ට්‍රම්ප්ගේ කෝපාග්නිය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ට්‍රම්ප්ගේ කෝපාග්නිය

    ට්‍රම්ප්ගේ කෝපාග්නිය



    p17-2.jpg
    'ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව මයිකල් වොල්ෆ් නම් ලේඛකයා විසින් Fire and Fury නම් කෘතිය රචනා කර තිබෙනවා. මේ කෘතිය වැළැක්‌වීමට ඇමෙරිකා එක්‌සත් ජනපද ජනාධිපතිවරයාගේ ධවල මන්දිරයෙන් උත්සාහයක්‌ දැරුවත් එම කෘතිය දැන් සීග්‍රයෙන් අලෙවි වනවා විතරක්‌ නෙමෙයි උසනසකැaනි මඟින් එම කෘතිය දැන් හැමෝටම නොමිලේ බලාගැනීමේ අවස්‌ථාවත් ලැබී තිබෙනවා. මෙම කෘතිය සිංහලෙන් හඳුන්වනවා නම් කෝපා අග්නිය ලෙස හඳුනාගන්න පුළුවන්.

    ට්‍රම්ප්ගේ කෝපා අග්නියෙන් හෙළිවන කරුණු මොනවාද? මේ තුළින් හෙළිකර තිබෙන්නේ ඇමෙරිකානු දේශපාලනයේ ඉතිහාසය පුරා කුණු වෙවී ඔද්දල් වෙමින් තිබිච්ච කාරණයක්‌ කරලියට මතු වීමයි. ඒ තමයි ඇමෙරිකා එක්‌සත් ජනපදය, ධවල මන්දිරය එහි ක්‍රියාකාරිත්වය ආදිය ගැන විශාල ප්‍රමිතියකින් යුතු, උසස්‌ තත්ත්වයේ යුතු අපි නිතර අසා පුරුදු ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මවලට අනුව ගමන් කරන ආදර්ශවත් රටක්‌ යන්න තිබූ මතවාදය අමු පට්‌ටපල් බොරුවක්‌ බවයි. මේ අපේ රටේ සිදුවනවා වගේම පවුල්වාදය, ධනකාමය, අපරාධ, රැවටිල්ල, වංචාව, නුසුදුස්‌සන් පදවිවලට පත්කිරීම ඒ වගේම තමන්ගේ ව්‍යාපාරික අවස්‌ථා සඳහා දේශපාලන බලය යොදාගැනීම වැනි තුට්‌ටු දෙකේ වැඩ ඇමෙරිකා එක්‌සත් ජනපදයෙත් යහමින් සිදු වන බව මේ කෘතිය මඟින් අපට හෙළිදරව් කරගත හැකියි.

    p17-3.jpg
    ඇත්තටම මෙය ට්‍රම්ප්ට අපහාස කිරීමට, ට්‍රම්ප්ගේ චරිතය කිසියම් දුරකට ඝාතනය කිරීමට දැරූ උත්සාහයක්‌. මොකද ට්‍රම්ප් කියන්නේ තමන්ගේ නම ගැන බොහොම උනන්දු චරිතයක්‌. ඔහු විසින් කරන ලද කෘති කිහිපයක්‌ ඒ වගේම හැම තැනකම ඔහුගේ ව්‍යාපාරවලට ඔහු තබලා තියෙන්නේ ඔහුගේ නම. ඒ තමයි, ඔහුගේ නිව්යෝර්ක්‌ නගරයේ තිබෙන ව්‍යාපාරික ස්‌ථානයට කියන්නේ ට්‍රම්ප් ටවර් කියලා. නමුත් දැන් මේ මඟින් කර තිබෙන්නේ ට්‍රම්ප් නමැති වෙළෙඳ සම්මානය, ඒ සන්නාම නම ඉතාම කැත පහත් කුජීත ආකාරයේ එකක්‌ය යන්න ලෝකයට හෙළිදරව් කිරීමයි. මෙහි තිබෙන වැදගත්කම මෙය සාමාන්‍ය සමාජ වෙබ් අඩවි ජාලාවල ගිය ඕපදූපයක්‌ නෙමෙයි. ට්‍රම්ප් හා ඔහුට ඉතාම කිට්‌ටු ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඒ වගේම ඔහුගේ හිතවතුන්, උපදේශකයන් සමූහයක්‌ සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා මඟින් මේ නිගමනයට එළඹීමයි. ඒ අනුව ඉතාම සරලව කිවහොත් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ ඔවුන් ජනාධිපතිවරණය ජයග්‍ර්‍රහණය කරයි කියලා හිතලා නැහැ. ඒ වගේම ඔවුන්ගේ දැන් සැලසුම ඊළඟ ජනාධිපතිවරණයට ඔහුගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඉදිරිපත් කිරීමයි. ඒ වගේම ඔහුගේ බෑනණුවන් ජෙරාඩ් කුෂ්නර් මුළු ධවල මන්දිරයම මෙහෙයවාගෙන, පවත්වාගෙන යනවා.

