නිධානයක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුළෙකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ පොලිස් ස්ථානයකින් බව අනාවරණය වී තිබෙනවා.
කොළඹට ආසන්න පොලිස් ස්ථානයකින් මෙලෙස මෙම බඩු බාහිරාදිය මෙන්ම කුකුළෙකු සපයා ඇති බව වාර්තා වනවා.
අදාළ පොලිසිය එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින අතර, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයාගේ නියෝග අනුව මෙම භාණ්ඩ සපයා තිබෙනවා.
මේ අතර බිරිඳ නිධානය ගොඩගන්නා අවස්ථාවේ දී අදාළ නියෝජ්‍ය පොලිස්පති සැමියා ද අනුරාධපුරයේ රැඳී සිට ඇති බවට පවතින සැකයක් මත විමර්ශනය ද අරඹා තිබෙනවා.
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමේ නිරතව සිටිය දී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු අටදෙනෙක් පසුගිය 14 වනදා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගැනුණු සැකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.