේ නිල නිවේදනයක සඳහන් වී නැත. මෙය කටකතාවක් පමණක් බව පෙනී යයි.
    chatbot එකට කිව්වනම් මෙගොල්ලට රස්සාව දෙයි එහෙනම් :lol:

    MAS KREEDA METHLIYA නමින් යලි අප හමුනොවනු ඇත....
    🥹
    😌
    සහෝදරයෝ.සහෝදරියෝ වගේ එකට ම හිටපු ඔයාල හැමෝට ම සුභ වෙන්න ම ඕනි..
    💕

    හැම හීනයකට ම, පන දුන්න මෙත්ලිය කිසිදා සිතින් මැකී නොයනු ඇත..
    ❤️
    🥺

    #friends #methliya #MAS #foryou



    අදින් විසිර ගිය සියල්ලෝම වෙනදා මෙන් වැඩබිමේදී හමුවන දවස වැඩි ඈතක නොවේවා...!
    🙏
    🥺
    ❤️‍🩹

    #friends
    — at MAS Methliya.






     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    සුද්දන්ගෙ රටවල් බංකොලොත් නිසා දැන් වැඩියෙන් වියදම් කරන්නේ නැහැ branded ඒව ගන්න..මම දැක්කා ඊයේ පමුණුවෙත් සුද්දෝ 5-6 දෙනෙක් ඇදුම් තෝරනවා..
    පක තමා, investor friendly, tax අඩු රටවල් වලට උන්ගෙ operation අරන් යනවා, උන්ගෙ operation එක ඉන්දියාවෙත් තියෙනවා. brandix වලත් ලොකු factory india වල තියෙනවා.

    පොන්නයෙක් රජ කරන් ඉල්ලන් කන්න එපා කිව්වෙ ඕක තමා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    ආයෝජන ඕනෙ නෑනෙ බදු ගහලා හම්බකරන්න පුළුවන්නෙ.. ගාමන්ට් වැහෙන්න වැහෙන්න අපි වැඩියෙන් බදු ගහනවා..🤩
    කරන්ට් බිලත් වැඩි කරාම තව සැපක් සෙට් වෙයි. :dull:
     

    Similar threads