    ඒ වගේම ෙµdක්‌ස්‌ නිව්ස්‌ සහ එහි අධිපති රූපඩ් මෝඩොක්‌ගේ කාර්ය භාරය. මේ යනාදී වශයෙන් ව්‍යාපාරික වශයෙන් ඉවන්කා ට්‍රම්ප්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට ජනාධිපති ධුරය ඉවහල් වන ආකාරය. ට්‍රම්ප් මහතා කටාර් රාජ්‍යය, සෞදි අරාබිය වැනි විවිධ රජයන් සමඟ කරන ගනුදෙනුවලදී ඔහුගේ ඒජන්තවරයා ලෙස බෑනණුවන් ක්‍රියා කිරීම වැනි කරුණු ගණනාවක්‌ පෙන්වලා දීලා තිබෙනවා. ඒ වගේම ඔහු තවමත් ඔහුගේ ඇමැති මණ්‌ඩලය නිවැරදි ලෙස පත්කර නොමැති බවත්, ඔහුගේ නිලධාරි මණ්‌ඩලය නිවැරදි ලෙස පත්කර නොමැති බවත් ඔහු නුහුරු නුපුරුදු ආකාරයෙන් බිය ජනක ආකාරයෙන් ධවල මන්දිරයේ හැසිරෙන ආකාරයත් අනුව ඔහුට මානසික රෝගයක්‌ තිබෙනවා ද යන ප්‍රශ්නයත් පැනනැඟී තිබෙනවා.

    මේ සියල්ලේ අරමුණ ඇතැම් විට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දෝෂාභියෝගයකට ලක්‌ කිරීම විය හැකියි. දැනටමත් රුසියානුවන්ට ජනාධිපතිවරණයට ඇඟිලි ගැසීමට ඉඩදීම සම්බන්ධයෙන් ඔහුට දේශෙද්‍රdaහී චෝදනා එල්ල වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙක්‌ විසින් සපයා දී ඇති තොරතුරු අනුව එය ඉදිරි කාලයේදී විභාගයට ගැනීමටත් නියමිතයි. මේ සියල්ලේ අරමුණ පිටස්‌තරයෙක්‌ වූ ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්‌කිරීම විය හැකියි. එනමුත් අපට වැදගත් වන්නේ ඒ කාරණය නෙමෙයි. අපට වැදගත් වන්නේ මේ ලෝකයේ උසස්‌ ප්‍රමිතියෙන් යුතු විශ්වීය මූලධර්ම සහිත විශ්වීය අගයන් සහිතවයි කියන ඇමෙරිකානු සමාජයත් එහි දේශපාලන සංස්‌කෘතියත් ධවල මන්දිරයේ දේශපාලන සංස්‌කෘතියත් ඇත්තටම ගත් කල ලංකාව හෝ ලංකාවටත් වඩා පිරිහිච්ච එකක්‌ බව මෙමඟින් දැනගන්නට ලැබීම.

