CNOOC, PetroChina, Sinopec ඇතුළු ප්රධාන චීන රාජ්ය තෙල් සමාගම්වල කොටස් මිල අද දැඩි ලෙස පහත වැටුණා.මේකට ප්රධාන හේතුව වන්නේ ලෝක තෙල් සැපයුමට බලපාන නව භූ-රාජ්ය දේශපාලන අස්ථිරතාවයයි.විශේෂයෙන්ම වෙනිසියුලා,මැද පෙරදිග සහ ඉරානය වටා උණුසුම් වෙමින් යන තත්වය හේතුවෙන්,චීනයට තෙල් සැපයුම් කරන මාර්ග අවදානමට ලක්වෙයි කියන බිය ආයෝජකයන් අතර වැඩිවී තිබෙනවා.
චීනය විදේශ තෙල් මත දැඩිව රඳා පවතින රටක් වීමත්,එහි රාජ්ය තෙල් සමාගම් බොහෝ දේශපාලනමය අවදානම් කලාපවල ක්රියාත්මක වීමත් හේතුවෙන්,ලෝක අර්බුදයක් ඇතිවුණහොත් ලාභයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව වෙළෙඳපොළ ඇගයීම් පෙන්වනවා.ඒ නිසාම ආයෝජකයන් කොටස් විකිණීමට යාමෙන් අද චීනයේ කොටස් මිල වැටීමක් දක්නට ලැබුණා.මෙය දිගටම පැවතුනොත් චීන ආර්ථිකයට දැඩි බලපැම් ඇති විය හැකි බව වාර්තා වෙයි
මුලාශ්රය | blockonomi,රොයිටර්