    ඇමෙරිකා එක්‌සත් ජනපදය විවිධ භාෂා කතා කරන 267 කට අධික ජන කණ්‌ඩායම්වලට අයිති රටක්‌. ඒ ජනවර්ග සියල්ල එක්‌කෝ සමූල ඝාතනය කිරීමෙන්, එහෙම නැත්නම් යටත් කිරීමෙන්, එහෙමත් නැත්නම් සමාජමය වශයෙන් පාගා දැමීමෙන් තමයි යුරෝපයෙන් පැමිණි විවිධ කල්ලි කණ්‌ඩායම් විසින් තමයි එක්‌සත් ජනපදය නමැති මෙම විවිධ ජනපද ටික බිහි කළේ. විශේෂයෙන්ම මුල් කාලයේ යුරෝපයෙන් පැමිණියේ මංකොල්ලකාරයන්, හොරුන්, තක්‌කඩින් සහ එඩිතර ගවේෂකයන් වැනි පිරිසක්‌. ඔවුන් විසින් කරන ලද ඒ භයානක සාහසික ක්‍රියාවලිය ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පමණක්‌ නෙමෙයි මෙක්‌සිකෝවෙත්, ඒ වගේම විශේෂයෙන්ම කැනඩාවෙත් මේ වන කොට පෙනී ගොස්‌ තිබෙනවා. විශේෂයෙන්ම නගරවලට පැමිණෙන ස්‌වදේශික ජනතාව වඳ කිරීම, ඔවුන් භයානක සමූල ඝාතනයන්ට ලක්‌කිරීම පිළිබඳව දැන් දැන් ඉතාම දරුණු කතා වාර්තා වෙනවා. ඒ වගේම මේ ලෝකයේ තිබිච්ච නින්දිතම වහල් වෙළෙඳාම පවත්වාගෙන ගියෙත් ඇමෙරිකා එක්‌සත් ජනපදය හා කැනඩාවයි.

    මේ සියලු කාරණාත් සමඟ බැඳිච්ච අමුතුම රාජ්‍යයක්‌ තමයි ඇමෙරිකාව. ඒ වගේම වෙන ලෝකයේ හැම රටකම නීතිය රැකීම අවි ආයුධ සහිත හමුදාවකට රාජ්‍යයකට භාර දී තිබෙනවා. හැබැයි ඇමෙරිකා එක්‌සත් ජනපදයේ එහෙම රාජ්‍යයට රටේ ආරක්‌ෂාව භාරදී නැහැ. සෑම කෙනාටම අවි ගැනීමේ අයිතිය ලබාදී තිබෙනවා. ෙµඩරල් රාජ්‍යයක්‌ වන ඇමෙරිකාවේ ප්‍රාන්තවලට තමන්ට ස්‌වෙච්ඡාවෙන් හැසිරවීමේ හැකියාවක්‌ ලැබී තිබෙනවා. මේ නිසා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපති රටේ බහුතර ඡන්දය ගත්තට වැඩක්‌ නැහැ ඔහුට ජනාධිපති වෙන්න බැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හිලරි ක්‌ලින්ටන්ට වඩා ලක්‌ෂ 30 ක්‌ අඩුවෙන් ඡන්දෙ ගත්තේ. නමුත් ඔහු ජනාධිපති. ඒ හේතුව ඇමෙරිකානු ඡන්ද ක්‍රමයේ පවතින ෙµඩරල්වාදී අංග ලක්‌ෂණ නිසා.

    කෙසේ වෙතත් මේ සියල්ල ආකාරයෙන් අපට පෙනී යන්නේ ඓතිහාසිකව මේ ඇමෙරිකා එක්‌සත් ජනපදය එක්‌තරා ආකාරයක ආක්‍රමණික වේශයකින් ඉදිරියට ආ රටක්‌ බව. එක්‌තරා කාලයක කළු ජාතිකයන්ට විරුද්ධව ක්‍රිස්‌තියානි නොවන අන්‍ය ආගමිකයන්ට එරෙහිව ස්‌වදේශික භාෂා කතා කරපු, ඉංග්‍රීසි බස කතා නොකරපු පිරිස්‌වලට එරෙහිව ඉතාම වියරු ආකාරයේ ප්‍රහාරයක්‌ දියත් කළ රටක්‌. විශේෂයෙන්ම 1875 න් පස්‌සේ ඇමෙරිකා එක්‌සත් ජනපදය නව ඇමෙරිකාවක්‌ බවට පත්වෙනවා. ඒ තමයි ලෝකයේ ප්‍රධාන ආර්ථිකය බවට ජර්මනිය පරාජය කොට ඇමෙරිකා එක්‌සත් ජනපදය පිවිසීම. ඒ හා සමඟම ඇමෙරිකාවේ තෙල් හා ගෑස්‌ කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය, දුම්රිය ක්‍රියාවලිය, ඒ වගේම රොකෙµලර්ගේ නැඟීම, හෙන්රි ෙµdaඩ්ගේ නැඟීම වගේම විවිධ නිර්මාණකාරී සිදුවීම. විදුලි බලය ආදියේ සිදු වූ තෝමස්‌ අල්වා එඩිසන් වැනි අයගේ නිර්මාණ මේවත් සමඟ ඇමෙරිකාව තාක්‌ෂණය අතින්, ධනය අතින් බලගතුභාවය අතින් ලෝකයේ බලගතුම රාජ්‍යය බවට පත්වෙනවා.

    මේ තත්ත්වය ඉස්‌මත්තට ගන්නේ මේ විසිවැනි සියවසේ මුල් භාගයේ ජීවත් වූ රුස්‌වෙල්ඩ් ජනාධිපතිතුමා. රුස්‌වෙල්ඩ් ජනාධිපතිතුමා ඉතා නිර්දය විදිහට ඇමෙරිකා එක්‌සත් ජනපදය සුදු ජාතිකයන්ගේ, ඉංග්‍රීසි බස කතා කරන අයගේ, ක්‍රිස්‌තියානින්ගේ සදාචාරාත්මක සුපිරි ජාතියක්‌ බවට පත් කිරීම අවශ්‍යයි කියන මතය ප්‍රකාශ කර එය ක්‍රියාත්මක කිරීමට කැප වෙනවා. නමුත් පසුකාලය වන විට විශේෂයෙන්ම දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ඇමෙරිකා එක්‌සත් ජනපදයට මේ ක්‍රියාවලිය මෙහෙමම ගෙනයන්න හැකිවෙන්නේ නැහැ. ඔවුන්ගේ රට තුළ ඇතිවන යම් යම් පෙරළිකාරී දේවලුත්, ලෝකය පුරා ඇතිවන විකල්ප සංස්‌කෘතික ක්‍රියාදාමයනුත් නිසා ඔවුන්ට සිදුවනවා ඔවුන් අතීතයේ ප්‍රකාශ කළ ඇතැම් දේවල් එක ජාතියකට සීමා වූ දේවල් නෙවෙයි ඒවා විශ්වීය අගයන් බවට ප්‍රකාශයට පත් කරන්න. ඒ විශ්වීය අගයන් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකරන්න. ඒ අනුව එම විශ්වීය අගයන් ලෝකයට කියා දෙන්න, ඒවා අදහන් නැති පිරිස්‌ යටපත් කරන්න CIA එක ඇමෙරිකානු යුධ ආක්‍රමණ ආදිය ක්‍රියාත්මක වුණා.

    දැන් මේ සියල්ලම සමඟ මතුපිටින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය, විශ්වීය අගයන් ආදිය ප්‍රකාශ කළාට අභ්‍යන්තරයෙන් ගමන් කළේ අර යුද්ධයන්ය, ඒ වගේම වෙන රාජ්‍යයවල පාලනයන් බිඳ දැමීමේ යන්ත්‍රය, වෙනත් සංස්‌කෘතික, ආගම් නොඉවසීමේ ක්‍රියාවලිය ආදිය. ඔවුන් සෝවියට්‌ දේශය වෙතින් බලගතු අභියෝගයක්‌ එල්ල කළා. ඊට පසු ජපානය විසින් බලගතු අභියෝගයක්‌ එල්ල කළා. දැන් 2010 න් පසුව චීනය විසින් බලගතු අභියෝගයක්‌ එල්ල කළා. මේ ට්‍රම්ප්ගේ කෘතියේ තිබෙන ඉතාම වැදගත් දේ තමයි, ඔහුගේ උපදේශකයන් සියලුම දෙනා විශ්වාස කරනවා ඇමෙරිකා එක්‌සත් ජනපදය පරාජය කළ හැකි එකම රට ලෝකයේ තිබෙන චීනයයි කියලා. ඒ නිසා එම පැසිµsක්‌ සාගරයේ සිදුවන අනාගත මහා යුද්ධය එක්‌සත් ජනපදය හා ලෝකය සූදානම් කළ යුතුයි කියන අදහසේ ඉදන් තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් පැහැදිලියි.

    ඒ වගේම පසුගිය කාලයේ යුරෝපය හා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඇති වූ ජනකාන්තවාදයේ ප්‍රතිඵලයක්‌ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා. එහි තිබෙන රිපබ්ලිකන් පක්‌ෂය ඉතාම පුංචි දහරාවක්‌ හැටියට තිබූ Tea Party නමින් වූ ක්‍රියාවලිය රටේ ජනාධිපති ධුරය දක්‌වා ගෙන යන්න, රිපබ්ලිකන්වරුන්ට නායකත්වය දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට හැකි වුණා. නමුත් ඔහු ලෝකය ඉදිරියේ ඇමෙරිකාව හෙළිදරව් කරපු කෙනෙක්‌ හැටියට තමයි පෙනී යන්නේ. ඇමෙරිකාවේ සැබෑ මුහුණුවර පෙන්වා දුන් කෙනෙක්‌ හැටියට තමයි පෙනී යන්නේ. මේක ඇමෙරිකාවේ මෙතෙක්‌ කල් ආධිපත්‍ය දරා සිටින ප්‍රභූ පාලන තන්ත්‍රයට විශාල අභියෝගයක්‌. ඒ නිසා ඔවුන් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයෙන් පහ කිරීම සඳහා සමාජ වෙබ් අඩවි ජාලා හරහා, ඒ වගේම ප්‍රධාන ජනමාධ්‍ය CNN" new york times", වොෂින්ටන් පොස්‌ට්‌ මේ යනාදී වශයෙන් තිබෙන ජනප්‍රිය මාධ්‍ය හරහා වගේම මෙවැනි කෘති හරහාත් උත්සාහ දරනවා.

    මේ ට්‍රම්ප්ගේ කෝපාග්නිය කෘතිය මඟින් අප ඉගෙනගත යුතු කාරණය නම් මේ ලෝකය දැන් වෙනස්‌ තත්ත්වයකට පත්ව තිබෙන බවයි. ලංකාවේ පමණක්‌ නෙමෙයි මේ පහත් මට්‌ටමේ අශීලාචාර දේශපාලනය තිබෙන්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදයෙත් මේක මෙහෙම බවයි. ඒ වගේම ඒ ඇමෙරිකා එක්‌සත් ජනපදය තුළම කළු ජාතිකයන්, කාන්තාවන් ඒ වගේම වෙනත් ආගමිකයන් අලුත් ව්‍යාපාරයක්‌ ආරම්භ කොට තිබෙනවා වඩා සදාචාරවත් රටක්‌ ගොඩනැඟීම සඳහා. ඒ වගේම සමාජ වෙබ් අඩවි ජාලා, ෙෆ්ස්‌aබුක්‌ වැනි ආයතන නියාමනය කළ යුතුයි. මේවා නියාමනය කිරීමට ඉදිරිපත් විය යුතුයි කියන අරගලය එක්‌සත් ජනපදයෙත්, ජර්මනියෙත්, විශේෂයෙන්ම ප්‍රංශයේ ජනාධිපති මැක්‌රෝන් දැන් දියත්කර තිබෙනවා.

    මේ සියල්ලෙන් පෙනී යන්නේ කිසියම් වියවුල් සහගත තතත්aවයකට තාක්‌ෂණයත් සමඟ ගමන් කළ ලෝකය අලුත් තලයකට ගමන් කිරීමට සමාජ අරගලයක්‌ බිහිවෙමින් තිබෙන බවයි. ඒ සමාජ අරගලයේ නායකයා, නියමුවා බවට ට්‍රම්ප් පත්වෙයිද? නැත්නම් ඒ සමාජ අරගලයේ ගොදුර බවට ඔහු පත්වෙයි ද? කියන එක 2018 වර්ෂයේදී තීරණය වේ.